ටික දිනකට කලින් ලියැවුණ සටහන් දෙකක සබැඳි මේ සමග පළකරමි..
විජය කුමාරණතුංග 1
විජය කුමාරණතුංග 2
වැම්පයර්
එන්න... රස විඳින්න..
Thursday, February 16, 2012
Wednesday, February 15, 2012
සිරිල් ටියුඩර් ප්‍රනාන්දු, නොහොත් සී.ටී. ප්‍රනාන්දු | C.T. Fernando
සිරිල් ටියුඩර් ප්‍රනාන්දු, නොහොත් සී.ටී. ප්‍රනාන්දු ශ්‍රී ලාංකික පොප් සංස්කෘතියේ නිර්මාතෲ යැයි මට සිතුනේ වරක් දෙවරක් නොවේ. ග්‍රැමෆෝන් යුගයේ අවසාන කාලසීමාවේදි ශ්‍රී ලාංකික ශ්‍රාවකයන්ට "අමුතු" යමක් කිරීමට සී.ටී. ප්‍රනාන්දු සමත්වූ වග මාගේ හැඟීමයි. ඔහුගේ තනු වලට හා හඬ හැසිරවීමට ඉංගිරිසි තනු/ගීත වල ආභාශය නොඅඩුව ලැබී තිබුණද පද රචනා ව තුලින් ඔහු සිංහල රසිකයාගේ සිත දිනාගැනුමට සමත්විණ. පල්ලියේ ගායක කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකු ලෙසින් සංගීතයට පිවිසුණ සී.ටී. "පින් සිදුවන්නේ, බිළිඳා නැලෙවේ උකුලේ" ගීත සමග රේඩියෝ සිලෝන් (ගුවන් විදුලි සංස්ථාවේ) සරල ගී ගායකයෙකු ලෙස තමන්ගේ සංගීත ගමනට ස්ථිර අඩිතාලමක් සකසා ගත්තේය.
බර බාගේ, ලෝ අඩ නින්දේ, අම්බිලි මාමේ ආදී ගී සමඟ තමන්ගේ පළමු තැටිය හිස් මාස්ටර්ස් වොයිස් HMV ලේබලය යටතේ ඉදිරිපත් කරන සීටී, ධර්මදාස වල්පොල හා සමග කරට කර පැමිණෙන්නේ ලංකාවේ ජනප්‍රියම ගායකයන් වශයෙනි. බොහෝ ගීත වලට තනු නිර්මාණය කොට තිබෙන්නේ පැට්‍රික් දෙනිපිටිය හා සීටී විසින් වන අතර පද කරුණාරත්න අබේසේකරයන්ගෙනි. (අම්බිලි මාමේ ගීතයේ පියානෝව ඇසෙන විට පැට්‍රික් දෙනිපිටිය මතක් වේවි).

ඇන්ජලීන් ගුණතිලක, රුක්මණී දේවි, ලතා වල්පොළ සමඟ යුග ගීත කිහිපයක් ගායනා කල සීටී හතර මහ නිධානය, නිම් වලල්ල, සාරවිට, පෙම් කුරුළ්ලෝ වැනි චිත්‍රපට කිහිපයක ගීත ගායනා කළේය. ඔහුගේ මුළු ගීත එකතුව හැත්තෑ පහක් පමණ වන්නට ඇති වග මාගේ හැඟීමයි.
සීටී බොහෝ ගීත ගායනා කළ ගායකයෙකු නොවේ. එහෙත් ඔහු සිංහල ගීත කලාවේ මෙතෙක් පහළවූ විශිෂ්ඨයන් අතර නිතරඟයෙන්ම රැඳවිය හැකි වන්නේය. එයට හේතුව ඔහුගේ ගීත අද දක්වාම ජනප්‍රිය නිසාම නොවේ. පසුව සිංහල ගීත කලාව නව මාවත් වලට යොමු කළ ක්ලැරන්ස්, ඇනස්ලි මාලේවන, ඩෙස්මන්ඩ් සිල්වා වැනි කලාකරුවන්ට අනුප්‍රාණ සැපැයූ නිසාවෙනි.
සේයාරුව ඩේලි නිව්ස්.. පැට්‍රික් දෙනිපිටිය ගිටාරය සමඟ, සීටී (උපැස් යුවලක් පළඳා) හා මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර..
පහතින් ගීත කිහිපයක් ඇසීමට පුළුවනි.
අඹරුක් සෙවනැල්ලේ
අම්බිලි මාමේ
කළු මහවැලි කැළණිද වලවේ
කිමද සුමිහිරියේ
ලෝ අඩ නින්දේ
පින්සිදු වන්නේ
සැළලිහිණි කොවුල්
පහතින් ගීත කිහිපයක් ඇසීමට පුළුවනි.
අඹරුක් සෙවනැල්ලේ
අම්බිලි මාමේ
කළු මහවැලි කැළණිද වලවේ
කිමද සුමිහිරියේ
ලෝ අඩ නින්දේ
පින්සිදු වන්නේ
සැළලිහිණි කොවුල්
Friday, February 10, 2012
නෑසෙන ගී රස - මිල්ටන් මල්ලවාරච්චි (එම්පීත්‍රී සහිත) - Milton Mallawarachchi
මේ තරම් වූ මා පෙලූ මෙදා
මීවිතක් වී ආදරේ එදා
මා දුටූ ඒ රුවේ රූ සිනා
සිහිවේ කෝ ඈ නෑ මෙදා
මා දිහා ආදරෙන් බලා
ගේ කොනේ හී හැංගිලා හැංගිලා
ආලෙන් බලා
ආයෙත් ගියා
තාමත් නෙත් ඒ ගේ දිහා
ඒ සිනා ඒ ආදරේ සිනා
මා සිතේහී හැංගිලා හැංගිලා
මේ වාරයේ ඈ ආ දිනේ
මේ ගී වේ ආරාධනා..
සඳයි තරුයි අහසෙ පායලා
සිඳුයි රැළියි විලස එක්වෙලා
මා නිබඳින් පැතු ඒ විලසින්
ඇගෙයි මගෙයි දෙහද එක්වෙලා
මා පෙරදා මගදී හමුවී
මදහස් රැලින් කියූව ආදරේ
ඈ නෙතගින් තෙපලූ වදනින්
තිර ආදරේක මැදුර බිහිවුණේ
මා සැමදා ඉපිළී සතුටින්
පෙම් පුරාණයට ලියූ ගීතිකා
ඈ සවනේ රඳවා සැනහී
ගොළු ආදරේට ජීවෙ යා කළා
ප්‍රේමකීර්ති මිල්ටන් මල්ලවාරච්චිට ලියූ ගී
http://blogvampa.blogspot.com/2010/10/milton-mallawarachchis-songs-written-by.html
සිත් ගත් ගී ලේබලය යටතේ මෙවැනි තවත් ගී ඇසිය හැකියි..
http://blogvampa.blogspot.co.nz/search/label/Sith%20Gath%20Gee
Coming Up - තිලකසිරි රත්නායක
ජය..

Monday, February 6, 2012
ලෝකෙන් උතුම් රට ලංකාවයි - හැටහතරවන නිදහස් සැමරුම වෙනුවෙන් මගේ පංගුව..
පෙර රජ දවස වැවු දාගැබ් ගණන් කොට
ගල් කණු අතර හප කරමින් බුලත් විට
ඇවිදින විටත් නිදියන දූ පුතුන් ලද
මේ මගෙ නිජබිමයි ලෝකෙන් උතුම් රට
කහට කෝප්පේ පොගවා ගිලින්නට
පාන් කෑල්ලක් යදිනා දනන් හට
ඇස් නැත සිදුව ඇති දේ ගැන දකින්නට
එනමුත් මගෙ රටයි ලෝකෙන් උතුම් රට
රැවටී සුවහසක් බොරුකාරයින් හට
පාඩම් ලබා නැත යුග යුග ගනන් සිට
දෑසේ කදුළු ඉතිරිව නැත අඩන්නට
එනමුත් මගෙ රටයි ලෝකෙන් උතුම් රට
උගසට තබා මගෙ රට පිට රටුන් හට
ලොව බලවතුන් අභිමුඛයෙ දනින් සිට
සිග්මන් යදිමු සාගින්දර නිවන්නට
එනමුත් මගෙ රටයි ලෝකෙන් උතුම් රට
සුනිල් ආරියරත්නයන්ගේ පද වලට
අතපසුවීම / වැරැද්ද පෙන්වාදීම පිළිබඳ කතන්දරට බොහොමත්ම ස්තුතියි.. ඔස්ටින් මුණසිංහ තමා..සංගීතය..
නෑසෙන ගී රස ඇල්බමයෙනි..
අසන්නන්ගේ ඉල්ලීම් - ගුණදාස කපුගේ
ඇසුණත් නෑසෙන දුටුවත් නොදකින
නුඹෙ තුන් සිත වැසෙනා
අපේ නටඹුන් ප්‍රේම නගරේ
වන්දනාකරු මා.. වන්දනාකරු මා..
පහුගිය දවසක පලාමල්ල ලියන පිස්සා කොමෙන්ට් එකක් දාල ගුණදාස කපුගේ මහත්තයගෙ නෑසෙන ගී ලිපියට මෙන්න මෙහෙම..!
මොකේද දං වළඳන්නේ කිව්වලු.. මෙහෙම කිව්වට මතක් වෙනවැයි...
මේං ඊට පස්සෙ..
අන්න එහෙම එන්නෙපැයි.. "ඔබේ" නෙවයි මචං.. "අපේ" අපේ..!
මගේ මිත්‍ර පිස්සා.. මේ උඹට..
නුඹෙ තුන් සිත වැසෙනා
අපේ නටඹුන් ප්‍රේම නගරේ
වන්දනාකරු මා.. වන්දනාකරු මා..
පහුගිය දවසක පලාමල්ල ලියන පිස්සා කොමෙන්ට් එකක් දාල ගුණදාස කපුගේ මහත්තයගෙ නෑසෙන ගී ලිපියට මෙන්න මෙහෙම..!
"වැම්ප උබ ගාව තියෙද ?? ප්‍රේම ... මට මතක නෑ බන්... ප්‍රේම මන්දිරේද මන්ද.. කපුගේ ගේ"
මොකේද දං වළඳන්නේ කිව්වලු.. මෙහෙම කිව්වට මතක් වෙනවැයි...
මේං ඊට පස්සෙ..
මතක් උනා...
ඔබේ නටඹුන් ප්‍රේම නගරේ වන්දනාකරු මා....
තියෙනම් දියන්
අන්න එහෙම එන්නෙපැයි.. "ඔබේ" නෙවයි මචං.. "අපේ" අපේ..!
මගේ මිත්‍ර පිස්සා.. මේ උඹට..
Thursday, February 2, 2012
හොඳ ඇම්ඩන් කතාවක් - ඊමේලයකි
(ඊමේලයකින් ලැබුණකි, කතෘ නොදනිමි)
ඔන්න ඉතින් ඇම්ඩන් ස්කොලේ ගිහින් ඉවර නිසා පොඩි ජොබ් කට්ටක් හොය හොය ඉන්න කොට, ජොබ් එකක් සෙට් උනා පේදුරුතුඩුව දෙවුන්දර තුඩුව බස් එකක කොන්දොස්තර කෙනෙක් විදියට, ඉතින් මිනිහා හරිම උනන්දුවෙන් තමයි මේ ජොබ් එක කරන්නේ, මිනිහා ඉතින් මාර අසයි බයිලා අහන්න, බස් එකේ යන එන හැම වේලාවෙම මිනිහා බයිලා කැසට් අහනවා,
දවසක් ඇම්ඩා බස් එකේ ඇන්ටන් ජොන්ස්ගේ බයිලා කැසට් එකක් අහ අහ යන අතර එක පාරටම කැසට් එක හිර උනා, ඒ වෙලාවේ කැසට් එකේ ගියෙත් කතරගම් රූප සුන්දරිය මනන්පේරී ගැන තියෙන ඇම්ඩන් ආසම සින්දුවක්, ඇම්ඩන් ඒ වෙලාවේ හිටියේ බස් එකේ පිටිපස්සේ, මිනිහා හනි හනිකට බස් එකේ ඉස්සරහට ගිහින් කැසට් එකට මොකද උනේ කියලා බැලුවා, මාර සීන් එක කැසට් පිස් එක හිරවෙලා කැසට් එක ඇතුලේ, ඇම්ඩන්ට දැන් හොදටම මල, මිනිහා කැසට් පීස් එක ඇදලා එලියට ගත්තා, එත් ඒක හිරවෙලා තිබුන නිසා කැසට් පීස් එකේ පටියේ භාගයක් කැඩිලා පොඩි පට්ටම් වෙලා තමයි පීස් එක එලියට ආවේ. දැන් ඉතින් මොනවා කරන්නද එදා වෙලාවට වෙන කැසට් තිබුනෙත් නැහැ බස් එකේ මොනා කරන්නද කියලා හිත හිත ඉන්නකොට ඔන්න ඇම්ඩන්ට හොද අයිඩියා එකක් ආවා,
මිනිහා ටක්ගාලා ඩ්‍රයිවර්ට කිව්වා මිනිහට සෙලෝටෙප් එකක් ගන්න පුළුවන් තැනකින් විනාඩියකට බස් එක නවත්තන්න කියලා. ඔන්න බස් එල නැවැත්තුවා, ඇම්ඩන් ඉක්මනට බස් එකෙන් බැහැලා කඩෙට දුවලා ගිහින් සෙලෝටෙප් එකයි කතුරකුයි අරගෙන බස් එකට අවා, බ්ස් එක පිටත් උනා, අම්ඩන් දැන් අර කැසට් පීස් එකේ පටිය පොඩි උන තැන කපලා අයින් කරලා කැසට් පටිය ආපහු සෙලෝටෙප් එකෙන් අලවලා අපහු කැසට් එක දැම්මා,
වැඩේ හරි, කැසට් එක එලකිරි වගේ වැඩ, ඔන්න ආපහු ඇම්ඩන් කැසට් එක මුලට රිවයින් කලා කරලා, අපහු කැසට් එක දැම්ම, ටික වෙලාවක් කැසට් එක වැඩ කලා, ඔන්න දැන් ඇම්ඩන් ආසම මනම්පේරිගේ සින්දුව අපහු යනවා, දැන් ඇම්ඩට මාර හැපී,
ප්‍රේමවතී මනම්පෙරි තරුණිය
කතරගමට හිටපු රූප රැජිනිය
පතිවත කෙලසලා අගේ
මරුවේ තිරිසනෙක් වගේ
ශාන්ත අන්තොනි මුනිතුමා....
ඔබ ගුණ ගයමි අද මේමා..........
ඇම්ඩන්ට එක පාරටම තරු විසි උනා, බස් එකේ මිනිස්සුත් එක එක එවා කියන්න පටන ගත්තා මේ සින්දුව ඇහිලා, ඇම්ඩා ආපහු ඉස්සරහට දුවලා ගිහින් බැලුවා මොකද සීන් එක කියලා, බැලින්නම් ඇම්ඩන් අර අලවපු තැන තමයි මේ විදියට වෙලා තියෙන්නේ අයින් කරපු කැල්ලේ මනම්පේරි සින්දුවේ අන්තිම ටිකයි සාන්ත අන්තොනි මුනිතුමා සින්දුවේ මුලටිකයි කැපිලා ගිහින් මේ විදියට තමයි පටිය ජොයින්ට් වෙලා තියෙන්නේ.

Saturday, January 28, 2012
නෑසෙන ආදර ගීතයක් - ශෙල්ටන් පෙරේරා Shelton Perera
කිකිණි වැල් ගිගිරි දැල් රසය ගල ගලා
හඬද ඒ එන්නෙ මේ සුළගෙ මුසුවෙලා
පිපෙන කුසුම් පිපීයන් නොපිපුණු මල් පිපීයන්
සඳ කැල්මෙන් නැහැවිලා වන දෙව්ලිය හිනැහියන්
ආදරේ ආදරේ ගඟුල බිහිවෙලා
වසන්තයේ සුළං රැල් දිගන්තයේ හමාවී
ආදරයේ ගීතිකා සතර දිගින් ඇසේවී
ආදරේ ආදරේ ගඟුල බිහිවෙලා
සශී පෙරේරා, ශෙල්ටන් පෙරේරා
මක් කිව්ව.. ශෙල්ටන් පෙරේරා අඳුරන්නෙ නෑ? එහෙනං පට්ස් ගාල මෙතනින් බලාගෙන එන්න..
පටිගත කළේ කැසට් පටයකින් නිසා තත්වන නං එච්චර හොඳ නෑ. ඒත් ඉතිං මෙහෙම හරි තියෙන එක මදැයි.

Subscribe to:
Posts (Atom)