Friday, May 14, 2010

වැම්පයර් ආගමනය..


ඔන්න මෙච්චරකල් චා වෙවී බ්ලොග් බල බල ඉඳපු මටත් පොඩි වැඩක් කරන්න හිතුනා.. මම අද ඉඳන් පොඩි පොඩි සීන්ස් දානවා අපේ.. මේවා ඉතින් අපේ කතන්දර ලොක්කා..දුකා.. තිස්ස අයියා.. ශාකු .. තරම් රහ නැ අවංකවම..

මම ගැන කිවුවොත්.. දකුනේ කොල්ලෙක්.. දැනට වැඩ්දුර අධ්‍යාපනය කොරනවා..

ඉඩ තියන වෙලාවට ඔය පොඩි කවි කතා සින්දු.. ටොපි චොකලට් ටිකක් දාන්නම්..

ඔන්න එහෙනම් නිල වශයෙන් බ්ලොග්කරණයට ...

මට සදා ජය...

ප.ලි.
කවුරුහරි මට කියලා දෙනවද මොකක්ද සිංහල යුනිකෝඩ ලියන ලේසිම විදිය....

මම අර යූසීඑස්සී සීන් එකෙන් තමා මේ කොරන්නේ..........




7 comments:

  1. මගෙන් සුභ පැතුම්........

    ReplyDelete
  2. බොහොම ස්තූතියි....

    ReplyDelete
  3. " ඉඩ තියන වෙලාවට ඔය පොඩි කවි කතා සින්දු.. ටොපි චොකලට් ටිකක් දාන්නම්.. "

    ඇයි අපිට පාට පාට සීනි බෝල දෙන්නෙ නැද්ද ?

    නියමයි නියමයි. බ්ලොග්කරණයේ දිගු ගමනක් යන්න ශක්තිය ලැබේවා......!

    ReplyDelete
  4. @සුදු මහත්තයා

    දෙන්නම් දෙන්නම්.. ස්තුතියි ගෙට ගොඩ වුණාට...

    ReplyDelete
  5. හික්... :D
    දැනුයි වැම්පයර් විමානෙට ගොඩවැදුණේ. අපි ඉතිං දැං පරණයිනේ... අපිත් බ්ලොගවකාශේ ජවාධික තුරඟුන් වගේ පිම්මේ දුවපු කාලයක් තිබුණ. ඒත් දැන් තියෙන වැඩ කන්දරාවත් එක්ක මොකකටවත් වෙලාව නැහැ.

    එහෙනං කට දෙපැත්තෙන් රහට ලේ වෑහෙන කතන්දර ලියන්නකෝ... ඔබට සදා ජය!

    ප.ලි. එකට උත්තරයක්:
    http://www.google.com/transliterate/sinhalese -- මේකත් පාවිච්චි කරල බලන්න
    හැබැයි වෘත්තීයමය මට්ටමින් සිංහල භාවිත කරනවනම් සම්මත විජේසේකර යතුරුපුවරුව හුරු වෙන්න.

    ReplyDelete
  6. අප්පට සිරි.. හිතුවෙ නෑ ඔබතුමා මේ පැත්තට එයි කියලා.. බොහොම ස්තුතියි...

    ReplyDelete
  7. සම්මත විජේසේකර යතුරුපුවරුව පාවිච්චි කරන්න ඒක තමා ලේසි. මුලින් ටිකක් අමාරුවෙයි. දවසෙන් කී බෝඩ් එක දිහා නොබල ටයිප් කරන තරමට හුරුවෙන්න පුළුවන්. අත්දැකීමෙන් කියන්නේ.

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails