Sunday, May 23, 2010

චූ කවි....... සහ දාහ පැන්නා....


චූ කවි....... සහ දාහ පැන්නා....

මේ දවස් වල ඉතින් කට්ටිය හෝ ගාලා චූ කතා ලියනව නේ.. කතන්දර ලොක්කා, මතක මංපෙත... ඔය වගේ අය...

මම හිතුවා චූ කවියක් ලියන්න.. මේක මගේ නිර්මාණයක් නෙවෙයි.. මම හිටපු සරසවියේ අර මතක මංපෙත ගේ ජාතියේ බිත්තියට අල්ලන වැසිකිලියක් තිබුණා. ඒත් නිකන් ප්ලේන් බිත්තිය නෙවි.. ලොකු ඉංගිල්ශ් බ්‍රෑන්ඩ් එකක අඩි 4ක් චිතර උස යුරිනල් අල්ලලා තිබුනා.. නිකන් උඩ පින්තූරෙ වගේ... මෙතනින් ගත්තේ ඒක...

http://www.regencycontracting.co.uk/gallery/Urinals.jpg


මේ කවිය ලියල තිබුනෙ ඔය යුරිනල් එකට උඩිඋන් බිත්තියේ...
මම කවියේ අන්තිම පදයේ වචනයක් සදාචාරාත්මක හේතුන් මත වෙනස් කලා.. මෙන්න කවිය...

ලෝ සුපතල මොර‍ටු බිමේ
වැසිකිලියක් නොමැති කලේ
පැල් බැඳගෙන බහින වලේ
හුජ්ජ බරේ බොක්ක පැලේ

අලුතෙන් දැම්මේ බොක්ක කියන වචනේ..ඒත් හැබැයි අර මුල් ඔරිජිනල් වචනේ නැතුව ටිකක් හරි මදි..:) මම බොක්ක කියන වචනේ දැම්මේ කලින් තිබුණ චචනේ මුල අකුරෙන්...

හැබැයි මේකෙ දෙවනි පදය මොර‍ටුවට නම් අදාල නොවේ :)

බ්ලොග් එකේ හිට්ස් 1000 පැනල තිබුණා.. නරකම නෑ....දවස් 9යි අදට..
ආපු කොමෙන්ට්ස් කරපු හැමෝටම ස්තුතියි...

ම්ම්..කට්ටිය දන්නවනේ දැන් මම හිටපු කැම්පස් එක..:)

6 comments:

  1. "බිත්තරේ පැලෙ" කියල ලිව්වනම් හරි..සමාන පදනෙ ඉතින්.

    ReplyDelete
  2. සුබ පැතුම් සහෝදරයා.

    දැන් බ්ලොග් අවකාශෙම චූ ගදයි. උඹලා සෙට් වෙලා චූ කරලා... :)

    ReplyDelete
  3. නියම කවිය....මගෙ සරසවියෙත් ඔය වගේම ලියපු කවියක් තිබ්බා. ඒත් ඉතින් ගෑණු දරුවෙක් විදියට ඒක දාන්න සුදුසු මදි කියලා හිතුනා


    සුබ පැතුම් !

    ReplyDelete
  4. ඉන්දික...හෙළයා.. දිල්...

    අදහස් හා සුබ පැතුම් වලට ස්තුති වේවා...

    කවි සෙට් එකක්ම තියනවා දිල්..ගෑනු ළමයි ගැන හිතලා තමා ඕකත් පොඩ්ඩක් එඩිට් කොරලා දැම්මේ...

    ReplyDelete
  5. හි හී. කැම්පස් වල තියෙන ගොඩක් කවි ඉතින් මේ වගේ ප්‍රසිද්ධියේ කියන්න පුළුවන් ඒවයැ.

    ReplyDelete
  6. @සුදු මහත්තයා

    නැතුව.. !

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails