Wednesday, May 26, 2010

නයි "ප" යන්න...The native cobra !


නයි "ප" යන්න...

ඔන්න ඉතින් අදත් කතාවක්.


ලංකාවේ ඉඳන් පිටරට පදිංචියට ගිය කෙනෙකුට එහේ ටික කාලෙක ඉඳන් පදිංචි වෙලා ඉන්න පරණ යාලුවෙක් හම්බුනාලු.. දෙන්නා ඉතින් ආගිය තොරතුරු කතා කර කර ඉන්න ගමන් අර පරණ යාලුවා හිතුවලු අලුත් කෙනාට තමන්ගේ රටේ සත්වෝද්‍යානය පෙන්වන්න එක්කගෙන යන්න...

දෙන්නා දැන් ඔන්න සත්තු බල බල යනවලු.. එක පාරටම නයි කූඩුව ළඟ නහර උන අපේ අලුත් යාලුවා බෙරිහන් දෙන්න ගත්තලු...

ඒ ඒ මචන්.. බලපන්.. ලංකාවෙ නයෙක් !!! කියලා..

අපේ පරණ යාලුවා ළඟට ඇවිත් කිවුවලු..

කෝ බන් .. එහෙම ගහලා නෑ නේ බෝඩ් එකේ... කියලා...

එතකොට අලුත් පොර මෙහෙම කියාපි...

බෝඩ් මොකටද බන් අර සිංහලෙන්ම ගහලා තියෙන්නේ පෙනේ "ප" යන්න .. ලංකාවෙ නයෙක් නෙවි නම් කොහොමද එහෙම වෙන්නේ!!!


*****************************************************

මේක ලියාගෙන යද්දි මට හිතුනා මේක බොරු වෙන්නත් බෑ කියලා.. ප්‍රාතිහාර්ය බලන්න ගවු ගණන් ගිහින් අකුණු වලට වැඳලා එන අය ඉන්න රටේ !!



ප.ලි.

අන්ත්‍රාවයි..!
මේ පෝස්ට් එකේ මාතෘකාවෙන් "පද පෙරළි" එහෙම කරන්න එපා !! හොඳට හිතලා දැම්මේ... :D

මේවා ඇත්ත කතා නෙචි.. ජීවිතේ වෙන ඇත්තම කතා කියවන්න යන්න අපේ කතන්දර සූරින් ගේ අඩවියට..


ජය..

වැම්පයර්

17 comments:

  1. පද පෙරලි කලහම තමා ගතිය... හි හී..

    ReplyDelete
  2. ලංකාවෙ නයින්ගෙ තියෙන්නෙ සිංහල යන්න වුනාට ඉන්දියාවෙ නයින්ගෙ තියෙන්නෙ දෙමළ යන්නක්ලු

    ReplyDelete
  3. අනෙ මන්දා, මටනම් එපා කියන දේවල්මයි කරන්න හිතෙන්න

    ReplyDelete
  4. යකෝ වැම්පයර් නම් ලේ උරා බීපිය. කුණුහරප කියන්නෙ නැතුව. හක් හක් හා

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. ඔය නයි කතාව අහල මට තව නයි කතාවක් මතක් උනා. මේ කතාව ඇහුවෙ මායි තව යාලුවො දෙන්නෙකුයි මීට අවුරුදු දොළහකට විතර ඉස්සර ශ්රීපාදේ යද්දි මගදි අපිට සෙට් වෙච්ච තව කොල්ලො දෙන්නෙක්ගෙ නඩේක හිටපු එකෙක් ගෙන්.
    බොහොම ඉස්සර ඔය ගෙවල් වලට රෙදි තොරොම්බල් බඩු අරන් එන මුස්ලිම් වෙලෙන්දෙක්ට ඒ ආපු වෙලාවක ගමේ ගෙදරකින් කෑම වේලක් කන්න සෙට් උනාලු. එදා ඒ ගෙදර අනික් වෑංජනත් එක්ක ආඳ මාලුවකුත් හදල තිබ්ල. ජීවිතේ පලවෙනි පාරට ආඳ මාලු කාපු වෙලෙන්ද රස කර කර කන ගමන් ගමරාලගෙන් ඇහුවලු "අයියා..මොකාද මේ මශ්, මේක මාර රසනේ අයියා " කියල. “ආඃ ඔය ආඳ මාලුනේ තම්බි, ආඳ මාලු, මොකාද අයිය යේක…ඇයි බන් ආඳ අර මේ වගේ දිග එකා වතුරෙ ඉන්නෙ..” කියල අත දික්කරල පෙන්නුවත් තම්බිට තේරුනේ නෑලු. මේක අහන් හිටපු ගමමහගෙ එතනට හොට දාල " ඇයි බන් තම්බි අර දිග එකා බන් අර නයා වගේ.. ආඃ නය්යාද...ආඃ යේක මන් දන්නව..ශරි ශ්රි..”කියල තව ආඳ මාලු ටිකක් ඉල්ලන් බුරිය මෝදු වෙන්නම ඇදල ඇරල කෑම වේලට පින්දීල එහෙම පිටවෙලා ගියාලු. ආඳ මාලුවෙ රස සිහිකරකර තම්බි දැන් පාරදිගේ යනකොට මෙන්න බොලේ තඩි නයි පතයෙක් ඇදෙනවලු හුඹහකට ඒ අයිනෙ. නයි හාමි දැකපු තම්බ්ට යනගමනත් අමතක වෙලා.." ආඃ .අද මගේ ගේනිටත් ආඳ මාලු කතෑකි..ඔහොම හිටපන් ආඳ ඔහොම හිටපන් " කියල අල්ලගන්න පැන්නලු.
    දැන් නයා ගිහින් ඔලුව හුඹහට ඔබනකොටම තම්බිත් ගිහින් ඇල්ලුවලු මුගේ වලිගෙන් " හෙහ් ඔහොම හිට්ටපන් ආඳ මම අද තෝ කන්න ..." කියල . එතකොටම මල පැනපු නයා ඔලුව එලියට දාල "හූස් " ගාල පිම්බල පැන්නලු තම්බිට. බයවෙච්චි පාරට බිම වැටිච්ච තම්බිගෙ ඔලුව උඩින් ගිය නයා ආයි පාරක් සර බරස් ගාල කැලේට වදිනකොට මල පැනපු තම්බි කියනවලු.." හුහ්..ශිංගල මුනියට උයල කන්නයි බැදල කන්නයි.....යේක අපිට තමයි පූශ් පුශ්.." කියල.
    ඉතින් මේක ඇහුව අපේ සෙට් ඒකේ එකෙක් දැන් කන්ද නගිනකම්ම මග ඉන්න කෙල්ලන්ට විහිලු කරනකොට උන් නිකන් ගස්සල හරි රවල හරි බැලුවොත්...මූ කියන්නේ" හුහ්..ශිංගල මුනියට උයල කන්නයි බැදල කන්නයි.....යේක අපිට තමයි පූශ් පුශ්.."

    ReplyDelete
  7. @ වැම්පයර් - මරු සෙෙහා්
    @ indika - ඔය කතාව ෙපා්ස්ට් එකක් විදියට දැම්ෙමා්ත් ෙහාදයි කියල හිෙතනව. මට තාමත් හිනා :D

    " හුහ්..ශිංගල මුනියට උයල කන්නයි බැදල කන්නයි.....යේක අපිට තමයි පූශ් පුශ්.."

    :P

    ReplyDelete
  8. හිහ් හිහ් හි..

    ReplyDelete
  9. @ ඇනී-
    සිරාවට.. එහෙනම් ඇල්පබට් එකම ඇති නයින්ගේ..
    @මකරා
    පිස්සු නම් කෙලින්න එපා
    @තරිඳු-
    උඹ බබා!
    @ඉන්දික-
    සිරා කතාව.. ඕක නම් අනිවා දාන්න පෝස්ට් එකක !
    @පවිත්‍ර, කඳුලු -
    හිහි හිහි !

    කට්ටියටම ස්තුතියි..

    ජය...

    ReplyDelete
  10. හුහ්..ශිංගල මුනියට උයල කන්නයි බැදල කන්නයි.....යේක අපිට තමයි පූශ් පුශ්.." කියල.

    අඩෙ අප්පා. මේක අහල හිනා තමා යනවා...

    ReplyDelete
  11. සාක්ෂරතාවය තියෙන සතා නයා කියනවානේ. මේ වෙසක් සතියේ වැම්පයර් මහත්තයා නයෙක්ද දන්නෑ ඇරියේ කොහොම වෙතත් කතාව එල

    ReplyDelete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. අඩේ.. අපේ නැ නේ ඔය නයි අරින වැඩ..

    ReplyDelete
  14. ඉන්දිකයගේ කතාව මරු....

    මුස්ලිම් හාමුදුරුවො බන කිව්ව වගේ තමයි.....

    නියමෙටම ලියල තියෙනව... බඩ අල්ලන් සිනා සෙමි...

    ඔය නයි පටවන කතාවකුත් තියෙනවලු නේද....?

    ReplyDelete
  15. පිංවතුනි මේ උතුම් වෙසක් සතියේ කුණුහරප කියන්න එපා. අපායේ යනවා පින්වතුනි.

    ReplyDelete
  16. එහෙමනම් පින්වතුනි සාදුකාරයක් දීලා පිරිකර පූජා කරන්න

    ReplyDelete
  17. @මාතලන්:
    නයි පටවන කතා තියෙන්ෙන් ගණවලලු.
    LOLs

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails