Friday, June 18, 2010

ඉංජිනේරුවෝ හා මානව සම්පත් කළමණාකරුවෝ -2 කොටස |Engineers and Human Resource Managers– Episode 2

 

කට්ටියට මතක ඇතිනේ මම දැම්මා ඉංජිනේරුවෝ හා මානව සම්පත් කළමනාකරුවෝ ගැන පෝස්ට් එකක්. මෙන්න ඒකේ දෙවනි කතාව.

ඔන්න එක දවසක් ඉන්ජිනේරුවෙකුයි මානව සම්පත් කළමනාකරුවෝ 5 දෙනෙකුයි නැවක යනවා,  හදිසියේ මේ නැව අනතුරකට ලක් වුණා. 6 දෙනා ජීවිතාරක්ශක බෝට්‍ටුවක නැගලා පාවි පාවි හිටියා දවස් කීපයක්, හෙලිකොප්ටරයක් ඇවිත් මේ 6 දෙනා බේරගන්න ලනුවක් දාන තුරු!

දැන් ලනුවේ එල්ලි එල්ලි කට්ටිය ඉන්නවා. හෙලිකොප්ටරේ යන්න පටන්ගත්තා ගොඩබිම පැත්තට.

ටික වෙලාවක් යද්දි කට්ටියටම තේරුණා ලණුවෙ 6ක් එල්ලිලා යන්න අමාරු බව, එහෙම ගියොත් ලණුව කඩන් කට්ටියම මූදෙ.

දැන් කට්ටියට තීරණය කරගන්න බැරිවුණා ස්වෙච්ඡාවෙන් අන් අයගේ යහපත තකා ලණුව අතහරින කෙනාව. අන්තිමේදී ඉංජිනේරුවා තීරණය කළා මුලින්ම ලණුව අතාරින්න, මොකද ඉංජිනේරුවෝ කියන්නේ තමන්ගේ ජීවිතය වුණත් තමා වැඩකරන සමාගම වෙනුවෙන් දෙන්න කැමති, තමන්ගේ පුද්ගලික හා පවුල් දිවිය සඳහා ඇති කාලයත් සමාගමේ දියුණුවට යොදවන, තමාගේ පොකැට්‍ටුවෙන් සමාගමේ වැඩ සඳහා යන වියදම් දරණ (අතින් කාලා හරක් බලන), පඩි නැතුව ඕටී කරන (ගොඩක් තැන් වල ඉංජිනේරුවන්ට ඕටී නැත!)  ජාතියේ කොට්ටාසයක් නේ.

ඉංජිනේරුවාගේ තීරණය කිවුවා විතරයි අපේ මානව සම්පත් කළමනාකරුවෝ සෙට් එක පුරුදු විදියට පොඩි අත්පුඩි පාරක් ගහලා සතුට පළ කලා.

කතාවේ අර්ථය - ඉංජිනේරුවෙකුගේ හැකියාව කිසිදා අවතක්සේරු නොකරනු!

8 comments:

  1. මම මේ කතාව ඇහුවේ වෙන විදිහකට :) :) :)

    ReplyDelete
  2. පව්නේ මානව සම්පත් කලමණාකරුවෝ ටික , ඉංජා කියන්නේ දෙන්න බැරි උත්තර වලටත් උත්තර දෙන පොරක්නේ ; අර 1=2 ඔප්පු කරලා පෙන්නුවා වගේ !!!

    ReplyDelete
  3. anනිවා ඩෙෆා. :D එල කතාව.

    ReplyDelete
  4. අලියගෙ වලිගෙ එල්ලිලා දිව්‍ය ලෝකෙ යන්න ට්‍රයි කරපු ගමරාලත් මානව සම්පත් කළ කෙනේද මන්ද.....

    හිහ්.... කතාව අගෙයි...

    ReplyDelete
  5. හි....හී..... දැක්කාෙන අපිව අවතක්ෙස්රැ කරාම ෙවන ෙද් :P

    ReplyDelete
  6. හසිත - මේක නේද හොඳම විදිය! හික් හික්

    හිඟන්නා- මම පුද්ගලිකව ඒ වැඩේට කැමති නෑ, උත්තර දෙන්න බැරි ප්‍රශ්න ලෝකෙ තියනවා

    මාධව, බුද්ධික- ඒකනේ මල්ලි දැම්මේ

    වත්- හහ් හා, ගමරාළ අත්පුඩි ගහන්න ගියේ නෑ නොවැ!


    සියලු දෙනාටම ස්තුතියි!

    ජය!

    ReplyDelete
  7. තුන් වැනි එපිසෝඩ් එක ලියමින් ඉන්නේ!

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails