Sunday, June 20, 2010

ඉංජිනේරුවෝ හා මානව සම්පත් කළමණාකරුවෝ -3 කොටස |Engineers and Human Resource Managers– Episode 3

 

මෙන්න කතා සීරීස් එකේ තුන්වැනි කතාව..
මුල් කතා දෙක නොබලපු කෙනෙක් ඉන්නවා නම් මේ ලින්ක්ස්  බලලම ඉන්න.

එපිසෝඩ් 01
එපිසෝඩ් 02

එකෝමත් එක කාලෙක අපේ මානව සම්පත් කළමනාකාර මහත්වරු තුන් දෙනෙක් කැලයක් මැදින් ගමනක් යනවාලු.  මේ අයට යන අතර මගදි ගඟක් තරණය කරන්න සිද්ද උනා. සැඩ පහර හොඳටම සැරයි. එගොඩට යන්නත් ඕන. දැන් කට්ටිය කතා වෙනවා මොකද කරන්නේ කියලා, අන්තිමට දෙවියන්ට කියන්න කතා කරගත්තා.
පළවෙනියටම කණ්ඩායමේ වැඩිමහලු පුද්ගලයා දණගහගෙන දෙවියන් යදින්න පටන් ගත්තා.

"දෙවියනි, මට මේ නදිය තරණය කිරීමට ශක්තිය දෙන්න!"

දෙවියන් ඔහු අබියසට පැමිණ ඔහුගේ දෑත් හා දෙපා ශක්තිමත් කළා, කීප වටක් දියේ ගිලුණත් ඔහු එගොඩට පීනා යාමට සමත් වූවා, දැඩි උත්සාහයකින් අනතුරුව.

දෙවැන්නාගේ වාරය.

"දෙවියනි, මට මේ නදිය තරණය කිරීමට උපකරණ දෙන්න!"

දෙවියන් ඔහු අබියසට පැමිණ  ඔහුට කුඩා ඔරුවක් හා හබලක් ලබා දුන්නා, දැඩි උත්සාහයකින් පසුව ඔහුත් එගොඩට යාමට සමත් වුණා.

තුන්වැන්නා දෙවියන්ගෙන් මෙසේ අයැද සිටියා.

"දෙවියනි, මට මේ නදිය තරණය කිරීමට බුද්ධිය දෙන්න!"

දෙවියන් ඔහු ඉදිරිපිටට පැමිණ ඔහු ඉංජිනේරුවෙක් බවට පත් කළා, තමාගේ බෑගය තුල තිබුණු සිතියම ගත් ඔහු මදක් ඉවුර දිගේ ඇවිදගොස් සිතියමේ සටහන්ව තිබුණු පාලමකින් බොහොම ලේසියෙන් එගොඩට ගියා!

කතාවේ අර්ථය :
ඉංජිනේරුවා සෑම විටම බුද්ධිමත් ව  කටයුතු කරයි. මානව සම්පත් උන්දැලාට දෙයියන්ගේම පිහිටයි.

ජය.
වැම්පයර්

8 comments:

  1. අඩේ අයියා , ඔහොම බයිට් දෙන්නේ මානව සම්පත් කලමණාකරුවෝ පවු නැද්ද , මොනා උනත් එල කතාව !!!

    ReplyDelete
  2. කාලෙකින් මේ පැර්ත්තෙ ආවෙ. මරු කතා ටික. මම දන්න HR Manager කෙනෙක් හිටිය Shadowline එකේ. ඌ කටුබැද්දෙ ඉංජෙක්. මුලින් පොඩි පොඩි වැඩ කර කර පටන් අරං ( මොකද ඒ දවස්වල නං නියමෙට ගෙව්වනෙ ) පස්සෙ අනං මනං කෝස් කරල මිනිහ එතන ලොක්කම උනා. මේ කතා ටික අනේ ඌට පෙන්න ගන්න තිබ්බනං..

    ReplyDelete
  3. අපෙ මල්ලිතමා මාව දැනුවත්කළේ මේ සීරිස් එක ගැන.

    නියම කතා සීරිස් එක !

    ReplyDelete
  4. එල කතාව. :) :) :)

    මොකද බන් උඹ මෙච්චර මානව සම්පත් උන්දලාට තලන්නේ ?

    ReplyDelete
  5. අද තමා 3 නම කියෙව්වෙ.. මේ මමත් අහල තියෙන්නෙ නම් අනික් පැත්තට ඔව්ව හික් හික්

    ReplyDelete
  6. අන්න එහෙමයි ඉංජො. :D එල කිරි.

    ReplyDelete
  7. හිඟන්නා,තර්ඩ් මෑන්, හසිත - හ හා.. මට පේන්නම බැරි ජාතියක් තමා බන් උන්

    ඉන්දික, මාධව- මමත් එහේ තමා.. ඉන්ජෙක් එච් ආර් ගියාට ඉතින් ලොකු අවුලක් නෑ.. හික්ස්

    පිස්සා- මචන්.. අනික් පැත්තට මේව ගැලෙපෙන්නේ නෑ නේද?

    ස්තුතියි..

    ජය!

    ReplyDelete
  8. A/L කරනකොට මැතසිරා කට්ට්ය ඒකියන්නේ හොඳම මොළකාරයෝ හෙවත් පයිතෝ තමයි මැත්ස් වලින් ඉ/ෆැක් යන්නේ . මැත ගැන ෂුවර් නැති කට්ටිය කොමර්ස් කරල එකවුන්ටන්ල වෙනවා. මැත හොරනම් කර්න්න පුථවන් එකම දේ ආට්ස්. ඒක කොරල ආට්ස් ෆැකල්ටි යනවා . මේවා කරල කැම්පස් ගිය අය අන්තිමේදී පිළිවෙලින් ඉංජිනේරුවො, එකව්න්ටන් , සහ අමාත්යංශ ලේකම් දක්වා යනවා. මේ මොනවත් බැරිවුන පොරවල් ලෝ කොලිජ් එකට රිංගගන්නවා . ඊට පස්සේ දේශපාලනයට එනවා, පාර්ලිමේන්තුවට යනවා, ඇමති කෙනෙක් වෙනවා.

    දැන් බලන්න වෙලා තියෙන දේ. ඔන්න ඉංජිනේරුවා ආයතනයක වැඩට යනවා මිනිහා මොනව කොලත් වැඩක් නැහැ සල්ලි අතගාන accountant තමයි ලොකු ඉතිං accountant ඉංජිනේරුවට උඩින් උඩට යනවා . ඊට උඩින් අමාත්යංශ ලේකමි ආට් ග්රැයජුවේටි. ඊටත් උඩින් ඉන්නේ මැත අම්බානට හොර ඇමති !.

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails