Sunday, June 13, 2010

කොහෙද ඕයි තමුසේ ඉන්නේ ...

මේක මම දහම් පාසල් කාලේ යන කාලෙ වෙච්චි කතාවක්. නම් ගම් මන:කල්පිතයි. සිද්ධිය සත්‍යයක්.

අපි කියමු මගේ යාලුවට කසුන් කියලා, ඔන්න ඉතින් අපි සෙට් එක දහම් පාසලේ ඉගනගන්නවා. එහෙම කිවුවට ඉගන ගන්නෙම නෑ..ඔහේ ඉතින් ඉරිදට ගිහින් පොඩ්ඩක් සෙට් වෙලා ඉතින් සරුංගල් ගැනයි, මාලු ටැංකි ගැනයි කතා කර කර ඉන්න එක තමා කරන්නේ, තව පන්සලේ වැලි මලුවේ ටීක් බෝල ගහනවා . පස්සෙ කාලෙක සිලබස් චේන්ජ් වෙලා මේ කතා කරන සබ්ජෙක්ට් ඇන්ඩ් කරපු වැඩ මාරු උනා .. :D

දහම්පාසලේ ප්‍රධානාචාර්ය හාමුදුරුවෝ ටිකක් සැරයි, නැත්නම් ඉතින් අපිව කොන්ට්‍රොල් කරන්නත් බෑ නේ.

ඔන්න ඉතින් හාමුදුරුවො උගන්නනවා, මේ අතරේ අපේ කසුන් ගොයියා ඔහේ උඩ බලාගෙන ෆුල් මනස්කාන්ත මනෝ හීන පාරක් දාගෙන ඉන්නවා කටත් බාගෙට ඇරගෙන.

හාමුදුරුවෝ කීප සැරයක් බැල්මට් එක දැම්මා කස්සගේ පැත්තට, මමත් පොඩ්ඩක් පොරට ටච් එකක් දැම්මා වැඩේ දෙල් වෙන්නයි යන්නේ කියන්න. කොහෙද මූ නිකන් ඔල්මොරොන්දන් වෙලා වගේ මනෝ පාරේ දිගට දිගට යනවා!

එකපාරටම හාමුදුරුවෝ කස්සගේ ළඟට ඇවිත් සිංහනාද කරලා අහපි, "කොහෙද ඕයි තමුසේ ඉන්නේ, පාඩමේ නෙවිද?" කියලා. 

මූ කලබල වෙච්ච පාරට දඩ බඩ ගාලා නැගිටලා කියපි,
"නෑ ලොකු හාමුදුරුවනේ, දික්වැල්ලේ !!!"

සටහන : කස්සගේ ගෙවල් තියෙන්නේ දික්වැල්ලේ (මාතර දිස්ත්‍රික්කය)

15 comments:

  1. පව් අප්පා අහිංසකයා . . හි හි

    ReplyDelete
  2. හික් හික් හික් පව් අහිංසකයා... ගුටි කෑවද හික් හික්

    ReplyDelete
  3. හාමුදුරුවො මිනිහගෙ කණ අතගෑවෙ නෑ!

    ReplyDelete
  4. blog gadol, ඉලංදාරියා, දුකා, හසන්ත, issimbuwa - ප්‍රතිචාරයට ස්තුතියි..

    පිස්සා, ඉන්දික - මේක කියන්න මූ නැගිටපු හා උත්තර දීපු හැටියට හාමුදුරුවන්ට විතරක් නෙවි, බණ මඩුවේ පන්ති වල හිටපු ඔක්කොම උන්ට හොඳටම හිනා!

    ඊට පස්සේ මූ යන යන හැම තැනකම ඕක කියන්න ගත්තා, ඒ කියන්නේ නිකන් මූ ඇහුවොත් අපෙන් ..

    "ඒයි මචන් අද පංති එනවද" කියලා,අපේ උන් කියනවා, "අහ්, ඔව් ඔව් අද දික්වැල්ලේ " කියලා

    එට්ලකොට මුගෙන් හොඳට සැර කරි තුනපහ එක්ක අහගන්න පුළුවන්!


    අප්පා.. මේ කොමෙන්ට් එක දාද්දි මට තවත් කතාවක් මතක් වුණා නේ! ඒකත් දාන්නම්!

    ReplyDelete
  5. යන්නේ කොහෙද මල්ලේ පොල් කිව්වාලු :)

    ReplyDelete
    Replies
    1. ටිකක්අප්සට්ද මන්දා....?

      Delete
  6. හිහ් හිහ් හිහ් ෆට්ට ආතල නේද

    ReplyDelete
  7. කට්ටියටම ස්තුතියි අදහස් වලට, ඔන්න මතක් වෙච්ච අනිත් කතාවත් දැම්මා!

    ReplyDelete
  8. දහම් පාසල් කතා නම් එමටයි. මාත් ලියන්නම් එකක්. වෙලාවක...

    ReplyDelete
  9. මන් හොල්මන් වෙන්න ඇති එකපාරටම

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails