Saturday, June 5, 2010

ඉංජිනේරුවෝ හා මානව සම්පත් කළමනාකරුවෝ | Engineers and Human Resources Managers




ඔන්න ඉතින් තවත් රස කතාවක්.. මේක අපේ අය හා මානව සම්පත් කළමණාකාර අංසයේ අය ගැන කියවෙන කතාවක්!

අපේ අය කිවුවම බලයි මම කවුද කියලා.. මම ඉංජිනේරුවෙක් වෘත්තීයයෙන් නම්! දැන් ආයෙ ඉගනගන්නවා..ඔන්න ඉතින් කතන්දරේ මෙහෙමයි..

එක දවසක් ඔන්න ඉංජිනේරුවෝ සෙට් එකකුයි මානව සම්පත් Human Resources (HR) සෙට් එකකුයි යනවලු කොන්ෆරන්ස් එකකට කෝච්චියෙන්. හැබැයි ටිකට් ගනිද්දි HR අය ඔක්කොටම ටිකට් ගත්තත් ඉංජිනේරුවෝ සෙට් එකම එක ටිකට් එකයි අරන් තියෙන්නේ..

දැන් කට්ටිය මෙහෙම යනවලු.

ටිකකින් ඉංජිනේරු ටීම් එකේ යාලුවෙක් මෙහෙම කෑ ගැහුවලු..

"ඔන්න ටිකට් ඉන්ස්පෙක්ටර්ස් ලා එනවෝ" කියලා...


ඒක අහපු HR අය ටිකට් අදිනවා ලු.. ඒ අතරේ ඉංජිනේරු ටීම් එක එක ටොයිලට් එකකට රිංගුවාලු..





දැන් ඉතින් ටිකට් චෙක් කරන කට්ටිය බල බලා ඇවිත් සෙට් එක ඉන්න ටොයිලට් එකට තට්‍ටුචක් දාලා "ටිකට්ස්" කිව්වම ඉංජිනේරුවෙක් දොර අස්සෙන් ගත්තු එකම ටිකට් එක ඉන්ස්පෙක්ටර් ලට දික් කරලා දීලා වැඩේ සමථයකට පත් උනාම කට්ටියම එලියට ආවලු..


වැඩේ ශේප්!

මේක ඉතින් අපේ HR උන්දැලා බලාගෙන හිටියලු...

කොන්ෆරන්ස් එක ඉවරවුණාය කියමුකෝ..දැන් කට්ටිය ආපහු එන්න ලෑස්තිය..

එද්දි HR ගොයියලා සෙට් එකත් දැන් ට්‍රික් එක දන්න නිසා එක ටිකට් එකක් ගත්තලු...

හැබැයි ඉංජිනේරුවෝ එක ටිකට් එකක්වත් අරගෙන නෑ..

කට්ටිය දැන් ආයෙ ගම් රටවල් බලා එනවලු...

මේ සැරෙත් ඔන්න ඉංජිනේරු ටීම් එකේ යාලුවෙක් මෙහෙම කෑ ගැහුවලු..

"ඔන්න ටිකට් ඉන්ස්පෙක්ටර්ස් ලා එනවෝ" කියලා...

මොකට බය වෙනවද.. HR කට්ටිය රිංගුවලු ටොයිලට් එක ඇතුලට..

ඊට පස්සෙ අපේ ඉංජිනේරුවෝ සෙට් එක ඊට විරුද්ධ පැත්තෙ තියන ටොයිලට් එකට රිංගුවලු...



හැබැයි අන්තිමටම ඇතුලට ආපු ඉංජිනේරුවා HR ටොයිලට් එකේ දොරට තට්‍ටු කරලා "ටිකට්ස්" කියලා කියාගෙනමලු ආවේ!


තේරුණු අය හිනාවෙන්න.. නොතේරුණු අයත් හිනා වෙලා ආයෙ කතාව කියවලා තේරුණොත් ආයෙත් හිනාවෙන්න!


අහ්.. වැදගත්ම දේ!

මේ කතාවේ අර්ථය :
මානව සම්පත් කළමනාකරණය කරන්නවුන් සෑම විටම ඉංජිනේරුවන් ක්‍රියා කරන අයුරින් ක්‍රියා කරන්න උත්සාහ දැරුවද එහි අචසානය සෑම විටම ඔවුන් විනාශයකින් කෙළවර කර ගනිති!

ජය..

වැම්පයර්

5 comments:

  1. මම කතාව කලින් අහලා තීයෙන විදිහට නම් අන්තිමට ආපු ඉංජිනේරුවා HR එවුන්ගේ ටිකට් එකට විඳිනවා.

    පස්සේ බාප්පලා ආපුවාම ඒ ටිකට් එක පෙන්නනව :) HR එවුන් ටික මාට්ටු :)

    ReplyDelete
  2. හසිත කොල්ලො.. ඒක තමා මෙතනත් උනේ! පොඩ්ඩක් ආයේ කියවලා බැලුවනං..

    ReplyDelete
  3. මගේ අම්මේ මේකා කෙලල ඇරල තියෙන පට්ටේ....

    බොරු කියන්න එපා ඉංජිනේරූ මහත්තයො... මමනම් ඔය කතාව අහල තියෙන්නෙ අනිත් පැත්තට.....

    ReplyDelete
  4. පිස්සු කෙලින්න එපා මාතලන් අයියා.. බලන්නකෝ කතාවේ මෝටිවේසන් එක! ඒක අනික් පැත්තට ගැලපෙන්නේ නෑ නේ! ඕන ඉංජිනේරුවෙක් ගෙන් අහන්න HR එක ගැන! හොඳට කියයි!

    අනික තමා හසිත මල්ලිගේ කොමෙන්ට් එක!

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails