Friday, June 4, 2010

ගුණදාස කපුගේ.... ඔබ සදා අමරණීයයි... Gunadasa Kapuge .. An Immortal Legend



ගුණදාස කපුගේ.... ඔබ සදා අමරණීයයි... Gunadasa Kapuge .. An Immortal Legend

මතකද කාලෙකට ඉස්සර අපේ මාරයියා මාර සින්දුවක් කිවුවා.. ;) ..




මාරයා අයියාගේ ඒ සින්දුව අහලා මම ඒගීතයේ ඔරිජිනල් එක හෙව්වා හැම තැනම, පස්සෙ අමාරුවෙන් හොයාගත්තා, දැන් ඒක මම හුදී ජනයාගේ පහන් සංවේගය උදෙසා දාන්නම්...මම කලින් දාපු ජෝතිපාල මහත්තයගේ සින්දුවට අපේ සුදු මහත්තයා දාපු කොමෙන්ට් එකකට රිප්ලයි එකක් විදියට මම දැම්ම නේ තව ඉස්සරහට ටික ටික සින්දු දාන්නම් කියලා.. මෙන්න සුදෝ එකක්!

බොහොම හැඟුම්බර සින්දුවක්.. සිංහල සංගීත වංස කතාවේ බිහිවුණ හොඳම බූට් සින්දුවක් තමයි ඉතින් මේක..

ලිරික්ස් මෙහෙමයි...

බිඳුනු පෙම් හද නිවාලන්නට කඳුල නුඹ ආ දා..
අඳුර රජයන හුදෙකලා සිත නුඹට පෙම් බැන්දා..

සරාගික වූ නෙතින් ගිලිහී ජීවිතෙන් පිදු ආදරේ..
සරාගික වූ නෙතින් ගිලිහී ජීවිතෙන් පිදු ආදරේ..
නිමාවූ සිහිවටන පමණකි දෙනත් දෑළේ ඉදිවුණේ..
කඳුල නුඹ පිපුණා..දැවී ගිනිගත් පෙම් සුසානේ කඳුලු මල් පිපුණා...

බිඳුනු පෙම් හද නිවාලන්නට කඳුල නුඹ ආ දා..
අඳුර රජයන හුදෙකලා සිත නුඹට පෙම් බැන්දා..

ප්‍රේම ආතූරයන් වෙලා.. ජීවිතේ තනිමංසලේ...
ප්‍රේම ආතූරයන් වෙලා.. ජීවිතේ තනිමංසලේ...
දිනෙක ඇය මා අමුත්තන් සේ යළිදු හමුවේවී...
කඳුල නුඹ නාඩන්..දුරස් වන්නේ නැතේ නුඹ මා කඳුල නුඹ නාඩන්..

බිඳුනු පෙම් හද නිවාලන්නට කඳුල නුඹ ආ දා..
අඳුර රජයන හුදෙකලා සිත නුඹට පෙම් බැන්දා..


තේරුම ලියන්න ඉතින් ඕන නෑ නේ.. දෙතුන් සැරයක් අහලම බලන්න...

පහලින් තියනවා බා ගන්නවා නම්.. අහනව නම් ලින්ක් ඔය අහන්න තියන ලින්ක් එක ඔබන්න..

අහමු...




මේකත් අපේ කපුගේ මහත්තයගේ ම බොහොම රෙයා සින්දුවක්.. මම මීට කලින් දෙසරයයි අහලා තිබුණේ.. ඒකත් ස්වදේශීය සේචයේ වගේ මට මතක....ඒකත් අහලම යන්න..

සිත නිවා පහන් කළ සඳ එළිය නිවි නිවී....


ජය..

වැම්පයර්

11 comments:

  1. මම හුඟාක් ම ආස කරන ගායකයෙක් තමා ගුනදාස කපුගේ... " අපි අසරන වෙලා වගේ හිතට දැනෙනවා " ගීතයට මම හුඟාක්ම කැමතියි.

    එතුමාගේ ගීත හුඟාක් මම ගාව තියෙනවා....

    ReplyDelete
  2. කපුගේ ගැන කියවන්න
    http://apeadaraya.blogspot.com/2010/04/blog-post.html#comments

    ReplyDelete
  3. කපුගේ කියන්නෙ උදාර මිනිහෙක්. මේ මනුස්සයගෙ අහිංසක කමින් ප්‍රයෝජන ගත්ත මිනිස්සු අනන්තයි අප්‍රමාණයි. මියගියත් ශ්‍රේෂ්ඨ මිනිස්සු ජනතාවගේ හදවත් තුල ජීවත් වෙනව කල්පයක්. ජෝතී මැරුනයින් පස්සෙ ඉපදුනු අයත් ජෝතීට ආදරේ කරන්නෙ ඒකයි. කපුගේත් එහෙමමයි.

    මට කපුගේ ගයන ගීත බණක් අහනව වගේ. නියම දේශීය කටහඬක්.... මට මේ මනුස්සයත් එක්ක දවස් දෙක තුනක් කතාකරන්න ලැබුනා. පුදුම නිහතමානී මනුස්සයෙක්....

    ReplyDelete
  4. post ekata pin.meka durlaba sinduwak.
    ( sitha nivaa pahan kala)
    kampana cassette eke anith sindu set eka hoyaganna puluwan wunoth danna.net eke hoyaganna amarui

    ReplyDelete
  5. මම දැක්ක හොඳම ගායකය. මනුස්සකම ගැන සමාජය ගැන ආදරය ගැන තේරුම් කරල දුන්න මනුස්සය. අපේ අවාසනාවට අද හෙළුවෙන් නටන කොල්ලො අතර තියෙන්නෙ එතුමා ගැන ආදරණීය මතකයක් විතරයි

    ReplyDelete
  6. සියලු දෙනාටම ස්තුතියි..

    ReplyDelete
  7. We have joined your blog in http://blogsinhala.com/ Please register and joint your blog and win best blogger award and amazing prizes.

    Thanks
    Admin
    http://blogsinhala.com/

    ReplyDelete
  8. කපුගේ කියන්නෙ ගායකයෙක් නෙවෙයි මනුස්සයෙක්. සල්ලි හෙව්ව මිනිහෙක් නෙමෙයි. සමාජයෙන් වාසි ගත්ත මිනිහෙක් නෙමෙයි. සමාජයට අහිංසක මිනිස්සුන්ට ආදරේ කරපු මිනිහෙක්.ගායකයෙක් විදිහට සමාජයට කරන්න පුළුවන් උපරිම දේ කරල පන්නුව. කපුගේ ගෙන් ගොඩක් මිනිස්සු වාසි ගත්ත ඒත් අද කතාකරන්න හරි ඉන්නෙ ඇත්තටම කපුගේට ආදරය කරපු සංවේදි මිනිස්සු ටික දෙනෙක් විතරයි. කපුගේ එක්ක සමීපව කතාකරද්දි දැනෙන්නෙ ආත්ම ගානක් එකට හිටපු සහෝදරයෙක් ලඟ ඉන්නව වගේ. මට හිතෙනව මීට වඩා ලියන්න ගියොත් මේක පිටු ගානක් වේවි. කපුගේ මියගිහින් ටික දවසකින පුවත්පතක මම පුංච් නිසැඳසක් දැක්කා. මට මතක නෑ ලියල තිබුනෙ කවුද කියලා.

    පන් සිළු හරවා යවා
    කපුගේ රැගෙන ගියහ
    දෙවිවරු ඉරිසියාවෙන්
    මනුලොව මිනිසුන්ට

    මේක තමයි ඇත්ත.
    මෙකෙ අයිතිකාරයවත් වැම්පයර් උඹවත් මම ආදරයෙන් වැලඳගන්නවා.

    ReplyDelete
  9. දයියා.. පරණ දේවල් මතක තියෙන උඹ වගේ උන් බොහොම අඩුයි..


    ජය!

    ReplyDelete
  10. මේ සින්දුව මගේ ජීවිතේ වගේ බං. බොක්කටම වදින සින්දු වලින් එකක්

    ReplyDelete
  11. ලන්කාවෙම මිනිස්සු වෙනුවෙන් රස විදින්න සින්දු කියපු එකම මනුස්සයා කපුගේ මහත්මයා විතරයි."සින්හල සින්දු කියන නලලේ තිලක තියන කිරිල්ලියේ" සින්දුවෙන් ඒ දේ තේරෙනවා.එතුමා සමාජය පුදුම ලෙස විනිවිද දුටුව.ඔය සින්දුවෙ කතාව හොයල පොඩ්ඩ්ක් දාන්න හැකි නම් ලොකු දෙයක්.

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails