Tuesday, June 22, 2010

රනිල්ගේ ප්‍රශ්නය! The Ranil's Question

 

 

 

සියලු පුද්ගල නම් ගම් මන:කල්පිතයහ. කිසිම චරිතයකට පහර ගැසීමට හෝ අපහාස කිරීමට කතුවරයා අදහස් නොකරයි. මේ නම් ඇති අයවලුන් වේ නම් කමත්වා!

එකෝමත් එක කාලෙක එක රටක රනිල් කියලා මහත්තයෙක් අගමැති වෙලා හිටියලු.

ඔන්න ඉතින් රනිල් මහත්තයා එංගලන්තේ ගියාලු ‍රැජින මුණගැහෙන්න. ඉතින් දෙන්නා ආගිය තොරතුරු කතාකර කර ඉන්න ගමන් ‍රැජිනට හිතුනලු තමන්ගේ ඇමති මණ්ඩලයේ බුද්ධිය රනිල් මහත්තයට පෙන්නන්න.

ඔහොම හිතපු ‍රැජින ගැහුවලු මේසෙ උඩ තියෙන බෙල් එක.. ටිං ටිං ගාලා.

 

විනාඩි දෙකෙන් ටෝනි බ්ලෙයා කියලා මහත්තයෙක් දුවගෙන ආවලු. මිනිහා ‍රැජිනගෙ අගමැති.

‍රැජින ඇහුවලු..

"ටෝනි, ඔබට නෑයෝ සිටිත්ද?"

"එසේය ‍රැජිණියනි, බොහෝයැ"

"ඔබට නොනෑයෝ සිටිත්ද?"

"එසේය ‍රැජිණියනි, බොහෝයැ"

"නෑයෝ නොනෑයෝ හැර වෙන කවුරුන් හරි සිටිත්ද?"

ඔන්න ටෝනි හිරවුණා, මිනිහා කල්පනා කරනවා කල්පනා කරනවා.. ම්හු...
ටිකක් වෙලා කල්පනා කරලා එක පාරටම මිනිහා කියපි, "සිටියි සිටියි... ඒ මම නේ"

 

මේ සිද්ධිය බලන් හිටපු රනිල් මහත්තයා පුදුමෙන් පුදුමෙට පත් වුණා ලු ටෝනිගේ මීටරේ ගැන! තමන්ගේ රටට ගිහින් තමන්ගේ සෙට් එකට දෙන්නම් බැස්ටිය කියලා හිතාගත්තලු.

දැන් රනිල් මහත්තයා තමන් ගේ රටට ආවය කියමුකෝ.

ආපු ගමන් අග්‍ර පුරෝහිත ජී.ඇල්. මහත්තයා කැ‍ඳෙවුවා.

දැන් රනිල් මහත්තයා අහනවලු,

"ජී.ඇල්., ඔබට නෑයෝ සිටිත්ද?"

"ඔව්"

"ඔබට නොනෑයෝ සිටිත්ද?"

"නැතුව"

"නෑයෝ නොනෑයෝ හැර වෙන කවුරුන් හරි සිටිත්ද?"

ඔන්න ලොක්කා හිරවුණා, දහ අතේ කල්පනා කළා. උත්තරයක් හිතාගන්න බැරි වුණා. ම්හු. රනිල් මහත්තයගෙන් දවස් දෙකක් ඉල්ලගත්තා වැඩේ ගොඩ දාල දෙන්න.

දැන් ජී.ඇල් මහත්තය දස අතේ කල්පනා කරනවා. එතකොට එතෙනට ආපි තව හොඳ බුද්ධිමතෙක්. ඇස්.බී.!

ජි.ඇල් මහත්තයා ප්‍රශ්න ටික යොමුකළත් ඇස්.බී. මහත්තයත් අන්තිම ප්‍රශ්නෙදි නිරුත්තරයි.
අන්තිමේදී ඇස්.බී. මහත්තයා යෝජනා කලා නලින් කියලා මහාචාර්ය කෙනෙක් ගෙන් අහන්න.

දැන් දෙන්නා එක්ක නලින් මහාචාර්ය තුමා මුණගැහිලා කතාව. පොඩ්ඩක් කල්පනා කරපු නලින් මහාචාර්ය තුමා අන්තිම ප්‍රශ්නෙට උත්තරේ දුන්නා.

"ඔව් ! ඒ මම නේ" කියලා.

දැන් ජී.ඇල් , ඇස්.බී මහත්තුරුන්ට හරිම සතු‍ටුයි. මේ දෙන්නා ඉතින් දිගට මහාචාර්යතුමත් එක්ක කතාවට වැ‍ටුණා.

මේ අතරේ, රනිල් මහත්තයගෙන් තමන්ට විතරක් ලකුණු දාගන්න හිතපු ජී.ඇල්. මහත්තයා හොරෙන්ම රනිල් මහත්තයගෙ ගෙදරට දුවගෙන ආවා.

"රනිල් මහත්තයෝ, උත්තරේ හම්බුණා"

"එහෙනම් අපි මුල ඉඳලා පටන් ගමුකෝ" රනිල් මහත්තයා කියපි

"හා, හොඳා"

"ජී.ඇල්., ඔබට නෑයෝ සිටිත්ද?"

"ඔව්"

"ඔබට නොනෑයෝ සිටිත්ද?"

"නැතුව"

"නෑයෝ නොනෑයෝ හැර වෙන කවුරුන් හරි සිටිත්ද?"

"ඔව් දැන් මම දන්නවා"

"ඒ කවුද"

"මහාචාර්ය නලින්!"

 

හිනාව තද කරන් රනිල් මහත්තයා කියපි, "අනේ මේ වගේ මෝඩ ‍රැලක් එක්කනේ මම ඉන්නේ, එයා නෙවෙයි අනේ, ඒ

 

ටෝනි බ්ලෙයා !!!! "

 

මේ නම් ගම් ඇති අයවලුන් වේ නම් කමත්වා, සියල්ල මන:කල්පිතයි, හුදෙක් හාස්‍ය රසය සඳහා පමණයි.

පරණ කතා.. http://blogvampa.blogspot.com/search/label/stories

 

ජය!
වැම්පයර්

7 comments:

  1. මේ කතාව අපි කලින් අහලා තිබුණා. හැබැයි ඔයා ඒක නූතන දේශපාලන ප්‍රහසනයක් කරලා. උදේ ම හිනා ගියා කියවලා. පිං.

    ReplyDelete
  2. ඕක බුෂ් මහත්තයාට හදලා තිබ්බ කතාවක් නේද? එල එල

    ReplyDelete
  3. මරු ටෝක්ස් තමා අයියත් දෙන්නේ !!!

    ReplyDelete
  4. අපේ රටේ නම් ඉතින් ඔය ජාතියෙ අය හුඟක් ඉන්නව උඩ තැන්වල

    ReplyDelete
  5. ඕක වෙන්න ඕනැ මෙහෙමයි, රනිල් කියන කෙනා ඉතිහාස පොතක් බලලා ඒක ඉගෙන ගන්ණවා. පස්සේ පස්දුන් කෝරලේ වගේ ගම කාගන්නවා.

    ReplyDelete
  6. [අපේ රටේ නම් ඉතින් ඔය ජාතියෙ අය හුඟක් ඉන්නව උඩ තැන්වල.]
    ඇත්තමයි මේ බලන්නකො.
    "කාලිංගගේ ප්‍රශ්නය! The kalinga's Question"

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails