Thursday, June 17, 2010

ත‍ටු ඇවිල්ලා .. ! Thatu Awilla Oba Ohe Yanawa - You Got Wings!



විවාහයෙන් පසු බිරින්දෑ වරුන්ගේ හිතුවක්කාර හැසිරීම් ගැන ලියැවුණ ගීත අතරින් මේ ගීයට හිමිවන්නේ බොහොම සුවිශේෂ තැනක්. මේ ගීයේ විශිෂ්ඨ පද රචනය හා අමරසිරි පීරිස් කලාකරුවාගේ භාව පූර්ණ නද, ඒ තැන මේ ගීය තැබූ බව නොකියාම බෑ. බටහිර පශ්චාත් රොමැන්තික ඌරුවට i.e.post romantic style බරව, පියානෝව ප්‍රධානකොට තැනූ තනුව අමරසිරි මහතාගේ හඬ හා මනාව මුසුව තිබෙන හැටි අපූරුයි.



මේ ගීතය මට මුලින්ම අසන්නට ලැබුණේ සිරස සුපර් ස්ටාර් වැඩසටහනේ, අමිල පෙරේරා ගේ ප්‍රචාරණ පටයකින්. අමිල පෙරේරාත් මේ ගීයට සෑහෙන දුරට සාධාරණයක් ඉ‍ටුකළ බව පැහැදිලිවම පැවසිය යුතුයි.



පදරචනය උපුල් ශාන්ත සන්නස්ගලයන් ගෙන්..

සංගීතය සමන්ත පෙරේරා



ත‍ටු ඇවිල්ලා.. ඔබ ඔහේ යනවා.. කොහොම කිවුවත් නවත්වන්නට බෑ..
ප්‍රේම ආලින්දයේ..
එන්න නවතිමු පය ගසාගෙන මේ සොඳුරු පොළොවේ..

කෙසේ නම් මම නවත්වන්නද...
මල් රේණු රේණු සැලෙනා..
හිවුඩු පිපෙනා..පැතුම් පුරනා.. අහස යට ඔබ පාවී යන්නා..
තෙත සිඳුනු බොල් හීන සුළඟ දිගේ...

ත‍ටු ඇවිල්ලා.. ඔබ ඔහේ යනවා.. කොහොම කිවුවත් නවත්වන්නට බෑ..
ප්‍රේම ආලින්දයේ..
එන්න නවතිමු පය ගසාගෙන මේ සොඳුරු පොළොවේ..


නෙළූ පලවැල මග දමන්නද...
දෙපා උඩුකුරු හිසින් බිම හිඳිනා..
කුරුළු බිලිඳු .. හෙලන කඳුලු.. මහමෙරක් යට...
තනිව මා උන්නා...

ත‍ටු ඇවිල්ලා.. ඔබ ඔහේ යනවා.. කොහොම කිවුවත් නවත්වන්නට බෑ..
ප්‍රේම ආලින්දයේ..
එන්න නවතිමු පය ගසාගෙන මේ සොඳුරු පොළොවේ..



අසන්න..ත‍ටු ඇවිල්ලා.. ඔබ ඔහේ යනවා



බාගත කරන්න..



අදාල සබැඳි



http://blogvampa.blogspot.com/search/label/songs



http://en.wikipedia.org/wiki/Post-romanticism

4 comments:

  1. මාත් හරි කැමතියි ගීතයක් මේක. හරිම සංවේදියි.

    ReplyDelete
  2. මම කැමතිම ගායකයෙක්. ඒත් මේ ගීය කලින් අහල නැහ. බොහොම ස්තුතියි මචන් අහන්න සැලස්සුවට

    ReplyDelete
  3. හරිම ලස්සන ගීතයක් . . කලින් අහලා තිබුනාට මේ වගේ විචාරයක් කියවලා පස්සේ අහන කොට හිතට දැනෙනවා වැඩියි . . ස්තූතියි මේක දැම්මට . .

    ReplyDelete
  4. කට්ටියටම ස්තුතියි අදහස් වලට

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails