Friday, June 11, 2010

ගංගොඩවිල සෝම හිමි.. මගේ අදහස – Ven. Gangodawila Soma Thero – My Idea

ගංගොඩවිල සෝම හිමි.. මගේ අදහස

මෙය ලිවීමට මූලික වස්තුබීජය සැපැයූයේ මාගේ "සෝම හාමුදුරුවෝ.. අබිරහස් ඡායාරූප පෙළක්!" යන මැයෙන් පසුගියදා පළ කරන ලද ලිපියට පාඨකයන් දැක්වූ අදහස් බව කිව මනාය.

සැබැවින්ම සිදුවූයේ කිමද? මාගේ පුද්ගලික අදහස නම් මෙය මිනීමැරුමක් බවයි. වෙනත් වදන් වලින් පවසනවා නම් සෝම හිමියන් මූලධර්මවාදී සංවිධානයක කුමන්ත්‍රණයක පහසු ගොදුරක් වූ ව බවයි. එසේ වූයේ කෙසේද..?

මේ සම්බන්ධයෙන් කාරණා කිහිපයක් මෙසේ සටහන් කරමි..

සෝම හිමියන් ගේ අදහස් හා මතවාද එකල්හි මහත් බොදු පුබුදුවක් ඇති කිරීමට සමත්විය. එසේ හෙයින්ම උන් වහන්සේට ජීවිත තර්ජන ද නො අඩුව තුබූ බව සියලු දෙනාම දන්නා කරුණෙකි.

එසේ හෙයින් උන්වහන්සේ යම් කිසි අවස්ථාවකට වැඩම කළ කල්හි ආවතේව කිරීමට, ආහාර පාන සැපැයීමට හා කුදු මහත් කටයුතු සියල්ලම ඉ‍ටු කිරීමට උපස්ථායක පිරිසක් ද උන්චහන්සේ අසලම සිටියහ. මෙමගින් උන් චහන්සේ පරිබෝජනය කරන දේ contaminate වීම වැළැකිණ. ඒ ඉතා හොඳය.

එහෙත් එක් දිනක ඒ දුක්බර පුවැත ජීවය ලැබීය.

-------------------------------------------------------------------------------

මගේ පුද්ගලික අදහස නම් සෝම හිමියන් උපාධියක් පසුපස ගොස් මුලා වූ බවයි. සියලු පෘතග්ජනයන් සේම එම අවස්ථාවේදි උන්වහන්සේගේ සිතේ ඇතිවූ තෘශ්ණා සිතිවිලි වලින් උන් වහන්සේ රුසියාවට හදිසියේ යාමට තීරණය කළ බවයි. එමගින් උන් වහන්සේ ගිල දැමීමට සිටින පවි‍ටුන්ගේ කටටම ස්වේච්ඡාවෙන් වැඩම කළ බවයි..

තමාට යම් කිසි නොදන්නා ආයතනයක් යම් කිසි කටයුත්තකට ආරාධනා කල පසු ඒ සංවිධානය ගැනත් එහි ක්‍රියාකලාපයන් ගැනත් සොයාබැලීමට උන්වහන්සේට නොහැකි වූයේ ඇයි? මේ සම්බන්ධයෙන් උදවු උපකාර ගැනීමට උන්වහන්සේ අවට දහසකුත් දෙනා සිටියහ, එහෙත්!

පසුගිය දේවල් හාරා ඇවිස්සීමෙන් පළක් නැත, තවත් අදහස් දැක්වීමට මම අදහස් නොකරමි.
මාගේ පුද්ගලික අදහස් (අපවත් වීම හා අපවත් කිරීම සම්බන්ධයෙන් හැර) බොහෝ විට මේ කොමෙන්‍ටුව හා ගැලැපේ. මාතලන් සහෝදරයාට මාගේ ස්තුතිය! සමහර කරුණු වල සත්‍ය අසත්‍යතාව මම නොදනිමි.

රොශාන් .. ඔබටත් ස්තුතියි.

-------------------------------------------------------------------------------------
මාතලන් said

උන්වහන්සේ දෙවියන් අදහන ගොන් බෞද්ධයින් එයින් මුදවා ගන්න විශාල උත්සාහයක් ගත්තා. නමුත් එයින් පලක් උනේ නෑ. ලංකාවේ ඉන්නෙ මොනතරම් බූරුවොද කියල උන්වහන්සෙගෙන් විමසන ප්‍රශ්න වලින් ඒ කාළේ රටම දැනගත්ත. උන් වහන්සේ කන පැලෙන්න ඒ හරක්ට උත්තර දුන්න.
නමුත් රහත් බව නොලබා සිටි උන්වහන්සේ ලද ජනප්‍රියභාවය නිසා මෝහයෙන් මුලා වුනා. බුදු පුතුන්ගේ යුතුකම අමතක කොට රටේ ජනාධිපති වන්න ගියේ ඒ නිසයි. අප සහ නායක හිමියන් කොතෙක් කරුණු පැහැදිලි කලද උන්වහන්සේ තම තීරනණය වෙනස් කළේ නෑ.

කෙලෙස් නොනසා සිටි උන්වහන්සේ උපාධියක් පසු පස ගොස් අපවත් වුනා. කවුරුත් නොදන්නා දෙයනම් උන්වහන්සේ දිනපතා විවිධ බෙහෙත් වර්ග පාවිච්චි කල රෝගියකු යන්නයි.

වෛද්‍ය නිරිඇල්ල මහතා උන්වහන්සේගේ මරණය බිළීබඳ පරීක්ෂන පවත්වා එය ස්වාභාවික මරණයක් බව ඔප්පු කළා. නමුත් අපේ රටේ චරිතයන් නොතිබූ පුද්ගලයින් උන්වහන්සේගේ අපවත්වීම විකුණමින් වීරයන් බවට පත්වුනා.

පාර්ලිමේන්තුවට වැඩම කොට අදටත් බයිලා ගසන චක්‍රවර්තිලා, රණවකලා, මං ගොන් පිලලා ඒ වෙනුවෙන් කළේ මොකක්ද. ඔවුන් කළේ ඔරුවක් බව දන්නා නිසා අදටත් මේ ප්‍රශ්නයේදී කැඳ බිව් ගොලුවන්සේ අදත් මේ පල් හොරුන් නිහඬයි.

කෙසේ හෝ රටට වැඩක් කළ හැකිව තිබූ හිමි නමක් අපට අහිම් උනා....

----------------------------------------------------------------------------------------------------

තෘෂ්ණා සපුරා ප්‍රහීන කිරීමට තවමත් අප වාසනාවන්තයෝ නොවෙමු, එහෙත් ඒ සිත්හි තබාගෙන බුද්ධිමත්ව කටයුතු කිරීමට සිත්හි තබා ගනිමු, ඒ සඳහා වීර්ය කරමු! ඒ අපට කළ හැක, මනුශ්‍ය ආත්මයෙන් make the maximum use!

ජය..

වැම්පයර්

8 comments:

  1. niwariadi kirimak `kadabiw goluwan`nemei `kasaya biw goluwan`

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. සාගර- ඒ මාතලන් අයියගේ අදහස! මම වෙනස් කළේ නැත!

    ReplyDelete
  4. මම හිතන්නේ ඒක මිනී මැරුමක්..... ඒත් ඒ ගැන කතා වක් වත් නැහ දැන්....

    අවසානයේ වටිනා හිමි නමක් අපිට අහිමි වීම පමනයි උනේ

    ReplyDelete
  5. පිස්සා ---
    ඔව්.. මගේ අදහසත් එම මයි.. ඒත් මගේ පොයින්ට් එක වුණේ වෙන එකක්! ස්තුතියි අදහසට

    ReplyDelete
  6. පිස්සා ---
    ඔව්.. මගේ අදහසත් එම මයි.. ඒත් මගේ පොයින්ට් එක වුණේ වෙන එකක්! ස්තුතියි අදහසට

    ReplyDelete
  7. දැන් එ දෙ වෙලා ඉවරයි. කො තවත් කෙනෙක්. අපි අපිට කරන්න කියපු දෙ කරමු.. මම පොස්ට් එකක් දැම්මා දෙවියන්ගෙන් පිහිටක් එපා මට කියලා. තව මෙ වගෙ බෞද්ධයින්ගෙ තියන දුර්වල් තැන ගන කතා කරමු. සොම හාමුදුරුවො අපෙන් ඇත් වෙලා ඉවරයි...

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails