Wednesday, June 16, 2010

කවුද? | Who is this?

 

 

මේ කතන්දරේ මට මතක් උනේ කලින් මම ලියපු කොහොද ඕයි තමුසේ ඉන්නේ කතන්දරේට කොමෙන්ට් එකක් දාන්න ගිහින්.. මේකත් සම්පුර්ණ සත්‍ය සිදුවීමක්, මම කලින් පොස්ට් වල මම කරන දේවල් හා මගේ සරසවිය ගැන කියල තිබුණනේ.

අපේ කැම්පස් එකේ හිටපු අය දන්නව ඇති, පාඩම් කරන්න තැන් කීපයක් තියනවා, අපාය, විමානය, බස් එක, ගොඩ උඩ,  හා එල් එක තමා මේන් තැන් ටික. සෙට් එකේ හිටියා "නුවා" කියලා එකෙක්. නුවා සාමාන්‍යයෙන් විමානයේ ටිකක් රෑ වෙනකම් පාඩම් කරලා දෙගොඩහරි ජාමෙ තමා ඉතින් බෝඩිමට යාත්‍රා කරන්නේ.

විභාග කාලෙ ඉතින් රෑ 12 පැනලා තමා එන්නේ.

බෝඩිමෙත් පාඩම් කරන සෙට් එකක් හිටියා,  එහෙම කිවුවට ඉතින් වැඩිපුරම කළේ කයිය ගහන එක තමයි. ඔයින් එකෙක් තමා "ආරි".

අද චුටි කතාවෙ ප්‍රධාන චරිත දෙක තමා ඔය.

නුවා රෑ දෙගොඩහරි ජාමෙ ඉතින් ඇවිත් කට්ටියගෙ නින්ද කඩනවා, ඒක නිසා කට්ටිය මේකට පිළියමක් විදියට නුවාගෙ කාමරේ ජනේලයක් ඇරලා තිබුණා, ඒ කාමරේ තමා අපේ අනිත් චරිතේ නිදාගන්නේ.

එක දවසක් රෑ නුවා එනකොට ආරි නිදි. නුවා ජනේලෙන් බාගයක් ඇඟ ඇතුලට දැම්මා විතරයි ආරි නිදිමතේම ඔලුව පොඩ්ඩක් උස්සලා ඇහුවලු..,

"කවුද  .......? හොරෙක්ද ........? "

මේ ආරංචිය පහුවදා අපේ ප්‍රධාන සිරස්තලය බවට පත් වුණා.. ඊට පස්සේ ආරි මොකක් ඇහුවත් (උදා. "අර යන එකා කවුද බන්?") ,.....අපේ අය "කවුද  බන්......? හොරෙක්ද ........? " කියලා අහන්න අමතක කලේ නෑ ආරි ගෙන්..

ජය..

වැම්පයර්

7 comments:

  1. ඉල්ලන් කනවා කියන්නේ ඕවාට තමා :) :) :)

    ReplyDelete
  2. කව්ද.......? හොරෙක්ද...........?

    ReplyDelete
  3. පිස්සු ආතල් පොරවල් නෙ

    ReplyDelete
  4. ඒ දවස් වල ඉතින් හොරකම් කරන්න තරම් දෙයක් අපි ලග නැහැනෙ වැම්පයර්... අනික ඒ දවස් වල අපි ලග තිබ්බ දේ හොරුන්ට ගන්නත් බැහැ...තිබෙන තැනක සොර සතුරන් ගත නොහෙනා උගත මනා ශිල්පය නේ ඒ දවස් වල අපි ලග තිබ්බෙ නේද.... ඉතින් අපි හොරෙුන්ට බය නැහැ ඒ දවස් වල.... ඒකයි එහෙම අහන්න ඇත්තෙ.....

    පලි අනේ මම අද දැක්කෙ මේ බ්ලොග් එක.. ගොඩාක් පරක්කු වෙලයි දැක්කෙ... කියවන්න ගොඩක් දේ තියෙනව... ඔන්න මම පලෝවර්ස්ලටත් එකතු වුනා... දැන් ඉතින් දිගටම එන්නම් බලන්න....යාලුවන්ටත් කියන්නම් මේ ගැන.

    වෑම්පයර්ස් ල සහ ඩ්‍රැකූ ගැනත් ලියන්න...

    මම
    සොඳුරු සිත
    වත්සලා...

    ReplyDelete
  5. @හසිත, ඉසිබුවා,පිස්සා : බොහොම ස්තුතියි අදහස් වලට!

    @ වත්සලා
    බොහොම ස්තුතියී මේ පැත්තෙ ඇවිත් ගියාට, ඔව් හැබෑට, අපේ ලඟ මුකුත් තිබුණේ නෑ !
    මගේ ගූ රීඩර් එකෙන් මම හැමදාම සොඳුරු සිත බලනවා!

    ඒත් දෙයියනේ හොරෙක් ගෙන් අහනවද ඔයා හොරෙක්ද කියලා!

    ජය!

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails