Saturday, June 12, 2010

යදමින් බැඳ විලංගු ලා මගේ පුතා ‍රැගෙනයන් | Yadamin Banda Vilangula Mage Putha Ragenayan

 

 

යදමින් බැඳ විලංගු ලා මගේ පුතා ‍රැගෙනයන්

මේ ගීතය රචනා කළේ මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්තයා, සංගීතය නැසීගිය සරත් දසනායක මහතාගෙන්. අසූ ගණන් වල විප්ලවීය කාලෙ නන්දා මාලිනිය ඇගේ මියුරු හඩින් ගීත කීපයකින් වැඩේට සම්මාදම් උණා, මේ නිසා එතුමියගේ ගීත තහනමට පවා ලක්වූවා, සුනිල් ආරියරත්න මහත්තයගේ පන්හිඳ බොහොම දරුණු විදියට පවත්නා ක්‍රමය විවේචනය කරමින් තිබුණා.

මෙය දඟගෙයි මළ තම එකම පුතණුවන්ගේ මරණයෙන් නැගෙන මවකගේ ශෝකාලාපයත්, හා නිර්දය ලෙස පවත්නා සමාජ ක්‍රමය විවේචනයක් එකට ගොනු කළ ඉතා විශිෂ්ඨ නිර්මාණයක්..

ඉතා ප්‍රබල පද මාලාවක්! 

යදමින් බැඳ විලංගුලා මගේ පුතා ‍රැගෙනයන්
ඉඳි  ක‍ටු ඇණ ඇඟිලි තලා දෙතිස් වධය පමුණුවන්
අලුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරද නම්
කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන්

කකා බිබී නටන අතර නරුම යහලු යෙහෙලියන්
පන්දු කෙළින අතර ඉහල පාසල් වල අමනයන්
රට ගිනිගෙන ඇතිවග දු‍ටු මගේ එකම පුතණුවන්
එගිනි නිවන මග සෙවීම වරදක් දැයි මට කියන්

යදමින් බැඳ විලංගුලා මගේ පුතා ‍රැගෙනයන්
ඉඳි ක‍ටු ඇණ ඇඟිලි තලා දෙතිස් වධය පමුණුවන්
අලුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරද නම්
කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන්

ගිනිගන්නා රටක කෙළින මී හරකුන් වැනි පුතුන්
කුමටද මට මහ විරුවෙකි සිරගෙයි මළ මගෙ පුතුන්
කෝටි ගණන් බිහි වේවා මගෙ පුතු වැනි තව පුතුන්
කිරි මව් ලෙස මම ඉන්නම් එවන් පුතුන් ළඟ උතුම්

යදමින් බැඳ විලංගුලා මගේ පුතා ‍රැගෙනයන්
ඉඳි ක‍ටු ඇණ ඇඟිලි තලා දෙතිස් වධය පමුණුවන්
අලුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරද නම්
කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන්

ඇල්බමය- පවන - නන්දා මාලිනී
පද- මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය- සරත් දසනායක

මෙතනින් අහන්න
මෙතනින් බාන්න

Related Links

පරණ ඒවා අහනවනම් මෙතනින් යන්න

http://en.wikipedia.org/wiki/Nanda_Malini

 

ජය..

වැම්පයර්

9 comments:

  1. දැන් පවතින අසාධාරන ගැන, විකාර ක්‍රමය ගැන ගීත ලියන්නේ,ගයන්නේ නැත්තේ....?
    සිරි ලංකාව එයාලා ප්‍රාර්ථනා කරපු තත්වෙට ඇවිල්ලද..?
    නිර්මාණ ශක්තියේ පිරිහීමක්ද...?
    පාළකයෝ යාලුවො හින්දද...?
    තමන්ගේ පංතිය බලයට පැමීනීමද...?
    නිර්මාණ ගැන ප්‍රශ්නයක් නොමැත.. නමුත් කුහක මිනිසුන් බව නොකියාම බැරිය...

    ReplyDelete
    Replies
    1. mathalan nubatama liwuu geethayak.. nidahas adyapanaya wenuwen diwi piduu obata apage upahaaraya. mathalan obata niwan suwa.

      Kelaniya vishwavidyala soyuru kela.

      Delete
  2. මාතලන් අයියා.. හැමදාම වගේ බොහෝ තන්හි ඔබ සමග එකඟයි.. ඒත් මෙහෙම දේකුත් තියනවා.. හිතපන් නිකන් අද ඔය වගේ කික් සින්දුවක් ලිවුවොත් ඒකට ගෑවිච්ච උන්ගේ හත්මුතු පරම්පරාවටම යන කල දසාව මොකක්ද කියලා? ඉස්සර නම් තහනම් කරලා නැවැත්තුවා, ඒත් අද?

    මම මේ කියන්නේ ආණ්ඩුවට වත් වෙන මොනවහරි දේශපාලන කණ්ඩායමකටවත් වදින්න නෙවයි, එහෙම හිතන්නත් එපා, ඒත් අද කවුරුන් හෝ රට ඒ තැනට ගෙනල්ලා..

    නිර්මාණකරුවන් තාම ඉන්නවා, ඒත් ගොමරිටි තමා උඩ පාවෙන්නේ!


    හැමදාම වගේ මේ පැත්තෙ ඇවිත් ගියාට ස්තුතියි. අදහස වටිනවා..

    ReplyDelete
  3. එදා UNP ආණ්ඩුව මේ ගීත තහනම් කිරීමෙන් නැවතුණේ නැත. ජීවිත බේරා ගැනීම සඳහා නන්දා මාලිනියටත් සුනිල් ආරියරත්නයන්ටත් ඉන්දියාවට පලා යාමට සිදු විය.

    ReplyDelete
  4. නිර්මාණ ශක්තිය එසේම ඇත.නමුත් කවුරු කවුරුත් තමන්ගේ ජීවිතයට ආදරේය!!

    ReplyDelete
  5. පාලන ක්‍රමයට විරුද්ද්ව නම් ගීත කියවෙන එකක් නැහ.... ඒත් පාලකයන් ගැන වර්නනා කරල නම් ගීත එලියට එනවා... මම ඊයෙ පෙරෙදත් අහගෙන සිටි ෆ්ම් එකේ යනවා රජ පවුල ගැන අලුත් ගීතයක්

    ReplyDelete
  6. පාලන ක්‍රමයට විරුද්ද්ව නම් ගීත කියවෙන එකක් නැහ.... ඒත් පාලකයන් ගැන වර්නනා කරල නම් ගීත එලියට එනවා... මම ඊයෙ පෙරෙදත් අහගෙන සිටි ෆ්ම් එකේ යනවා රජ පවුල ගැන අලුත් ගීතයක්

    ReplyDelete
  7. මම -
    මගේ අදහස මේකයි. එදා කට්ටිය පළා ගියා.. ඒක ඇත්ත.. ඒත් අද... පලා යන්නවුන්ට කිසිසේත්ම ඉඩක් නෑ.. පලා යන්න ඉඩ තියෙන්නේ ජීවිතයෙන් පමණයි...


    බ්ලොග් ගඩොල්-
    ඇත්තටම මම මතුකරපු පොයින්ට් එකත් ඒකයි..


    පිස්සා -
    මට නම් දැන් ඕවා ඇහෙන්නේ නෑ...අනේ වාසනාවන්...


    ස්තුතියි කට්ටියටම!

    ReplyDelete
  8. i would like to know more about the incident that based on this song.pls post more about this song...

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails