Friday, July 9, 2010

කබර කතා 3 |ඔන්න ඕක කොහොමහරි කාපන් බන් | Kabara Katha 3

මේක ටිකක් චීයා කතාවක් කියලත් ඉතින් කියන්න පුලුවන්, කබර කතා ඉතින් චීයානේ කොහොමත්.

ඊයේ දාපු සන්ෆ්ලවර් සමග සජිත් ප්‍රේමදාස මන්ත්‍රීතුමාගෙ සින්දුවට සෑහෙන ප්‍රතිචාර! සමහර ඒව මම ඩිලීට් කළත් එක්ක, මොකද මේක පොලිටිකල් බ්ලොගයක් කිරීමේ අදහසක් මගේ නැති නිසා. ලංකාවෙ පොලිටික්ස් ගැන කතා කරනවට වඩා හොඳයි මෙන්න මේ කතාවෙ තියන එක කරන එක!

කොහොම උනත් මන්ත්‍රී තුමාගෙ හැකියාව අගය කළ යුතුයි. කතා දෙකක් නෑ. 

පිස්සත් ලිවුවනෙව එල කිරි කබර කතාවක්.

ඔන්න මෙහෙමයි වැඩේ.

අපි කැම්පස් එකේ සෙකන්ඩ් ඉයර් කාලෙදි ඉතින් කට්ටිය ටිකක් ලොකු අය වෙලා නෙ ඉන්නෙ. සම්ප්‍රදායක් විදියට පලමු වසර සිසුන්ට දෙනව නයිට් එකක් කියල එකක්,  ඒකෙ තමයි ඉතින් කට්ටිය ජෝඩු වෙන්නෙ, ඕව මේව වෙන්නෙ, අයියල නංගිලගෙන් අහන්නෙ, ම්ම් තව කට්ටිය බව්තීස්ම වෙන්නෙ. මේව මතක් වෙනකොට නයිට් කතා කියලත් දාන්න පුලුවන් සීරිස් එකක්. බලමුකො.

මේ දවස් වල මට නාහෙටත් උඩින් වැඩ. උස්ම ගන්නෙත් උඩ පැන පැන!

මුල් කබර කතා වලට මේ ලින්ක්ස් වලින් යන්න

කබර කතා 01
කබර කතා 02 - තලගොයි කතාව

ඔන්න එදා පතල් කාරයොන්ගෙ නයිට් එකක්. පතල් කාරයො කියන්නෙ අර්ත් රිසෝස් ඉන්ජිනියරින් කරන අපේ ගොයියලට.  ඉතින් අපේ සෙට් එක පතල් රෙපා ගෙන් බෝතල් දෙකක් ඉල්ලල තිබුනෙ.

රෙපත් ඉතින් ඇරියෙ නෑ ඕං, දුන්න දෙයියන්ට ගහන එකෙනුයි, බල්ලන්ට ගහන එකෙනුයි එක බැගින්, බෝනස් එක ලෙස රජ මුසුවකුත්!

බෝතල් නිකන් නිසා කලු අයියගෙ කඩෙන් කොත්තු ගෙනාවෙ නෑ, ගියා ක‍ටුබැද්දෙ හන්දියෙ මල්ලිකා එකට, දන්නවනෙ කට්ටිය, ගාලු පාරෙ තියෙන්නෙ.

ඔන්න ඉතින් කොත්තුත් අරගෙන වැඩේට සෙට් උනාය කියමුකො.

ම්ම්, එදා දහයක් විතර හිටිය, බයිටො සමග.

දන්නවනෙ ඉතින් අවසානය, හින්දි ‍ෆිල්ම් එකක් වගේ තමා, හැමදාම එකම විදියෙ අවසානයක් තමා තියෙන්නෙ.

මල්ලිකා එකෙන් ගෙනාපු නිසා කොත්තු ලොකුයි, නයිට් එකේ ඩිනර් එකත් කාපු නිසා ලොකු බඩගින්නකුත් නෑ. ඔයින් මෙයින් කොත්තු හතරක් විතර එහෙමම.
පහුවදාට කන්නත් බැරි නිසා අමාරුවෙන් බඩට රිංගවනවා. කට්ටියත් කියනවා අමාරුවෙන් හරි කමු කමු කියල.

(මේ සිද්ධිය වුනේ, නිව් එකේ බේස්මන්ට් ෆ්ලෝ එකේ එතන ඉස්සර පු‍ටු දාල මේසයක් කාරිය තියල තිබුනෙ, ඔතන වෙච්ච තව සිද්ධි ගොඩක් තියනව, අපේ එකෙක් ජාත්‍යාලය උත්සන්නව තලගොයා ගැහුව වගේ මහ පොළොව සිප ගැනීමට ගොස් ඉස්සරහ දතකින් බාගෙකින් වන්දි ගෙවුවා. ඒ කතා පසුවට)

ඔන්න ඔය අතරෙ "බ්‍රෝක් බ්‍රෝක්, ඔම් නම් නම් " ගාල සද්දයක් ආවා, බැලින්නම් අපේ එකෙක් මික්ස් එක ආයෙ බඩෙන් එලියට අදිනවා.

ඒ අස්සෙ ඔන්න මගේ ළඟ හිටපු රණය කියපි,

“මරු කබරය ටික, ඔන්න ඕක කොහොමහරි කාපන් බන්, අපරාදෙනෙ!”

කට්ටියට හිතාගත්තැකිද මොකෝ උනේ කියලා?

අපිටත් නිකන් හොල්මන්ද පොල්කොල! බැලින්නම් මූ වෙරිමතේ කොත්තුවයි, කබරයයි මාරු කරගෙන.

ඊට පස්සෙ කොත්තු ගෙනාවත් මොකෙක් හරි කබරය දැම්මත්, කට්ටිය රණය හොඳටම මතක් කරනවා!

පාරිභාෂික ශබ්ද මාලාව

  1. දෙයියන්ට ගහන්නෙ-  පොල්
  2. බල්ලන්ට ගහන්නෙ- ගල්
  3. රජ මුසුව- අලියා සෝඩා

10 comments:

  1. හෆොයි........ඔක දැක්කම මට තව කතාවක් මතක් වුනා...ඒත් ඔය වාගෙම නයිට් එකක් තිබ්බ දවසක..පොරවල් දෙකක් රිවට් වෙන්නම ගහල බත් පිඟන් දෙකකුත් අරන් ඉතුරු අර්ධයත් අරන් ගියාලු එලියට....එකෙක් ගල් බංකුව උඩ තියාන කනවා අනිකා බිම ඉඳන් කනවා....බිම ඉන්න එකා බත් කටක් කනවා අයෙත් බංකුවට ගොඩවෙලා ශොට් එකක් ගන්නවා මාරුවෙන් මාරුවට.....ඔය අතරේ බල්ලෙක් ඇවිත් මුගෙ බිම තියෙන බත් එකෙන් කනවලු.....මූ ආයෙ යනකොට බල්ල පැත්තකට වෙනවලු.....බංකුව උඩ එකා දැක්කට මොකො සිහියක් තියෙන එකක් කියලැයි...බත් එක ඉවර වෙනකන්ම වැඩේ නියමෙට කෙරිල........කොහොමෙන් කොහොම හරි පහුවෙනිදා තමා වැඩේ දැන ගෙන තියෙන්නේ.....අපරාදේ කියන්න බෑ...කොල්ලයි බල්ලයි දෙන්නම තාම ශොක් පහට ඉන්නව.....කොහොමටත් ටිකක් කටේ ගාගත්තාම වැඩි වෙනසක් නෑ නෙව.......

    ReplyDelete
  2. ඕ..ඕ . . . ඕ ඕඕඕඕඕඕ ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක් . . . . . . . . !

    ReplyDelete
  3. අපොපොපොපොපොපොපොප්යි .............. :P

    ReplyDelete
  4. හපොයි මේක නම් ඊයා ඊයා කබර කතාවක් ම තමා...

    උබ අර දෙය්යනටයි බල්ලන්ටයි සීන් එක දාපු එක හොඳයි. අඟට එනකම් කල්පනා කරා මේ මොනාද කියලා හික් හික්...

    ReplyDelete
  5. ශැඩෝ- හපොයි, ඒක චීයම චීය කතාවක් නේ
    දුමී- මොකද අයියා, වැඩිද?
    හිඟන්නා- උඹ බබා.. හික් හික්..
    පිස්සා- හ හා, ඒක තමයි බන් දැම්මෙ

    කට්ටියටම ස්තුතියි.. නැවතත් පැණි බේරෙන රස වෑහෙන කබර කතාවක් සමගින් හමුවෙමු...


    ජය!

    ReplyDelete
  6. මරු වචන ටිකක් අහුවුනා(දෙයියන්ට ගහන ඒවා....). කතාවත් එල.

    ReplyDelete
  7. කබර කතා මේවා බලලා මල්ලිලා බොන එක නතර කරානම් හොදා..........

    ReplyDelete
  8. ඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊයායායා...
    කබර කතාවක්ම තමයි මේක නම්..

    ReplyDelete
  9. උඹ දැන් කබර කතා කියලා බ්ලොග් එකත් කබර ටයිප් වෙයි මචෝ....
    ඉක්මනට වෙන දෙයක් ගැන ලියමු...

    ReplyDelete
  10. ප්‍රියන්ත- ස්තුතියි.
    ඉලංදාරියා- ඔන්න අපි නම් දැන් සියලු වැඩ අත හැර ඉන්නේ!
    හිතුවක්කාරි- :)
    හෙළයා- ඒකතමයි බන්, කබර කතායි නෝටි කතායි නේ ඔලුවට එන්නෙ. මේ දවස් වල හෙනට වැඩ බන්. ස්තුතියි ප්‍රතිචාරයට!

    ජය!

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails