Friday, July 23, 2010

බුදුහාමුදුරුවො වැඩියා වාගෙයි | Buduhamuduruwo by Sanath Nandasiri

noose_adj

ලියන්න කියල දෙයක් නැතිව බයිසිකල් හැඬල් එකක් ගිලල වගේ ආතබූත වෙලා ඉන්නකොට වින්ඈම්පයේ මේ සින්දුව ගියා. හිතුව කට්ටිය එක්ක බෙදාගන්න. අපි හැමෝම සනත් නන්දසිරි මහත්තයව දන්නෙ ගායකයෙක් විදියට. එහෙම නැත්නම් සංගීත අධ්‍යක්ශකයෙක්, තනු නිර්මාණකරුවෙක් විදියට. මේ එතුම අතින් ලියවෙච්ච පදමාලාවක්.. සංගීතය ගැන ඉතින් වෙනම කියන්න දෙයක් නෑ නෙ.  මල්කාන්ති නන්දසිරි මහත්මිය යුග ගායනයෙන් දායක වෙනවා.

sanma
සිපිරි ගෙදර, බොහෝ ජනප්‍රිය ගීත ‍රැසකට වස්තු බීජ සැපැයූ මාතෘකාවක්, මේ වෙලාවෙ මගේ ඔලුවට එනව සුනිල් එදිරිසිංහ මහත්තයගෙ මල්ලියෙ නරක මිතුරන් පිලිගන්න එපා කියන ගීතයත්. මට අපේ තිස්ස අයිය වගේ ලස්සන විචාර දෙන්න නම් බෑ, ඒත් මට මේව අද කාලෙ නිකන් ලපයි සිපයි කියන "බෝගම්බර... හිරගෙදර....." වගේ දෙකේ කොල එක්ක සංසන්දනය කරන්න බෑ කියන එක නම් තේරෙනව.

වෑලා සහෝදරය එක දවසක් කිවුව වගේ මේ තාලෙ ගීත වලට (ශබ්ද හා අර්ථ රසය යන දෙකමැ සමව මුහුවුණ) පෙම් බඳින අන්තිම පරම්පරාව අපි වෙයිද කියලත් මට හිතෙනවා. ඒත් අමරදේව මහත්තය කියනව වගේ "කළ හොඳ පමණයි මෙලොව ‍රැ‍ඳෙන්නේ" කියන යථාර්තය තේරුම්ගනිපු තරුණ කලාකරුවො කීපදෙනෙකුත් අපිට ඉන්න බව මම දන්නවා.

මේ ගීතය අහන හැම වෙලාවකම නිකන් ඒ මමම ද, මටත් මෙහෙම වෙයිද,  කියල හිතෙනවා මට. මම හිරගෙදරක ඉන්න නිසා නෙවෙයි :) බොහොම දරුණු භාවමය හැඟීම් ජනිත කිරීමට මේක සමත්වෙනවා. මම දරුණු කියන වචනය පාවිච්චිකලේ ඒක ඇත්තටම දරුණු නිසයි. නියම සින්දු කියන්නෙ ඒවට. එක දවසක් සුපර් ස්ටාර් වැඩසටහනකද කොහෙද ආපු ගායිකාවක් (චන්ද්‍රිකා සිරිවර්ධන මට මතක විදියට) කිවුවා මතකයි "ඒ කාලෙ කම්පන, මිල්ටන් ලගෙ ප්‍රසංග බලන්න මිනිස්සු ශාලා වල දොරවල් කඩාගෙන ඇතුලට ආවෙ එයාල වේදිකාව උඩ කරන නැ‍ටුම බලන්න නෙවෙයි" වගේ කතාවක්. ඒ කතාව ඇත්ත. මගේ බොහොම පරණ මිත්‍රයෙක් මේ සිද්ධියට මුහුණදීල තියෙනව කපුගේ ගෙ කැකිරාවෙ තිබුණ කම්පන ප්‍රසංගයකදි. අන්න එහෙමයි නියම කලාකරුවන්ගෙ නියම සින්දු වලට මිනිස්සු දක්වපු නියම කැමැත්ත. දැන් කට්ටිය හිතාන ඉන්නෙ පොඩ්ඩක් පේන්න ඇඳගෙන ඇවිත් හරි අමුතු නැ‍ටුමක් දාල හරි සින්දුවේ තියෙන කැත වහගන්න. 

ඒකෙන් කමක් නෑ.

මෙතනින් අහන ගමන් පහලින් කියවන්න

බුදුහාමුදුරුවො වැඩියා වාගෙයි පින්බර සුවාමිනේ
දුක හිතිලද හිරගෙදරට වැඩියේ මාගේ මරණ දිනේ
මගෙ අම්මාවත් දොර‍ටුව අද්දර හිටියද කියනු මැනේ
මා ගෙල ලූ බව ඇයට කියනවද බුදුබව ලැබෙයි අනේ

අනේ සුවාමිනි මා ගෙළ ලන්නට ඉඩ නම් දෙන්න එපා
ගෙල වැලලූවොත් මගෙ මළකඳ අම්මට පෙන්නන්න එපා
ඇතිදා ළඟ උන් මිතුරන් මතු සසරෙදි හමුවන්න එපා
නැතිදා ළඟ උන් බුදු අම්මේ උඹ දුක් ගිනි ගන්න එපා

බුදුහාමුදුරුවො වැඩියා වාගෙයි පින්බර සුවාමිනේ
දුක හිතිලද හිරගෙදරට වැඩියේ මාගේ මරණ දිනේ

නොදැන කෙරූවත් වරද වරදමයි නැත කිසිදිනෙක සමා
මරණයෙ දොරකඩ සිට ඔබ පායුග වැඳ සමුගනිමි මෙමා
කෙළිලොල් කම් කෙළි මා සතු දිවිමග දැන් දැන් වේවි නිමා
මරණ බයක් නෑ අම්මා සිහිවෙයි

බුදුහාමුදුරුවො වැඩියා වාගෙයි පින්බර සුවාමිනේ
දුක හිතිලයි මා හිරගෙට ආවේ පුතුගේ මරණ දිනේ
දුදනන් ඇසුරින් පරපණ නැසුවත් නුඹ මගෙ පුතුය අනේ
මතු උපදිනදා මගෙම පුතුවෙයන් හොඳ මිනිසෙකු ලෙසිනේ

මේකෙ නිකන් මොනව ලියවුනාද මන්ද. පෝස්ට් කරන්නෙ නැතුව ඩ්‍රාෆ්ට් වෙලා තිබුන දවස් ගානක් ලයිව් රයිටරේ. ඔන්න ඔහෙ ඇරල දැම්ම.

ම්ම්.. මේක ලියද්දි මරේ මරු කතාවක් මතක් උනා.. ඒක ඊළඟට ! :)

20 comments:

  1. මේක සනත් නන්දසිරි කලාකරැවාණන්ම ලියපු ගීතයක්ද ?. නියමයිනේ...


    ශබ්ද රසය හා රෑප රසය ගැන කතා කලොත් ඒකෙ කතා කරන්න ගොඩක් දේවල් තියනවා මචං. මම නම් පෞද්ගලිකව විශ්වාස කරනවා තාමත් ඔරියන්ටල් මියුසික් වලට ලංකාවේ තාම හොඳ තැනක් තියනවා. ඒත් මේකයි. එතන්ට වැඩ කරන කලාකරැවෝ බොහොම අඩුයි. ඒක නිසා සල්ලි දීලා, මාධ්‍යයෙන් පිම්බිලා ඉන්නේ පවුඩර් වීරයෝ. බැලුම් පුම්බනවා වගේ ස්ටාර්ස්ලා කියලා පුම්බලා තරැණ තරැණියන්ට ටොපිය දෙන එකත් මාධ්‍යයේ වැරැද්ද,
    මං පොඩි උදාහරණයක් කියන්නම්, ( සිරස කරන දේවල් මං අගය කරන්නේ නෑ ) පහුගිය කාලේ සිරස fm කරගෙන ගිය " මියැසි තටාකය "...ඉතාම හොඳ වැඩසටහනක්. හැම ශෝ එකක්ම ෆුල් තිබුණා, මිනිස්සු පොරකකා බලාගෙන හිටියේ මියැසි තටාකය ඒ පැතිවලට එනකම්. විශේෂයෙන්, කොල්ලෝ, කෙල්ලෝ......


    පෝල් එකක් දාලා බලමු " ඉරාජ්ගේ ෂෝ එකකුයි, කසුන්ගේ ෂෝ එකකුයි එකම වෙලාවේ තිබුණොත් කාගේ ෂෝ එක බලන්නද යන්නේ කියලා ". කසුන් දිනනවා...මං උදාහරණයක් විතරයි ගත්තේ.
    එකම දේ හරියට වැඩක් කරන්න වේදිකාව හැදිලා තියනවද.

    අනිත් අතට අපේ ප්‍රවීණ ගායක ගායිකාවනුත් වැරදියි. අලුත් නිර්මාණ නොකර දැන් එයාලගෙත් වැඩේ වැඩසටහන් විනිශ්චයට යන එකයි, බැන බැන ඉන්න එකයිනේ. මේ වගේ සිදුවීම් ගොඩක් තියනවා කතාකරන්න. සිස්ටම් එකම වෙනස් වෙන්න ඕනෙ..

    ReplyDelete
  2. උඹත් අපේ කාලේ කැම්පස් එකේ හිටිය එකෙක් නම් සරසවි ගී සිසිළට සනත් මහතා සමඟ මල්කාන්ති මහත්මිය ආපු එක මතක ඇති. එදා ඔය සින්දුව ගැන විස්තරය කියලා සින්දුව කිව්වෙ. ඇත්තටම එදා තමයි මම ඉස්සෙල්ලාම ඔය සින්දුව ඇහුවේ. ඊට කලින් ඇහිලා ඇති. නමුත් අහල නෑ. හදවත කඩාගෙන යන සින්දුවක්. උඹට වගේම මටත් මහම අමුතු හැඟීමක් එනව බං.
    මචං ඕකෙ අන්තිමට තියනවා එක පාරටම ගායනය නතරවෙන තැනක්. ඒත් අපේ හිතින් ගායනය ඉල්ලනවා. නමුත් වාදනය විතරයි යන්නේ. අර "මරණ බයක් නෑ අම්මා සිහිවෙයි" කියන තැන. එතන තමයි මේ සින්දුවේ දරුනුම තැන. මට නිකන් මගේ පපුවට අනිනවා වගේ. මූව එල්ලන්නේ පොර කියන දේ වත් කියල ඉවර කරන්න දෙන්නේ නැතිවනේ. පද රචනය හා සංගීතයත් ඒ කියන්නේ අතිම විශිෂ්ඨයි. පුළුවන්නම් ඒකත් හොයාගෙන දාපන්.

    ReplyDelete
  3. පුළුවන්නම් පසුබිම් කතාවත් දාපන්. එකත් වටිනවා.

    ReplyDelete
  4. මම කැමතිම ගීයක්... පෝය දවසක මුලින්ම ඇහුවෙ ඕක... ඊට පස්සෙ හොයා ගෙන ඇහුවා... මේ දවස් වල අහන සෙට් එකේත් තියෙන ගීයක් මම...

    ඔය වගේ සින්දු දැන් එන්නෙ නැහ බන්... දැන් ඉන්න උන් කියන්නේ... " ගේමක් දීල වැලිකඩ ඉදන් " බහින සීන් ගැන...

    ඇත්තටම ඇයි මේ දැන් එක්කෙට ඔහොම වැඩක් කරන්න බැරි... රැල්ලට යනවා..


    රොමේශ් - ලක්ශාන්... කසුන් ඇරුනම මට මතක් වෙන්නෙ නැහ නමක් ලගදි ආපු...

    ReplyDelete
  5. මම කැමතිම ගීයක්... පෝය දවසක මුලින්ම ඇහුවෙ ඕක... ඊට පස්සෙ හොයා ගෙන ඇහුවා... මේ දවස් වල අහන සෙට් එකේත් තියෙන ගීයක් මම...

    ඔය වගේ සින්දු දැන් එන්නෙ නැහ බන්... දැන් ඉන්න උන් කියන්නේ... " ගේමක් දීල වැලිකඩ ඉදන් " බහින සීන් ගැන...

    ඇත්තටම ඇයි මේ දැන් එක්කෙට ඔහොම වැඩක් කරන්න බැරි... රැල්ලට යනවා..


    රොමේශ් - ලක්ශාන්... කසුන් ඇරුනම මට මතක් වෙන්නෙ නැහ නමක් ලගදි ආපු...

    ReplyDelete
  6. ශබ්දරසය හා අර්ථරසය යන ගුණාංග දෙකින්ම මනාව පිරිපුන් ගීයක්...බොහොමත්ම ස්තුතියි බෙදා හදා ගත්තට.......

    ReplyDelete
  7. @පිස්සා පලාමල්ල

    ඇයි මචං, තව අලුත් අය ගත්තොත් නදීක ගුරැගේ, නදීක ජයවර්ධන, අමල් පෙරේරා, දිනේෂ් සුබසිංහ....

    ReplyDelete
  8. හෙළයා- මේ පෝස්ට් එක අංගසම්පූර්ණ කරන්න ඔබෙන් ලැබුන දායකත්වය අගේ කොට සලකනවා. කොමෙන්ට් මොඩරේට් කිරීම සම්බන්ධයෙන් කමන්න. මොකෙක් හරි හොක්කි බල්ලෙක් උඩුබුරලනවා ඒකයි, මොනව කරන්නද?

    කාංචන- හරියටම පසුබිම මතක නෑ. ඒත් සත්‍ය සිද්ධියක් මචන්.

    පිස්සා- ඒවා ගැන කවර කතාද බොලේ.. වැඩක් නෑ. කලකිරෙනවා.

    ශැඩෝ- ස්තුතියි.

    හෙළයගෙ ලිස්ට් එකට මෙන්න මගෙනුත්..

    නෙලූ අධිකාරී, රූකාන්ත ගුණතිලක, ක්‍රිශාන්ත එරන්දක, ජානක වික්‍රමසිංහ ම්ම්.. එච්චරයි දැනට

    ReplyDelete
  9. ස්තුතියි මචෝ ......

    ReplyDelete
  10. ඔව්... නදීක ජයවර්දන ගෙත් ගීත හොඳයි... අමල් ගෙ නම් මම මල් පිට මල් විතරයි අහල තියෙන්නේ.... අනික් දෙදෙනා ගෙ ගීත අසා නැත... හොයාගන්න ඕනි...


    රූකාන්ත කියන්නේ අලුත් ගායකයෙක් නෙමෙයි නෙ මචන්... එදා ඉදන් ෆීල්ඩ් එකේ හිටිය ඔහුටම ආවෙනික හැකියාවක් තියෙන දක්ශයෙක්. කොහෙද අපේ උන් ඒ මනුස්සයවත් රටෙන් එලව ගත්තනේ.

    ReplyDelete
  11. වැප්- ස්තුතියි මේ පැත්තෙ ආවට..අර රාවණා සීන් එක නම් එළ!


    හෙළයා- උඹ නියම බුලට් ටිකක් මට හඳුන්වල දුන්නෙ. නොහොම ස්තුතියි ආයෙත්..

    ReplyDelete
  12. පිස්සා පලාමල්ල - ඕව් මචන්... මම කිවුවෙ මේ ළඟදි ඇල්බම් රිලීස් කරපු අයගෙන්, රූකාන්ත ගැන වෙනම පෝස්ට් එකක් දාන්න තරම් දේවල් තියනවා. අමල් ගෙ ඇල්බම් එක හොඳයි, හෙමින් දුරක් යන පාරක් පේන්න තියෙන්නෙ.

    මල් පිට මල් ඇල්බම් එක http://www.mediafire.com/?n5mrj4tntzm
    ලස්සනයි ආදරේ ඇල්බම් එක http://www.mediafire.com/?2mz1jzj0glh

    ReplyDelete
  13. බොහොම ස්තුතියි මචන්....

    ReplyDelete
  14. මේක නම් මම ආසම ගීතයක්.
    වටිනා ලිපියක් සහෝ..

    ReplyDelete
  15. ගිය අවුරුද්දෙ සිංගප්පූරුවෙ තිබුණ ප්‍රසංගයකදි මහාචාර්යය සංගීත් නිපුන් සනත් නන්දසිරි ශූරීන් මේ ගීතයත්, "එදා මෙදා තුර" ගීතයත් ඇතුළු ගීත කීපයකම පසුබිම් කතාව කිව්ව. "එදා මෙදා තුර" ගීතයෙ පසුබිම් කතාව මම මගෙ බ්ලොග් එකේ දැම්ම.

    මගෙ මතකය නිවැරදිනම් ඔය ගීතයෙ කියැවෙන විදිහට ඉස්සර මිනිහෙක්ව එල්ලන්න කළින් තමුන්ගෙ ආගමානුකූලව ධර්ම දේශනයක් තියෙනවලු. ඔහොම එල්ලන්න නියම වෙච්ච තරුණයෙක් මුණ ගැහිල බණ කියන්න වැඩිය හාමුදුරුනමකට ඒ තරුණය තමුන්ගෙ ජීවිත කතාව කියල තියෙනව; නරක යාළුවො නිසා තමුන්ට මේ දේ වෙච්ච වග. ඒ වගේම තරුණය කියල තියෙනව "හාමුදුරුවනේ පුළුවන්නම් එල්ලන්න කළින් මට මගෙ අම්මව මුණ ගැහෙන්න සලස්වල දෙන්න" කියල. කොහොම හරි හාමුදුරුවො අපහු වඩිනකොට හිර ගෙදර දොරටුව ළඟ අඬ අඬ වයසක අම්ම කෙනෙක් ඉන්නවලු.

    මෙහෙම ඒ හිර ගෙදරය වැඩිය හාමුදුරුවො සනත් නන්දසිරි ශූරීන්ට මේ කතාව කියල තියෙනව. (මතක විදිහටනම් බණකදි)

    ඔන්න ඔහොම තමයි මේ ගීතයෙ පසුබිම් කතාව. (එහෙන් මෙහෙන් වෙනස් වෙන්න පුළුවන්!)

    ReplyDelete
  16. මධුරංග- බොහොම ස්තුතියි මගේ පෝස්ට් එක අර්ථවත් එකක් කලාට. ඔහොම කතාවක් මටත් ලාවට මතකයි. ඒත් නිසැක නැති නිසයි දැම්මෙ නැත්තෙ.

    ජය පතනවා.

    ReplyDelete
  17. අර උඹ කිව්ව "මේ ගීත වලට පෙම් බඳින අන්තිම පරම්පරාව" කියන බයද දුකද මන්ද මටත් දැනෙනවා මචං...

    ReplyDelete
  18. ඒක එහෙම වෙයි බන්..

    ReplyDelete
  19. ඒක එහෙම වුනත් ඒක එහෙමමම වෙයිද බං?

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails