Tuesday, July 6, 2010

හරක් කතා | Harak Katha

දුමියගේ ඌරු කතාව දැක්කම මට මතක් උන කතාවක් මේ! හැබැයි මේක ඊට වඩා පොඩ්ඩක් විතර අසභ්‍යයි ද මන්දා, කමක් නෑ ඉතින්. රීඩ් ඇට් යුවර් ඕන් රිස්ක් !

හැබැයි ඔන්න දුමී, මගේ යාලුවොන්ගෙ කබර කතා තලගොයි කතා ලිවුව කියල උන් මට සද්දෙ දාපු නිසා නෙවෙයි මේ කතාව ලියන්නෙ. සද්දෙ දැම්මත් ඉතින් මම බය වෙන්නෙ නෑ නෙ :).

ඔන්න එක ගොවියෙකුට හිටියලු එළ දෙනුන් පට්ටියක්.මේ ගොවිය ලංකාවෙ.

කලින් හිටියෙ හිරේ.

මගේ ලඟ ප්‍රමාණවත් සාක්ෂි තියනව එහෙම කියන්න.

නිසි වයසට ආවම මේ දෙනුන් ගැබ්බර කිරීමට ගොවියාට උවමනා වුණා. මේ ගැන අහන්න ගොවියා ගියා වෙටෙක් එහෙම නැත්නම් පශු වෛද්‍යවරයෙක් ගෙ ළඟට.

වෙටා පටස් ගාල වැඩේ බාර අරගෙන කිවුවලු ඕක මම කරල දෙන්නම්, බේත පස්සෙන් දාන්නයි තියෙන්නෙ, හරියට වුණොත් දවසක් සතා වැතිරිලා ඉන්නවා කියලා.

 

ගොවියා ගෙදර ඇවිත් කල්පනා කළා ලු. වෙටාට නිකන් ගාන දෙන්නෙ මොකටද, මමම කරනවා කියලා!

පස්සෙන්ද, බිරිඳටත් නොකියා උදේම දෙනුන් ටික ලොරියට දාගත් ගොවියා  කැලයට ගොස් පිලිවෙලින් දෙනුනට බෙහෙත් දාගෙන දාගෙන ගියාලු.  එහෙම කියන්නං ඉතින් .. ඕව සමාජ විරෝධි වැඩ නේ.

පසුදින ද පාන්දර නැගිටගත් ගොවියා දෙනුන් වැතිර සිටිනු නොදු‍ටු බැවින් නැවතත් කැලයට දෙනුන් ‍රැගෙන ගිහින් දෙනුන්ට බෙහෙතෙන් මාත්‍රා දෙක බැගින් බෙහෙත් දාගෙන දාගෙන ගියාලු.

තුන් වැනි දවසෙ අපේ ගොයියා තමයි හාන්සි, එදා  උදේ මිනිහට නැගිට ගන්නවත් පණ නෑ. මිනිහා උදේම බිරිඳගෙන් මෙහෙම අහපි!

"මේ ඇහුණද, දෙනුන් ටික වැතිරිලා ඉන්නවද කියලා බලල පොඩ්ඩක් කිවුවනං, මට හරිම මහන්සියි"

ගාල වෙත ගිය බිරිඳගෙන් ලැබුන පිලිතුරට ගොවියා ට සිහි නැතිවුනා.

"මොන! දෙන්නු ටික ඔක්කොම ලොරියට නැගල ගේ දිහා බලාගෙන ඉන්නවා!"

 

හහ්... තව පොඩ්ඩෙන් සාක්ෂිය අමතක වෙනව නෙව. ඔබල ලොකු කරල බලන්න පේන්නෙ නැත්නම්.

ATT00076

ජය!

වැම්පයර්

5 comments:

  1. your comments for this blog is welcome.
    lets join hand and answer those who tarnish
    Buddhism.

    http://lanka1-answers.blogspot.com/

    ReplyDelete
  2. චාටර් පොරක් නේ... හික් හික් කලින් ඔය සාක්ශිය නම් දැක්ක... පසුබිම් කතාව උබ දැන ගත්තෙ කොහොමෙයි ? හික් හික්

    ReplyDelete
  3. හප්පා, එච්චරටම අසභ්‍ය නෑ . . . ! මේක හරියට අර මගේ විල් බැරෝවට නැග්ග ඊරිගේ වෙනින් වර්ෂන් එකක් වගේ.

    ReplyDelete
  4. පිස්සා- දුමී ගෙ බ්ලොග් එකෙන් තමයි ඕං අදහස ආවෙ

    දුමී- සාදරයෙන් පිළිගන්නවා, ඔව්, ඔබතුමාගෙ අදහස තමා

    ස්තුතියි

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails