Wednesday, July 7, 2010

H.R. Jothipala හෙවත් හදවත රත්තරන් ජෝතිපාල

 Muladi Benda

මේ සටහන ලියැවෙන්නේ අදට යෙදෙන ජෝති ගේ 23 වැනි අනුස්මරණය නිසාවෙනි.

1936 පෙබරවාරි 12 දා උපත ලැබූ කුමරෙක් සිංහල සංගීතයේ අමරණීය නමක් තබන්නට සමත්වීය. හෙට්ටිආරච්චි රෙජිනෝල්ඩ් ජෝතිපාල, හෙවත් ඔබ මා කවුරුත් හඳුනන "හදවත රත්තරන්" එච්.ආර්. ජෝතිපාල සදාදරණීය කලාකරුවාණන් ගේ උපත සිදුවූයේ ඒ ආකාරයෙනි. එදා මෙදා තුර සිංහල සංගීතයේ ප්ලේබැක් සින්ගින් එසේ නැත්නම් සිනමා පසුබිම් ගායනයේ ජෝතිපාල සලකුණ ඉක්මවායෑමට මගේ දිවිය තුල කිසිවෙකුටත් නොහැකිවුනොත් එයින් මම පුදුම නොවෙමි. ඒ ඔහුගේ ප්‍රතිභාවට අලගු තැබීමටවත් සමතෙකු මෙතෙක් කල් බිහිවී නොමැති නිසාවෙනි.

 

ගාමිනී ෆොන්සේකා, විජය කුමාරණතුංග, රවීන්ද්‍ර රන්දෙනිය, සනත් ගුණතිලක ප්‍රධානව සිංහල සිනමාවේ නළුවන් නියැමිත තැන ඔසවා තබන්නට ජෝතිපාල පෞරුශය මහත් පිටිවහක් වූ බව නොරහසක්.

 

ජෝතිපාල දරුවා මරදානේ තේ කඩ, සයිවර් කඩ ආසන්නයේ ගැවසීමට ළමා කාලයේ සිටම පුරුදු වී තිබිණැයි මා කොහේ හෝ කියවා තිබෙනු මතකය. ඒ ගීත ඇසීමටයි. මන්දයත් ඔහුගේ නිවස්නයේ ගුවන් විදුලි යන්ත්‍රයක් පවා එකල නොතිබුණ නිසයි.

SurathaliPremierපණස් ගණන් වල ජෝතිපාල චරිතය කරලියට පැමිණෙන්නේ සුරතලී චිත්‍රපටයට “සිරියමෙ සාරා, නැගේවි හද මෝරා ..” අදටත් බොහෝ දෙනා තරු කරන, තවත් කෙනෙක් ගේ එදා වේල සරි කැරෙන එදත් අදත් එකසේ ජනප්‍රිය ගීතය ගායනා කිරීමෙන්.

 

ඉන්පසු හැටේ , හැත්තෑවේ දශකවල ජෝති ගේ සුමියුරු ළයාන්විත ස්වරයෙන් පැන නැංගාවූ නොවක් සුමියුරු මාධූර්යයන් සිංහල ශ්‍රාවකයා වැළඳගත්තේ අපමණ සෙනෙහසින්.

සමහර විචාරකයන් මෙන්ම එකල සිටි ප්‍රබුද්ධ යැයි සම්මත පෙළපතේ කෙනෙහිලි කම් වලට නතුව ඔවුන් සමග එදිරිවැ කටයුතු කළේ ජෝති නම් නොවේ. හින්දි කොපි කරනවා, හරසුන් ගී ගයනවා, යන්න ජෝතිට නැගුන ප්‍රධානම චෝධනාවයි. නමුත් මාගේ මතයට අනුව ජෝති ඒ මුල් ගී වලට කිසිදු ආකාරයකින් අසාධාරණයක් කළේ නැත. මට අදත් ඒ සමහර හින්දි ගීත වලට වඩා ජෝති ගයන කොපියට කැමැත්තක් ඇතිවෙයි. මාගේ රසඥතාවයේ අවුලක් වීමැටද පිළිවණ.

AjanthaGeethawaliforJothi2හරය පිළිබඳ මා නොදනිමි. නමුදු ජෝතිට ගී රචනා කළ ආචාර්ය අජන්තා රණසිංහයන්, චිත්‍රානන්ද අබේසේකරයන්, කරුණාරත්න අබේසේකරයන් හා සංගීත නිර්මාණය කළ අමරදේවයන්, සරත් දසනායකයන්, කේමදාස මාස්ටර්, පී.වී නන්දසිරි වැන්නන් එය හොඳින්ම දන්නා වග දනිමි.

අදත් මට මතක් වන හොඳ උදාහරණයක් මේ සඳහා ඇත්තේය. රාජෙශ් ඛන්නා හා ආශා පරෙක් රඟන (චිත්‍රපටය මතක නැත, කමන්න) රා‍ෆි මහත්තයගෙ "යේ ශාම් මස්තානී" ගීතය අසන්න. ජෝති ගැයූ "ජීවිතේ තරුණ කාලේ" ගීතය ඒකෙ අනුවාදනයක්. මට අදත් දැනෙන්නෙ ජෝති සෑහෙන්න ඉදිරියෙන්! අනික මේකෙ තියෙන විශේෂත්වය තමා ජෝති වැස්සකටවත් සංගීත පංතියකට ගොඩ නොනැගි කෙනෙකු වීම!

JothiClarence

තමා ගැයූ ගීත දහස් ගණනැකින් චිත්‍රපට සියගණනකට ජීවය කවන්නට ලැබීම ගායකයෙකුගේ ගායන ජීවිතයේ විශිෂ්ඨත්වය මොනවට කියාපාන්නක්. මෙහිදී ජෝති එතෙක් මෙතෙක් බිහිවූ සියලු දෙනා අතර අග්‍රස්ථානයේ පසුවෙයි.

කසුරි දිවයිනට ලියූ ලිපියක්, සිළුමිණ පුවත්පතින්…..

“දැන් මල්ලි ඉන්නවනෙ ප්‍රබුද්ධ ගායකයො කියල කොටසක්. එතකොට අපි කවුද?”

ඒ ප්‍රශ්නයෙන් මම අන්දමන්ද වෙලා ගියා.

“ජෝති ජනප්‍රිය ගායකයෙක්...”

“නැහැ... ඒ ගොල්ලොත් ජනප්‍රියයිනෙ...”

මම නිරුත්තර වෙලා බලාගෙන හිටියා... එතකොට ජෝතිම උත්තර දුන්නා.

“මල්ලි ඒ ගොල්ලො ප්‍රබුද්ධ ගායකයො... අපි පීචං ගායකයො.”

ඔය ප්‍රකාශය ඊළඟ ‘දිවයින ඉරිදා සංග්‍රහයෙ කාලීන සංවාද ශාස්ත්‍රීය සංග්‍රහයේ ලොකු සිරස්තලයක් වශයෙන් පළවුණා.

ප්‍රබුද්ධ - පීචං සංවාදය පටන් ගත්තෙ ඔය විදියට. හැබැයි ඔය ලිපිය පළවෙලා දවස් දෙකකින් මට නිහාල් නෙල්සන් කතා කළා.

“මොකක්ද කසුරි... ජෝතිපාලට පිස්සුද? එයා කොහොමද පීචං ගායකයෙක් වෙන්නෙ...”

ජෝතිපාල වගේ ම නිහාල් නෙල්සන් කියන්ඩ යන්නෙත් මොන වගේ දෙයක් ද කියලා හිතාගන්ඩ බැරුව මම නිහඬවෙලා හිටියා.

“කසුරි... ඒ ගොල්ලො ප්‍රබුද්ධ නම් ජෝතිපාල ලා සුප්‍රබුද්ධයි.”

මේ බොහොම ප්‍රසිද්ධ කතාවකි.

හැමෝම කියන තව දෙයක් ඇත, ඒ ජෝති කවදාවත් සල්ලි පස්සෙ දිවුවෙ නෑ යන්නයි, මට්ටක්කුලිය මරදාන මාලිගාවත්ත පලාතෙ මඟුල්ගෙවල්, පාටි ඔය මෙකී නොකී හැම උත්සව අවස්ථාවකටම ආරාධනා ලැබ ගී ගයා ජෝති ප්‍රකට කළේ ඔහුගේ නිහතමානී මහත්මා ගුණයයි. සල්ලි නැතිව වුවද මිනිසුන් ඇතිව දිවි ගෙවීමට ජෝතිට පුළුවන් වුණේ ඒ අයුරින් යැයි මා අනන්ත අසා ඇත.

JothiatSarasaviyaAwardCeremony1983 ජෝති, ජෝ, නන්දා, අමරසිරි කලංසූරිය සරසවි සම්මාන උළෙලකදී

 

 

 

 

එක්තරා ප්‍රසිද්ධ දුම්වැටි සමාගමක වෙළඳ දැන්වීමකට පෙනීසිටීමට ජෝතිට ලැබුණු මුදල් බැහැරකර ඒ ඉල්ලීම ප්‍රතික්ශේප කළ වගද බොහෝ දෙනා නොදන්නවා ඇත.

විජය මාලිනී සුසංයෝගට තිරය පි‍ටුපසින් ජෝති ඇන්ජලින් සිටි චිත්‍රපට ඇත්තේ කීපයක් නොවේ. ගඟ අද්දර වැනි කිහිපයක හැරෙන්නට චිජය කුමාරතුංගයන් තමන්ගේ හඬට යොදාගත්තේ ජෝතිපාලගේ ස්වරයයි.

album8ජෝති, ගාමිණි, ජෝ, විජය

 

 

 

 

 

 

“අවුරුදු විස්සක් නළුවෙක් හැටියට ජීවත් වෙච්ච මට අවුරුදු විස්සක් මං වගේම, මටම ගැලපෙන විදියට අවුරුදු විස්සක් තිස්සේ මට සින්දු කිව්වේ එච්.ආර්. ජෝතිපාලයි. ඒ හඬ මට ලබා දෙන්න වෙනකෙකුට තියා මටවත් පුළුවන්කමක් නැහැ”, යනුවෙන් විජය පැවසූ අයුර ඇති වීඩියෝවක් දැනුදු  මා ළඟ සු‍රැකිව ඇත.

“ජෝතිපාල සංගීතය හදාරලා නැහැ... ජෝතිපාල තරම් ඉයර් එකට කියන්ඩ පුළුවන් කිසි කෙනෙක් තව නැහැ...", මේ වරක් කේමදාස මාස්ටර් පැවැසූවක්.

'වාසනා' (ඔබ ළඟ ඉන්න ළඟ ඉන්න),‘නොම්මර 17’, ‘ජය අපටයි’, ‘මමයි රජා’,‘හතර දෙනාම සූරයෝ’, ‘මේ දෑස කුමට ද’, ‘තුෂාරා’, 'කස්තුරි සුවඳ', 'හිතහොඳ මිනිහෙක්','කචුද රජා', 'සංගීතා' (ඉර හඳ වැඳලා), 'සිවිප් ටිකට්' ජෝති ගීයෙන් ඔප වැටි සිංහල සිනමාවේ සන්ධිස්ථාන කීපයැකි. වරහන් තුළ දක්වා ඇත්තේ අද සුපිරි තරු බිහිකළ ඒ චිත්‍රපටයන්හි තිබුණ ගී,ය.

ජෝතිපාල රඟපෑ චිත්‍රපට අතර ‘සූකිරි කෙල්ල’, ‘සුජීවා’, ‘අබිරහස’ වැනි නිර්මාණ වෙයි.Abhirahasa1971withMalini ‘ඔබයි මමයි’ චිත්‍රපටය හරහා නිශ්පාදනයට ද ජෝති පැමිණිය බව බොහෝ දෙනා නොදනිති.

මේ අබිරහස චිත්‍රපටයේ රූපරාමුවකි.


තවද සිංහල  සංගීතයේ පුරුශ යුග ගී සම්ප්‍රධාය බිහිකිරීමේ මූලිකත්වය ද ජෝතිට හිමි වෙයි.විජය රුවට ජෝති ජෝ අබේවික්‍රම රුවට එම් එස් ප්‍රනාන්දු සමග ගැයූ ගීත අදටත් බොහෝ ජනප්‍රිය වග කිව යුතු නොවේ.

1987 ජූලි 07 අරුණෝදයේ නෙතු සඟලේ කැලුම් සලා, සූරිය පෙරම්බරේ දිනු අයුරින් සිනාසීමට ජෝතිට නොහැකිවිණ. මිය යන විට පනස් එක් වියැති වූ ජෝති බීලා මළා! යන්න ප්‍රසිද්ධ මතයකි. නමුදු බොහෝ දෙනා නොදන්නා දේ නම් ජෝති මළේ ශ්වසනාබාධයකින් යන්නයි. නිතර පුංචි බො‍රැල්ලේ රෝහලින් ප්‍රතිකාර ගත් වගද ප්‍රසිද්ධය. නමුදු හදිසියේ ජෝති ඇතුලත් කළ පුද්ගලික රෝහලින් නිසි ප්‍රතිකාර නොලැබීමෙන් මරණය සිදුවිණ. සිහිය නොමැතිව පැය ගණනක් ජෝති ප්‍රතිකාර නොමැතිව එහි සිටැ මියැදුන බව මා අසා ඇත්තෙමි. අධික සෙම් රෝගියෙක් වූ ජෝති මළේ එයිනි. එයට හේතු පාදක වූයේද සංගීත ප්‍රසංග වල එළි වෙනකම් ගීත ගැයීම වග කිවැ යුතු නොවේ.

AnandaSagare

ජෝති.. අද යාචකයාගේ බෙලෙක්කයට රුපියලක් වැටෙන්නේත් සුපිරි තරු විදේශ සංචාරයන්හි යෙදෙන්නේත් ඔබේ දැවැන්ත ප්‍රතිභාවේ, හැකියාවේ, කැපවීමේ මහිමයනි. ඒ පින ඔබව නිවන කරා ගෙනයන බව මම හොඳාකාර දනිමි.

මා සිත්ගත් ගී ලැයිස්තුව මෙතැන නොලියමි. මීට පෙර ජෝතිගේ ගීතයක් මෙහි පළ කළා මතක ඇතැයි සිතමි.

http://blogvampa.blogspot.com/2010/05/blog-post_7937.html

 

 

 

චිත්‍රානන්ද අබේසේකරයන් ගේ පදමාලාවකින් සටහන නිමාකරමි.

කීවෙමි ඔබහට සියදහස් වර

j1

  අදට යෙදෙන ජෝති ගේ 23 වැනි අනුස්මරණය නිසාවෙනි.

නින්ද නේන රාත්‍රියේ - ගීතය ආචාර්ය අජන්තා රණසිහයන්ගේ පදමාලාවකි

නිදහසේ බෙදාගැනීමට මේ ලිපිය විවෘතයි. බ්ලොගයේ ලින්ක් එකෙන් එසේ කිරීමට කාරුණික වන්න.

 

 

 

 

 

ජය!
වැම්පයර්

sources –SLRC, ITN, wiki , Silumina, Lakbima, Divaina,google images

12 comments:

  1. අමරණීය ගායකයො....

    අද කී දෙනෙක් සින්දු කියනවද... මාසයක් යද්දි උනුත් නැහ. සින්දුවත් නැහ.

    ජෝතිගෙ සින්දු තාමත් මිනිස්සු අහනවා... කියනවා.

    සමහරු කැසට් ගහල ජෝතිගෙ සින්දු කියල හම්බ කර ගන්නවා... මතකද උබට රැල්ලක් ආව.. ජෝති 1 - 2 .. ඔහොම කියලා.

    මතකයක් අලුත් කරාට ස්තුතියි උබට.

    ReplyDelete
  2. ඇනී- ස්තුතියි
    මාරයා- සාදරයෙන් පිළිගන්නවා, බොහොම ස්තුතියි.

    නිම්නය- ස්තුතියි

    පිස්සා- හැමදාමත් වගේ උඹේ අදහසට මම එකඟයි. උඹ කියන එක සම්පූර්ණ ඇත්ත. ඔය ‍රැලි ගැන කිවුවොත්, xxx සමග ජෝති 1,2, ඔහොම ආවා 18ක් ද කොහෙද, මට මතක විදියට, අදත් කීදෙනෙක් හම්බ කරන් කනවද ජෝතිගෙ ගීත වලින්, යාචකයා ගෙ ඉඳන් කවුරුත් ජෝතිගෙ සින්දු කියනවා.
    ඒකෙ නරකකුත් නෑ ඉතින්, මට මතකයි, ඔබ ළඟ ඉන්න වාසනා සින්දුව ළඟදි හිට් කළේ සුරේන්ද්‍ර පෙරේරා. හැමදාම ඇවිත් කොමෙන්ට් කරනවාට ස්තුතියි.

    සියලුදෙනාටම ජය.

    ReplyDelete
  3. නියම ලිපිය.
    ජෝති අමරණියයි..!!
    මගේ ප්‍රියතම ගායකයා තමයි ඔහු.

    ReplyDelete
  4. හිතුවක්කාරි- ස්තුතියි, ඔව්, මගෙත්! මට ජෝතිපාල කියල කාඩ් එකකුත් ගහල තිබුන කැම්පස් කාලෙ!

    ReplyDelete
  5. මම මේ පැත්තේ ආවේ අදම තමා. කතාව සහතික ඇත්ත අද ඉන්න තරු ටික දවසකින් ජීවත් වුනත් මලා වගේ. එත් ජෝති මැරිලත් තවම ජීවත් වෙනවා. දහස් ගණනක් ජීවත් කරවනවා. ඒ කටහඩ ආයේ කවදාවත් සජීවිව අහන්න නැති එක අදට විතරක් නොවේ අනාගතයටත් අඩුවක් වෙයි.

    ReplyDelete
  6. ඔව්. තව ගොඩක් තියනවා ලියන්න ප්‍රියන්ත. ඒත් ආටිකල් එක දිග වෙන නිසා ලිවුවෙ නෑ. ඉදිරියට තව එකක් ලියන්නම්!

    ජය!

    ReplyDelete
  7. අර හින්දි චිත්‍රපටියේ නම කතී පතංග් - කැඩුණු සරුංගලය

    ReplyDelete
  8. එල මචන් ...ගොඩක් දේවල් දන ගතට

    ReplyDelete
  9. ලිපිය පලකරලා අවුරුදු හමාරකට පස්සේ ප්‍රතිචාර දක්වනවට සමාවෙන්න.(ලිපිය දැක්කේ අදයි)
    ජෝතිපාල මගෙත් ප්‍රියතම ගායකයෙක්.ඔබේ ලිපියත් අනර්ඝයි.
    නමුත් නොම්මර 17 චිත්‍රපටයේ ජෝති ගී ගැයුවා ද යන්න මට සැකසහිතයි.එහි පාට සරංගල් වාගේ අපේ ජීවිතේ,සීගිරි ලාලිත ලඳුනේ වගේ ගීත ගැයුවේ විජය.

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails