Friday, July 2, 2010

කබර කතාවක් | A Kabara Story

කට්ටියගෙ සෙල්ලන් දැන් නේ පේන්නේ. ගඩොලා ගන ගැන ලියනවා, දුමියා කබරයා ගැන ලියනවා, ඒ අතරෙ පිස්සටත් ගන මතක් වෙලා!

මටත් මතක් උනා ඔන්න කබර කතාවක්!

මේ කියන්න යන්නේ අපි කැම්පස් ඉන්න කාලෙ උන පොඩි සීන් එකක්. ඒ කාලෙ මම ඒ(A) හොස්ටල් එකේ ඉන්න කාලෙ.

කට්ටිය දවසක් හොඳටම සෙට් උනා, ඔය එක්සෑම් එකක් ඉවරවුණ දවසකද කොහෙද. මෝල පාරෙ කලු අයියගෙ කඩෙන් කොත්තු දාගෙන ආවා බයිට් එකට.

ටික ටික වැඩේ නැගලා යද්දි අපේ චොප්සි මලයට නාගසලං. ළඟ ළඟම නවපු නිසා මිනිහා හිටියෙ මඳ සිහිමඳ ගතියෙන්.

අපි එපා කිවුවත් මූ අහන්නෙම නෑ. තව නවනවා!

ඔහොම නවලා නචලා චොප්සි හාන්සි උනාය කියමුකෝ.

වැඩේ ඉවර වෙද්දි සිහිය තිබුණු කීප දෙනා අතරට මේ මමත් අයිතියි ඕං.

දැන් හාන්සි වෙච්ච අය කාමර වලට ඇදගෙන යාමේ රාජකාරිය. චොප්සි උස්සනකොටම චොර චොර ගාලා මූ ඇරියා නේද හෙන කබරයා පාරක්! හප්පා.. හිතාගන්නකො ගලුයි බිත්තර කොත්තුයි බ්ලෙන්ඩරයකට දැම්මම මොන වගේද කියලා!

කොහොමින් කොහොම හරි අපි මේකව අරගෙන ආවා හොස්ටල් එකේ ෆෝයර් එකට. මේකෙ මැද නිකන් කතිරෙ ගහල වගේ මූ වැතිරිලා ඉන්නවා. එක පාරටම මූ ආයෙ දැම්මා හෝටලයක්!

දැන් ඉතින් උදේ හොස්ටල් එකත් හෝදපන්කෝ.

ඔහොම කට්ටිය වට වෙලා මූ ගැන කතා කර කර ඉන්න ගමන් හදිසියේ චොප්සි ඔලුව ඉස්සුවා.

ඊට පස්සෙ මූ පැටලි පැටලි අහපි,

"මචන්, මට මට පොඩ්ඩක් ව ව වමනෙ යන්න වගේ! මෙතන ක කබරයා පාරක්දැම්මට ක ක කමක් නැද්ද ?"

හැරෙන තැපෑලෙන් නැවතත් කබර හෝටල් කෝට් එකකින් ෆෝයර් එකේ බිම වැසීගියා!

13 comments:

  1. කබරයා ගැනනම් මතක් කොරන්න එපා..:D..

    ReplyDelete
  2. හික් හික්!! අපේ එකෙක් කබරයා දාන්න ගිහින් වෙච්ච දේකුත් මතක් වුණා මේක දැකලා.ඉස්සරහට ලියන්නංකෝ!! මරු කතාව මචෝ...

    ReplyDelete
  3. වැම්පි,

    එළම එළ කබරය ස්ටෝරි එකක්...... හප්පා . .. . මටත් මතක් වෙනවා නොවෑ තවත් කබරයා ස්ටෝරි මේව කියවනකොට . . . . !

    ReplyDelete
  4. මරු කබරයා දැමිල්ල ``

    ReplyDelete
  5. චොප්සි මලයා තාමත් A එකේ කබරයා දදා ඉන්නවද දන්නේ නෑ. හික් හික්. නැද්ද තව කැම්පස් කබරයා ස්ටෝරි එහෙම.

    ReplyDelete
  6. උබ ඔය හදන්නෙ තව සීරිස් එකකට පන දෙන්න හික් හික්. කබර කතා කියල හික් හික්...

    ReplyDelete
  7. අනේ අසරණ කබරයගෙ නමත් මේවට ගාවගෙනනේ...

    ReplyDelete
  8. ශැඩෝ- කබරයා මතක් නොකළට , ඒක අමතක කළාට, බෝතලේ ඉතින් අමතක වෙන්නේ නෑ නොවැ

    ගඩොලා- ලියහං, ලියහං

    දුමී- අයියගෙ බොලොගෙ නම් ආයෙ ටොපේ ටොප්


    හිඟන්නා- කොහෙද බන් හිටියෙ මෙච්චර කාලයක්?

    කාංචන- තව කතා ඇති බන්, ඒවා කියන්නෙ කොහොමද? ගොඩක් ඒවයෙ දි මටත් සිහිය තිබුනෙ නෑ නොවැ!

    හසිත- එළ!

    පිස්සා- මේ, කතා නෙවෙයි! කෝල් කළාද?

    තරියා- එහෙනම් ඔන්න මම දාන්නම් කෝ තලගොයි කතාවක්!

    ලකී- හිතුවක්කාරී, කොහොමද වාස දේස ?

    කට්ටියටම ස්තුතියි.
    චු කතා, ගූ කතා, කබර කතා .... හප්පෝ

    ජය!

    ReplyDelete
  9. නම්බර් එක ලැබුනෙ නැහ බන්. ඌට මම ඊට පස්සෙ කතා කරෙත් නැහ. ඒ පස්සෙ එලවන්න හිත දෙන්නෙ නැහ වගේ බන්.

    ReplyDelete
  10. නියම කබරයා කතාව අයියා. මෙන්න තවත් කබරයා කතාවක්

    http://aagiyakatha.blogspot.com/2010/06/blog-post_04.html

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails