Monday, July 19, 2010

කම්පනය නිහඬවිණ | The legendary heart has stopped

2b30gz

කම්පන ප්‍රසංගයෙන් සුවහසක් රසික කැල පිනැවූ කපුගේ එතෙරෙ සංචාරයකින් පසුව ගුවන් තො‍ටුපලට පැමිණියේය, ඒ ඔහුගේ අවසන් ගමන යෑමට බව බව ඔහු සිහිනෙනුදු නොසිතන්නට ඇත. ගුවන් බසයෙන් (එයාර්පෝට් ශටල්) පය ලිස්සා වැ‍ටුණු කපුගේ ගේ හිසෙහි පි‍ටුපසට දැඩි (මාරාන්තික නොවන) තුවාල සිදුවිණ. අන්තර්ජාතික යැයි සම්මත ක‍ටුනායක ගුවන්තො‍ටුපළේ වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍යවරයෙක් සිටියේ නැත! එහෙයින් ගිලන් රියකින් ඔහුව ජාතික රෝහලට ‍රැගෙන යාමට සිදුවිණ. ඒ සඳහා රුපියල් දෙදහසක් හෝ ආසන්න මුදලක් කපුගේ ගෙන් ‍රැගෙන තිබිණ.

GunadasaKapuge04

කපුගේ ගේ හදිසි අනතුර සිදුවුණේ පාන්දර 4.00 ට පමණය. නමුදු ජාතික රෝහලට කපුගේ ‍රැගෙන එනවිට උදෑසන නවය පසුව මිනිත්තු විස්සක් පමණ ගතවී තිබිණ.

ගිලන් රියේ දී කපුගේ සිහිසුන්ව ඇත. එවිට කපුගේ ගේ මුදල් පසුම්බියත්,බෑගයත්, සපත්තු කුට්ටමත් කපුගේ ගෙන් ඉවත් කරගැනීමට තරම් කපුගේ ගී ගැයූ මිනිසුන් කාරුණිකව තිබුණි.

 

සංසාරේ හැටි තමයි වියෝග ඇති වන්නේ
නිවනට ගියදා මේ හැම දුක නැති වන්නේ

 

කපුගේ සමග පැමිණි ගායක පියන්ත ප්‍රනාන්දු මහතාද අවසාන මොහොත තෙක් ගුවන්තොටේ කපුගේ සමග ‍රැඳී සිට ඇත. ඒ මහතා පුවත්පතකට ද මේ සම්බන්ධයෙන් පවසා තිබෙනු මම දිටිමි.

 

 

සිංහල ගීතයේ කපුගේ සලකුණේ නිමාව එලෙසින් 2003 අප්‍රේල් මස 03 වැනිදා සනි‍ටුහන් විණ. සුවහසක් හදවත් කම්පනයෙන් කම්පනය කළ හදවතේ කම්පනය සදහටම නැවැතී තිබිණ. දයියා සටහන් කොට තැබූ පදවැලකින් මේ නිමාකරමි.

පන් සිළු හරවා යවා
කපුගේ රැගෙන ගියහ
දෙවිවරු ඉරිසියාවෙන්
මනුලොව මිනිසුන්ට

කපුගේ සිය මව සමග

 

 

අදාල ලිපි

http://blogvampa.blogspot.com/search/label/Gunadasa%20Kapuge

ප.ලි.

කපුගේ ගැන ලියැවුණ සියලුම කාරණා කතෘ ගේ මතකයට අනුවයි. සංශෝධන අගේ කොට සලකමි.

කම්පන- කපුගේ ගේ ඒකපුද්ගල ගී ප්‍රසංගයකි


ප්‍රියන්ත ප්‍රනාන්දු මහත්තයගෙ ප්‍රකාශෙ තියෙනෙ පත්තරේ නම් අමාරුවෙන් හොයාගත්ත
http://www.dailynews.lk/2003/04/25/new21.html

6 comments:

  1. මේක ලංකාවනේ බන් .....

    ReplyDelete
  2. කපුගේ වගෙ මිනිසෙක්ට ඔහොම කල එවුන් අපිට කොහොම කොරයිද බන්...සකල සිරින් බර සිරි ලංකාව නෙව...තිත්තයි නම් තමා...ඒත් ඇත්තයි......:(

    ReplyDelete
  3. සිරාවටම ඒ වෙලාවෙ කපුගේගෙ පොකට් එකට විදලද මචං.යකෝ මාර ඩයල්නෙ අපේ උනුත්.

    ReplyDelete
  4. ලංකාවෙ මිනිස්සු ගැන කලකිරෙන අවස්ථාවක් තමයි ඕක... අන්තිමට ඔය එකක් වත් නෙමෙයි... කපුගේ කියන මනුස්සයගෙ බීමත් කම නිසා වුනු දෙය්ක් විදියට කතා කරේ....
    අපි ගැනම දුක හිතෙනවා මේ සිද්දි මතක් වෙද්දි...

    ReplyDelete
  5. වැප්- ඔව් .. මේක ලංකාව!
    ශැඩෝ- මොනව කරන්නද ඉතින්
    දිනේශ්- මේව මම හොයාගත්තෙ ප්‍රේමා කපුගේ මහත්මියගේ පුවත්පත් සාකච්ඡාවක් ඇසුරෙන්.
    පිස්සා- ඔව්, ඇයි කපුගේ විතරයැ, ජෝතිපාලත් බීල මලා කියලනෙ බං කතාවගියේ.

    ස්තුතියි සියලුමදෙනාට

    ReplyDelete
  6. අදත් පෝස්ට් එක නම් උපරිමයි

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails