Monday, July 12, 2010

Mariyawe – Gunadasa Kapuge | මාරියාවේ - ගුණදාස කපුගේ

kapuge 

මාරියාව යනු විශාල ‍රැල්ලකි. සුනාමියක් යනු මාරියාවේ දරුණු අවස්ථාවක් ලෙස සැලකේ. ධීවරයාට මාරියාව යනු කරදර දුක් දොම්නස් කන්දකි. ධීවරයා මාරියාවට නවතින ලෙස ආයාචනා කරයි.

මෙතැනින් අහන ගමන් පහලින් කියවන්න.

මාරියාවේ මාරියාවේ මාරියාවේ
මාරියාවේ ඔහෙ නවතින්නේ
සමාවෙලා මේ දුක අහපන්නේ
වියරු විලාසෙන් ඇයි නුඹ එන්නේ
වළාලයට ඉඩදී පලයන්නේ

නුඹ ආදා සිට පැළ අඳුරේ මයි
සතුට සාම සොම්නස නො‍රැ‍ඳෙන්නේ
නුඹ ආදා සිට පැළ අඳුරේ මයි
සතුට සාම සොම්නස නො‍රැ‍ඳෙන්නේ
මේ දුක් දෙන්නට ඇයි නුඹ එන්නේ
වළාලයට ඉඩදී පලයන්නේ

නුඹ ආදා සිට නිවුනු ලිපේ ගිනි
හද තුල මෙලවී ඇවිලෙන්නේ
නුඹ ආදා සිට නිවුනු ලිපේ ගිනි
හද තුල මෙලවී ඇවිලෙන්නේ
මේ දුක් දෙන්නට ඇයි නුඹ එන්නේ
වළාලයට ඉඩදී පලයන්නේ

මාරියාවේ මාරියාවේ මාරියාවේ
මාරියාවේ මාරියාවේ මාරියාවේ

වළාලය යනු මුහුදේ යෑමට සුදුසු කාලයයි.

කලින් මාරියාවෙන් ඔහු හොඳටම බැටකා ඇතිසේය. ඔහුට කිසිම සැනසීමක් නැති සෙයකි.

නුඹ ආදා සිට පැළ අඳුරේ මයි
සතුට සාම සොම්නස නො‍රැ‍ඳෙන්නේ

ඔහුගේ ආදරණීය බිරින්දෑ මාරියාවෙන් ‍රැගෙන ගියා වැනිය.

නුඹ ආදා සිට නිවුනු ලිපේ ගිනි
හද තුල මෙලවී ඇවිලෙන්නේ

යන පදවැලෙන් ගම්‍ය වන්නේ එය නොවේද?

ඉතා සුවිශේෂී ගණයේ ගීතයක් මෙය. පදරචනයහි භාව ගම්‍ය කිරීමේ හැකියාව හා කපුගේ ගේ සුවිශිෂ්ඨ ගායන කෞශල්‍යය මොනවට පැහැදිලි කරන ගීතයක් ලෙසය කතෘට හැ‍ඟෙන්නේ. මේ තේමාව ඔස්සේ ගැයිත ගීත බොහොමයක් අතරෙන් මෙය විශේෂ වන්නේ එහෙයිනි.

රණ්බන්ඩා සෙනවිරත්නයන්ගේ තවත් අනගි නිර්මාණයක්.

ඉතා සංකීර්ණ හැඟීම් මාලාවක් ජනිත කරන්නට සමත් වෙන සංයෝජනක් , ඇසූ මුල් අවස්ථාවේ මට කිසිම විශේෂයක් නොදැනුනු නමුදු අර්ථ රසය වරක් අත්විඳි පසු මගේ ප්‍රියතම ගීයක් බවට මේ පත්විණ.

සංගීතයත් කපුගේ මහතාගෙන් මයි. මේ මානව හිතවාදියා ගැන ලිවීමට බොහෝයි. තවත් ලිපි කිහිපයක් ඉදිරියේදී පැමිණේවි.

ඔබටත් යමක් හැඟිණි නම් කොමෙන්‍ටු විවෘතයි. අපි කතා කරමු!

අදාල සබැඳි -

අමරණීය කපුගේ - http://blogvampa.blogspot.com/2010/06/gunadasa-kapuge-living-legend.html

ජය!
වැම්පයර්

12 comments:

  1. රණ්බණ්ඩා, කපුගේ සුසංයෝගයෙන් බිහිවූ තවත් අගනා නිර්මාණයක් තමයි මේ. විශාරද කපුගේයන්ගේ ගැඹුරැ, දුක්බර හඬටම හැරෙන්න වෙනත් ගායකයෙකුට මෙවැනි ගීතයකට සාධාරණයක් කිරීමට බැරිබවයි මාගේ හැඟීම.
    මෙවැනි සටහනක් දැමීම ගැන ඔබට ස්තූතියි

    ReplyDelete
  2. මගේ ප්‍රියතම ගීතයක්...වත්මන් පරපුර අතරට මෙවැනි විශ්ෂ්ඨ නිර්මාණ ගෙන යාමට මෙවැනි උත්සාහයන් බොහොමත්ම උපකාර වේවි කියලයි මට හිතෙන්නේ......ඔබට ජය......

    ReplyDelete
  3. මම මුලින්ම ඕක ඇහුවෙ කපුගේ මහත්මයා සන්ෆ්ලවර් එක්ක කර 2 වැනි කැසට් පටයෙන්...( මතකයේ හැටියට ) කපුගේ කියල ගායකයට මම ආදරය කරන්න ගත්තේ ඒ රැල්ල එක්ක ආපු කැසට් අහල...
    එදා ඉදන් මම අද වෙනකල් ප්‍රියතම ගායකයෙක්...

    " අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා.... " මම කැමතිම ගීයක් එතුමාගේ...

    මිනිස්සු බැන්න සන්ෆ්ලවර් එක්ක සින්දු කිව්වට.. ඒත් ඒ කල දේ වැරදියි කියල මම හිතන්නෙ නැහ.

    මේ ගීත අහන..ආදරය කරන අය ඉන්න එක ගැන සතුටුයි මචන්.

    ReplyDelete
  4. මේ දැන් දුකාගෙ පොස්ට් එකේ කමෙන්ට් කරනකොට කපුගෙ ගැන මතක කලා විතරයි, මෙන්න මෙහෙ කපූ.
    ඔය සිංදුව වගේම කපුගේගෙ උළ ලෙනා වගේ ඒගෙත් තේරුම ගැන ලියන්න. අගේ ඇති වැඩක්, ස්තූතියි.

    පලි.
    මාරියාව කියන්නෙ ලොකු රැල්ලක්ම නෙවෙයි. හරියටම කියනවනං වාරකං කාලෙට එන මහ උස රැළි වලටයි මාරියාව කියන්නෙ. ඒකෙයි සුනාමියෙයි අතහ්‍රෙ සම්භන්දයක් නෑ. මොකද සුනාමියෙන් මුහුදෙ තීන යාත්‍රා වලට හානියක් නැති නිසා.

    ReplyDelete
  5. ලස්සන ම සින්දුවක්.. මමත් අහන්න ගොඩක් ම ආසයි..
    ඒත් මම දන්න විදියටත් ඉන්දික හරි, මාරියාව කියන්නෙ වාරකං කාලෙට...
    මූදු යන්න බෑ නෙ..
    ඒ අගහිඟ නිසා ගෙදර අසමගිය ඇතිවන බවයි ඔහු කියනව කියල මට හිතෙන්නෙ...
    ධීවර ජීවතයක දුක්ඛාන්තය ගයන සංවේදී ම ගීයක්...

    ReplyDelete
  6. හෙළයා- ස්තුතියි මචන්.
    ශැඩෝ- ස්තුතියි ..
    පිස්සා- සන්ෆ්ලවර් හා කපුගේ ගැනයි, කපුගේ පටන්ගත්තු ට්‍රෙන්ඩ් එක ගැනයි ලියමිනුයි මම ඉන්නෙ. ස්තුතියි
    ගඩොලා- මොකෝ කතා පෙට්ටිය වහලද?
    ඉන්දික- ඔව්, ඔබතුමා හරි, මම සුනාමිය ගත්තෙ එක්සාම්පල් එකක් විදියට...
    චේජනා- මාරියාව කියන්නෙ වාරකං කාලෙට එන ‍රැලි වලට. ස්තුතියි ඔබට.

    මේ ගීය ගොඩක් සංකීර්ණයි කියල මම කිවුවෙ ඔය නිසා තමා, අවාසනාවට මේ ගැන හරියටම අහන්න මේකට සම්මාදම් වුණ කවුරුත් අද අපි අතර නෑ. ඔබලා සියලු දෙනාට බොහොමත්ම ස්තුතියි.

    ReplyDelete
  7. අප්පෝ ඉන්දික මහත්තයටයි ගඩොල ටයි ස්තුති කරන්න බැරි උනා නෙව. ස්තුතියි ඔබ දෙපලට.

    ReplyDelete
  8. කපුගේ ගේ කට හඩට ගහන්න කට හඩක් තාමත් මට හොයගන් න බෑරි උනා.

    ඇලුතින් එන පොර වල් ගේ කට හඩත් එක්ක මේ කට හඩ මොකක්ද කියල හිතෙනව..

    කපුගේ ඔබට නිවන් සුව...

    ReplyDelete
  9. මම මේක තෙරුමක් ඇතුව ඇහුවෙ අද. ස්තුතියි.

    ReplyDelete
  10. thank you vampire..you got a good taste

    ReplyDelete
  11. this is bit doubtful can you confirm the lyricist is Prof. Rambanda Seneviratne? I have a cassette cover which says it is written by Udaya Manawasinghe...I really would like to know who is the real Lyricist...

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails