Monday, July 26, 2010

May You Attain Nibbana | ඔබට නිවන් සුව ලැබේවා..

 

තම තම නැණ පමණින් බ්ලොගය රචනා කරමින් සමාජයට ඉමහත් සේවාවක් කළ කුමුදු පින්තු මහතා මෙලොවින් නික්මගොසින් කියන පුවත දැනගතිමි. එතුමාගේ සමාජ මෙහෙවර ප්‍රසංශනීයයි. බ්ලොග් වල හිතන්නට යමක් තිබූ ඉතා හරවත් බ්ලොගයක් ලෙස ඒ මහතාගේ බ්ලොගය හැඳින්වීමට පිලිවන්.

කුමුදු පින්තු මහතාණනි, මා ඔබ කිසි දිනෙක දැක නැත. එහෙත් ඔබේ සිතිවිලි වලින් ඔබව හඳුනමි. ඊමේල් මගින්, කොමෙන්‍ටු මගින් කතා කලෙමි. ඔබට ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් සැප ලැබීමේ භාග්‍යය උදාවේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි. ඒ දුර නොවේ.

His Last Post  : View

10 comments:

  1. ඔබතුමාට නිවන් සුව ලැබේවා....!!!

    ReplyDelete
  2. අතරමැදියා ගේ බලවත් ශෝකය :( ඔබතුමාට නිවන් සුව ලැබේවා! පොස්ට් වලින් දන ගත්ත දේවල් බොහොමයි.

    ReplyDelete
  3. ඔබතුමාට නිවන් සුව ලැබේවා....!!!

    ReplyDelete
  4. ඇත්ටම මමත් එතුමා දැකලා නම් නැහැ. නමුත් දැක්කා වගේ තමයි. ඒ තරම්ම එතුමාගේ ලිපි අපට සමීප වුනා. එතුමාට මමත් නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  5. මනුස්සකම වෙතින් බලවත් ශෝකය ... ඔබට නිවන් සුව!

    ReplyDelete
  6. අපිත් නොමැරෙන මිනිස්සු නෙවේ. කවදාද කොතැනදීද යන්න නොදැන හිටියට අපිත් කවද හරි මැරෙනවා. සමහර විට තව ටිකකින් වෙන්නත් පුළුවන්. ඒක නිසා අපි හැමෝම අප්‍රමාදව යන තැනකට අරන් යන්න පුළුවන් වැඩක් කරගන්න එකත් වටිනවා.
    කුමුදු පින්තු මහතාණෙනි. ඔබට මතු උපදින භවයකදී නිවන් අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා!!!

    (වැම්පයර් දාපු link එක වැරදියි.)

    ReplyDelete
  7. කාංචන සහෝදරයා- ස්තුතියි. නිවැරදි කලෙමි.

    ReplyDelete
  8. අයියෝ... :[ මමත් ප්‍රාර්ථනා කරනවා එතුමාට නිවන් සුව ලැබේවා කියලා... :[

    ReplyDelete
  9. ‎"තම තම නැණ පමණින්" බ්ලොග් අඩවියෙන් සිංහල බ්ලොග් අවකාශයට ඉමහත් මෙහෙවරක් ඉටුකළ අපෙන් සමුගත් කුමුදු පින්තු ගුරුතුමාට නිවන් සුව අත්වේවා !!!

    http://aagiyakatha.blogspot.com/2010/07/blog-post_26.html

    ReplyDelete
  10. සහෝදරයා ඔන්න මමත් ආවා ඔයාගේ බ්ලොග් එක පැත්තේ.....

    අද තමයි මට එන්න පුළුවන් වුනේ

    අපේ ගුරුතුමාට අමා මහ නිවන් සුව පතනවා.....!!!

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails