Saturday, July 24, 2010

අනේවාසික විදේශ මුදල් | NRFC

නිදි නැතිව ගෙවුනාවු  ‍රැයවල්
නිමක් නැත ඔබ ළඟින් නොමැතිව
හෙලු සුසුම් වැල් කඳුලු ගංගා
කොපුල් තල වියැලී මිලානව

කතර මැද හිඳ සිහින මන්දිර
තනමි එනමුදු හද අසාරව
සොයයි මා පුතු දියණි  සුරතල්
ඇසෙයි කෙළි කවටකම් දුරකින

දුවණි තවමත් අහස බලබල
අහස් යන්තර එනු  ගනිනවද
පුතා  පාසල් ඇරිල ඇවිදින්
පිලේ හිඳගෙන මග බලනවද

මාසෙ කඹුරා ලැබුන කහවනු
එවමි මම මේ සමග අමුනා
මින් මනත කිසි කලෙක නැවතත්
නොයමි මා ඔබ, දරුවො හැරදා

(කොන්ත්‍රාත් කාලය ඉවරවෙනකං ඉන්න වෙනවා)

 

පොඩි වෙනස් දෙයක් ඔන්න,, මොකක් ලියවුනාද මන්ද. ම්ම්.. අනේ ඔන්න මම නං දන්නෙ නෑ.. මාවනං අල්ලගන්නෙපා.

 

අර කතාවත් තියෙනව දාන්න ඊයෙ කියපු.

කොමෙන්ට්ස් මොඩරේශන් කිරීම ගැන සමාව ඉල්ලනවා. මොකෙක්ද හොක්කි බල්ලෙක් උඩුබුරලනව . ඒකයි. මොනව කරන්නද? කොමෙන්ට්ස් විල් බී විසිබල් ආෆ්ටර් ඇපෲවල්....

10 comments:

  1. දෙමවිපියො... ආදරය කරන අය... යාලුවො... නෑ දෑයො... ඔක්කොගෙන්ම ඈත් වෙලා දුර රටක තනි උනාම... හපොයි....

    ඕවා ලිය වෙනවා මටත් ඉස්සර... ඒත් අර සෙන්සිටිව් ඔලුව කාල නැති කරල විකාර කරපු කෙල්ල ට පින් සිද්ද වෙන්න දැන් ඔහේ ඉන්නවා... දුකත් නෑ. සතුටත් නෑ.

    ReplyDelete
  2. අනේ මන්ද බං.. ඔන්න ඔහේ හිතුන මටත්..කවුද බං ඒ.. තව සීරිස් එකක්ද..?

    ReplyDelete
  3. නෑ බන්... මොන සීරිස් ද... බ්ලොග් එකේ මුල කාලේ... හිතේ දුක යන්න තමයි බ්ලොග් ලියන්න ගත්තෙත්. පිස්සු මෝල් ඒ කාලේ...

    ReplyDelete
  4. මොනවා කොරන්නද......ජීවත්වීම නෙව......:(

    ReplyDelete
  5. මාත් හිතාගෙන හිටියේ ආය නම් ලංකාවෙන් පිට යන්නෙ නෑ කියලා... ඒ වුනාට පළවෙනි නිවාඩුවෙන්ම ඕං අදහස වෙනස් උනා කියන්නේ...

    ReplyDelete
  6. ජීවිතය විඳින්න යන ගමනක විඳවන මොහොතක්

    ReplyDelete
  7. Hmmmmmmmmmmmm

    ReplyDelete
  8. Your comment will be visible after approval.

    ReplyDelete
  9. මල්ලියේ මොන හේතුවකින් හරි මට උඹේ බ්ලොග් එක මග හැරුණා...මගේ නොසැලකිල්ලට සමාවෙයන්... උඹ හරි සොඳුරු මිනිහෙක්... අද උදේ උඹේ බ්ලොග් පොස්ට් ඔක්කොම කියෙව්වා... ඒ සිතුම් පැතුම් බොහොම සුන්දරයි.... මේ කවිය ඔක්කොටම හපන්... පපුව අඬුවකින් අල්ල ගත්තා වුනා වගේ... උඹත් අහල පහල ඉන්නේ වාගේ... අඳුනාගන්න ඉතාම සතු‍ටුයි... මගේ මූණු පොතෙන් හරි මේල් එකට හරි message එකක් දාපන් මලේ... ඔය කියන කවුරු හරි මේ ඊයේ පෙරේදා මගේ මව් මතක් කර කුණුහරුපයක් මගේ සයිට් එකෙත් දාලා තිබුනා... ඔව්වා ඉතින් අසරණයින්ගේ වැඩ..
    මමත් මොර‍ටුවෙ හිටියේ... 95 එලියට ආවේ..

    ReplyDelete
  10. තිස්ස අයියා.. මේල් එක නං දැම්ම ඔන්න.. අපෙ අප්පේ.. ඕක නිකං අර යුනිකෝඩ් කන්වර්ටර් එකේ ටයිප් කර කර ඉන්නකොට නිකංම වැදුනෙ.. හිතල කරපු දෙයක් නෙවයි..පහුවෙලා හරි ආව නේ.. බොහොම ස්තුතියි......


    ජයවේවා...

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails