Sunday, July 11, 2010

රචනා චෞරත්වය මහා අපරාධයකි - Plagiarism is a Serious Crime

 images

මේ සටහන ලියැවෙන්නේ දුකකට වඩා කලකිරීමක් සිත්හි දරාගෙනය. පසුගිය දවසක මට අසන්නට ලැබුණු පුවතකින් කියවුනේ ලංකාවේ ප්‍රමුඛ ම චිශ්ව විද්‍යාලය යැයි නම් දරා ඇති මොර‍ටුව විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රඥයෙක් රචනා චෞරයෙක් ලෙස චෝදනා ලබා ඇති බවයි. මේ චෝදනාව නැගෙන්නේ මිනෙසෝටා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වරයෙක්ගෙනි. ඔහු පැහැදිලි සාක්ෂි සහිතව මේ චෝදනාව පෙන්වා සිටී. කතා දෙකක් නැත. කොපි කර ඇත!

රචනා සොරකම් කිරීම මහත් අපරාධයකි. එය බුද්ධිමය දේපළ පනත යටතේ ශ්‍රී ලංකාව තුලද, අන් සෑම රටකමද අපරාධ ගණයට වැටෙන ක්‍රියාවකි. අනුන්ගේ රචනාවක් තමන්ගේ කියා ප්‍රසිද්ධ කරගැනීම මහ පීචං, චොර, කැත, පල්, වල්බූරු වැඩකි. සැකක් නැත!

මාගේ දැනුමේ පමණට මෙය මොර‍ටුව විශ්වවිද්‍යාලයට දන්වා ඇත. නිසි පියවරක් ගන්නා තුරු අපි බලා සිටිමු.

………………

අප්ප.. එතකොට මේ පොටෝ දාන එකත් ඔය එකක්  වෙනව නේ.. මෙ පොටෝ මගේ හාඩ් එකේ තිබුන ඒවා ගොඩක්. කතෘ නොදනිමි!

13 comments:

  1. එහෙම කලා නම් චා. අපරාදේ.

    ReplyDelete
  2. මම සාක්ශි ඇහින් දැක්ක. ආයෙ කතා දෙකක් නෑ! ස්තුතියි මචන්!

    ReplyDelete
  3. අනේ මන්ඳ මචො.....ඕවා ගැන නම් කතා කොරලා වැඩක් නෑ.....:(

    ReplyDelete
  4. බුදු අම්මෝ ඒව ගෙඩි පිටින්ම කොපි කරලනෙ. ලෙක්චර් නෝට්ස් නම් කවුරුත් නෙට් එකෙන් බාල පාවිච්චි කරනවනෙ. ඒත් මේ යකා ඒව පොතක් ගහල විකුණලනෙ. ඇමසන් එකේ පොතක් ඩොලර් 60ක්!
    අනික එයාගෙ පොත් ගොඩක් ගන්නෙ එයාගෙන් ඉගෙන ගන්න ළමයිමයිනෙ.ඉතින් විකිණෙනවා.
    ෂී හරිම කැත වැඩක්.
    ඒ මදිවට තව ඔය වගේ පොතක් ගහන්න හිටිය කියල නියම අයිතිකාරයගෙන් තව චෝදනාවක්. චෝදනාව ඇවිත් දැන් මාස ගාණක් ඒත් කැම්පස් එකෙන් ගත්ත පියවර තමයි නොදන්නෙ. ලංකාවටම ලැජ්ජයි මේවගේ අයගෙ බාල වැඩ හින්ද

    ReplyDelete
  5. මේක ගැන මුකුත්ම නොදන්න කෙනෙක්ට තව විස්තර ගන්න තැන් ටිකක් දුන්න නම් එළ!

    ReplyDelete
  6. මචන් සුපුන් කිව්ව වගේ මේ ගැන තව විස්තර දැන ගන්න තැනක් දාපන් පුලුවන්නම්.

    කොච්චර උගත් උනත් පහත් වැඩ කරනව ලැජ්ජ නැතුව. විශ්ව විද්යාලය මේ ගැන පියවරක් ගත්තොත් හොඳයි.

    ReplyDelete
  7. නම් ගම් විස්තර දාන එක හරි නෑ නේද මොනව උනත්?

    ReplyDelete
  8. ශැඩෝ - මක් කොරන්නද බන් අපි!
    ‍ෆ්‍රීඩම් - ඔව්. නිවැරදියි!
    හිතුවක්කාරී- මොනව කරන්නද බොලේ!
    සුපුන්- ම්ම්.. මම හිතල බලන්න ඕන!
    පිස්සා- ඔව්, ඒත් මම නම් හිතන්නේ නෑ, තාම ලංකාව නිසා!
    ‍ෆ්‍රීඩම්- ඔව්!

    කවරෙකුට හෝ මේ සම්බන්ධව සැකයක් ඇත්නම් ඊමේලයෙන් අමතන්න. අන්තර්ජාලයේ ඇති දත්ත මම සපයන්නම්.

    මමත් ඉගෙන ගෙන ඇති ගුරුතුමෙක්. එබැවින් මට තාම හිත දෙන්නේ නෑ අමුවෙන් නම් ගම් හා සාක්කි ඇතුව මේක ජාලගත කරන්න!


    කට්ටියට ස්තුතියි!

    ReplyDelete
  9. නෑ නෑ නෑ. එහෙම කියන්න එපා. ඒක තවත් විදේශ කුමන්ත්‍රණයක එක් ජවනිකාවක්. ඒ වගේ ඒවට මොරටුව වගේ ලෝ සුපතල විශ්ව විද්‍යාලයක් සැලෙයිද නේද? :p

    (නම් ගම් දාන ඒක ටිකක් හරි මදිනේද වැම්පෝ. දන්නෝ දනිති නේ)

    ReplyDelete
  10. වෑලා- ඒක මම දන්නව, ඒත් එක් අතකට අන්තර්ජාලගතවී ඇති දෙයක් නෙව, පබ්ලිශ් කලාට අවුලක් වෙන්නේ නෑ. මම ඉගන ගත්ත නිසයි එහෙම නොකලේ!

    ReplyDelete
  11. ඕක මොකක්ද ? ඕකෙ ඉන්නේ .lk එකත් සින්නක්කර ලියා ගත්තු උන්දැලා නේ...

    ReplyDelete
  12. එල්කේ ඩොමේන් රෙජිස්ට්‍රිය මේකට ආවෙ කොහොමද කියල පැහැදිලි කලා නං.. මට තේරෙන්න නෑ..ඒකෙයි මේකෙයි තියන සම්බන්දෙ

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails