Thursday, July 15, 2010

The Punishment Transfer of Gunadasa Kapuge | ගුණදාස කපුගේ ගේ දඬුවම් මාරුව

ශ්‍රී ලංකාවේ ආණ්ඩුවකින් සිංහල සංගීතයට කළ මහත් මෙහෙවරක් ලෙස මට අදත් සිතෙන දෙයක් තමයි කපුගේට රජරට සේවයට ලබා දුන් දඬුවම් මාරුව! දේශපාලන බ්ලොගයක් නොවන නිසාවෙනුත් ඒ සම්බන්ධයෙන් මගේ ඇති උදාසීන පිළිවෙත නිසාවෙනුත් මම මෙහිදී එයට පදනම් වුණ කාරණා මෙහි සඳහන් කිරීමෙන් වැලකී සිටින්නෙමි.
කපුගේට එකල අන්තර්ජාතික සමුළුවක් නියෝජනය කිරීමේ ආරාධනාවක් ලැබී තිබුණි. මාගේ මතකය නිවැරදි නම් ඒ කියුබාවේ ය. නමුත් කපුගේ ට ගුවන්විදුලි සංස්ථාවෙන් නිවාඩු ලබාදීම ප්‍රතික්ශේප කරන ලදී. ‍රැකියාව නොතැකූ හෙතෙම සමුළුවට සහභාගි විය. ඔහු සේවය හැර ගියා යයි සලකා ගුවන්විදුලි නිලධරයන් ක්‍රියාකර තිබිණ. ඉන් පසු කපුගේට නැවතත් ‍රැකියාව ලැබුණද දේශපාලකයෙකුට අපහාස කරන ලදැයි යන චෝදනාව පිට පොලිස් අතඩංගුවට පත්ව යලිදු වැඩ තහනමකට ලක්විණ.

නැවතත් කපුගේට ‍රැකියාව ලැබුණේ දඬුවම් මාරුවක් ද සමගය. කපුගේ රජරට සේවයට මාරු කර තිබුණි.

මාගේ දැනුමේ පමණට කපුගේ ගේ සංගීත දිවියේ හොඳම නිර්මාණ බිහිවන්නේ මේ සමගිනි. එපමණකුදු නොව තරුණ ගායකයින් ‍රැසක් කරළියට නංවාලීමට කපුගේ දැරූ තැත ප්‍රසංසනීය වේ. ජානක වික්‍රමසිංහ හා කරුණාරත්න දිවුල්ගනේ  මේ පමණට ඔසවා තබන්නට ඔවුනගේ ප්‍රතිභාව පමණක් නොව කපුගේ ගේ ආශීර්වාදය හා මගපෙන්වීම මහත් පි‍ටුබලයක් වූ බව නොරහසකි.

 

තවද කපුගේ ගේ විශිෂ්ඨ ගණයේ නිර්මාණ කීපයකට පදරචනයෙන් දායක වුණ මහින්ද චන්ද්‍රසේකර, පල්ලේගම හේමරතන ස්ථවිරයන්,මහින්ද දිසානායක වැනි කලාකරුවන් කපුගේ හා අත්වැල් බැඳ ගැනීමද මෙකල්හි සිදුවුණ වැදගත් සිදුවීමකි.

මේ පැවැසූ කාරණා වලට උදාහරණ කිහිපයක් පෙන්වා මේ කෙටි සටහන නිමා කරමි.

දන මන පිනවා - පල්ලෙගම හේමරතන ස්ථවිරයන් වහන්සේ
සුමනෝ - රණ්බණ්ඩා සෙනවිරත්න
උලලේනෝ- රණ්බන්ඩා සෙනවිරත්න (මේ ගීය නැවතත් අසන්න.. මෙයට වස්තුබීජ සපයා ඇත්තේ '71 කැ‍රැල්ල විසින් යැයි රණ්බන්ඩා සෙනවිරත්නයන් වරක් පැවසූවා මතකයේ ඇත, නිසැක නැත, ඌණපූර්ණයක් අගේ කොට සලකමි)
දම්පියාව- පල්ලෙගම හේමරතන ස්ථවිරයන් වහන්සේ

කරුණාරත්න දිවුල්ගනේ සමග

රුවක් ඇදෙනවා - මහින්ද දිසානායක, ගුණදාස කපුගේ 
ශිල්ප අරන් - පද රචකයා මහින්ද චන්ද්‍රසේකර යයි මතකයක් ඇත! නිසැක නැත.. සමාවෙන්න
පලන්චියේ වැඩ ඉඳගෙන - රත්න ශ්‍රී විජේසිංහ, ගුණදාස කපුගේ
ඇසට අසුවන මායිමේ - මහින්ද දිසානායක, ගුණදාස කපුගේ

ජානක වික්‍රමසිංහ සමග

පිච්ච මලක් - රත්න ශ්‍රී විජේසිංහ, ගුණදාස කපුගේ
අනේ සර් මට නිවාඩුනම් දෙන්න එපා සර් - සුනිල් ආරියරත්න, ගුණදාස කපුගේ

 

මතකෙට එන විදියට තව දාන්නම්. කට්ටියට මතක නම් පහලින් කොටලා යන්න. මේ දවස් වල මේ පොඩ්ඩ ලියන්නත් ඔලුව එකලාසයක් වෙන එක ගැන මට පුදුමයි!

අදාල ලිපි

 http://blogvampa.blogspot.com/search/label/Gunadasa%20Kapuge

 

ජය!

 

Note:
සමහර  ගී ගුණදාස කපුගේ රජරට සේවයේ යෙදී සිටි කාලයේම නොකළ ඒවා බව සැලකුව මනාය. උදාහරණ වශයෙන් පමණි. නමුදු අදාල පුද්ගලනාම රජරට සේවයේ කපුගේ ගේ කාලය හා බැඳේ…..

10 comments:

  1. බොහොමත්ම ස්තුතියි තොරතුරු බෙදා හදා ගත්තාට........:)

    ReplyDelete
  2. වටිනවා මචන් විස්තර ටික... කපුගේ කියන්නෙ හරි සුන්දර ගායකයෙක්...

    මොකෝ උබේ ඔලුවට වෙලා තියෙන්නේ... ලේ වත් මදි වෙලාද වැම්පයර්ට හික් හික්...

    ReplyDelete
  3. බොහොම වටිනවා, මමත් ආසම ගායකයෙක් තමයි කපුගෙ... මම එයාගෙ ගෙදරත් ගිහින් තියනවා පොඩි කාලෙ. හරිම ලස්සන මිනිසෙක්..

    ReplyDelete
  4. උලලේනෝ සින්දුවෙ අගම තීන සංගීත ඛන්ඩය ගැන අවධානය යොමුකරන්න. ඒකතමයි රචකයගෙ අදහසට සංගීතඥය තමන්ගෙ හැඟීම මුසු කිරීමෙ උපරිමය.

    ReplyDelete
  5. I also agree with Indika, I remember watching in a TV program where Kapuke and Ranbanda Seneviratna were talking about the 'Ula Leeno' song. They said the military style drum beat at the end was to imply that it was not over and will come back again. Rightly so, in 88-89 the problems started again - RUK

    ReplyDelete
  6. මචං. ගුනදාස කපුගේ ගේ මේ වගේ ඔර්ජිනල් මියුසික් තියන කලෙක්ෂන් එකක් නැද්ද බාගන්න ?. අලුත් මියුසික් නෙවෙයි.

    ReplyDelete
  7. ශැඩෝ - ස්තුතියි ඇවිත් ගියාට...
    පිස්සා - අම්බානක වැඩ බන්
    රවා- කපුගේ ගැන කියන්න දේවල් ගොඩයි. ඒත් මගේ සිතුවිලි හරියට වචන වෙන්නේ නෑ බන්
    ඉන්දික - බොහොම ස්තුතියි
    රුක්- බොහොම ස්තුතියි
    හෙළයා- මචං, මේ දාන්නෙ මගේ ළඟ තියන ඒව. උඹට මොනවහරි සින්දුවක් ඕන නම් කියපන්. මම දෙන්නම් මගේ ළඟ තියනවනම්!

    පොඩ්ඩක් පිටකො‍ටුවෙ මල්වත්ත පාරෙයි, ඕල්කට් පාරෙයි එම්පීත්‍රී විකුණන අය ගැන විමසිල්ලෙන් ඉන්න. මම කපුගේ ඔරිජිනල් මියුසික් සීඩී එක ගත්තෙ බෝ ගහ ළඟින්.. ඒක නරක වැඩක් බව මම දන්නව, ඒත් ඉතින් ආසාවටමයි ගත්තෙ!

    ReplyDelete
  8. හෙළයා : http://www.musictopalbum.com/2010/03/gundasa-kapuge.html


    මම නම් බෑවෙ නැහ.. මම ගාව හුඟක් ඒව තියෙන නිසා. මම හිතන්නේ මේ පරණ ම්යුසික්. බලන්න ටිකක්.

    ReplyDelete
  9. අඩේ එල කොල්ලෙක් නෙ.. මගේ ළඟ තියන සීඩී එකම තමයි.. මේකෙ ඔරිජිනල් තමයි තියෙන්නෙ...

    ReplyDelete
  10. machhangla!!උලලේනෝ eka seen eka dana gan an kamathi ??

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails