Friday, July 16, 2010

සබා ගේ “මාර සිරා” කතා | Sabaa ge “Maara Siraa” Kathaa

fever

කට්ටිය දන්නවනේ මම හිටපු කැම්පස් එක. බැලින්නම් අපේ කාංචන ජොකියත් ඉඳල තියෙන්නෙ ඒකෙ නෙව. මොකද එයා ලියල තිබුනනෙ සබා ගැන. අපේ සබා ඉතින් ලෝකෙටම එකයි.  අපේ හොස්ටල් වලට කවද හරි බ්‍රෝචර් එකක් ගහනවනම් ඉතින් පොටෝ එකට දාන්න තියෙන්නෙ ඔය සබා තමයි.

සබා ගැන විස්තරේ ඇත්ත ඇති සැටියෙන් මෙතනින් බලාගන්න.

මිනිහ ඉතින් හරි කැමතියි කොල්ලො එක්ක මික්ස් වෙන්න කොහොම හරි. කොල්ලොත් ඉතින් හරි කැමතියි පොරට වෙලාවකට. ඒත් ඉතින් ගහන්න එහෙම යන වෙලාවලුත් නොතිබුනා නොවෙයි ඔං.

සබා හරි කැමතියි කොල්ලො එක්ක ඒ විදියටම කතා කරන්න. ඒ කියන්නෙ කොල්ලො කතා කරන වචන කෑලි අහුලගෙන ඒවයින් කතා කරන්න. ඒ වුණාට ඒවයෙ හරි තේරුම මිනිහ දන්නෙ නෑ ගොඩක් වෙලාවට. හිනා සාගරයයි.

මේ කතාව මට වෙච්ච දෙයක් නම් නෙවෙයි. ඒත් ඇත්ත කතන්දරේ නම්.

ඔන්න අපේ කොල්ලෙක් ලෙඩ වුණා හදිස්සියෙම. හොස්ටල් එකේ ඉන්නකොට, මූට සහලෝල උණ. වෙවුලන සයිස්. රෑ වෙලා. සබා ආව පොඩි පැට්‍රොල් පාරක් දාන්න.

කට්ටිය ලෙඩාගෙ කාමරේට වෙලා කතා කර කර ඉන්නව මොකද කරන්නෙ කියලා.

කොහොමහරි සබාත් ආව. සබා කිවුව “ඉස්පිරිතාලෙට ගෙනියමු මමත් එන්නම්” කියල.

දැන් ලෙඩා ඉස්පිරිතාලෙට ගෙනියන්න තමයි හදන්නෙ. ආපු ත්‍රීවීල් එකට සබත් නැග්ග. මොකද මිනිහ කැමතියි චරිතෙ වෙන්න. ගිහින් කලුබෝවිලට ලෙඩා ඇඩ්මිට් කරල ගෙවල් වලට පනිවිඩ ඇරල කට්ටියම ආව ආයෙ කැම්පස් එකට.කළුබෝවිල ම ගෙවල් තියන එකෙක් ලෙඩාගෙ රෑ වැඩ මුරය බාරගත්ත ගෙදර ඉඳලම කරන්නම් කියල.

කට්ටිය ඇවිත් දැන් කතාව. ඔහොම ඉන්නකොට කොහෙද ඉඳල කබ කඩ කඩ තව එකෙක් ඔතෙනට ආව.

ඌ අහපි " මොකෝ මේ කට්ටිය ‍රැස් වෙලා"

පැනපු ගමන් සබා කියපි "හරි වැඩේනෙ පුතා, මේ කාමරේ හිටපු එකාට සහලෝල උණ, ඉස්පිරිතාලෙ නැවැත්තුව…. මාර සිරා…ශෙහ්.. කොර..! "

12 comments:

  1. මාර සිරා…ශෙහ්.. කොර..! ....පට්ට කතාව......:))))..

    ReplyDelete
  2. මාර සිරා…ශෙහ්.. කොර..!

    ReplyDelete
  3. මාර සිරා…ශෙහ්.. කොර..!

    ReplyDelete
  4. හික් හික්!! එළකිරි!!!

    ReplyDelete
  5. ශැඩෝ, හසිත, සමීර අබේසේකර, හිතුවක්කාරි, ගඩොලා, කකා - ස්තුතියි කට්ටියටම

    අයියෝ කකා .. සබා ඔය "මාර සිරා" කියන වචනෙ වැරදියට පාවිච්චි කරන අවස්ථාවක් හරියට නොදැන

    ReplyDelete
  6. ක.සු මොකද අද ටියුබ්ල්යිට් වෙලා, ඔහොම තමයි ගුරුන්ටත් අකුරු වරදිනවනෙ :)

    ReplyDelete
  7. හික් හික් හික්..... මාර සිරා කොර කොල්ල ලෙඩ වෙලා... හික් හික්...


    ඈ කතන්දර අය්යේ... හැබෑට මොකෝ මේ අද කොර වෙලා හික් හික්

    ReplyDelete
  8. kollath moratuwe wage..ela ela...

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails