Saturday, July 17, 2010

සබාගේ “රඹුටන් කතා” | Sabaa ge “Rambutan Katha”

See full size image

මේකත් සබා කෙනෙක් ගෙ කතාවක්.  මම කලින් කියපු මාර සිරා සබා නෙවෙයි. වෙන කැම්පස් එකක කතාවක්.

පොරටත් අපි "සබා" ම කියමු. මොකද නැත්නම් සබා කොන්ෆ්ලික්ට් වෙනවනේ. මේ සබාගෙ ක්වාටස් එක ඉස්සරහ තියනව රඹුටන් ගහක්. වාරෙට සබා ඉතින් ගහ මුර කරන එක තමයි වැඩේ. කොල්ලොන්ගෙන් ඕක බේරගන්නව කියන්නෙ එකම මිශන් ඉම්පොසිබල් කතන්දරයක්.

මේක කිවුව කෙනාගෙ සෙට් එකත් ඉතින් ඔන්න රඹුටන් ගහට ගේම දෙන්න සෙට් වුණාලු දවසක රෑක.

කට්ටිය රෑ ගහට නැගල හිතේ හැටියට රඹුටන් කනවලු. ලෙලි ඇට  බිමට දානවලු, එක විකාරයයි.

තරහටම නේ ඉතින්. මොකද දවල්ට සබා ගහ වටේ පරිභ්‍රමණය වෙන හැටියට දවල්ට ගහ දිහා බලනවා බොරු...

කට්ටියට ඉතින් ඉන්න තැන අමතක වෙනවනේ පොඩ්ඩකින්. ඔන්න ඉතින් අපේ කට්ටියගෙත් සද්දෙ වැඩි වුණාලු නොදැනිම.

එක පාරටම ක්වාටස් එකේ ලයිට් එකක් පත්තු වුණාලු. කට්ටිය දැනගත්තලු වැඩේ දෙල් වෙන්නයි යන්නෙ, අද සබාගෙ අතටම මාට්‍ටු කියල.

කිවුවත් වගේ සබා පන්දම (ටෝච් එක කියල කියන්නෙ සිංහලෙන්) වන වන එනවලු.

"කවුද බැ....ගෙ පු‍තෝ ගහේ ඉන්නෙ"

සද්ද කරල ගහ උඩට ටෝච් එක ගැහුව විතරයි ....

අපේ කට්ටිය මොකද දන්නවද කරල තියෙන්නෙ....

සරම නේ ඇඳගෙන ඉන්නෙ.  සරමෙ ඉනේ ගැටේ එහෙමම තියෙද්දි පහල වාටියෙන් උස්සල ඔලු වහහත්තලු කට්ටියම.

සබා ආයෙ කිසි කතාවක් නෑ හැරිල එහෙමම ගියාලු ක්වාටස් එකට.

එහෙම වෙන්න හේතු දෙකක් මට හිතෙනව.

  1. සබා ලැජ්ජාශීලී වීම හෝ තව ටිකක් වෙලා සද්ද දැම්ම නම් නෝනත් එලියට බහින වග සිතට ඒම
  2. සබාට ගහේ තිබුණු රඹුටන් ගෙඩි වල අඩුවක් නොපෙනීම

අම්මප මටත් හිතෙන දේවල්...

13 comments:

  1. මම හිතන්නේ දෙවෙනි හේතුව. එළ කතාව. :)

    ReplyDelete
  2. දෙවෙනි එක යකෝ දෙවෙනි එක........පට්ටම පට්ට.....:)))...

    ReplyDelete
  3. ලියන දේවල් ‍‍‍‍...හැබෑට...

    ReplyDelete
  4. දෙවෙනි එක වෙන්න පුලුවන්....

    ReplyDelete
  5. සබා භය වෙලා, එක රෑට රඹුටං මෙච්ච්‍ර ලොකු උනේ කොහොමද කියල!

    ReplyDelete
  6. ඒ සබාත් මේ සබාත් හැර තවත් සබාලා සිටීද?
    සීටී නම් තම තමන්ගේ blog වල ඒ ගැන ලියනවා හොඳයි.

    ReplyDelete
  7. ඩෙෆා.. දෙවනි හේතුව..
    පුදුමයි මිනිහා වයිෆ්ට කතා නොකල එක... අලුත හැදුන රඹුටංවල ලොකු පෙන්නන්ට....

    ReplyDelete
  8. අම්මපා උබටත් හිතෙන දේවල්... හික් හික්...

    ReplyDelete
  9. කසූගේ ඇවරි කතාව මතක් වුණා :) මාත් හිතන්නේ දෙවෙනි හේතුව

    ReplyDelete
  10. අම්මපා මම නම් කියන්නේ සබාට ගහේ තිබුණු රඹුටන් ගෙඩි වල අඩුවක් නොපෙනීම තමා , වෙන මොනවද ??? හු හු ...

    ReplyDelete
  11. බලන බලන අත රඹුටන් ලු

    ReplyDelete
  12. වෑල, ශැඩෝ- ස්තුති වේවා
    වත් - අනේ තරහ වෙන්නපා, මොනව කරන්නද... ඕකෙ හර බැර ඇරල ලිවුවෙ, මේට පස්සෙ පී.ජී. දාන්නම් ...:) ආවට ස්තුතියි කාලෙකින්
    ඉලන්දාරියා- තැන්කූ තැන්කූ.. හැබෑට ඔය ඉලන්දාරියා කියන එකේ තේරුම දන්නවද?
    ඉන්දික- හෙ හෙ, රඹුටන් තමා ඉතින්..
    කාංචන- මේව නිකන් වැරදිලා වත් සබා බැලුවොත් එහෙම, පව් අහිංසකයා
    පුතා- රඹුටන් විතරක් නම් මදෑ
    පිස්සා- අනේ මන්ද ඕයි.. පොඩි කාලෙ අහපු බලපු දේවල් හොඳ මදි නේ
    හසිත- ඒක නේන්නම්
    හිඟන්නා- හ්ම්ම් හ්ම්ම්
    සමීර- ඒක නේන්නම්
    බ්ලින්කි- ස්තුතියි සාදරයෙන් පිළිගන්නවා

    සෑම දෙනාටම ජය

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails