Thursday, July 1, 2010

සුභාෂිතය හෙවත් හි‍තෝපදේශය | Subashithaya - Hithopadeshaya | Bamuna Unath - Nanda Malini

නන්දා මාලිනිය ගේ මේ ගීතය වෙන කවරදාටත් වඩා අදට වටෙනේය. මන්දයත් මේ සෑම වර්ගයේම පුඟුලන් අද අපේ වේදිකාවල කරණම් ගසන බැවිනි. මාගේ සිතිවිල්ලට අනුව මේ ගීය ගැයුණු සමයේ මේ ගීතයෙන් කියැවෙන සියල්ලෝම ලබන්නට තරම් අපි වාසනාවන්ත වූයේ නැත. නමුදු අද අප ඒ සෞභාග්‍යමත් කාලයේ හිණිපෙත්තේ සිටිමු. සෑමදාටම වඩා මෙය අදට ගැලැපෙන්නේ එබැවිනි.

 

බමුණා වුණත් දුදනෙකු නම් බිම හොවනූ
සැඩොලා වුණත් සුදනෙකු නම් පු‍ටුව දෙනූ

හෙළයා වුණත් ජඩයෙකු නම් පහර දෙනූ
දෙමළා වුණත් විරුවෙකු නම් ගරු කරනූ

 

බුදු හිමි ජේසු හිමි නබි හිමි වැඳපුදනූ
දෑ ගොත් කුළ නොදු‍ටු උන් බණ පිළිපදිනූ

වැදි බණ මැදින් මුනි බණ ‍තෝරා අසනූ
වැදි බණ දෙසන සඟ ගණ වුව පි‍ටුදකිනූ

 

සිහසුන ඉන්ට රට දැය පාවා නොදෙනූ
පාවා දෙන එවුන් මූණට කෙළ ගසනූ

කසයෙන් තලා හිස පළඳා ක‍ටු ඔ‍ටුනූ
ජනයා අබිමුවේ උන් නිරුවත් කරනූ

 

රජෙකුගෙ වුවත් වරදට කෑ මොර ගසනූ
මොරදෙන මුවෙහි ලන මී පැණි ඉවත ලනූ

නිවැරදි කරනු බැරි රජු නෙරපා හරිනූ
වරදට කිපෙනු සටනට වැද ජය ලබනූ

 

අහන්න

බාන්න

 

ගී සංකල්පනා- මහාචාර්ය සුනිල් ආරියරත්න
තනු නිර්මාණ- නැසීගිය විශාරද ගුණදාස කපුගේ

“පවන” ඇල්බමයෙන්

අදාල සබැඳි

http://blogvampa.blogspot.com/2010/06/gunadasa-kapuge-living-legend.html

http://blogvampa.blogspot.com/2010/06/yadamin-banda-vilangula-mage-putha.html

පසුවදන-
අධික වැඩ රාජකාරි හමුවේ ඔබ හමුවීමට නොහැකිවීම ගැන කමන්න. පරණ සින්දු ටිකක් අහ අහ ඉන්නකොට මේක ඇහුණ ගමන් හිතුනා කට්ටිය එක්ක බෙදාගන්න.

තවත් දෙයක්.. එකල මේ ගීතයෙන් වක්‍රව සහය දැක්වූ කණ්ඩායම් අද කරන දේ දැකීමෙන්දෝ මෙවන් ගීත  අද බිහි නොවේ. ම්ම්.. සමහර විට ඒ ජීවිතයට ඇති ආසාව නිසා වන්නටත් බැරි නැත!


සිංහලයාට මේ ගීයේ කියැවන පමණ ගට්ස් කවදා නම් පැමිණෙයිද? අනේ මන්දා....

ජය!

වැම්පයර්

4 comments:

  1. හ්ම්........... අද සමාජයේ මිනිසුන්ට වඩා අද සමාජයේ කලා කරුවන්ට හොද ගීතයක්.

    ReplyDelete
  2. I've no blog site to comment..
    sorry for that..
    I like your blog style..

    congrads!!

    ReplyDelete
  3. නිස්සො සුදුස්සෝ යටකොට පුස්සො වැඩ දෙනවා යම​රෙට සෙතක් වේද එහෙව් රටකට ඕයි.... කියලා දීපාල් සිල්වා මහත්තයාත් කිව්වලු නේද

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails