Wednesday, July 14, 2010

Sunflowers with Gunadasa Kapuge – The true Story | සන්ෆ්ලවර්ස් සමග ගුණදාස කපුගේ - සත්‍ය කතාව

situ-kumariye

බොහොම විවාදාත්මක මාතෘකාවක් වගේම කපුගේ සෑහෙන්න බැණුම් අහපු සිද්ධියක සත්‍ය කතාව තමයි අද එලියට දාන්නේ. "සන්ෆ්ලවර් සමග" කියන ට්‍රෙන්ඩ් එක පටන් ගත්තෙ ගුණදාස කපුගේ මහත්තය. නිල්වලා ලේබලයෙන් තමයි එලිදැක්වුවේ. මෙයින් පස්සෙ කට්ටිය දිගට හරහට සන්ෆ්ලවර් සමග කියන්න පටන් ගත්ත නේ. මම මට තේරෙන විදියට හොඳ නරක  පසුවට පළ කරන්නම් මේ ගැන. කපුගේ සන්ෆ්ලවර් සමග ගායනයට හේතු වුණේ මුදල් ප්‍රශ්නයක්. ඒ කපුගේට නම් නෙවෙයි.

oba-pem-karana

 

 

 

 

 

 

 

 

 

 

 

 

"සොඳුරු ආඥාදායකයා" ලෙස පතලව සිටි සුගතපාල ද සිල්වා කලාකරුවාණන් බරපතල ලෙස රෝගාතුරව පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි කාලයක් ඒක. ගුණදාස කපුගේ සන්ෆ්ලවර් සමග ගීත ගැයුවේ සුගතපාල ද සිල්වා ට මුදල් ලබාදීමට බව සුගතපාල ද සිල්වාම වරක් පැවසුවා මගේ මතකයේ ඇත.

"මම නිසා කපුගේ තරම් බැණුම් අහපු කෙනෙක් තවත් නැතුව ඇති"

යනුවෙන් වරක් එතුමා (සුගතපාල ද සිල්වා) සරසවිය වැනි පත්‍රයකට පැවසූ වදනකුත් මගේ මතකයේ තිබේ.

කපුගේ ගේ මම දකින විශේෂත්වය තමයි ඔහු මේ බව ප්‍රසිද්ධියේ නොපැවසීම. කපුගේ ට අවශ්‍යනම් මේ සිද්ධියට ප්‍රචාරයක් දී සත්‍ය හෙළි කිරීමට ඕනෑ තරම් අවස්ථා තිබුණ බව මගේ හැඟීමයි. වසර 2001-2002 දී පමණ රූපවාහිනී සංවාදයකදී නිවේදකයා කපුගේ ගෙන් පුන පුනා සන්ෆ්ලවර් සමග ගැයූ හේතුව ඇසූමුත් කපුගේ දුන්නේ "අපිට හදිස්සියකට සල්ලි ඕනෑ වුණාම කවුරුවත් දෙන්නේ නෑ නේ" වැනි පිළිතුරක් වග මතකයේ ඇත.

 

කපුගේ.. මා දු‍ටු හොඳම මානව හිතවාදී කලාකරුවෙකි. නියම මහත්මයෙකි.

කතන්දරත් බූට් කවි ලියද්දි වත් සහෝදරීට මතක් වුණ ගීතයකුත් අහගෙනම යන්න.

තරු මල් යායම
පොඩිකර අහස් විලේ
ඉර හඳ මිරිකා
දියකර සාගරයේ
අඳුරේ උන්නෙමි ලොවම එපාවී
මා හැරදා ඈ ගිය දවසේ
මා හැරදා ඈ ගිය දවසේ

ලූශන් බුලත්සිංහල පද රචනයකට ගුණදාස කපුගේ මහත්තයගෙ හඬ හා තනු....

කට්ටියගෙ කතන්දර හින්දා දාන්න හිටපු සින්දුව තව පොඩ්ඩෙන් අමතක වෙනවා.

අහන්න..

හන්තානේ කඳු දණ ඇණ නමදින

 

පැරණි ලිපි..

 http://blogvampa.blogspot.com/search/label/Gunadasa%20Kapuge

ප.ලි.

අම්මප අපේ එෆ් එම් නාලිකා වලට හෙණ ගහන්නෙපැයි.. නැත්ද මම අහන්නෙ!

සජිත් ප්‍රේමදාස මන්ත්‍රීතුමා සන්ෆ්ලවර් එක්ක මෙතනින් බලන්න

16 comments:

  1. මාත් ඔය සිද්ධිය දැනගත්තා. ඔන්න නියම මහත්වරැ. නියම මිනිස්සු.
    බේබද්දෙක් කරලා දාන්න හැදුවත්, කපුගේ කියන්නේ අතිශය දුර්ලභ ගණයේ කලාකරැවෙක් කියායි මගේ මතය.

    ReplyDelete
  2. ඇත්තටම මාත් ඉතාම මෑතක දී තමයි ඔය දේ දැනගත්තේ.....හැබැයි කවුරු මොනවා කීවත් කපුගේගෙ ගීත බොහෝ මිනිසුන් අතරට ගියේ (තරුණ පරපුරේ) සන්ෆ්ලවෙර සමග නිකුත් කලාට පසුවයි...අනික සංගීතය මිම්මකින් මනින්න බෑ නෙව...අපි අකමැති දේට තා කෙනෙක් කැමති වෙනවා..ඒක තම රුචිකත්වය....ඉහල රසයක් පහළ රසයක් කියල වෙන්කරන්නේ කොහොමද කියලා මටනම් හරියටම තේරෙන්නේ නෑ...හිඳි තනුවකට ගැයුනු පැරණි ගී අගය කරන අපි...අද එවැන්නක් කෙලොත් කොපි කිරීමක් හැටියට දකිනවා.......ඒ කෙසේ වෙතත් කපුගේගෙ ගී අමරණීයයි..........

    ReplyDelete
  3. මචං මම උඹ ඕක දැන් කියනකන් දැනං හිටියේ නෑ. කපූට මගේ හිතේ තිබූ තැන තවත් උඩට නැග්ගා. අහස උසට නැග ගියාට නැහැනේ අහසේ රැඳෙන්නේ කිව්වට අපි ජීවත් වන තුරාවට කපුගේ නම් බිමට වැටෙන එකක් නෑ. ඒත් බං මට වෙලාවකට හිතෙනවා කපුගේලට පෙම් බඳින අවසන් පරම්පරාව අපිද කියලත්. දැන් ඉන්න පොඩි උන්ගේ රස වින්දය දැක්කම කලකිරෙනවා. කපුගේ ගැන හඬ කියල පොතක් තියනවා. මම පුංචි කාලේ කියෙව්වේ ආපහු වෙලාවක කියවන්න ඕන.

    ReplyDelete
  4. මං හිතන්නෙ මුලින්ම සන්ෆලවර් එක්ක කැසට් එක කරේ කල්දේර වෙන ඔනෙ.

    කපුගේ සුගතපාල ද සිල්වට සල්ලි දුන්න බව මම දැන හිටියෙ නෑ. කපුගේ වගෙ හිත හොඳ මිනිහෙක් එහෙම නොකර ඉන්න විදියකුත් නෑ. ඒත් මම පෞද්ගලිකවම දන්නව කපුගේගෙ නෝනගෙ ලොකුම පැතුමක් වෙච්ච තමංගෙ කියල ගෙයක් හදා ගන්න එක සැබෑ උනේ ඔය සන්ෆලවර් කැසට් එක නිසා බව.

    ReplyDelete
  5. හෙළයා- සැමදාම වගේ ඔබ සමග එකඟයි..
    ශැඩෝ- ඔව් ඇත්ත..
    වෑලා- ඒක ගැන කතා කොරලා මක්කටෙයි...පොඩි උන් නම් අනේ මන්ද..
    උපශාන්ත- ඔබ හරි අයියා. ඒක මම ඊලඟ පෝස්ට් එකේ දාන්නයි හිටියෙ. සුගතපාල ද සිල්වා ට සල්ලි දීපු බව ඇත්ත.

    ස්තුතියි සියල්ලන්ටම....

    ReplyDelete
  6. මම අහලා තිබුන විදිහට කපුගේ ඔය කැසට් එක කරලා තියෙන්නේ ස්ටැන්ලි පීරිස්ගේ ඔපරෙෂන් එකකට සල්ලි හොයාගන්න කියලා..
    ඒ කොහොම වුනත් හේමලයා කිව්වා වගෙ කපුගේ කියන්නේ කලාතුරකින් දුර්ලභ කලාකරුවෙක් වගෙම මනුස්සයෙක් කියලා කට ඇරලා කියන්න පුලුවන් මනුස්සයෙක්...

    ReplyDelete
  7. මොන හේතුව නිසා කපුගේ ඒක කලත් ඒ දේ නිසා ගීතවලට මහ ලොකු හානියක් උනේ නැහ.
    කපුගේ කියන මනුස්සයව බේබද්දෙක් ලෙස හඳුන්වන බොහෝ දෙනෙකුට වඩ උසස් කලාකරුවෙක් තම කපුගේ කියන්නේ...

    මට මතක විදියට ඉන්දික කිව්ව වගේම ඔය ගේ හදා ගැනීමෙ හීනෙ සම්පූර්න උනේ ඔය කැසට් එකෙන්... ඒක වරදක් නෙමෙයි.

    ReplyDelete
  8. මේ කතාව ඇත්ත. මමත් අහල තියෙනවා.
    හැබැයි SUNFLOWER‍ එක්ක ඉස්සෙල්ලාම සින්දු කිව්වෙ ප්‍රියා සූරියසේන.

    ReplyDelete
  9. ම් ම් මෙක බොහොම ටිකදෙනෙක් දන්න කපු කොහෙමත් එලි නොකල,සුගතපාල මහාතා ඉවසගෙන ඉන්න බැරිවම කාලයක් ගිහින් පුවත් පතකට කිව කථාවක්.එක ඇත්ත.මම තව කථාවක් කියන්නම් අපි කරමු ෂෝ එකක කපු සින්දු 8 කව්වා ඒ කෙන් දෙවෙනි සැරේ සින්දු කියද්දි ටිකක් අනු මතවෙලයි හිටියේ තාලයත් හොදටම වැරැද්දුවා එත් එක මිනිහෙක්වත් කපුගෙට හු කිව්වේ නැ.ඒ තමයි මිනිස්සු කපු ට තිබුන ආදරය.

    ReplyDelete
  10. ඕක දැන් කියනකන් දැනන් හිටියේ නැහැ ඇත්තටම.
    ඔහු දුර්ලභ ගණයේ කලාකරැවෙක්. පිදිය යුත්තෙක්.

    ReplyDelete
  11. කපුගේ මීට අවුරුදු 10කට පමණ පෙර පැවසුවේ මෙන්න මෙහෙමයි.

    මගේ පුතා ඉන්නවා එංගලන්තේ ඉගෙන ගන්න. මං එයාට අවුරුද්තකට රුපියල් ලක්‍ෂ පහක් විතර යවන්න ඕනෑ. ඒ සල්ලි මං හොයාගන්නයි නව රිද්ම සින්දු කියන්නේ.
    පැහැදිලිද.......?

    ඔය කතාවයි, පැහැදිලිද කියන වචනේ කියපු විදියයි මට කවදාකවත් අමතක වෙන්නේ නෑ.

    ReplyDelete
  12. http://apeadaraya.blogspot.com/2010/04/blog-post.html

    ReplyDelete
  13. මගේ රුචිකත්වයේ අවුලක්ද කියන්න දන්නෙ නෑ. ඒ උනාට මම නම් මුල් ගායනයට වඩා ආස ඔය චාටර් කියන සන්ෆ්ලවර් එකටයි.

    ReplyDelete
  14. Kapugege sindu minissu ahanna gaththe SUNFLOWER music dunnata passe thamai.....
    SUNFLOWERsla Kapugeta wadi watinakamak dunna misak adu kare na.......

    ReplyDelete
  15. This comment has been removed by the author.

    ReplyDelete
  16. ඔබ ගොඩක් හොඳින් කපුගේ පිලිබඳ බොහෝ දෑ ලියා තිබෙනවා. ඔවුන් වෙනුවෙන් සධාරණක් ඉටුකරන්නට, ඔවුන්ගේ සත්‍ය කතාවන් ලොවට හඬගා කියන්නට ඔබ වැන්නුන් තව තවත් බිහිවේවා...!

    2007 වසරේදී මොරටුව සරසවියේදී පවත්වනලද "කපුගේ සමරුවකදී" "රත්න ශ්‍රී විජේසිංහ" මහතා විසින් කරනු ලැබූ දේශනය, කපුගේ කවර ආකාරයක මනුෂ්‍යකුදැයි ඉතා හොඳින් කියාපානවා.
    මෙතනින් බලන්න

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails