Tuesday, July 27, 2010

The Three Story Books (MA15+) | කතා පොත් තුන -වඩාත් සුදුසු වැඩිහිටියන්ටයි - නෝටි කතාවක්

books

ඔන්න කලින්ම කිවුව, කතාවෙ මැද නරක වචන තියනව, හැබැයි අමුවෙන්ම නෙවෙයි. 15 ට අඩු කට්ටියට තහනං ඕං. එන්න එහෙම නෑ මේ පැත්තෙ. සම්පූර්ණ සත්‍ය සිද්ධියක් මම මුහුණදීපු.

ඕව්.. ඔව් ..  කියනව කියපු කියපු කතාව තමයි!!

Physics රිවිසන් වලට ඉතින් ටවුමෙ ප්‍රසිද්ධ ගුරුන්නාන්සෙ කෙනෙක් ලඟට ගියේ. හැබැයි දවස් 2 යි!ඉන්නවා ලමයි සොර සොර ගාල. Eng ෆැකල්ටියෙ ගෑනු ලමයි අඩු උනාට පන්තිවල මදි නොකියන්න ඉන්නව කියල දන්නවනේ. පඩත්තල වැඩ වලට දක්ශ එකෙක් හිටිය අපිත් එක්ක හැමදාම වගේ. ම්ම්.. එහෙම කියන එක හරි නෑ, වෙනද වගේ මම පඩත්තල වැඩ කරන එකෙක් එක්ක වාඩි උනා!

ඔන්න ඉතින් පන්තිය පටන් ගත්ත කියමුකො. මේ පන්ති වල ඉස්සර තිබුන චිට් යවන සීන් එකක්. ඒ කියන්න මොනව හරි ප්‍රශ්නයක් තිබුනොත් නැගිටල අහන්නෙ නැතිව කොලේක ලියල ඒක රෝල් කරල පේලි වලින් ඉස්සරහට අතින් අත එවනව. සර් ඒක කියවල ඒකට උත්තර දෙනව. ලමයි 1000ක් 2000ක් ඉන්න පන්තියක ඉතින් ඕක වයබල් ක්‍රමයක්. ඉන්ටවල් එකෙන් පස්සෙ පන්තිය අරින්න කිට්‍ටු කරල සර් චිට් කියවල උත්තර දෙන්න පටන්ගන්නව.

ඒ දවස් වල හැමදාම අත හිත පිරෙන්න හෑන්ඩ්බිල් මිටියක් හම්බෙන නිසා චිට් කොල ප්‍රශ්නෙ නිකන්ම විසඳනව.

මගේ සගයත් ඔන්න චිට් එකක් ලියල යැවුව. මමත් කල්පනා කලා යකෝ මොකක්ද මූට මේ තකහහියක් ආපු විස්කිරිඤ්ඤං පුරස්නෙ කියල. මම පොඩ්ඩක් ඒ පැත්තට බර වෙලා ඇහුව,

"මොකෝ මචං පුස්නෙ"

"නෑ බං, මගේ මේ පොත් වගයක් තියල මම එලියට ගියා, ඉන්ටවල් එකේ.. එද්දි ඒ ටික නෑ, මම සර්ට පොඩි චිට් එකක් ඇරිය පන්තියෙ කවුරුහරි වැරදිලා ඒක ගත්තනම් දීල යන්න කියල ලියලා"

ඔතනින් ඔය සිද්ධිය ඉවරයි.

 

සර් ටිකකින් චිට් අරගෙන කියවනවා, ප්‍රස්න වලට උත්තර දෙනවා, වැඩ කෝටියයි.

ඔන්න එකපාරටම සර් එනවුන්ස්මන්ට් එකක් දෙනවා.

"මේ .. ළමායී.. අහගන්න.. මේ ළමයෙක්ගෙ කතා පොත් තුනක් නැති වෙලා තියනවා.. කවුරුහරි වැරදීමකින් මේ පොත් ගත්තනම් දීල යන්න.. මෙන්න මේවා............ නරිය සහ කැලෑව, යකාගෙ පහන.. අයිසෙ තමුසෙල තාම බලන්නෙ ළමා පොත් නෙ"

ඕක මැදදි කොල්ලො හූ තිය තිය හිනාවෙනවා.

"හා.. හරි.. කට්ටිය සද්දෙ නවත්තනව...වැරදීමකින් හරි ගත්ත නම් ඔය කාඩ් මාක් කරන බංකුවෙන් තියල යනවලා..." කියල ඔන්න ආයෙ පටන් ගත්ත උගන්නන්න.

 

හරි කතාව ඉවරයි...

 

දැන් කට්ටියට තියන ප්‍රශ්න මේව!

1. කෝ පොත් තුන? සර් කියෙවුවෙ දෙකයි නේ අනික් පොත මොකක්ද? (විවිධ උත්තර තියෙන්න පුලුවන්)
2. කොල්ලො සර්ගෙ එනවුන්ස්මන්ට් එකට හිනා වුනේ ඇයි?
3. කෝ තියනව කියපු කුනුහරුප?

කුට්ටි කරනව නෙවෙයි. පාඨකයන්ගේ නිර්මාණශීලීත්වය ටෙස්ට් කිරීමේ අවස්ථාව...උත්තරේ දෙස්සෙ පඤ්ඤං

 

ටයිට්ල් එකේ තියන MA15+ කියන එකේ තේරුම දන්නවද? ඔය මෝශන් පික්චර්ස් වලට තියෙන රේටිං සිස්ටම් එකේ සම්මත  කේතයක්. MA කියන්නෙ මැචුවර් ඕඩියන්ස් කියන එක. 15+ කියන්නෙ වයස 15ට වඩා වැඩි අයට සුදුසුයි කියන එක.

 

L: Strong language
L+: Explicit language
N: Brief or partial nudity
N+: Graphic nudity
මේව S අකුරටත්තියනව,S,S+ විදියට, ඒ මොකටද කියල කියන්න දෙයක් නෑ නෙව.
V තිබුනොත් ඒ කියන්නෙ වයලන්ස් ,බිහිසුණු ක්‍රියාදාම
D- මත්ද්‍රව්‍ය භාචිතය අඩංගුයි

G - සාමාන්‍ය බිහිසුණු දර්ශන, දෙතොල් සිපගැනීම්
PG- දෙමව්පියන් ගේ අචධානය අවශ්‍යයි, Parental guidance recommended. The content is mild. උදා- PG 13 (දහතුන කියන්නෙ වයස)


M- මැචුවර් ඕඩියන්ස්
R18+ - අතිශයින්ම දහ අටට වැඩි අයට පමණයි  R = restricted
X18+ - පැහැදිලි ලිංගික දර්ශන අඩගුයි.අතිශයින්ම දහ අටට වැඩි අයට පමණයි.

A- වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි A=Adult , ලිංගික හෝ බිහිසුණු ක්‍රියාදාම අඩංගුයි
AO- කියන්න දෙයක් නෑ නෙව.
SMA - Suggested for mature audiences
 

මේව රටවල් අනුව වෙනස් වෙනව. නමුත්  සම්මත වලින් හදාගත්තුව තමයි තියෙන්න.

මීට පස්සෙ කඩෙන් ගන්නකොට ඕක බලල ගන්න හොඳේ.. කඩේ අයියගෙන් අහන්නෙ නැතුව “මේක හොඳද?” “මේකෙ තියනවද?” කියල..

ඩවුන්ලෝඩ් කරනවනම් IMDB එකෙන් හොයාගන්න රේටිංස්, ගෙදර උදවිය එක්ක බලන්න කලින්..

ප්‍රස්න තුන අමාරු වැඩිද මන්ද.. මෙන්න පොඩි හින්ට් එකක්..

මේ වගේම සීන් එකක් තියනවා "නයි 'ප' යන්නෙත්".. මේක තේරුනේ නැත්නං හරි බැලුවෙ නැත්තං හරි ඒක පොඩ්ඩක් බලලා කොමෙන්ට්ස් ටික කියවල එන්න.දෙවනි ප්‍රස්නෙන් පටන්ගන්න. ඊට පස්සෙ උත්තරේ ගේමක් නෑ.

http://blogvampa.blogspot.com/2010/05/native-cobra.html

කට්ටිය මට බනින්නෙපා ඕං හරිය... මම කරපු දෙයක් නෙවෙයි බොලල්ල..

ජය
වැම්පයර්!

31 comments:

  1. වචන හරඹයක් වගේ‍‍‍..... ;-)

    ReplyDelete
  2. අනේ යකෝ...:)...තුන්වෙනි පොත "කෙතේ අලියාද"?...:)

    ReplyDelete
  3. හික් හික්!! පොත්වල නම් ටික අනිත් පැත්ත හරවන්න.ඒත් තුන් වෙනි පොතනම් මීටර් වෙන්නෙ නෑ.බලමු තව ටිකක් කල්පනා කරලා...

    ReplyDelete
  4. හසියා, හා ගඩොලා නිවැරදි පිලිතුර ප්‍රස්න දෙකකට දී තිබෙනවා..

    හේමලයා ලස්සන නමක් සමගින් ප්‍රස්න තුනටම පිලිතුරු දීල තියෙනවා...

    ඔහොම යං බලන්න..

    ReplyDelete
  5. අනිත් එක පහනට ආ යකා.. අර දෙක ඉතින් කියන්න දෙයක් නෑනෙ

    ReplyDelete
  6. අති විශිෂ්ඨයි.. අභීත උදය බණ්ඩාර එදිරිසිංහ මහතාත් සාර්ථකයි.. ඒක නම් මරු..

    ReplyDelete
  7. 3. මකාගෙ යලක් :p

    ReplyDelete
  8. හෝව් හෝව්. ඒක 3 නෙවි. 1ට උත්තරේ

    ReplyDelete
  9. හසියා.. ඔව්..:)

    වෑලා - බොහොම හොඳයි..

    ReplyDelete
  10. පුතාගෙ පෝස්ට් එක පොඩ්ඩක් එඩිට් කරන්න උනා,.. මම ඉතින් කුනුහරුප දාන්නෙ නෑ නෙව .. හික් හික්

    පුතා කිවුවෙ මෙහෙමයි .. සමාවෙන්න එඩිට් කලාට..

    අනිත් පොතනම් මොකක්ද කියන්ට හිතාගන්ට අමාරුයි මචං...
    කුනු හරප ටික නම් ඔය අගේට තියෙන්නේ...

    xxx..xxxx..xxx.. (PG 18)

    හිකිස්.. නයි ප යන්න ගැන හිතුවම තමයි ඕකත් මීටරෙට ආවේ

    ReplyDelete
  11. අපෝ මාර ප්‍රශ්නනේ මෙයා අහන්නේ

    ReplyDelete
  12. අනික් පොතේ නම නම් හිතා ගන්න අමාරුයි....

    2 - 3 නම් හික් හික් ඔන්න දන්නවා.

    ReplyDelete
  13. 1 වෙනි එකට උත්තරේ "වනයක් එක්ක තරුවක්"ද?

    2 සහ 3 නම් දන්නවෝ.. ඕවා ඉතින් අපි ළමා කලේ කියවපු පොත් නොවැ.. හික්ස්

    ReplyDelete
  14. පහන ලඟ යකා කියන පොතේ ප්‍රධාන චරිතය යොවුන් රාණි කියලා නිලියක්ලු.
    නියමයි මචං

    ReplyDelete
  15. හෙළයා .... අති විශිෂ්ඨයි සර්..

    ReplyDelete
  16. මොනාද බන් පිස්ස.. හික් හික්.. මදි ඈ..

    ReplyDelete
  17. කවුද මේ ඇනියා.. 15 ට අඩු කෙනෙක් වගේ..

    ReplyDelete
  18. මදි මදි කියන්නේ බොල... කුනුහරුප දාන්න ද හික් හික්...

    අනේ ඇත්තමයි පොතේ නම නම් හිතෙන්නෙම නැහනේ....

    ReplyDelete
  19. සිරා සිරා.මරු යහන

    ReplyDelete
  20. කට්ටිය ඉන්නෝ.. ඉක්මනටම උත්තර දාන්නං.. අම්මප අපේ එකාගෙ ඒවට වඩා සෑහෙන්න හොඳ ඒව තියනවනෙව..

    ReplyDelete
  21. ඇයි සර් කැලය දිගෙ ආ නරියා පොත.

    ReplyDelete
  22. හපොයි මට මේ ලිපිය මග ඇරුණානේ ...... අයි අයියෝ . ...

    ReplyDelete
  23. වඩුවයි බල්ලයි, වට ඇල්ල, හුලස් වත්ත,

    ReplyDelete
  24. සිංහල පොත්
    ========
    1. රතු හුන්ඩුව
    2. හුලු අත්ත
    3. ලජ්ජාව බිමින් තියපු හැටි
    4. වඩුව බල්ලට යට වීම
    5. කේන්දර පලිය

    දෙමළ පොත්
    ========
    1. සෙල්ල වලවේ
    2. වනකානම් කයිය පඩාදේ

    අවුරුදු 10ට විතර කලින්නම් 30ක්වත් කියන්න තිබුනා. අපි ළඟ A4 කොලේක Column 3කට type කරපු පොත් ලැයිස්තුවක් තිබුනා. මතක ඒවා තමයි කිවුවේ.

    ReplyDelete
  25. අර පහණට ආ යකාගෙ බෙල්ලේ වනයක් ලු නේද? ආ තව කතාව මැද්දේ පාලිත කියන කොකත් ඉන්නව නේද?

    ReplyDelete
  26. මම හිතන්නෙ අනිත් පොත අත් බෙහෙත් පොතක් වන "හිරිවාතෙට කැකිල්ල" පොත නේද

    ReplyDelete
  27. ඔය අනිත් පොත "කිතු රම්බෝ" නේද?

    ReplyDelete
  28. අන්තිම එක නම් හිතෙන්නෙම නෑ නොවැ

    ReplyDelete
  29. ඒක බණ පොතක්ලු.උඩුවේ බණ තමා නම

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails