Thursday, July 29, 2010

Udurawana in Pub | උඩුරාවණ පබ් එකට ගිය හැටි

cocktail-8959
ඔන්න ඉතින් කවුරුත් දන්න උඩුරාවණ කතාවක්. දන්නවනේ උඩුරාවණ කියන්නෙ කවුද කියල. හරි ප්‍රසිද්ධ පොරක් නෙව. ඔය උඩුරාවණ කතාවලට සමාන කතා ටිකක් තියනව ඉන්දියාවෙ පොරකටත්.. සර්දාර්ජී කියල.

මේක ටිකක් ප්‍රසිද්ධ කතාවක් ඉතින්.

ඔන්න ඉතින් උඩුරාවණ ගියාලු කොන්ෆරන්ස් එකකට. අප්පෙ .. ගමන් විස්තරෙත් කතා ලොට් එකක් තියනවනෙව. දැන් මතක් උනේ. කමක් නෑ. මේක අහල හිටින්නකො.

කොන්ෆරන්ස් හැම එකකම වගේ හවස තියෙනව පොඩි කොක්ටේල් පාටි එකක් .. කට්ටියට සෙට් වෙන්න.. කතා කරන්න.. පොඩ්ඩක් ඇඟ පත රත් කරගන්න, කාරිය. සාමාන්‍යයෙන් ඕක තියෙන්න හොටෙල් එකේ බාර් එකේ, නැත්නම් පබ් එකේ.

සුද්දො දෙන්නෙක් ඉන්නවලු ඔන්න කවුන්ටරේ ළඟ. උඩුරාවණත් ගිහින් හෙමීට සෙන්ටිමෙන්ටල් වෙලා තුන්වෙනියට ඇන්කර් එක බාගත්තලු.

පළවෙනි සුද්ද බාර් කීපර් ට කිවුවලු,

 "ජොනී වෝකර් රෙඩ්, සින්ගල්" කියල.
බාර් කීපර් දුන්නලු වීදුරුව.

Johnnie_Walker_Red_Label

 

දෙවනිය ඇවිත් කිවුවලු,
"ජැක් ඩැනියෙල්, සින්ගල්" කියල.
එයාටත් වීදුරුවක් හම්බුනාලු.

jack_daniels-9205

 

 

 

 

 

 

 

 

 

 

උඩුරාවණත් ආවලු. ඇවිත් කියපි,
"හීන් බණ්ඩලාගේ උඩුරාවණ, මැරීඩ් !!"

20 comments:

  1. හික් හික්.... ඌට මොනාද දන්නෙ නැහ දුන්නෙ ?

    ReplyDelete
  2. එල එල උඩුරාවන මැරිඩ් එකක් මටත්

    ReplyDelete
  3. ඕකෙම තව කතාවක් තියෙනව.

    ඔය කොන්ෆරන්ස් එකේදිම Fanta එකක් බිබී හිටපු සුද්දෙක් කිව්වලු Fantastic කියල. (කතාවෙ හැටියට මේ සුද්ද පරණ රුසියාවෙ පුරවැසියෙක්ලු ජීවිතෙ පළවැනි වතාවට Fanta එකක් බීපු.) උඩුරාවණත් කිව්වලු Spritastic කියල. මොකද මිනිහ බිබී ඉඳල තියෙන්නෙ Sprite එකක්.

    - Taboo

    ReplyDelete
  4. පිස්සා- ඌට ඉතින් දෙන්න තියෙන්නෙ වත්ත වටේ ගහන එවුවා තමයි.

    ශැඩෝ, හිඟන්නා - ස්තුතියි..

    පුබුදුවා- පොඩ්ඩක් ඔය ගමේ හොයන්න. වත්ත වටේ ගහන එවුවා ඇති.

    ටැබූ - මමත් අහල තියනවා හැබැයි ඩ්‍රින්ක් එක වෙනස්. කොකෑස්ටික් කියල තමයි අහල තියෙන්නෙ කොකා කෝල වලට..

    ස්තුතිවේචා..

    ReplyDelete
  5. එල එල...

    මමත් අහපු එකක් තියේනවා උඩුරාවණ ටිවි එකක් ගන්න ගිය හැටි.

    උඩු රාවණලත් එක්ක තරහා කඩේකින් ටිවි එක්ක ගන්න මිනිහා ගියාලු. ගිහින් කැරකි කැරකි ඉදලා කිව්වලු මට මේ ටිවි එක ගන්න ඔනේ කියලා.කඩේ වැඩකරණ කොල්ලා ඇවිත් කිව්වලු උඩුරාවණලට අපි බඩු විකුණන්නැහැ කියලා.
    මිනිහා ගිහින් ආයි හිගන්නෙක් විදියට වෙස්වළා ගෙන ඇවිත් අර ටිවි එක ඉල්ලුවලු.කඩේ කොල්ලත් ආයිමත් උඩුරාවණලට අපි බඩු විකුණන්නැහැ කියලා.
    ආයිමත් ගිහින් ගැනියෙක් විදියට ඇදගෙන ඇවිත් ඉල්ලුවලු.ක‍ෙඩ් කොල්ලා ආයිමත් අරකම කියලා.
    දැන් මිනිහට මාර ගැටළුව තමන් කොහොමද අදුරගන්නේ කියලා.තදවුන පාර මිනිහා ඇහුවලු හරි හරි තමුසෙලාගේ ටිවි එක මට ඔනේනැහැ එත් මෙච්චර වෙස්මාරු කර ගෙන ඇවිල්ලත් මම උඩුරාවණ කියලා දන්නේ කොහොමද කියලා....??
    කොල්ලා පැනපු ගමන් කිව්වලු ඇයි සර් මයික්‍රොවේ අවන් එකකට ටිවි එකක් කියන එකම මිනිහා ඔයානේ කියලා....

    ReplyDelete
  6. මට උඩුරාවණ සිංගල් එකක් :P

    ReplyDelete
  7. හීන් බණ්ඩයියට මොනවද දන්නෙ නෑ හම්බුනේ.. :D :D

    ReplyDelete
  8. වෙල් ෆැන්ටා සින්ගල් නම් හොයා ගන්න පුලුවන්

    ReplyDelete
  9. සසික- ඕව්.. මාත් අහල තියෙනව ඔය කතාව. ස්තුතියි..

    තරිඳු- ආ.. මේං..

    හෙළයා- වත්ත වටේ ගහන ඒවනේ පුරුදු අපේ අයට.

    පබලු- හී හීහ් හී...

    ReplyDelete
  10. ආ මයියාටත් ජොනි වොකර්ස් විත් රොක්...පට්ට කථාව වැම්පයර් ලමයෝ..

    ReplyDelete
  11. comments penne nea.. ela kathaawa...

    ReplyDelete
  12. මයියා.. ඔය පෝස්ට් එකේ තියෙන්න බෝතලයක්ම.. හසී.. හික් හික්..

    ඇනියෙක්

    waththa wate gahanne monawada?

    කියල අහල තිබුනා.. මගේ අතින් කොමෙන්ට් එක ඩිලීට් උනා නෙව.


    හැබෑට මොනවද වත්ත වටේ ගහන්නෙ...

    බල්ලන්ට ගහන්නෙ ගල් නං.. දෙයියන්ට ගහන්නෙ පොල් නං.. වත්ත වටේ ගහන්නෙ මොනවද හැබෑට?


    හසී- ඔබෙ සිනහව මගේ සතුටයි.. හික් හික් හී...

    ReplyDelete
  13. වත්ත වටේ ගහන්නේ වැටවල්නේ. වැටවල් ගහන්න කටු කම්බි ගන්නවනේ. වත්ත වටේ ගහන්න ඒවා කියන්නේ කටු කම්බි දාලා හදන ඒවද? හැබෑට මොනවද බං වත්ත වටේ ගහන ඒවා.

    ReplyDelete
  14. ඕව්.. පිලිතුර නිවැරදියි.. වත්ත වටේ ගහන්නෙ ක‍ටු කම්බි.. එහෙම නැත්තං කසියා, නැත්තං කසිප්පු, වෙල්ෆැන්ටා, බැරල් සෝඩා, ශොපිංපැකට්, කජියා.. මට මතක් වෙන සමාන පද ඔච්චරයි බොල..

    ReplyDelete
  15. මට නම් ඇහිල තියෙනවා ඔය වත්ත වටෙ ගහන එව්වට සුනාමි කියලත්, ආහ්.. ඇති හිටියා කියලත් කියනවලු ඕං සමහර පැතිවල...

    ReplyDelete
  16. පුතා- ඇති හිටියා නං මරු නම...ඒක ගැලපෙනවා.. එළ කොල්ලෙක් නෙ..

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails