Friday, July 30, 2010

Udurawana Travels | උඩුරාවණ චාරිකාව

 

 

ඊයෙ කිවුවනේ උඩුරාවණ පබ් එකට ගිය හැකි..ඒක කියනකොට කොන්ෆරන්ස් කතා සෙට් එකම මතක් උනා. ටැබූ ත් එක කතාවක් දාල .. සසික මල්ලිත් දාල තිබුන උඩුරාවණ ගෙ ශොපිං සීරිස් එකේ කතාවක්. ඔන්න එහෙනං කාගෙත් දැන ගැනීම සඳහා උඩුරාවණගේ කොන්ෆරන්ස් කතා සීරිස් එක. කට්ටිය අහල ඇති මේව එක එක විදියට. ඒත් මේව එක සීරිස් එකක කතන්දර. ඔන්න එහෙනං පලවෙනි එක. මේකෙ අන්තිම හරියෙ කතාවල දෙබස් කඩ්ඩෙන් තියෙන්න. ගනන් ගන්නෙපා හොඳේ..පිටරටකට ගියාම ඉතින් කොහොමත් කඩ්ඩෙන් නෙව.

දැන් ඉතින් කොන්ෆරන්ස් එකට යන්න කට්ටිය රට යන්න ලෑස්තිය. ක‍ටුනායකින් ඉතින් කට්ටිය නගිනවලු ප්ලේන් එකට. මේ අර පඩිපෙලේ නගින කාලෙ.

පඩිපෙලේ උඩුරාවණට කලින් නගින කෙනා ගෙ පය පැටලුනා ලු. කොහොම හරි එයා සමබරතාවය ‍රැකගන්නට සමත්වෙලා අත්වැට අල්ලගත්තලු. එහෙම ඉඳල කියනවලු...

"ඔහ්.. මට බැලන්ස් නැතිඋනානෙ..."

උඩුරාවණ ඉතින් පලවෙනි සැරේ නෙව ප්ලේන් එකක යන්නෙ. පොර කෑගැහැවලු..

"අවුලක් නෑ.. මගේ ළඟ කාසි ඇතිවෙන්න තියෙනව, පස්සෙ දෙන්නං..."

තේරුනානං හිනාවෙන්න. හිනාවෙලා දෙවනි කතාවට යන්න.

වෙන රටකට ඇතුලුවෙනකොට තියනව ඇරයිවල් කාඩ් එකක් කියල එකක් පුරවන්න. ඒකෙ තියෙන්න තමන් ගැන, තමන් ඒ රටට ඇතුලුවෙන්න ඇයි, තියෙන වීස ටයිප් එක ඒවගේ විස්තර පුරවන්න. සමහර වෙලාවට මේ ඇර්යිවල්  කාඩ් එක දෙනව ගුවන් සේවිකාවන්, හෝ එහෙම නැත්නං ට්‍රාන්සිට් එයාර්පෝට් එකෙන්. දුන්නෙ කවුද කියන එක වැදගත් නෑ කතාවට.

උඩුරාවණත් මේක පුරවන්න ගත්තලු.

Name: Heen Bandalage Udurawana

Sex (Male / Female) :

කල්පනා කරල කරල ලිව්වලු..

Female

පස්සෙ පොඩි නෝට් එකකුත් ගැහුවලු පහලින්..

Unlike these foreign white buggers, we always have sex with Females ! No Males for sex at all !

ඊලඟට පෝස්ට් එකෙන් ඒ ත්‍රාසජනක, ඉල ඇට බඩේ ඇමිනෙන , නහයෙන් හො‍ටු පනින, එක්සෝස් වෑල් විවරවන ගමන් විස්තරය & කොන්ෆරන්ස් කතාන්දර බලාපොරොත්තුවන්න..

Image from - (http://sundaytimes.lk/090719/images/AIR-LANKA.jpg)

12 comments:

  1. උඩුරාවණ තමා දවසකට වත් මිනිහා.......:D

    ReplyDelete
  2. හික් උඩුරාවන වගේ එකෙක් යාලුවෙක් උනා නම් මාරම ආතල්

    ReplyDelete
  3. උඩුරාවන ට්‍රෙන්ඩ් එකක් වගේ එල එල... ලියාගෙන යමු... මේ ඔය ඇම්ඩගෙ උපතේ සිට විපත දක්වා ට්‍රෙන්ඩ් එකක් වගේ... හපොයි එපා එපා උබව බෑන් වෙයි සින්ඩි වලිනුත් හික් හික්

    ReplyDelete
  4. ශැඩෝ- ඒක නේන්නං
    පුබුදුවා- අපිත් එක්ක එකෙක් හිටිය. උගේ ගැන ලිවුවොත් නං මම කනව චැසිය ඇද වෙන්න.
    පිස්සා- ම්ම්.. මතක් උන නිසා ලියනව බන්.. ඔහේ.. මේව අනාගත පරපුරට දායාද කරන එක අපේ යුතුකම නෙව.. නැත්ද මං අහන්නෙ..

    ReplyDelete
  5. හික්ස් අපෙත් එකෙක් හිටියා ගම්පහ පැත්තෙ පොරක්.හද්ද ගමා.මාර ටෝල්ක්ස් දාන්නෙ බුවා.බුවා එක්ක දවසක් කොටුවෙ මල් වත්ත පාරෙ ගිහින් ගුටිත් කනවා

    ReplyDelete
  6. මෑන්ස් තමා මෑන්ස්.

    ReplyDelete
  7. එල එල...දිගටම ලියමු මිනිහා ගැන...

    ReplyDelete
  8. එල එල.. එකක් හරි මිස් උනොත් මමත් දෙන්නම් කොමෙන්ට් හරහා.. ඔයා ලියාගෙන යන්න..... මුගෙ තියෙනවා සිරා සීරීස් එකක්.. අර ඒඩ්ස් කතාව දන්නවනම් දාන්න...

    ReplyDelete
  9. දෙවෙනි එකනම් පට්ට

    ReplyDelete
  10. පුබුදුවා- උඹත් මාර ටෝල්ක්ස් නෙ දෙන්නෙ
    හෙළයා- ඒක නේන්නං.. තව ටිකක් ඉක්මනට දාන්නං
    සසික - එල එල.. දිගටම බලන්න
    අභීත- සහයෝගයට බොහෝමත්ම ස්තුතියි සහෝදරයා.. ලියන්නං...
    කස්සා- හොඳ හොඳ සෙල්ලං එලිවෙන ජාමෙට..

    ජයවේවා..

    ReplyDelete
  11. ඔබගේ ජංගම දුරකථනයට නොමිලේ

    * jokes
    * amazing facts
    * technical news..etc

    ලබා ගැනිමට,

    පියවර 1.
    ඔබට facebook ගිනුමක් තිබිය යුතුයි. facebook ගිනුමක් නොමැතිනම් www.facebook.com වෙත පිවිස නොමිලේ ගිනුමක් ආරම්භ කරන්න. (http://goo.gl/QF5Y වෙත පිවිස facebook mobile alerts "on"කරන්න)

    පියවර 2.
    http://goo.gl/Ex9J වෙත පිවිස ඉහල ඇති "Like" බොත්තම ඔබන්න. (මෙවිට login වියයුතුයැයි දැන්වුවහොත්, ඔබේ email සහ password ඇතුලුකර login වන්න. මෙහිදි singup නොව login විමට වගබලාගන්න)

    පියවර 3.
    ඉන් පසු වම් ඉහල කෙලවරේ ඇති "Subscribe via SMS"යන්න ඔබන්න (confirm if ask).දැන් ඔබේ ජංගම දුරකථනයට free sms mobile alerts ලබෙනු ඇත.

    කරදරයක් වූවානම් සමාවන්න.
    email: m.box@live.com

    ReplyDelete
  12. මචං....
    උඩුරාවන ප්ලේන් එකට නැග්ගෙ පලවෙනි වතාවට. . . . .
    පොර ජනේලෙ ලගින් වාඩි වෙලා අනිත් සීට් එකේ හිටපු බුවාට කියනවලු,
    උඩුරාවන: ශිහ්. . .මාර උඩකට නෙ මේක ඇවිත් තියෙන්නෙ....පහල ඉන්න මිනිස්සු හරියට කූබි වගේ පේන්නෙ. . .
    අනිත් සීට් එකේ හිටපු බුවා: ප්ලේන් එක තාම බිම තියෙන්නෙ.....ඔය වීදුරුව අයිනෙ ඉන්න කූබි ටිකක් තමයි......

    දැං ඔහොම ගියයි කියමුකො....... ගමන ඉවරවෙලා....කට්ට්ය බහින්න සෙට් වෙනකොටම උඩුරාවන විදල ඉස්සරහටම ගිහින් ප්ලේන් එකේ දොර අරිද්දිම බහින්න සෙට් උනාලු.... එතකොටත් බහින අර පඩිපෙල වගෙ ඉනිමග මේ උලවුවට හේත්තු කරල නෑ. . . . Flight attendant නංගි කෙනෙක් කෑ ගහල කිව්වලු "wait . . . sir . . . wait" කියල.....
    උඩුරාවන: කිලෝ 72ය්........ කියාගෙන එලියට ගියලු

    ......ඇන්ඩර්සන් ලමයා. . . .

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails