Monday, July 5, 2010

හඳුනාගන්න වොලී බැස්ටියන් Wally Bastian

අද ලංකාවෙ වේදිකාවල, රූප වාහිනියෙ, රේඩියෝ එකේ කට්ටිය ගහන තරමක් ගහන්නෙ බයිල නේ. බයිල කිවුවම ලංකාවෙ අමතක කරන්න බැරි චරිතයක් තමා වොලී බැස්ටියන්. එම් එස් ප්‍රනාන්දු, සමන් ද සිල්වා, ඩෙස්මන්ඩ් සිල්වා,ලූක් හෙන්රික්ස්, මැක්ස්වෙල් මෙන්ඩිස් වගේ පස්සෙ බයිලා ජෙනෙරෙ එකේ ශ්‍රී ලාංකික ගායන පරපුර ඉදිරියට ආවෙ ඕල් ටයිම් ෆේවරිට්ස් වෙලා තිබුන වොලී ගෙ සින්දු කියල තමා.

වොලී ‍රැකියාවෙන් පොලිස් ඔපිසර (police officer) කෙනෙක්. රථ වාහන පරිපාලක එහෙම නැත්නම් සිංහල යුනිකේත වලින් Traffic Division එකේ තමා ඉඳල තියෙන්නෙ. වොලී ගෙ සියලුම ජනප්‍රිය ගීත නිර්මාණය වෙලා තියෙන්නෙ ඔහු පොලීසියෙ රාජකාරි කරන සමයෙ 1940-1950 අතරෙ.

වොලී බැස්ටියන් කියන්නෙ සුරතල් නාමයක්, නම වෙලා තියෙන්නෙ මර්තෙනියස් ඔගස්ටස් බැස්ටියන්. ඔගස්ටස් කියන නාමය ඔලී ලෙසිනුත් පසුව වොලී ලෙසිනුත් ජනප්‍රිය වෙලා තියනවා (මූලාශය- විකි)

ගාල්ල දිස්ත්‍රික්කයේ පියදිගම තමා වොලී ගෙ ගම. ගින්තොට ආසන්නයෙ තියෙන්න, ගාලු පාරෙ. ගාල්ලෙ කොහොමත් බයිල කාරයොන්ට ප්‍රසිද්ධයි නොවැ, අපේ පිස්ස වගෙ!

බොහෝ තනු නිර්මාණත් ඔහුගේ මයි. ගායනයත් ඔහුගෙන්. බොහෝ තනු අදටත් ජනප්‍රියයි, අදත් ඔය බයිලා නන්ස්ටොප් කියන ඒවයෙ තියන කෝරස් රිදම් බොහොමයක් වොලී ගෙ නිර්මාණ.

වයලීනය, වියෝලාව, බොන්ගො, හාමොනිකා, ගිටාරය, හා ඇකෝඩියනය මූලික වශයෙන් යොදාගෙනයි වොලී ගෙ සියලුම නිර්මාණ බිහිවි ඇත්තෙ.

පහල තියෙන්නෙ වොලී ගෙ ප්‍රසිද්ධ නිර්මාණ කීපයක්.

ප්ලේ බටන් එක තියන ලින්ක්ස් ක්ලික් කරලා බ්ලොගයේ දීම ගීත ඇසිය හැකියි.

  1. හායි හූයි බබි ආච්චිගෙ බයිසිකල් එක - (පසු ගායනය- සමන් ද සිල්වා, මැක්ස්වෙල් මෙන්ඩිස්)
  2. අයිරින් ජොසපින් රොසලින් ඇන්ජලින් - (පසු ගායනය- සමන් ද සිල්වා) මේ රිදම් එක අනුසාරයෙන් පසු කාලීනව "ආලේ.... ඇස් නැති ආලේ" කියල තව ගීතයක් බිහිවුණා.
  3. වීරියෙන් සොයා අප රක්ශා කළ පියා - (පසු ගායනය- මැක්ස්වෙල් මෙන්ඩිස්)
  4. මතකයි අම්මේ ඔබෙ දරු නැලවිල්ල..පොඩිකාලෙ මාව පදවාපු තොටිල්ල - (පසු ගායනය- සමන් ද සිල්වා, ඩෙස්මන් සිල්වා)
  5. නෝනා .. මගෙ නර්ස් නෝනා…..ඔබ සිහිවෙනවා නිතර දෙවේලේ - (පසු ගායනය- සමන් ද සිල්වා, සන්ෆ්ලවර්ස්) වොලී ගෙ ජනප්‍රියම ගීතයක්, මෙයට පසුබිම් වෙලා තියෙන්නෙ වොලී ගෙ සහෝදරීය ගේ රස්සාව, ඇය දෙවනි ලෝක යුධ සමයෙ රෝහලක හෙදියක් වශයෙන් ‍රැකියාව කළ තැනැත්තියක්(Felicia Florence Jayasekera (née Bastianz, died 1996) source-wiki)
  6. රටක් වටිනවා, මගෙ මව්පියො දෙන්නා, මලක් සේම දැඩි කරලා මට සැප දුන්නා -(පසු ගායනය- මැක්ස්වෙල් මෙන්ඩිස්)
  7. අඹු දරු ‍රැක ගන්න අපිට මාලු ලබා දෙන්න දෙවියනේ අප ‍රැකගන්න - (පසු ගායනය- සමන් ද සිල්වා)
  8. රාලහාමි මං පොලිසියෙ රාලහාමි මං (පසු ගායනය- එම් එස් ප්‍රනාන්දු) මේකෙ ට්‍රැක් එක නම් මගේ ලඟ නෑ
  9. රට වනසන අය කොටවන කේලම් - (පසු ගායනය- මැක්ස්වෙල් මෙන්ඩිස්) ට්‍රැක් එක නම් මගේ ලඟ නෑ
  10. කැතරිනා…රම්‍ය මූණ, සිහිවෙනා…පළමු ප්‍රේමෙ - (පසු ගායනය- මැක්ස්වෙල් මෙන්ඩිස්) ට්‍රැක් එක නම් මගේ ලඟ නෑ. මේ තනුවෙ රිදම් එක තමා ජිප්සීස් "වඩු වැඩෙන් දිවි රකීන, බොහො දුකින් කල් ගෙවන" ගීතයට යොදා ගෙන ඇත්තෙ
  11. ආයා.. දොම්පෙ ආයා (පසු ගායනය- ඩෙස්මන්ඩ් සිල්වා, එම් එස් ප්‍රනාන්දු, වෝල්ටර් ප්‍රනාන්දු, සුසිල් ප්‍රනාන්දු)
  12. ඝන්ටා නාදේ අවට ඇසෙන්නේ, හස්ති රජෙකු පිට කරඬුව අරගෙන යන්නේ (පසු ගායනය- ඇන්ටන් ජෝන්ස්)

මගේ මතකයට ආවෙ ඔච්චරයි. තව මතක් වුණොත් දාන්නම්. කට්ටිය වෙන ඒවා දන්නවද? කොමෙන්ට් බොක්ස් එකේ කොටල යන්න දන්නවනම්.

බොහෝ දෙනා අද මේ නිර්මාණ තමන් ගේ බුක්තියට සවි කරගෙන. නියම අයිතිකාරයා ගෙ නම වත් අද බොහෝ විට මේ නිර්මාණ සමග එලියට එන්නෙ නෑ.වොලී නැතත් ඔහුගෙ ගීත තව සෑහෙන කලක් ජනප්‍රියව තියෙයි.

1986.01.16 තමා වොලී මිය ගිය දිනය වශයෙන් විකියේ සඳහන්ව ඇත්තෙ.

මම දකින විශේෂත්වය තමයි මේ බොහෝ පද, හා තනු අවුරුදු හැටක් හෝ ඊට වඩා වයසින් වැඩි ඒවා යැයි අසන්නන්ට නොතේරීම!

පස්සෙ කාලෙක සමන් ද සිල්වා මහත්තයා වොලී ගෙ ගුණ සමරු ගීයක් ගැයුවා. ඒකෙන් තමා කට්ටිය දැනගත්තෙ ලංකාවට බයිල ගෙනල්ල, බයිල වලින් රට හොල්ලපු වොලී බැස්ටියන් ගැන.

ඒකෙ පද නම් කට්ටිය දන්නව ඇතිනේ..

මේ තියෙන්නෙ චන්දිමාල් ඇන්ඩ් සෙකන්ඩ් කකෙන්ශන් කොන්සට් එකේ ඒක කියපු හැටි.

පරසිදු කොළොම්පුරේ මෝදර ගං මුහුදු කොනේ වියෝලෙ නාද ඇසෙන්නේ

Disclaimer

මේ සටහන ලිවීමේ අරමුණ ඔබ රස විඳින ඒ ගීත, තනු වල නියම අයිතිකරුවාටත් ඔබේ ප්‍රණාමය හිමි විය යුතු බැවින් නිසා බව සැලකුව මනාය.

කිසිම කලාකරුවෙකුට පහර ගැසීමක්, අපහාසයක් නොවේ. පසු ගායිත බොහෝ කලා කරුවන් නොමැති වූයේ නම් මේ ගීත අප අතරට කෙකලක වත් නොපැමිණීමට හැකිව තිබුණ බව සිත්හි තබා ගැනුම වටනේය.

පසු ගායකයන් ගේ නම් යෙදුවේ කතෘ ගෙ මතකයට අනුවයි, විරෝධතා, සංශෝධන ඇත්නම් blogvampa@gmail.com ලිපිනයෙන් මා ඇමතුව මනාය. සියලුම වගකීම් ලිපිය සංශෝධනය කොට නැවත පළ කිරීමෙන් ඇවිරේ.

Some information were directly taken from Wikipedia

Wiki Link- http://en.wikipedia.org/wiki/Wally_Bastian

ජය!

වැම්පයර්

9 comments:

  1. "අඹු දරු ‍රැක ගන්න අපිට මාලු ලබා දෙන්න දෙවියනේ අප ‍රැකගන්න" - මේ ගීතය මට මතක විදිහට මැක්ස්වෙල් මෙන්ඩිස් මහත්තයත් ගායනා කරල තියෙනව.

    ReplyDelete
  2. අයිරින්, ජොසපින්, රෝසලින්, ඇන්ජලින් කියන්නේ එතුමාගේ දූවරු හතරදෙනාගෙ නම්. කැතරින් කියන්නේ බිරිඳගේ නම. (මට මතක විධියට) මේගොල්ලන්ව දැනට අවුරුදු 10කට විතර කලින් මට මුණගැහුනා.

    සින්දුව හැමෝම ඇහුවට ඒගැන කවුරුවත් දන්නේ නෑ

    ReplyDelete
  3. හරිම අගෙයි මේ සටහන. වොලී බැස්ටියන් ගැන මේ සටහනක් දැක්කමයි. අර කිව්ව වගේ මේ සින්දු බොහොමයක් දැන් වොලී ගෙ කියල කියන්න බැරි තරමට වෙනත් අයගෙ වෙලා. නිර්මාණ පවතිනව වුණාට නිර්මාපකයනම් මිය ගිහින් වගේ...

    ReplyDelete
  4. ප්‍රතිචාර වලට ස්තුතියි.
    චරිත්- ඔව්, මටත් ඒ වගේ මතකයක් තියෙනවා, ඩෙස්මන්ඩ් නුත් ඕක කිවුවද කොහෙද

    තාරක- ස්තුතියි, දැනුවත් කිරීමට

    එච්- ස්තුතියි ගොඩවැදුනට, හා ප්‍රතිචාරයට.

    තව ගීත දෙකක් මතක් වුණා වොලීගෙ.


    ආයා.. දොම්පෙ ආයා (පසු ගායනය- ඩෙස්මන්ඩ් සිල්වා)
    ඝන්ටා නාදේ අවට ඇසෙන්නේ, හස්ති රජෙකු පිට කරඬුව අරගෙන යන්නේ (පසු ගායනය- ඇන්ටන් ජෝන්ස්)

    ReplyDelete
  5. වොලි බැස්ටියන් කියන නම ඇහුවෙත් මම අර සින්දුව නිසා... " ලංකාවට බයිල ගෙනා " ... බලන් යද්දි දන්න කියන බයිල හුඟක්ම වොලි බැස්ටියන්ගෙ ඒවනේ.... ඇත්තටම දශක කීයක්ද.. අදටත් ජනප්‍රියයි....


    හොඳ ලිපියක් මචන්.

    මේ ඒක නෙමෙයි... කව්ද බන් බයිල කියන පිස්සා... හික් හික්. බයිල තියා කවියක් වත් කියාගන්න බැහ මටනම් හික් හික්.

    ReplyDelete
  6. උපරිමයි.. මේ වගේ ලිපියක් ලිව්වටත් ස්තූතියි.. මේ අසහාය ගායකයන් ගැන අද කවුරුත් කතාකරන්නේ නෑ

    ReplyDelete
  7. පිස්සා - ස්තුතියි මචන්. කට්ටිය දන්නෙ නැති නිසයි මෙහෙම එකක් ලියන්න හිතුනෙත්. මටත් ඉස්සර තිබ්බ ප්‍රශ්නයක් තමා වොලී බයිල ගෙනාවනං කෝ ඒ බයිල කියල! ටිකක් හෙවුවම නෙ තේරුනේ මෙයා තමා බයිල රජා කියල!

    සමීර අබේසේකර- ස්තුතියි ගොඩවැදුනට. :)

    ReplyDelete
  8. සිරා ලිපියක් මචන්! සිරාම සිරා. ජය වේවා. දකින්න පහු වුනාට සමාව!

    ReplyDelete
  9. මෙතුමා මමත් ඉතා ප්රිය කරන ගායකයෙක්.. එතුමාගෙ සින්දු හැම වෙලාවෙම ඇහුවත් ඔ‍හු ගැන හරි විදියට දැන ගත්තෙ අදයි . .ඒකට බොහොම ස්තූතියි අයියට‍
    පොඩි ප්රශ්නයක් : ඝන්ටා නාදේ අවට ඇසෙන්නෙ සින්දුව වොලීගෙ නම් මේවත් එයාගෙද ?
    මොකද මේවත් ටිකක් ඔය ටයිප් එකේ ... ඇන්ටන් ජෝන්ස් තමා ගයන්නෙ

    (1)උයල පිහිල දරුවො බලාගන්නෙ කවුරුද
    (2)කන්දෙ හැප්පුන මහ වනන්තරේ
    (3)හාරලක්ෂෙ

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails