Saturday, July 3, 2010

අපි මේ කොහෙද බන්! | Where Are We Now?

 

 

අපි මේ කොහෙද බන්! කබර (කබර කිවුවට මේක “තලගොයි”  සීන් එකක්) කතා එපිසෝඩ් 02

අපේ කැම්පස් එකේ කට්ටිය සෙට් වෙන තැන් කීපයක් තියනවා.

1. බෝට් යාඩ් එක
2. පැවිලියන් එක
3. බාස්කට් බෝල් කෝට් එක
4. මැක් ඩොනල්ඩ්ස් එහෙම නැත්නම් මැක් එක (මේ මිකැනිකල් එක ළඟ තිබුන කැන්ටිමේ නම, මැක් කියන්නේ මිකැනිකල් වල Mech කියන  පදය සමාස වී සෑදුන වදනක්, පස්සෙ ඩොනල්ඩ් සමග සන්ධි වුණා)

ඔය හැම තැනම වෙච්ච හොඳ හොඳ කතන්දර තියනවා.

අපේ කට්ටිය එදා සෙට් උනේ බෝට් යාඩ් එකේ. අපේ සෙකන්ඩ් ඉයර් කාලෙ, ඒක නිසා ඉතින් බොනපාට් ලා වැඩියම හිටියේ නෑ. කට්ටියගේ හොඳ හොඳ කියුම් කෙරුම් ආවෙ ටිකක්  පහු වෙලා. 

කොහොම හරි මට මතකයි, එදා සුමිහිරි පානෙ උනේ ලාබම බ්‍රැන්ඩි ජාතියක්. කටිටිය දන්නවා, කොල පාට ලේබලේ, "ඇනපියා" කියලා තමා ප්‍රසිද්ධ. බෝතල් දෙකකට හිටියේ හය දෙනයි. අනිත් උන් බයිටො (එහෙම නැත්නම් බොන බව අඟවා, බයිට් හා සැන්ඩි වලට වග කියන කට්ටිය, උන් ගැන වෙනම කතා සීරිස් එකක් දාන්න පුලුවන්).

දන්නවනේ ඉතින් අවසානය! බෝට් යාඩ් එක නිසා හොස්ටල් එක වගේ සේදීම් අවශ්‍ය නෑ. පොදු ස්ථාන නොවැ!

කොල්ලා හෝදන්න ඕන නම් කකුල් දෙකෙන් අල්ලගෙන බොල්ගොඩ ඔයට ඔබන එක තමා තියෙන්නෙ.   ෆුල් සර්විස් වෙලා ඔයිල් මාරු වෙලා එනවා!

ඉතින් ඔය වතාවත් ටික කරලා දැන් කට්ටිය බෝඩිම් වලට ඇරලවීමේ රාජකාරිය.  මොකද හොස්ටල් නෑ නොවැ සෙකන්ඩ් ඉයර් කාලෙ!

මගේ කතාවෙ කතානායකයා හිටියෙ 255 පාරෙ ක‍ටුබැද්ද පැත්තට වෙන්න. මිනිහටත් එදා හොඳටම වැඩියි. කැම්පස් එක තියෙන්නෙ කන්ද මුදුනෙ නේ. මම ඉතින් පොරගෙ කරට අත දාගෙන වත්තම් කරගෙන ඔය මම පල්ලම බහිනව. මිනිහත් ඉතින් මගේ කරේ ලැගගෙන ඇදි ඇදි එනව. හීතල හුලඟක් හමාගෙන ගියා, වෙලාව රෑ 12 ට විතර ඇති.

එක පාරටම අපේ බුවා හෙමින් ඔලුව උස්සලා අහපි මගෙන්,

"මචන්, මේ කොහෙද බන්? අපි  කතාවෙන් කතාවෙන් නුවර එලියටත් ඇවිදගෙන ආවද?"

මූ මගුලක් කතාකරනවා, මට හොඳටම මහන්සියි. මම ඇහුවා

"උඹට පිස්සුද බන්?"

අපේ පොර කියනවා,

"අනේ බොලේ, උඹ හිතුවද මට වැඩියි කියල? නුවර එලියෙ නෙවෙයි නම් කොහොමද අර එහා කන්දෙ ලයිට් පේන්නේ?"

ප.ලි.
ඔය පල්ලම බහිනකොට, ක‍ටුබැද්ද හන්දිය පැත්තෙන් විදුලි එලි පේනවා.

ඇඩිශන්ස් නෑ.. සම්පූර්ණ සත්‍ය සිද්ධියක්.

7 comments:

  1. හික් හික්!! එලම කිරි මචෝ!

    ReplyDelete
  2. පොර හෙන සයිස් හීනයක් බල බල ඉදල තියෙන්නෙ වෙරි මර ගාතෙ හික් හික්... සීරිස් එක එල.. තව ඇති කතා ඇති ඕනි තරම් හික් හික්...

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. මැක්ඩොනලස් ගැන ලියා ඇති බැවින් මේ වැම්පරයා 2002 වසරෙන් පසු මේ මොන්ටිසොරියට පා තැබුවෙක් විය යුතුය...

    ReplyDelete
  5. මයියා- නිවැරදියි. මම 2004 දි තමයි ආවෙ..

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails