Thursday, August 5, 2010

දෙකයි පනහෙ කලාකාරයෝ ප්‍රමෝට් වෙන රට..!

 Yen coins Icon

කලින් අපේ උඩුරාවණ කතාව අගදි මම ඇහුවනව පොඩි ප්‍රස්නයක්. මෙතන ක්ලික් කරල ඒක බලන්නකො. මම හිතන්නෙ අපේ මේ බ්ලොග් බලන .. බ්ලොග් කරන අය ඒ සින්දුව ගැන අහල නෑ. අහල තියනව නං කෙලින්ම උත්තරේ දෙනවානෙ.  එහෙම වෙන එක පුදුමෙකුත් නෑ. මොකද අද අපේ වටේ තියෙන්නෙ එලොවටත් මෙලොවටත් නැති මහ ගූ සින්දු ටිකක් නෙ.

ඒවමයි ඇහෙන්නෙත්. ඉස්සර රේඩියෝ එකේ සින්දුවක් ගියාම ගායකයට මුදලක් ලැබෙනවා. ඒත් අද සල්ලී ගෙවල සින්දු බ්‍රෝඩ්කාස්ට් කරන  තත්වයක් නෙව තියෙන්නෙ. ඒ ගානට අද ඉන්න බොහෝ ගායකයො පීචං වෙලා. තනු නිර්මාණකරුවෝ සේරටම හපං. මට හිතෙනව මේ තත්වෙ තියෙන්නෙ ලංකාවෙ විතරද කියලත්.

මෙහෙත් නවකයො උඩට එනවා. ඒත් බොහොම දෙනා "ක්ශේත්‍රයේ ‍රැඳී සිටීමට නම් මිනිසුන් අතර ‍රැ‍ඳෙන නිර්මාණ කළ යුතුයි" කියන මානසිකත්වයෙ ඉන්නෙ. ලංකාවෙ වගේ එදා වේල ගොඩ දාගන්න පොඩි සින්දු කෑල්ලක් ගහගෙන පීචං වෙන්න නෑ. මම ලංකාවෙ ඉන්න කලාකාරයො පහත් කරන්නෙ නෑ.  අද ඉන්න ගොඩක් අය ගොඩක් පහලින් ඉන්න නිසා පහත් කරන්න දේකුත් නෑ!

ඒ අතින්.. අමරදේව, වික්ටර්, කපුගේ, සුනිල්, සනත්, ජෝති, නන්දා මාලිනී, දීපිකා, දිවුල්, දයාන්...අන්න මිනිස්සු..! ප්‍රේමකීර්ති, සේකර, කුලරත්න ආරියවංස, කරු අයියා, කුමාරදාස සපුතන්ත්‍රී, ප්‍රණීත් අබේසුන්දර, සුනිල් ආරියරත්න, වසන්ත කුමාර කොබවක, ඔගස්ටස් විනයාගරත්නම්, රත්න ශ්‍රී, පල්ලෙගම හේමරතන හිමි.. අන්න පද රචකයො! කේමදාස මාස්ටර්, ක්ලැරන්ස්, පැට්‍රික් දෙනිපිටිය, ශෙල්ටන් ප්‍රේමරත්න, සිසිර සේනාරත්න, ස්ටැන්ලි පීරිස්, නිමල් මෙන්ඩිස්, මොහොමඩ් සාලි.... අන්න සංගීතවේදියෝ!

දැන් මට පේනව කට්ටිය කැති පොලු අතට ගන්නවා .. අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී, හැමදාම පරණ ඒවද, හැමදාම එකම ස්ටයිල් ද කියල අහගෙන. අනේ.!! අපි නොදන්න මොණරතැන්න!!

ඔය මම කියපු ලිස්ට් එකේ ඉන්න .. තව මතකෙට ආපු නැති හැම මිනිහම ඒ කාලෙ කලේ .. ඒ කාලෙ හැටියට අලුත් දේවල්... ඒව ඒ කාලෙ මිනිස්සු ආදරයෙන් වැළඳ ගත්තා. තාමත් ගොඩක් අය ඒවට ආදරෙයි!! ඒත් අද..!! රුපියල් දෙදහක් ..පන්දහක් වටින කලාකරුවො අපිට ඉන්නෙ.

එක් අතකට මොකටද ඕව ගැන දුක් වෙල ලේ රත් කරගන්නෙ. අපි නං ලාවට හරි ඒ මිනිස්සුන්ගෙ සින්දු අහන්න වාසනාවන්තයි. ඒත් හෙට එහෙම වැඩක් කරන්න තරං පොරක් ඉඳී කියල හිතන්න අමාරුයි..

ඔව්.. කසුන් ඉන්නවා, අමල් ඉන්නවා, සමන්ත පෙරේරා ඉන්නවා, නදීක ගුරුගේ, දයාන් ඉන්නවා, ඒත් කෝ මේ මල ඉලව් මාධ්‍ය කාරයො උන් ඉන්නව කියලවත් දන්නවද දන්නෙ නෑ. හොඳම උදාහරණය.. අහල තියනවද අලුත් වැස්සක් කියන අල්බම් එක ගැන. ඒක සුනිල් එදිරිසිංහ මහත්තයගෙ නවතම එක. 2000-2002 කාලෙදි ආවෙ මතක විදියට. අහල තියනවද ඒකෙ සින්දුවක් යනව වැරදිලාවත්...! එහෙම උනාම උන්ට වත් කිසි පැවැත්මක් නෑ! ඒක එහෙමම උනාට එහෙම නොවේවා කියල මම පතනවා.

මට නං හිතෙන්න ගස් බඳින්න ඕන ගාන සෑහෙන්න වැඩියි! කොහොමත් ගම්පහින්ම එක්ලක්ස පනස්දාහක් ඉන්නව නෙ ගස් බඳින්න.

ඒකෙන් වැඩක් නෑ. මේං සින්දුව. මේව අහපල්ල කොල්ලනේ, හොයාගෙන හරි අහපල්ල. හිතපල්ල.. තව අවුරුදු 10කින් තියන රියැලිටි ශෝ හරි මොන ප යන්නෙ හරි .. 2000 න් පස්සෙ ආපු සින්දුවක් කියැවෙයිද! බොහොම කලාතුරකින් තමයි එහෙම උනත් !! එදාටත් ජෝති, අමරෙ, වික්ටර් සරණයි!

 

පදරචනය- උපාලි ධනවලවිතාන
සංගීතය හා ගායනය- වික්ටර් රත්නායක

 

මෙතනින් අහන්න Hathwalalla Kanda Kapa – Victor Rathnayake

 

හත්වළල්ල කන්ද කපා ගංකරයෙන් පා.. වෙලා
දියකඩ පීරා...
නඟා කෙල්ල ඉන්න පැලට තෑගි අරන් මං එනවා..
හත්වළල්ල කන්ද කපා ගංකරයෙන් පා.. වෙලා
දියකඩ පීරා...
නඟා කෙල්ල ඉන්න පැලට තෑගි අරන් මං එනවා..

දොළ දෙනියේ .. වැව් බැම්මේ.. හිඹ‍ටු කැලෙන් නගේ නුඹට
හිඹ‍ටු කඩන් .. මං එනවා.. ඉවසිලි නෑ නුඹ දකින්න
අනේ එපා ඔච්චං කර බක් මී මල් හිනාවෙන්න

හත්වළල්ල කන්ද කපා ගංකරයෙන් පා.. වෙලා
දියකඩ පීරා...
නඟා කෙල්ල ඉන්න පැලට තෑගි අරන් මං එනවා..

තුරු වදුලේ කිරල රොදේ.. යොදුන් ගණන් ඈතට යමු
ගං ඉවුරේ..කිරළ රොදේ.. හීන් හෙවනෙ කතා කරමු
වාසනාව අග හිඟ නෑ නගා කෙල්ල ඉන්න පැලට

හත්වළල්ල කන්ද කපා ගංකරයෙන් පා.. වෙලා
දියකඩ පීරා...
නඟා කෙල්ල ඉන්න පැලට තෑගි අරන් මං එනවා..

 

මගේ ආදරණීය මිත්‍ර හෙළයාගෙ සටහන මේ සටහන ලිවීමට ඉවහල් උනා. හෙළයා... කට පුරා ස්තුතියි!

http://helaye.blogspot.com/2010/08/blog-post_04.html

නිමිත්ත සැපයූවා. වැදගත් සටහනක් නොවුණත්. මලෙන් ලිව්ව නිසා ටිකක් එහේ මෙහේ ඇදිල තියෙනවා. ගනන් ගන්නෙපා.

ඒක නෙවෙයි. දන්නවද ප්‍රේමදාස ජනාධිපතිතුමා සින්දු ලිව්ව කියල! අහල තියන කට්ටිය පහලින් අත උස්සල යන්න.

හින්ට් එකකුත් තියනවා - ඒ සින්දුවට මියුසික් ඇන්ඩ් වෝකල්ස් මේක කියන වික්ටර් රත්නායක මහත්තයගෙන්මයි! සින්දු සීයක් විතර එක දිගට අහන්න පුලුවන් ගායකයෙක් තමා වික්ටර්!

 

අති විශේෂ ස්තුතිය -

අභීත උදය බණ්ඩාර එදිරිසිංහ මහත්තය බොහොම ලස්සන (අලංකාර) උඩුරාවණ කතා කිහිපයක් එවා තිබුණා. ඉදිරියේදී පළ කරන්නම්. බොහොම ස්තුතියි! ඒ මහත්තයගෙ බොලොග්ගෙට මෙතනින් යන්න..

ටිකක් හිනාවෙන්න .. අහ්.. අවවාදයයි..ටිකක් කිවුවට ගොඩක් හිනායන්න ඉඩ තියෙනවා!

 http://tikakhinawenna.blogspot.com/

අදාල දේවල්

http://blogvampa.blogspot.com/2010/08/nawathanpole-oba-unna-i.html

http://blogvampa.blogspot.com/search/label/jothipala

http://blogvampa.blogspot.com/search/label/Gunadasa%20Kapuge

http://blogvampa.blogspot.com/search/label/Amarasiri%20Peris

http://blogvampa.blogspot.com/2010/07/buduhamuduruwo-by-sanath-nandasiri.html

අද ඉඳල අලුත් කැටගරි එකක් පටන්ගන්නවා සිත්ගත් ගී කියල. අම්මප ඒව කොච්චරනං තියෙද? මම සිත් ගත් ගී බලන තිස්ස අයියගෙ බොලොග් එකට මෙතනින් යන්න.

http://hadageepotha.blogspot.com/

28 comments:

  1. සින්ඳුව නම් පංකාදුයි....මේක මගෙ ලඟ තියෙනවා....ඇත්ත්ටම වික්ටර්ගෙ ඉතාමත් හොඳ මෑත භාගයේ නිර්මාණ තියෙනවා උදහරණයක් ගත්තොත් අර සිංහබාහු චරිතයට අදාල ගීතයක් තියෙන්නේ "නියපෙළ සිඳලයි"...හරිම ලස්සන ගීතයක්...මම නම් කියන්නේ මේකට මුළුමනින්ම වගකිවයුතු වන්නේ දුවන්නන් වාලේ එහෙ මෙහෙ දුවන අපේ මාධ්‍ය කලාව කියලයි....:(

    ReplyDelete
  2. ප්‍රෙමදාස ජනාදිපති තුමා සිංදු ලිව්ව කිව්වම මට මේක මතක් උනා:

    http://www.dinamina.lk/2009/02/17/_art.asp?fn=f0902174

    ReplyDelete
  3. ශැඩෝ- උඹත් එල කොල්ලෙක් බලාගෙන ගියාම ඈ.. නියමයි මල්ලි..
    subtlesl - සහෝදරයා, බොහොම ස්තුතියි. මේක මම දැනගෙන හිටියෙ ඩෝල්ටන් අල්විස් ගෙ එකක් කියල නෙවෙයි, ස්වර්ණ ශ්‍රී ගෙ එකක් විදියට. දැන් බලාගෙන ගියාම ඩෝල්ටන් අල්විස් නෙව ලියල තියෙන්නෙ. හපෙ අප්පේ..! නැණැස පෑදුවාට පිං!

    ReplyDelete
  4. දැන් ඉන්නවනේ බන් පඳුරකට 100ක් වෙන්න සින්දු කියන උන්. සල්ලි ටිකක් වියදම් කරල මොනා හරි වචන ටිකකට කොම්පියුටර් පිහිටෙන් ජිමික්ස් ටිකක් දාල ඔන්න සින්දුව. මැදට නොතේරෙන කුනුහරුප දානව. අපිට තෙරෙන්නෙත් නැහ උන්ට තේරෙන්නෙත් නැහ.

    සල්ලි ටිකක් වැඩි උන් ඔන්න හදන්ව මුයුසික් වීඩියො. හොඳ ඒව නැත්තෙ නැහ. ඒ ත් බහුතරයක් සතියක් වත් පවතින්නෙ නැහ.

    ReplyDelete
  5. නොමිලේ දුන්න පබ්ලිසිටියට ස්තූතිය මචන්...... ජය!

    මේ මාතෘකාව ගැන කතා කරන්න ගියොත් වෙන්නෙ මචන් අපේ ලේ කෝප වෙන එක.. සද්දෙ වහලා පාඩුවේ රේඩියෝ ටීවී දාන්නෙ නැතුව ඉන්නවා මම... බලන්නෙ එක්කො ස්පෝට්ස් නැත්නම් නිව්ස්.....

    ReplyDelete
  6. Getting tired on you-tube searching songs? don’t remember the singer’s name? Here we are offering simple solution for you. In our website, you can find virtually any Sinhala, English and Hindi song by artist. And believe me there are a lot !

    www.sindulanthe.com

    ReplyDelete
  7. ඒ මචන් මහත්තයා කියපුවම ටිකක් ලැජ්ජත් හිතෙනවා.. ගෙදරට පත්තර ගේන එකයි මාළු ගේන එකයි ඇරුනම ඔය කිව්වමයි වෙන එකෙක් මහත්තය කියලා..... හිකිස්..

    ReplyDelete
  8. ම්ම්ම්ම්........සිංදුවනම් මාරම මාරම මාරයි....කියන්න වචන නෑ...අනර්ඝයි...
    මේ සිංදුව මම මීට කලින් අහලම නෑ....බොහෝමත්ම ස්තූතියි බෙදාගත්තට‍‍‍....

    ReplyDelete
  9. අපි අහපු නැති ලස්සන සිංදු කොච්චරවත් තියෙනවද? කෝ ඉතිං fm වැහිවැහලා තිබ්බට එක්කවත් ඔහොම සිංදුවක් දානවැයි!
    අපිත් එක්ක බෙදා හදාගත්තට ස්තුතියි සහෝ!

    ReplyDelete
  10. මයියා ටත් ඔය සින්දු දේක තුනක් ඇරුනම අළුත් අයගේ සින්දු දිරවන්නේ ම නැත. මයියා හිතුවේ එහෙම වෙන්නේ මයියා වයසට ගිහින් ඇති නිසා කියලා ය,

    මොකද ඔය ඉස්සර අමරදේව මාස්ටර් ගේ සින්දු අහපු කට්ටිය ඒ කාලේ ජනප්‍රිය වේදිකා වේ සින්දු කියපු ජෝතිට, මිල්ටන් ලට අම්බානකට බැන්නෝය. පස්සේ ඔවුන් ක්ලරන්ස් ලට , රූකාන්තලට බැන්නෝය...ජිප්සීස් ලව නම් පෙන්නන්ම බැරිය..දැන් බලන කොට අලුත් සින්දු එක්ක බලන කොට ජිප්සීස් ලගේ සින්දු දාහෙන් සම්පතය..

    මොනා උනත් මයියා ට දුක හිතෙනේ ට්‍රිප් එකක් ගිය වෙලාවකටවත් හරි හමO සින්දුවක් කීමට අළුත් අය දන්නේ නති එක ගැනය...

    ReplyDelete
  11. අහා,,මේකද සිංදුව,, මම ඊයෙම කිව්වනේ අපූරුයි කියලා
    ඒක නෙමේ අර "සීගිරි ගලේ කවි ලිව්වේ" කියන සිංදුවත් ලිව්වෙ ප්‍රේමදාස මහත්තයාලු නේ, අපරාදෙ නියම කලා කාරයෙක් නිකා,,,න් මැරිල ගියා ( ඉහි,,ඉහි,,,ඉහි,,,,,,,,,,,,) :D

    අර මයියා කියනවා වගේ වැඩක් මටත් උනා, එක පාරක් ඉස්කෝලෙ ළමයි අරගෙන චාරිකාවක් යන වෙලේ ළමයි කියන සිංදු අහගෙන ඉන්න බැරිම තැන විදුහල්පතිතුමී සහ අපි ගුරු මණ්ඩලයෙ කට්ටිය සිංදු කිව්වා ළමයින්ට අහගෙන ඉන්න කියලා,, සංසාරේ,,,,,,,,,,, :D

    ReplyDelete
  12. වා...ව් නියමයි නියමයි, පංකාදු පහයි,

    නියමයි අයියා සිංදුව, මේ සිංදුවත් හොයලා පොඩි විචාරයක් දෙන්නකෝ ා, හොද පරණ සිංදුවක්නේ, මමත් නව පරපුරේ නමුත් පරණ ලස්සන සිංදු අහන්න කැමති කෙනෙක්,

    නොයෙල් ගුණරත්නගේ

    සැනසී නුවන් තලාවේ හිදිමී දිවා රැයේ.....
    කලතා ඔබයි ගෙනාවේ
    මදිරා පෙරා සුපෙම් කුසලානේ

    ගලනා ගංගාවේ රැලි නංවා ගී ගැයුනාවේ
    වැලලී ගියා අතීතේ හමුවේවා යළිත් වසන්තේ
    හඩනා වීනාවේ අදරයේ ගී ගැයුනා වේ.....
    මලසේ පිපී දසන්තේ ඔබ වේවා මගේ වසන්තේ....

    සමහර පද අඩු ඇති හැකිනම් Reply එකක්........,

    අහන්නත් එක්ක ඕන හොදේ......

    ReplyDelete
  13. නියම පෝස්ට් එක.

    ReplyDelete
  14. පිස්සා.. - හත්වලාමෙ වෙච්ච දේට මක්කොරන්නද? ඔව්.. අනේ මන්ද.. මේව නොපෙනෙන්න ලංකාවෙ නැති එකත් හොඳයි.
    අභීත - ඕව් බන්. ඔක්කොම එකයි. ඉස්සරහට තව පබ්ලිසිටි. කතා ටික නං එල හොඳේ. මහත්තයින් ට මහත්තය කියන්නෝන බොල!

    ReplyDelete
  15. හසියා- මල්ලි තියා මේ 26ක් වෙන්න එන මම වත් ඕක අහල නෑ චැනල් එකක. හෙනගහන්නෙපැයි මුන්ට නැත්ද මම අහන්නෙ.
    උත්පල-ඒක ඇත්ත මල්ලි. බලමු තව ඉස්සරහට මං මොන මොනවහරි අරන් එන්නං.

    ReplyDelete
  16. මයියා - මයියා ගෙ අවුල වයස නෙවේය. මොලේ ය. පොඩ්ඩක් හිතන්න පුලුවන්කමය. ඒත් මේ රටේ ඒක හෙන අවුලක් බව මගේ මොලේටත් වැටහෙනවාය. තාලෙකට නොකියන අමු කුනුහරුප වලට නටන්නයි අත් තලන්නයි අපේ උන්ට පුලුවන්නං පාරෙදි එකෙක් කුනුහරුපෙන් මොකක්හරි කිව්වම මල අතට අරං උගේ පස්සෙ එලවන්නේ මක්කටදැයි මගේ මොලේට නං වැටහෙන්නේ නැතිය. අම්මප ට්‍රිප් එකක් ගියාම කියන්නෙත් ඕව නේන්නං, මොකො අපේ ඉරාජ්ලගෙ ඒව කියන්නෙයි. ඒව ඉතින් අම්මල තාත්තල එක්ක කියන්න පුලුවනෑ.

    ඒක නිසා මයියා. දුක් වෙන්න එපාය. මං නං අද හවස කපුගේ ගෙ සින්දුවක් අහං පොඩි අංසයක් කරනවාය. ඒකටත් මට ඉන්නෙ කපුගේය.

    ReplyDelete
  17. හරී- ඒකනේ දරුවෝ. හ්ම්ම්.. නියම සින්දුවක් නං තමයි, අපි කවද්ද ලොස් බඩු දුන්නෙ ඈ! ඒකනේ..අන්න කලාකාරයෝ!

    ජීවනී - මගෙ දෙයියනේ.. මං ඒක අහල නෑ නෙව! පොඩි බුලට් එකක් ඉන්නව. අපේ තාත්ත. මං අහල බලන්නං!

    අන්ස් - මම පොඩි අංසයක් .. හික් හික්...කරනව අද. මාරයට වගේ කොහෙද අපිට කිතුල්!

    කට්ටියටම තැන්කූවේවා!

    ReplyDelete
  18. සිරාවටම ලොකු පිනක් කරගත්තේ. Hathwalalla Kanda Kapa කියලා තිබ්බට මීටර් උනේම නෑ. ලින්ක් එක ක්ලික් කලාම පොළව පලාගෙන යන්ඩ හිතුනා.

    අපි ඉන්නෙ කාන්තාරෙක. ඒ සිහිල් දියකඳුරු දැන් මතකවත් නෑ.

    ReplyDelete
  19. උඹත් එක විදිහක පොරක් වගේ පේන්නේ :-) ආශ්‍රය කරලා බලන්න වටිනවා. උඹේ මීටරේට මං කැමතියි.
    ජය...

    ReplyDelete
  20. උබ මාර කොල්ලෙක් නේ.. මාත් මේ පොඩි අංශයක් අරන් ලාවට ඩිංගිත්තක් බොන ගමන් බ්ලොග් බලන්න ගත්තේ.. පසුබිමෙන් යන්නේ " බෝදිලිමා නංගියේ... "

    දාමු 5 ට 10ක්.

    ReplyDelete
  21. චාමි- ඇත්ත කතාව. එහෙම වෙන්නේ අපිට ඒව අහන්න වෙන්නෙ නැති නිසා මචන්.කොහෙද ඉතින්.. බල්ලොත් නොකන සල්ලි නෙව ඔක්කොම තීරණය කරන්නේ...

    කුෂාන්- උඹේ යන්තරේ නං ඉටිකිරිස් ඈ. මම ඉතින් ඔහොම තමයි. පරන කාලෙ ඉන්න අලුත් කොල්ලෙක්.

    පිස්සා- අපෙ අප්පේ එහෙමද.. හික් හික්.. මෙහේ සුමනෝ.. නුඹ ඇයි නැත්තේ!!!

    ReplyDelete
  22. ඇයි ඉරාජ්,කොහොමද මැක්සා පාර...."මට කොත්තුත් ඕනේ........"මගෙ හිතේ ලඟදි"රූකඩ මඩු යාග පොලේ"ත් ‍රැප් කරන්නයි යන්නෙ.

    ReplyDelete
  23. ඉස්සර අපේ clarence මහත්තයට මිනිස්සු කොච්චර බැන්නද, එත් මලාට පස්සේ මිනිහ තමා ගී විරුවා. ජෝති මහත්තය කිව්වෙම හින්දි copy. දැන් මිනිහ තමා සිංහල සංගීතයේ සදා නොමියන හඬ. ඔහොම තමා කාලෙන් කාලෙට එක එක සෙල්ලම් මෙ මහාපොලවේ සිද්ද වෙනවා. 70 දශකයේ බටහිර සංගීතයට ගහපු ලොකුම හෙනය තම DISCO. DISCO අල්බුම් එකක් ගහපු නෙති බටහිර කලාකරුවෝ හිටියේ නෙහෙ. එත් DISCO රැල්ල අවුරුදු 10 වඩා නම් තිබ්බේ නේ, එ කුණු සංගීතයෙන් බේරෙන්ඩ techno ජරාව ආව. කොහොම කොහොම හරි අයෙත් බටහිර සංගීතය නොර්මල් වෙනද ටික කාලයක් ගිය. මිනිසුන්ට ගෝචර නොවන දේවල් ව පැවැත්මක් නෙහෙ. සමාජය විසින්ම ඒවා නැති කර ගෙන, සමතුලිත තත්වයට පත් වෙනවා.

    ReplyDelete
  24. ඔය තියෙන්නේ අපූරුවට පුද්ගලික එල්ලයක් නැතුව, ලුණු ඇඹුල් ඇතුවම කියලා... නියම වැඩේ... අන්නෙ එහෙම කස්ටියම... පුලු පුලුහං විදිහට ඔය මීටර් වලට අහුවෙන හොඳ සිංදු අන්න එහෙම ජනප්‍රිය කරන්න ඕනේ.... කොමෙන්ට් බැලුවහම ආසා හිතෙන දේ තමා රහ (මෙරහ එක්ක වුවත් පිස්සා මලයා වාගේ) අඳුනන කට්ටියත් බොහොම ඉන්නවා කියන එක... අන්තිම ඇනී කියපු කතාවත් සලකන්න ඕනේ... නමුත් ඔය දහ ජරාවට පොඩි එවුන් අහුවුනහම ආයේ හොඳ දෙයක් ඔලුවට දාන එක බොහොම අමාරුයි... පොඩි උන් දෙන්නෙක් ඉන්න හින්දයි කියන්නේ මං...

    ReplyDelete
  25. අවසානයේ ඇනෝ කියලා තියන මතයට මාත් එකඟයි. දැන් බිම්මල් වගේ කලාකරැවෝ හැදෙනවා. ඒත් ප්‍රශ්ණයක් නෑ. මොකද රැදෙන්නේ පොඩ්ඩයි. දැන් යන්නේ මියුසික් විඩි‍යෝ එකක් හැදීමේ ට්‍රෙන්ඩ් එක. මං සාමාන්‍යයෙන් එන හැම මියුසික් විඩියෝ එකම ඩවුන් කරලා බලනවා. සමහර ඒවා භාගයක් අහනකොට එපා වෙනවා. ඒත් කොච්චර ආවත් මේ පහුගිය මාස කිහිපයට මැෂින් එකේ තියාගෙන බලන්න පුළුවන් එකක් ආවේ එකයි. ඒ හිරාන් ටී ගේ සිංදුවකට. අනිත් ඔක්කොම එක සැරයයි. ඩිලීටඩ්.

    මෙතන නියමයි. ආවොත් අලුත් දෙයක් අරගෙන යන්න පුළුවන්.
    නියමයි වැම්පා

    ReplyDelete
  26. මමත් කාලෙකට කලින් මේ ගන පෝස්ට් එකක් ලිව්වා. මම හිතන්නෙ මේකට අපේ තරුණ පරම්පරාවේ හීන මානයත් බලපානවා. ඒ අය හිතන්නේ අපේ ඔය කියල තියෙන වගේ උසස් නිර්මාණ අගය කිරීම ගොඩේ ගතියක් කියල. බටහිර සංගීතය, භාග ඉංග්‍රිසි සිංදු කිව්වම, ඇහුවම පොෂ් කියල. මම ශිෂ්‍යත්වේ පාස් වෙලා රොයල් ගියේ. මම දැක්කා ගොඩක් ගම් වල ඉඳන් ආපු අහිංසක ලමයි, ගෙදරත් ඉංග්‍රීසියෙන් කතා කරන කොලඹ 7 කට්ටිය වගේ වෙන්න උත්සාහ කරන හැටි.

    ReplyDelete
  27. අනේ වැම්පයර් අයියා ඒ සිංදුව හොයා ගන්න බැරි උනාද?

    හැබැයි හොයා ගන්න වටින සිංදුවක්.

    ReplyDelete
  28. ම්හු.. සොරි වෙන්න ඕනෙ ජීවනී..තිස්ස අයියගෙන් පොඩ්ඩක් අහන්න බලන්න...

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails