Tuesday, August 10, 2010

ඇගෙ තරමට ආදරයක් කොහෙන් ලබන්නද....

 01

ආදරය... කුලමල, ජාතිබේද එක් කරන එකතු කරන බැම්මක් වගේ. මිනිසුන්ගේ හිතේ ඇතිවෙන හැඟීම් වල අග්‍රඵලය ආදරයයි කිවුවොත් ඒකෙ වැ‍රැද්දක් නැතිවෙයි මම හිතන්නෙ. අම්මා, තාත්තා, සහෝදර සහෝදරියෝ, ආදරවන්තිය හැමදෙනාම එකට බැඳිල ඉන්නෙ, එකෙක්ගෙ දුකේදි එකට දුක්වෙන්නෙ, සැපේදී එකට සතු‍ටුවෙන්නෙ මේ හැදුන බැමි නිසා. දෙමව්පියො සිහිනෙනුත් හිතන්නෙ තමන්ගෙ දරුවගෙ සුබසිද්ධිය. ආදරවන්තිය හෝ ආදරවන්තයාත් එහෙමයි..

මේ ගීතය මට ඇහෙනකොට මගේ යාලුවෙක් මතකෙට එනවා. ආදරවන්තිය වුණේ දෙමළ ජාතික සහෝදරියක්. දෙන්නා සෑහෙන්න ආදරෙන් හිටියා. ඒත් ගෙවල් වලින් දැනගත්තම වුණේ අපි කොයි කවුරුත් දන්න විදියෙ දුක්ඛාන්තය, ඒ දෙන්නට ඒ දෙන්න තරම් හොඳ දෙන්නෙක් නොලැබෙන වග ඒ දෙන්න විතරක් නෙවයි අපිත් දැනගෙන හිටියා.

කොහොමහරි සෑහෙන්න කාලයක් ගතවුණා.. හැලහැප්පීම් රණ්ඩු දබර, හැඬුම් මධ්‍යයේ ආදරය ගලාගෙන ගියා. ඇඬුවා..ගෙදරින් ගිහින් හිටියා... මෙකී නොකී සියලු දේවල් කළා...

අන්තිමට විවාහය සිදුකරන්න උනා... අපේ එකා දක්සයා.. මිනිහ හොඳට මොලේ පාවිච්චි කරල වැඩ කලා. අන්තිමට සියලුම දෙනාගෙ කැමැත්තෙන්, දෙපැත්තෙම නෑදෑයො ඇවිත් ජයටම මගුල ගත්තා .. (වෙන්න බෑ වගේ නේද, මටත් වෙනකං ශුවර් එකක් තිබුනේ නෑ, විශේෂයෙන්ම උගේ අම්මගෙන්.. ඒත් අම්මා අන්තිමට බොහොම සතුටින් හිටියේ, සහතිකෙන්ම)

අද ඒ දෙන්නා ඉතාමත් සතුටින් සමගියෙන්.. පොඩි කොල්ලෙකුත් ඉන්නවා.. (වැඩ කරු නේ! අනිවා.. බැඳලා අවුරුද්දෙන් අපිට සබන් පවුඩර් අදින්න උනා..! අපි උන් දෙන්න බයිට් එකට ගන්නවා බැඳලා මාස හතෙන් බබා ඉපදුනා කියල..!) අම්ම තමයි සියලුම වැඩ කරන්නෙ කොලු පොඩ්ඩගෙ..දැන් අම්මට ලේලි නැතුවම බැරි සීන් එකක් තියෙන්නෙ.

කොහොමින් කොහොමහරි පවුල් දෙකත් දැන් සෑහෙන්න එකමුතුයි. සන්නිවේදන ප්‍රස්න තිබුණත් අපි කවුරුත් දන්න බොඩි ලැන්ග්වේජ් එක ඒ අඩුව පිරෙවුවා...

අපේ එකාගෙ පියතුමා තමයි අන්තිමට මූලිකත්වෙ අරන් වැඩේ කරේ.. ඒකයි මට මේ සින්දුව ඇහෙද්දි  පරණ දේවල් මතක් වෙන්නේ..

 

අහන්නකෝ.. අමරසිරි පීරිස් කලාකරුවාණන්ගේ සොඳුරු හඬ....!

Mage Puthe Numbata by Amarasiri Peris

මගේ පුතේ නුඹට
මං කොහොමට දොසක් කියන්නද
නුඹ නුඹේ ලොවේ කිරුලු පැලැන්දට
වෙන බසක් දෙඩූවට රතු තිලක තියූවත්
මං අමනාප වුනත්....
ඇගෙ තරමට ආදරයක් කොහෙන් ලබන්නද....

පිච්ච මල් රටා හිසලන පිච්චමල් හිනා පළඳින
ඇය ඇවිත් නුඹේ  හෙවනැල්ලේ සෙවන ලබන විට
ඒ උණුහුමෙ ජාති ජන්ම ලියා තියෙනවද...

මගේ පුතේ නුඹට
මං කොහොමට දොසක් කියන්නද
නුඹ නුඹේ ලොවේ කිරුලු පැලැන්දට
වෙන බසක් දෙඩූවට රතු තිලක තියූවත්
මං අමනාප වුනත්....
ඇගෙ තරමට ආදරයක් කොහෙන් ලබන්නද....

පුංචි කැදැල්ලේ සිරිකත ඔන්න ඈ ඇවිත් කුලගෙට
නුඹගෙ කියූ කිරිකැටියෙක් හිනා වෙලන විට
ඒ සිනහවෙ ජාති ජන්ම ලියා තියෙනවද.....

මගේ පුතේ නුඹට
මං කොහොමට දොසක් කියන්නද
නුඹ නුඹේ ලොවේ කිරුලු පැලැන්දට
වෙන බසක් දෙඩූවට රතු තිලක තියූවත්
මං අමනාප වුනත්....
ඇගෙ තරමට ආදරයක් කොහෙන් ලබන්නද....

කලින් දවසකත් මම පෝස්ට් එකක් දාපු නිලාර් එන් කාසිම් මහත්තයගෙ පදවැලක්.  කළණි පෙරේරාගේ සංගීතයෙන්..ස්නේහයේ නගරයයි ඇල්බම් එකෙන්..නිලාර් මහත්තය මේ වගේ ගොඩක් ජාතීන් අතර ආගම් අතර මිනිස්සුන්ගේ ආදර සම්බන්ධතා ගැන බොහොම ලස්සන සින්දු ලියල තියෙනවා.

 

තනිකරම මේ සින්දුව තමයි කතන්දරේ.

මේකයි මට කියන්න තියෙන්නේ.. තමන් ගේ හිතට හරියන කෙනා හොයන්න අද ගොඩක් අය පාවිච්චි කරන මිනුම් දඬු වල මූලාංකයේම ඉඳන් දෝශ! ඒක ඉතින් උගන්නන්න පුලුවන් දෙයකුත් නෙවයි.. තමන්ට තේරෙන්න ඕන සෙල්ලම යන විදිය බලලා මේක හරියන එකක්ද ජෝන් බාස්ට යන එකක්ද.. මේ වාහනේ මට දුවන්න පුලුවන්ද.. මයියා කියන්න වගේ පහු වෙද්දි ලෙඩ දෙයිද කියලා තේරුම්ගන්න.. එහෙම හරියටම සෙට් වුණොත් ආයෙ ඒක මොන ප්‍රස්නයක් නිසාවත් අතහරින්න හොඳ නෑ.. ගෙවල් වලින් අකමැතිනං කැමති කරගන්න විදිය තමන් දැනගන්න ඕන. ඒකට ඔය පොඩි මාකටිං කෝස් එකක් කරත් කමක් නෑ..

හැබැයි කොල්ලනේ.. අම්මල තාත්තලගෙ හිත් රිද්දන්න එපා.. උඹලට මාස කීපයක් දැකපු නාඳුනන කෙල්ලෙක් කැමති කරගන්න පුලුවන් නම්.. අවුරුදු ගණනක් එකට හිටපු අම්මලා තාත්තලා කැමති කරගන්න එක මහ කජ්ජක් නෙවයි....

ප්‍රධානම කාරණේ.. හදවත පාවිච්චි කරන්න ඕන තැනදි මොලේ වත්.. මොලේ පාවිච්චි කරන්න ඕන තැනදි හදවතවත් පාවිච්චි කරන්න එපා.. ප්‍රතිඵල භයානකවීමේ හැකියාව ඉතා වැඩියි!

හැම තිස්සෙම පුරුදු වෙන්න සෙල්ලම ඉවර වෙනකන් ගහන්න.. දිනුවත් පැරදුනත්.. පැරදෙයි කියල හිතනවාත් සමගම උඹල පැරදිලා ඉවරයි! 

අනික.. මම පුද්ගලිකව කේන්දරේ විශ්වාසකරන්නෙ නෑ. ඒත් මගේ හොඳ බාගෙ ඒකටත් එක්ක. ඒකත් ඔහෙ පොඩ්ඩක් බැලුවට කාරියක් නෑ, මුලින් හොරෙන්. ඊට පස්සෙ අවුල් නං ඕන පොරොන්දං ගානට පොඩ්ඩක් උපන් නැකත ඇජස්මන්ට් එකක් දාල ගෙදරට දෙන්න. පොඩි කම්පන්සේශන් එකක් මොකෙත් තියෙනවනේ. 

අත්දු‍ටුවයි.. ප්‍රත්‍යක්ශයි!

මෙලෝ රහක් නෑ නේද අද ලියවෙච්ච් දේවල්.. අනේ මන්ද ඕං.. තරහා අවසර.. උඩුරාවණත් ඉන්නව අරෙහෙ..

හොඳ ඒවට මෙතනින් යන්න..නන්දා පතිරණ ගෙ නියම සින්දුවක් තියෙනවා ...

www.hadageepotha.blogspot.com

ජයවේවා... අම්මප මං නං නියම ගොඩ යෑමක් ගොඩ ගියා මේ අතින් නං..

මේ.. ඒක නෙවයි.. මැක්සි ජයවීර කියල ගායකයෙක් හිටිය දන්නවද ? තව අනුර සේනානායක කියල කෙනෙකුත්? මට මේ හදිස්සියෙ මතක් වුනේ... :D

17 comments:

  1. අගනා ලිපියක්.අපි මොනතරම් කෑගැහුවත් ජාති කුලමල බේද තියෙන තුරු, මනුස්ස කියන ජාතිය යටතේ අපි එක්වෙන තුරු....අපි අතර සාමයක් ඇතිවීම ඉතාම සැක සහිතයි....තිත්තයි නම් තමා ඒත් ඇත්ත කවදත් එහෙමයි.....ස්තුතියි මචෝ.....

    ReplyDelete
  2. අද උදේම වැඩට යන්නත් කලින් මේ ලස්සන ගීය ඇහුවා... මම කලින් අහලා තිබුනේ නෑ මල්ලියේ මේක...
    "ඇගේ තරමට ආදරයක් කොහෙන් ලබන්නද..." අනිවා... ඒත් එක්කම දාලා තියෙන පසු සටහන නම් එලම එල... ගේම අතහරින්නේ නැතුව රැවුලයි කැඳයි දෙකම බෙරා ගන්න "ගට" හොයන එවුන්ට නියමයි... සම්‍යක් ප්‍රයෝග හරි වටිනවා ඔය වාගේ වෙලාවට... මටත් උතුරා යන සෙනෙහසක අයිතිකරු වෙන්න ලැබුනේ එහෙම "ගිව් අප්" නොකල නිසා...

    අනුර සේනානායක ඒ කාලේ පොලිසියේ එස් අයි මහත්තයෙක්... මිරිහානේ ක්‍රයිම් බ්‍රාන්ච් එකෙත් වැඩකලා... හොඳ කලා කරුවෙක්... මම ආසාම ඔහුගේ "සඳ කිඳුරු කිඳුරියන් ගැවසෙන වෙරළ දිහාවේ සඳ පාන තියන රෑක නොයන්නේ... ඔබ කිඳුරු කොදෙව්වට කැන්දන් යාවි කුමාරී... ඔබත් කිඳුරු ලඳක් කියාලා..."

    ReplyDelete
  3. දැං නේ බොලේ අපි සිංදු අහන්නෙ, පසු සටහන් ගැන කියනවා නම් අමූලික ඇත්ත, මාත් ඒකාලෙ කෑවනෙ හොඳ කට්ටක්,,
    කොලු කෙල්ලන්ට හොඳ ආදර්ශය උදේ පාන්දර,,
    ජයවේවා !!!

    ReplyDelete
  4. නියමයි වැම්පි, මගෙත් යාලුවෙක් ඉන්නවා මේ ලිපිය පෙන්නන්න හොද!!!

    ReplyDelete
  5. හදවත පාවිච්චි කරන්න ඕන තැනදි මොලේ වත්.. මොලේ පාවිච්චි කරන්න ඕන තැනදි හදවතවත් පාවිච්චි කරන්න එපා - වටින කතාවක්

    ReplyDelete
  6. එල එල...මයියා ආසම අර හදවත යි බුද්ධියයි ගැන වැම්පිගෙ කථාවට..අනිත් එක මයියටත් පොඩි කාලෙ ඉදලම කෙන්දර දිරවන්නේ නැ..හැබැයි දැන්නම් මයියා ඕක ගැන පොර ටොක් දෙන්න යන්නේ නැ...කොටින්ම මයියාට කෙන්දර ගැන මුකුත් තෙරෙන්නෙ නැත..ඉතින් තෙරෙන්නෙ නැති දේයක් විශවාස කරන්න හරි නොකරන්න හරි බැනේ..

    ReplyDelete
  7. වැම්පෝ...මගෙත් යාලුවෙක් ඉන්නවා ඔය සීන් එකම තමයි... බුවා දැන් කැන්ගරුවෝ අල්ලන්ට ගිහිල්ලා ඉන්නේ....ඌ ඉස්කෝලෙ එන්ට නැවතිලා හිටපු ගෙදර ගෑණු ළමයත් එක්ක තමයි සීන් කෝන් එක යන්නේ.... හරියටම කියනවනම් අවුරුදු දාහතරක විතර ප්‍රේම වෘතාන්තයක්... දෙපැත්තෙන්ම කැමති නෑ.... ඒත් මුන් දෙන්නා තාම ඇදගෙන යනවා ... උට මේ ලින්ක් එක යවන්ට ඕන....

    ReplyDelete
  8. මේක නම් මම අවුරුදු 8-9ක් තිස්සෙ පට්ට ගහන සින්දුවක්. නියමයි... කොහොමත් අමරසිරි පීරිස් මහත්මයගෙ සින්දු හැමඑකකම දැණෙන දෙයක් තියෙනවමනේ...

    ReplyDelete
  9. වැම්පො උබටයි තිස්ස අයියටයි පින් මේ දෙන සින්දු වලට. අමරසිරි මීරිස් මහත්මයගේ ගීත ගැන නම් කියල වැඩක් නැහ. පපුවටම දැනෙනවා.

    ReplyDelete
  10. මේක බා ගන්න විදියක් දියන්කො බන්

    ReplyDelete
  11. ශැඩෝ- ස්තුතියි මචන්.. ඇත්ත තමයි.
    තිස්ස අයියා- ඔව්.. ජීවිතේ කාලයක් ක‍ටු කෑවම ඉතිරි කාලය ගොඩ යනවයි කියල තමයි මමත් අහල තියෙන්නෙ. ඇයි අනුර සේනානායක තමයි "මාගේ කිරිල්ලී.. සොයා යන්නෙ මා..." මැක්සි ජයවීර - බැරි බර කරේ තියන්....

    ස්තුති වේවා...

    ReplyDelete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. හරී- දවසක දාමු බලන්න කාපු කට්ටේ වග!
    ගඩොලා-ඕකේ මචන්..එල!

    ස්තුති වේවා...

    ReplyDelete
  14. වැප්- ස්තුතියි ඔබට අගය කිරීමට..
    මයියා- ඒක ඇත්ත... මටත් ඒක තේරෙන්නේ නෑ. ඒත් මට මුකුත් විස්වාස කරන්න හිතෙන්නත් නෑ බන්..
    පුතා-කැමති අකමැති වෙන්න හේතු තියනවා. ඒවා ගැන කල්පනා කරන්න ඕන ඔලුවෙන්.. පපුවෙන් නෙවයි! කාට හරි හොඳක් වෙනවා නං එච්චරයි මචන්!
    එච්- බලාගෙන ගියාම එල පොරවල් නෙ ඉන්නෙ. මේක එච්චර කට්ටිය අතරට ගියේ නැති සින්දුවක්, කසිකබල් මාධ්‍ය කලාව නිසා.. ඒත් අහන අය සතියකට වරක් වත් අහනවා...

    ස්තුතියි..

    ReplyDelete
  15. පිස්සා- අනිවා.. අමරසිරි පීරිස් කියන්නෙ ආයෙ එළ... ලින්ක් එක උඩ රයිට් ක්ලික් කරල සේව් ඈස් දීපන් එතකොට එයි...ස්තුතියි...

    ReplyDelete
  16. මමත් මේකට පොඩි දෙයක් එකතු කරන්න හිතුව..
    මගේ කතාවත් ඕකට ටිකක් විතර සමානයි..
    එය ලංකාවේ කෙනෙක් නෙවෙයි.. එයාගේ රට ප්‍රංශය..
    මගේ නෑනා තමයි නෑ කමට වෙන්නේ.. දැන් ඔයාල බලයි නෑනා නම් කොහොමද ප්‍රංශයේ උනේ කියල..
    මෙහෙමයි.. මගේ අම්මගේ අයිය බැඳලා ඉන්නේ එහෙ කෙනෙක්.. ඉතින් නංගි ඉපදුනේ හැදුනේ වැඩුනේ එහේ..
    එයට සිංහල බෑ.. හැබැයි මේ දවස් වල ඉගෙන ගන්නවා.. කඩ්ඩෙන් තමයි මේ කමියුනිකෂන්.. ලොල්..
    අපේ පවුල් වලින් තම මේ ගැන දන්නේ න.. දැනගත්තොත් මොනවයින් මොනවා වෙයිද දන්නේ නෑ..
    එත් අපි දෙන්නට අපි දෙන්න නැතුව ඉන්න අමාරුයි.. එන හැමදේකටම මුහුණ දෙන්න තමයි හිතන් ඉන්නේ..
    බලමුකෝ.. :)

    ReplyDelete
  17. බොහොම ස්තුතියි! :) මැක්සි ජයවීරගේ "බැරි බර කරේ තියන් "සිංදුව නම් යූ ටියුබ් එකේ තිබිලා බා ගත්තා. "සඳ කිඳුරු කිඳුරියන්" සිංදුව අනිල් භාරතීත් පස්සේ කාලෙක ගායනා කළාද? පුලුවන් නම් මට "සඳ කිඳුරු කිඳුරියන්" සිංදුව හොයාගන්න තැනක් කියන්න.

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails