Sunday, August 15, 2010

මගෙ දෑසෙ කඳුලු තව දෑසක සතු‍ටු කඳුලු වේ...

Bouquet

එකම සින්දුවක් වුණත් එකම පදමාලාවක් වුණත් ගයන ගායකයා මත කොපමණ දේවල් වෙනස්වෙනවද? පදරචකයාගෙ අදහසත්, සංගීතවේදියාගෙ ඒට අනුරූපව යෙදූ තනුවත් අසන්නාට හොඳින් සන්නිවේදනය වෙන්නෙ ගායකයා ඒ ගීතය ගයන ස්වරය, ඕනමන්ට්ස් යොදන තැන්, ඕනමන්ට්ස් යොදන ආකාරය කියන කාරණා මත. අර “අලංකාර” කියන්නෙ ඔය ඕනමන්ට්ස් වලට තමයි. මට හිතෙන්නෙ අපේ වැඩිපුරම ඕනමන්ට්ස් පාවිච්චි කරන්නෙ අමරදේව මාස්ටර් හා වික්ටර් රත්නායකයන් කියලයි. ඒ දෙන්න ගැනත් අපි ඉස්සරහට කියවමුකෝ..

අද මේ ඉදිරිපත් කරන ගීත දෙක ඔය මම කිවුව එකම තනු, එකම පද ගායකයන් දෙදෙනෙක් කියනකොට කොහොමද වෙනස් වෙන්නෙ කියන කතන්දරේට හොඳ උදාහරණයක්.

නිකන් මේ ලපයි සිපයි එක්ක හොඳ අය සන්සන්දනය කරන්න හදන වැඩක් නෙවයි මේක. හොඳ දෙන්නෙක් ගෙ හොඳ ගායනා දෙකක්. මුල් ගායනය ටියුඩර් ජයශාන්ත. අහල නෑ නේද? අහල තියෙන්නෙ කොහොමද ඉතින් අද රටේ විකාශය වන දේවල් වල හැටියට. එහෙම අය හිටියද නැද්ද කියල අහල බලන්නකො දෙමව්පියන්ගෙන්. ගොඩක් වෙලාවට මතකෙ ඇති. මේ ගීතයෙ මුල් ගායනය සිදුවුනේ මට මතක විදියට පණස් ගණන් වල අග, නැත්නං හැට ගණන් වල මුල. හැට ගණන් වල අග තමයි ටියුඩර් ජයශාන්ත ගුවන්විදුලි ඒ ශ්‍රේණීයේ ගායකයෙක් විදියට ජනතාව අතරට ආවෙ. ඊට පස්සෙ හැත්ත ගණන් වල මුලදි මිල්ටන් පෙරේරාත් මේකම කියනවා. පොඩ්ඩක් දෙවනි පදේ වෙනස්. එච්චරයි!

මට මතක විදියට කිවුවට මේ මම හොයාගෙන හිටපු දේවල් වලින් මතකෙ තියෙන ඒවා. අමතක වෙලා යන නිසාම තමයි මෙහෙම ලියල තියන්න හිතුවෙ.

දැන් අහල බලන්නකො දෙකේ වෙනස. ඒ දෙක ගැන මොනවද හිතෙන්නෙ? පෝල් එකකුත් දාල ඇති ඡන්දයක් දාල යන්නකො.

පහලින් අහන්න පුලුවන් ඒ දෙකම

මගෙ දෑසෙ කඳුලු - ටියුඩර් ජයශාන්ත Mage Dease Kandulu by Tudor Jayashantha
මගෙ දෑසෙ කඳුලු - ජේ. ඒ. මිල්ටන් පෙරේරා Mage Dease Kandulu by J.A. Milton Perera

මගෙ දෑසෙ කඳුලු තව දෑසක සතු‍ටු කඳුලු වේ..
අද ඇත ඇය මට හිමි නැති මඟුල් පෝරුවේ..

මට ඇය දුන් වේදනා ඇගෙ දෑසින් තේරුණා..
මට ඇය දුන් වේදනා ඇගෙ දෑසින් තේරුණා..
මිලින කළේ ඇයි මැණිකේ.. පරම චේතනා..
පරම චේතනා...

මගෙ දෑසෙ කඳුලු තව දෑසක සතු‍ටු කඳුලු වේ..
අද ඇත ඇය මට හිමි නැති මඟුල් පෝරුවේ..

නොඉඳුල් පෙම මා පැතූ ඔබ කළ හැටි අන්සතූ...
නොඉඳුල් පෙම මා පැතූ ඔබ කළ හැටි අන්සතූ...
මට දුන් දුක නොදෙනු මැනවි .. ඔහුට මින්මතූ..
ඔහුට මින්මතූ...

මගෙ දෑසෙ කඳුලු තව දෑසක සතු‍ටු කඳුලු වේ..
අද ඇත ඇය මට හිමි නැති මඟුල් පෝරුවේ..

වෙනස් හැඟීම් දෙකක් නේද එන්නෙ. මට ඒක කියන්න තේරෙන්නෙ නෑ මොකද වෙනස කියලනං. ඒත් වෙනස් කියල තේරෙනවා. වෙනසක් නැද්ද.. අයියෝ ..





එකක්වත් හොඳ නැත්තං චන්දෙ දාන්නෙපා.. ඇත්තට දාන්න තැනකුත් නෑ නෙව. ජයවේවා..මේ පෝස්ට් කරන ගොඩක් සින්දු කැසට් පට වලින් මම කොම්පීටරේට රෙකෝඩ් කරපු ඒවා. දුර්වල ශ්‍රවණ තත්වය පිළිබඳව මාගේ බලවත් කණගා‍ටුව!!

14 comments:

  1. කවුරු කොහොම ගැයුවත් ලස්සන පද ටිකක්....අපි මේවාගෙ පද පේලි අතර හැඟුම්බර වුනාට...හැබැ ජීවිතයේදි ඔය විදිහට හිතන අයට කොයිතරම් ගැරහුම ලැබෙනවාද?...

    ReplyDelete
  2. වැම්පෝ..මාර ම සීන් එක කියන්නේ මීට දවසකට උඩදී මයිය තනියෙම මහ පාන්දර ඩ්‍රයිව් කරන කොට නිදිමත යන්නත් එක්ක ඔය සින්දුව මුමුණ මුමුණ තමයි තමයි ආවේ.මෙන්න බොලේ ඒ සින්දුවම වැම්පා පෝස්ට් එක දාලා,,

    මිල්ටන් පෙරේරා ඉතින් ජනප්‍රිය වේලා තියෙන්නේ නිකම් නෙවෙයිනේ...

    ReplyDelete
  3. මට නම් දෙකේම එහෙම වෙනසක් ලොකුවට දැනෙන්නෙ නැහ බන්. මේ සින්දුව මම පට්ට ගහපු එකක්. කියන්නේ කවුද යට ගියාව කිව්වට පින් උබට.

    ReplyDelete
  4. මම මේ කම්පනා කොරේ වැම්පට මොකද හිටි හැටියේ ගීත වල කොලිටි චැක් කොරන්න හිතුනේ කියලා
    (පුළුවන්නම් කියමු බලන්න "සින්දු" කියන්නේ මොනවද කියලා)

    ReplyDelete
  5. මේකෙ ටියුඩර් ජයශාන්ත කියන එක නම් මා ගාව තිබුණා. නියම සින්දුවක් .... මිල්ටන් මහත්තයගෙ වර්ශන් එකත් නියමයි....

    ReplyDelete
  6. ඉස්කෝලෙ යන කාලෙ කවුදෝ මංදා පිරිමි ළමයෙක් ඔය සින්දුව නිතරම් කිව්වා මතකයි. මුල් එකද කොහෙදෝ. මට නම් දෙකම හොඳයි,, උදේම ඡන්දෙ නම් දැම්මා හොඳේ

    ReplyDelete
  7. පද එකම වුනත් හැගීමි වෙනස්වෙලා දැනෙන්නේ...හරිම පුදුමයි...මම ඒ බව ඉස්සෙල්ලම හරියටම වින්දේ අර ඉන්ද්‍රචාප ගයන "අහන් ඉන්න" කියන ගීතයෙන්.ඒ පද පෙලම මේනකා ගයද්දි තවත් හැගීමක්‍ ඇති වෙන්නේ.
    මේ සිංදුවත් ඒ වගේමයි..

    ReplyDelete
  8. පද එකම වුනත් හැගීමි වෙනස්වෙලා දැනෙන්නේ...හරිම පුදුමයි...මම ඒ බව ඉස්සෙල්ලම හරියටම වින්දේ අර ඉන්ද්‍රචාප ගයන "අහන් ඉන්න" කියන ගීතයෙන්.ඒ පද පෙලම මේනකා ගයද්දි තවත් හැගීමක්‍ ඇති වෙන්නේ.
    මේ සිංදුවත් ඒ වගේමයි..ස්තූතියි බෙදා හදාගත්තාට....

    ReplyDelete
  9. ශැඩෝ- ඒක නං ඇත්ත.
    මයියා- තූඩ තුඩග ‍රැව්දෙන සින්දු.. මිල්ටන් පෙරේරා ගැන කියනවනං කියන්න දේවල් ගොඩයි, ඉස්සරහට බලමුකෝ..

    ReplyDelete
  10. පිස්සා - අනේ මන්ද බන් .. මට වෙනස් වෙලා නෙව ඇහෙන්නෙ..
    කාංචන දිනුක -සින්දු වල කොලිටි චෙක් කරන්න මම දන්නෙ නෑ බන්. එච්චර සංගීතෙ ඉගනගෙන නෑ. රසවිඳින්න පමණයි දන්නෙ..

    ReplyDelete
  11. එච්-අපි ගාච ලොස් බඩු නෑ නෙ.. හික් හික්..
    හරී- මාර බඩුවක්නෙ. පොර අක්ක කෙනෙකුට ට්‍රයි කොරන්න ඇති (මං වගේ.. හික් හික්) ඡන්දයට ස්තුතියි

    ReplyDelete
  12. හසියා- මටත් ඒ සින්දුව මතක් වුනා නෙව, ස්තුතියි ප්‍රතිචාරයට.. වෙනසක් දැනෙනවනෙ.. කියන්න තේරෙන්නෙ නෑ..


    @ කට්ටියටම- ප්‍රතිචාර වලට ස්තුතියි!!

    ReplyDelete
  13. pattama song ekkka

    ela kiri vampire thawa milton perera ge lae beepan
    :):)

    ReplyDelete
  14. ඩෑම් - මේ.. මං නිකං අහන්නෙ.. උඹ මිල්ටන් පෙරේර මහත්තය දැකල තියෙනවද? ලේ බොන්න තියා. මස් කඳුලක් නෑ ඇඟේ.... හික් හික්..

    ස්තුතියි...

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails