Friday, August 6, 2010

J.A. Milton Perera | ජේ. ඒ. මිල්ටන් පෙරේරා

MiltonPerera
ජේ. ඒ. මිල්ටන් පෙරේරා, සිංහල සංගීතයේ ශෝකාලාප හඬ කියල තමයි ඕං මට හිතෙන්නෙ. මතක නැත්තං මේ තමයි චලක චමුපති හා ප්‍රියංකර යන චරිත යුගලේ ආදරණීය පියා. විකියෙ හැටියට මිල්ටන් පෙරේර මහත්තය ඉපදිල තියෙන්නෙ 1929. මැරුන නං මට මතකයි. මට හයයි ඒ වෙද්දි. අහන්නෙපා උඹට කොහොමද ඕව මතක කියල. තාත්තා කිවුව වගේ මතකයක් තමයි තියෙන්නෙ. අපේ තාත්ත හොඳ මිල්ටන්, ජෝති රසිකයෙක්. මිල්ටන් මැරුනෙ 91 දි. හරි ඔව්.. මම 85 තමයි  උපන්නෙ!
මෙයා ගැන අහල නැත්නං ඉතින් ඉඳල වැඩක් නැත.
මුලින්ම මිල්ටන් පෙරේරා පටන්ගත්තෙ තබ්ලා වාදකයෙක් විදියට. මිල්ටන් ගෙ තාත්තගෙ කාඩ් එක තමයි "තබ්ලා පොඩි අප්පුහාමි". බොහොම තනු හින්දි අනුසාරයෙන් සැකසුන අනුකාරක ගී කිවුවත් මිල්ටන් ඒවට දුන්න අලංකාරය නම් කියල නිම කරන්න බැරි තරම්. ඕව ගැන එක සැරයක් අපි බොහොම දරුණු මට්ට්මේ සංවාදයක් කර කර ඉන්නකොට, මට එකපාරට මෙන්න මෙහෙම හිතුනා.
මගේ පාඨක ‍රැල සමහර විට දන්නව ඇති මේ මිල්ටන් ලගෙ ජෝති ලගෙ සින්දු වල හින්දි වර්ශන් ආවෙ 1950-1975 කියන කාලෙ. දන්නෙ නැත්තං දැන් දන්නවනෙ. ඒ ගීත වල මේන් වෝකල්ස් කලේ ඔය ජනප්‍රිය පොප් සෙට් එකේ හින්දි ගායකයො. කියන්න බලන්න කීප දෙනෙක්. ඔව්.. ඒක නොදැනගෙන ඉන්නෙ කොහොමද? හේමන්ත් කුමාර්, කිශෝර් කුමාර්, සුමන් කල්යාන්පුර්, ශංකර් ජයකිශන්, මොහොමඩ් රා‍ෆි, මුකේශ් .. ඔය ඉන්නෙ ‍රැලට. ඒ අය තමයි ඉතින් සින්දු කිවුවෙ. මම අහල තිබුන අර ඒවයෙ "අලංකාර" එහෙම නැත්තං "ඕනමන්ට්ස්" කෑලි තියෙන්නෙ. අර ආ.. ආ.. ලා..ලලලා ගාල නලවල දෙන්නෙ. ඒව කියන්න ඉන්දියාවෙ හෙන රාගධාරී ඔස්තාද් ල තමයි සෙට් කරන් තියෙන්නෙ. මොකද අර පොප් සෙට් එකට චඩා හොඳට ඒව ඒ අය කියන නිසා.
ඒත් අපේ රටේ... ජෝති, මිල්ටන් ඕව නිකන් හිටගෙන ගේමක් නැතුව ඇරල දානවනෙ. ඒකනෙ ටැලන්ට් එක කියන්නෙ. ජෝති, මිල්ටන් දෙපලම සංගීතෙ ඉගනගෙන නෑ.
මිල්ටන් පෙරේරා ගෙ හඩ ගොඩක් වෙලාවට සෙට් උනේ ජෝ අබේවික්‍රම මහත්තයගෙ බොඩිය එක්ක. සාරවිට චිත්‍රපටය මතක ඇති කියල හිතනවා කට්ටිය ගෙන් කීප දෙනෙක්ට හරි. ඒක මතක නැතත් අර ලක්ස ගනන් වස්තු ලැබී සින්දුව මතකද? ඒක කිවුවෙ මිල්ටන්, සීටී, හා ඇන්ටන් රොඩ්‍රිගු මහත්තුරු. මේ අනිත් දෙන්න ගැනත් ලියන්නයි ඉන්නෙ. ගොඩක් ඒව මට අමතක වෙලා ගිහිල්ල තියෙන්නෙ. බලමු.
ගාමිණි ෆොන්සේකත් බූට් එකක් කාරිය කෑවම, මිල්ටන් එක්ක නියමෙට මැච් උනා. ටෝනි රණසිංහට, විජය කුමාරතුංගට.. තව ඉන්නවා.. ඇයි  ආනන්ද ජයරත්න!

සාරවිට කියන්නෙ මිල්ටන්ගෙ පීක් ටයිම් එකේ හිට් වෙච්ච එකක්. ගාමිණී ෆොන්සේකට ධීවරයෝ චිත්‍රපටයෙන්.. අගාධ සාගරයේ ඈත දියේ.. මතකද? කේ. ඒ .ඩබ්. පෙරේරා මහත්තයගෙ බයිසිකල් හොරා..අහන්න මගෙ හොඳ පුංචි පුතේ..
මතක නෑ මයෙ හිතේ නේද! මටත් හරියට අනිත් ඒව මතක නෑ නෙව !
මෙන්න දැන් ඔලුවෙ තියෙන මිල්ටන් පෙරේරාස් හිට්ස්!
ඇස ‍රැඳුන ‍රැඳුන තැන්වල
අපි සන්තෝසෙන් ඉන්නේ දුක සෝකය නෑ දන්නේ..
මධු ස‍ඳෙන් තවත් සුපුන් සඳක් උදාවේ....
මේ ජීවනයේ..
ඔබේ ප්‍රේම නගරේ...
අමාපානියේ ...
සිකුරු ලියා....
ලෝකෙට ලොක්කා මං තමයි ගම දුනියාවේ...

නෙලන්න බැරි මල් අතුඅග මොටද පිපෙන්නේ...
නිදහස් කාහල නාදය ‍රැව්දේ හෙළදිව අඹර පුරා...
ඔබ තරමට මා නැලවූ....
පෙම් අප්සරාවෝ....
සඳුන් ගසේ සමන් වැලක් එතෙන්නේ...
සිරි සාර බුලත්...
සොබා අලංකාරේ මූනේ..
උම්බෑ කිය කියා...
සිහින දෙව්දුවේ..
දෙතුන් වතාවක්....
කල්‍යානියෙ ඔබ නෑසූ ...
කල්‍යාණියේ මංගලම්...
කියන්න කවුද ඔබ කියා...
මහ ගණ වනන්තරේ ...
මගේ නයනාවී...
දෙව් දුව පලා ගියාදෝ...
සඳේ අනන්ත රම්‍ය සිසිල් ‍රැස් නිවී ගියා...
සුර ලෝකේ මං සක්කර දෙයියෝ...
සුපෙම් ලොවේ කුසුම් සරා මල්සරා...
සන්සුන් රුවන් හද මන්දිරයේ ....
ඔබ වේවා වේවා පහන මගේ...

ඇති නේද.. තව මතකද කට්ටියට.. මට දැන් ඇති වගේ.. වෙලාව රෑ දෙකත් පහු! පහලින් ගහල යන්නකො.. මීඩියාෆයර් ලින්ක් තියේ නං එල!!
එහෙනං මේක ඉවර කරමු නේ.. මිල්ටන් ගෙ මට හිතෙන සුපර් ම ලව් සින්දුවෙන්.. කරුණාරත්න අබේසේකරගෙ පද වලට මිල්ටන් හා මල්ලිකා කහවිට...
මතකද මේකෙ වීඩියෝ එක! මට නං මතකයි.. අර මිල්ටන් පෙරේරා නිකන් කෝපි කඩේ වගේ එකක් ඇතුලෙ ඉඳගෙන කියන්නෙ. රූපවාහිනියෙ ගියා ඉස්සර.
අහන්න සඳ කිරණින් පැලට ඔබේ... J.A. Milton Perera And Mallika Kahawita – Sanda Kiranin Pelata Obe
සඳ කිරණින් පැලට ඔබේ එලිය වැටෙනවා
තුරු සෙවනින් මිදුල වටේ සුවය දැනෙනවා

කවුලුවකින් කුමරි ඔබේ මුහුණ පෙනෙනවා
මැදුර තුලින් සොඳුරි මගේ සැපත ගෙනෙනවා
මහ නිලයක බලතල ගැන ගැන මගෙ සිත බිඳුනා
නව රසයක සිත පිරිසිදු පෙමකට හැරුණා
සි‍ටු පවුලක කුමරියෙ ඔබ ගැන බිය තිබුණා
සි‍ටු පවුලක කුමරියෙ ඔබ ගැන බිය තිබුණා
අඩු කුලයක ඉපදුනු මට ඔබෙ අත ලැබුණා
කවුලුවකින් කුමරි ඔබේ මුහුණ පෙනෙනවා
මැදුර තුලින් සොඳුරි මගේ සැපත ගෙනෙනවා
සි‍ටුවරු රජවරු කුලවතු අප දෙස බලලා
හිනැහේ අද අපහට උන් කුලමල ඇදලා
එක හිත වගෙ දුක සැප දෙක එක ලෙස සලකා
අත්වැල් බැඳ මහමග බැස යමු අපි දෙදෙනා
සඳ කිරණින් පැලට ඔබේ එලිය වැටෙනවා
තුරු සෙවනින් මිදුල වටේ සුවය දැනෙනවා

කවුලුවකින් කුමරි ඔබේ මුහුණ පෙනෙනවා
මැදුර තුලින් සොඳුරි මගේ සැපත ගෙනෙනවා

චිත්‍රපට හා ගී

සත පනහ - අද දෙවියන් අපගේ මූණ බැලුවා
අල්ලපු ගෙදර -  මහ ගණ වනන්තරේ, සොබා අලංකාරේ මූණේ...
සිහින හතක් - සුපුන් සඳක් නැගීලා ...කිරි බැබලෙන
කේසර සිංහයෝ - කේසර සිංහයෝ(ජෝතිපාල සමග)
ජීවන්ති - මගේ මීනච්චී
ආදරයයි කරුණාවයි - මලින් මලේ (අමිතා වැදිසිංහ, නාරද දිසාසේකර සමග)
බිනරමලී - රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ
අදට වැඩිය හෙට හොඳයි - සඳුන් ගසේ සමන් වැලක්
සිකුරුලියා - සිකුරුලියා
හතරමහ නිධානය - උම්බෑ කිය කියා
හිත මිතුරා-  උසි උසි නෝනේ මගෙ මිසි නෝනේ (ජෝතිපාල සමග)
යටගිය දවස- විනෝද වෙන්න (මල්ලිකා කහවිට සමග)

උඩුරාවණ මහත්තයත් ඉන්නවා අරෙහෙ එංගලන්තෙ කොන්ෆරන්ස් එකට ගියපු ගමන්..
ටිකක් පහුවෙන්න මම සීටී ත් ගෙන්නන්නං වෙදිකාවට. පොඩි රිවිව් එකක් එක්ක සින්දුවක් කාරිය ඕනනං පහලින් රික්වෙස්ට් කලාට කමක් නෑ...සින්දුව හරි දෙන්න බැරිය..
අදාල දේවල්
http://blogvampa.blogspot.com/2010/08/nawathanpole-oba-unna-i.html
http://blogvampa.blogspot.com/search/label/jothipala
http://blogvampa.blogspot.com/search/label/Gunadasa%20Kapuge
http://blogvampa.blogspot.com/search/label/Amarasiri%20Peris
http://blogvampa.blogspot.com/2010/07/buduhamuduruwo-by-sanath-nandasiri.html
http://blogvampa.blogspot.com/search/label/Sith%20Gath%20Gee

මෙන්න තිස්ස අයියගෙ හද ‍රැඳි ගී අඩවියට යන පාරත් !!
http://hadageepotha.blogspot.com/
මේක ලිවුවෙ කලින් පෝස්ට් එකට කට්ටිය දුන්න දැඩි ප්‍රතිචාර වලින් ආපු කික් එකටයි.  උඩුරාවණ කතන්දරත් තියෙනව. ඒකත් ඉවරකරන්නෙපැයි! මේ තියෙන්න පරණ කතා..
http://blogvampa.blogspot.com/search/label/Udurawana
රයිට් ක්ලික් කර “save as” කිරීමෙන් බාගත හැකිය..බෙදා හදා ගන්න.
මිල්ටන් පෙරේරාගේ සියලුම ගීත අවසරයකින් තොරව ගැයිය හැකි බව පුතුන් දෙදෙනා පැවසුවා මතකයි. උන් දෙන්නට විතරයි නෙව ටිකක් හරි කියන්න පුලුවන්. ඒක නිසා බය නැතුව එහෙම කියන්න පුලුවන්..
ජයවේවා... මේවට ඔය අඤ්ඤකොරොස් මික්ස් දාල, ටෙම්පො වැඩි කරල  ගූ කරල මට අහුවෙන්නපා..!

25 comments:

  1. අප්පා....මෙන්න රියල් ගායකයෝ..."සොබා අලංකාරේ මූනේ" තමයි මම නම් ආසම සින්දුව...ස්තුතියි මචෝ...

    ReplyDelete
  2. මෙතන තියෙනවා සෑහෙන සින්දු ගොඩක්...
    http://www.musictopalbum.com/2010/01/milton-perera.html

    ReplyDelete
  3. මචන් ඔය හේමලය දීපු ලින්ක් එකේ හුඟක් සින්දු ඇති.

    වටිනව උබ කරන වැඩේ... මතකයන් අවදි වෙනවා වගේම ඒ ගීත ආයෙ අහන්න ආසවක් ඇති වෙනවා. උබ කපුගේ ගැන ලිව්වට පස්සෙ තාම කපුගේ තමා. ඊයෙ අංශේ එක්කම නින්ද ගියා.. පව් උදේ වෙනකල්ම ඒ මනුස්සය සින්දු කියනවා...

    ReplyDelete
  4. හෆ්ෆේ මේන්න මල් තියලා වදින්න ඕනි ගායකයෝ.මගෙත් ටොප් ලිස්ට් ගායකයෙක් නොවැ මෙතුමා.
    මෙතුමගේ ගීත වලින්,

    සිකුරු ලියා...
    ඇස ‍රැඳුන ‍රැඳුන තැන්වල..
    නෙලන්න බැරි මල් අතුඅග මොටද පිපෙන්නේ...
    නිදහස් කාහල නාදය ‍රැව්දේ හෙළදිව අඹර පුරා...
    ඔබ තරමට මා නැලවූ...
    සිරි සාර බුලත්..
    උම්බෑ කිය කියා...
    සිහින දෙව්දුවේ..
    දෙතුන් වතාවක්....

    යන ගීතවලට මම ගොඩාක් ආසයි.
    බොහොමත්ම ස්තූතියි බෙදා හදාගෙන අහනවට.අද කාලේ පොඩි එවුන් මේ සිංදු අහලත් නෑනේ.මෙහෙම හරි අහන්න ලැබෙන එක ලොකුදෙයක්.

    @ Shadow/හේමලයා
    බොහෝමත්ම ස්තූතියි සිංදු ටිකට...

    ReplyDelete
  5. ශැඩෝ- ස්තුතියි.. මගේ ළඟ ඔය ටිකයි.. තව ටිකකුයි තියෙනවා.. මල්ලිගෙ ලින්ක් එක වටිනවා අනිත් අයට.. මගේ වැඩේ ලේසියි.. ඔතන නැති මගේ ළඟ තියන ටික හෙමින් හෙමින් දැම්මනං හරි නේ..

    පිස්සා- තැන්කූ බන්.. ඒ සයිට් එකේ දාල තියන සින්දු තියන සීඩි එක මේ දැන් මට ඉස්සරහ තියනව.. අප්ලෝඩ් කරන්න කම්මැලිකමේ හිටියෙ!

    හසියා- සතු‍ටුයි මල්ලි!

    ReplyDelete
  6. හම්මා අද දවසම (නිවාඩුත් නිසා) මිල්ටන් සමග ගත කල හැකි...!
    "සඳේ සීත කැල්මයි... ඉරේ රාශ්මියයි...
    සමානයිද නැහැනේද රසවන්න්තියේ...
    සිතා කල්පනාවෙන්...
    සිනාවෙන් දයාවෙන්...
    රැඳේවා මගේ හදවතේ...
    ඔබේ ප්‍රේම නගරේ... තැනූ ප්‍රේම මැදුරේ...
    නවාතැන් සොයා පැමිණි මා...
    ගියේ ඇයිද හැරදා දමා.."

    බොහොම ස්තූත්යි මල්ලියේ... උඹලාවගේ සංවේදී උදවිය, ඉගෙන ගෙන ඇවිත් අපේ අහිංසක මිනිස්සුන්ට යහපතක් කරපන් මල්ලියේ....

    ReplyDelete
  7. අර හින්දි සෙට් එකේ ඉන්න අයගෙන් කිශෝර් වගේම රාෆිත් අති දක්ෂ හින්දුස්ථානී ක්ලැසිකල් ගායකයෝ. බේජු බාව්රා වගේ චිත්‍රපටි වල තියෙන සින්දු අහල බලන්න. ඒ අයට නම් උදව්වට කවුරුවත් ඕන වෙයි කියල මම හිතන්නේ නෑ.

    මමත් පරණ සින්දුවලට මාර ආස පොරක් හැබැයි කොපි සින්දු වලටනම් මගේ කිසිම කැමැත්තක් නෑ. ජෝති කලත් මිල්ටන් කලත් කසුන් කල්හාර කලත් වැරැද්ද වැරැද්දමයි නේද ?

    ReplyDelete
  8. තිස්ස අයියා.. එල එල.. සිකුරාද නිවාඩුද.. අපෙ අප්පේ...ඉටිකිරිස් පොට් එකක නේ ඉන්නෙ... මේක අහල බලන්න..


    මගෙ දෑසෙ කඳුලු .. තව දෑසක සතු‍ටු කඳුලු වේ
    ඔහු නැග ඇත මට හිමි නැති..මගුල් පෝරුවේ...

    මේ සින්දුවෙ තියනව වර්ශන් දෙකක්.. මිල්ටන් පෙරේරා කියන්නෙ දෙවනි වර්ශන් එක. ඒක ගැන මම ඉදිරියට දාල පොඩි පෝල් එකකුත් තියන්නං..

    දවසක් මිල්ටන් එක්ක ගෙවන එක නං කිසි අවුලක් නෑ තිස්ස අයිය..

    ReplyDelete
  9. බොහොමයක් ජෝති සහ මිල්ටන් ගායනා කරපු හින්දි තනු වල හින්දි ගීතය අද ඉන්දියානුවන්ට මතකත් නැතුව ඇති. නමුත් ජෝති සහ මිල්ටන්ගෙ ගී අදටත් ලාංකිකයන් අතර කොතරම් ජනප්‍රියද?

    ReplyDelete
  10. තරිඳු - ඒක මම කියවපු දෙයක් කොහේහරි. මොනවහරි වැඩිපුර දෙයක් හොයාගත්තොත් මම කියන්නං ඒක ගැන.
    කොපි ගැන නං කියන්න තියෙන්නෙ ඒක අහන පිළිවෙල මත වෙනස් වෙනවා කියලයි. උදාහරණයක් විදියට මම හින්දි ඔරිජිනල් අහල නෙවි ජෝති, මිල්ටන් ඇහුවෙ. කොපි තමයි මුලින් ඇහුවෙ. දැන් මට සමහර ඔරිජිනල් අහනකොට හිතෙනව ඊට වඩා කොපි එක හොඳයි නේද කියල. මම මේකෙ පොඩ්ඩක් ඕක ගැන කිවුව මම හිතන්නෙ..

    http://blogvampa.blogspot.com/2010/07/hr-jothipala.html

    ReplyDelete
  11. පාලි- ඒකට කරුණු දෙකක් තියෙනවා...
    1. ඉන්දියාවේ හොඳ ගීත ලංකාවට වඩා සෑහෙන්න එලියට එනවා
    2. ලංකාවෙ අලුත් නිර්මාණ කරන්න ට්‍රයි කරන කට්ටිය මෙලෝ රහක් නෑ

    ස්තුතියි ප්‍රතිචාරයට. අදහස පිලිගන්නවා!

    ReplyDelete
  12. @වැම්පයර්
    මුලින්ම කියන්න ඕනේ මම ජෝතිටවත්, මිල්ටන්ටවත් අපහාස කරන්න හදනවා නෙමේ කියල. ඒ දෙන්නම් අති දක්ශ ගායකයෝ දෙන්නෙක්. ඒකෙ සැකයක් නෑ.

    මම උදාහරණයකින් කියන්නම්. හිතන්න කෙනෙක් පොතක් ලියනවා සිංහලෙන්. ඕක කියවන ඉන්දියාවේ කෙනෙක් ඒකට තව කෑලි දාල හින්දියෙන් ගහල විකුණනවා පලවෙනි ලේඛකයාට නිසි ගෞරවය නොදී. ඒක සාධාරණද ? අපේ බ්ලොග් පෝස්ට් හොරෙන් උස්සන අයට පතුරු යන්න බනින අපි සින්දු උස්සන එක අත්පුඩි ගහල පිලිගන්න එක ගැන මොකද හිතන්නෙ. බ්ලොග් පෝස්ට් උස්සන අය හම්බ කරන්නෙ නෑ. ඒත් සින්දු උස්සන අය හම්බ කරනවා.

    කාලෙකට කලින් තිබ්බ බ්ලොග් එකක් කසාපබ්බත කියල. මම මුලින්ම හිතුවෙ අනේ හරි ප්‍රබුද්ධ පොරක් කියල. බලනකොට මිනිහ කරන්නෙ දිවයින කතුවැකිය උස්සල යටින් තව පොඩි කෑල්ලක් ලියල පල කරන එක. මුලින් කොපිය අහල පස්සෙ ඔරිජිනල් එක ඇහුවත් ඒකත් මම කසාපබ්බත කියෙව්ව වගේ තමා.

    සමහර කොපි ඔරිජිනල් එකට වඩා හොඳ ඇති. ඒත් ඒ නිසා හොරකම සාධාරණීය කරණය කරන්න පුලුවන්ද ?

    ReplyDelete
  13. සහෝදරයා.. හොරකම කවුරු කලත් හොරකම තමා.. ඒක ගැන කතා දෙකක් නෑ.. නරක දේවල් වලටත් මිනිස්සු නරකයි කිය කිය කැමති වෙනවා.. පිලිගන්නවා.. මේව හැඟීම් සම්බන්ධ ප්‍රස්න බන්!

    මම හොරකම් කරනවාට කැමති නෑ. ඒක සාධාරණීකරණය කරන්නේත් නෑ. ඒත් මම ඒවගේ ගොඩක් ඒවට කැමතියි.. ඒක මගේ වැ‍රැද්දක් වෙන්න පුලුවන්..

    ReplyDelete
  14. නියමයි මචං... තිස්ස අයියගෙ මූනු පොතෙං ලිපිය දැක්කේ.
    දැනගන්න විස්තර ගොඩක් තිබුණා.. ස්තුතී මචං.
    තව එකක් -
    "මේවට ඔය අඤ්ඤකොරොස් මික්ස් දාල, ටෙම්පො වැඩි කරල .... "
    ඒ කෑල්ලනං පට්ට !

    -ජය

    ReplyDelete
  15. මං නම් මෙතුමාගේ ගොඩක් සිංදු අහලා නෑ. ඒත් අහලා තියන ඒවා ලස්සනයි.
    අර අන්තිමට කියලා තියන දේත් ඇත්ත. මාත් ඔය රීමික්ස් - ජිමික්ස් වලට කැමැත්තක් නෑ

    ReplyDelete
  16. මෑතකදි මගෙ මාමණ්ඩිට දෙන්න මගෙ ගාව තිබුණ පරණ හින්දි සින්දු සෙට් එක ආයෙ ඇද්දා. ඒ සමහර සින්දු කලින් මම එක වතාවක් විතරයි අහල තියෙන්නෙ. ඒත් ජෝතිටයි මිල්ටන්ටයි පින්සිද්ධ වෙන්න සින්දු සේරගෙම වගේ තාල හොඳට මතක තිබුණා.

    මිල්ටන්ව මට දරුණුවටම දැණුනෙ "අල්ලපු ගෙදර" චිත්‍රපටියෙ ඔහුගෙ ගැයිල්ල හින්ද තමයි.

    කොපි කිරීම ගැනත් කියනව නම් කොපි කිරීම හොඳ නෑ හෝ කමක් නෑ කියල ස්ථාවරයක ඉන්නෙ නෑ මම. සමහර විට කොපි කිරීමෙන් සංරක්ෂණයක් වෙනවා. ජෝති මිල්ටන් සෙට් එක හින්දි තනුවට ගයපු නිසා හින්දි සංගීතඥයන්ට පාඩුවක් වුණා වෙන්න බෑ. මොකද හින්දි කට්ටියට ලංකාවෙ මාකට් එක ඒ තරම් වැදගත් වුණා කියල හිතන්න බැරි නිසා. හැබැයි ඉන්දියාවෙම කවුරු හරි කොපි කලා නම් ඒක ගැටළුවක් වෙනවා. අනික ඔය හින්දි සින්දු කියන ඒවත් ඔරිජිනල්ම නෑ. ඒවයෙත් තියෙනව බටහිර තාල කොටස් පවා. නමුත් ඒක මතු වෙන්න නොදී ඔවුන් ඉන්දියානු බව රැකගෙන තියෙනව. කොහොමින් හරි ජෝති මිල්ටන්ලගෙ ගීත නිසා අපේ සංස්කෘතියෙම රස වින්දනය යම් ප්‍රමිතියකට හැඩගැහුණ කියල හිතෙනව. මොකද ඒ තනු රසවිඳින්න යම් දැණුමක් ඕන කරන නිසා...

    ReplyDelete
  17. නියමයි මලයා..සිකුරුලියා කියන්නෙ මගේ ආසම සිංදුවක්.... තරිඳු කියන කතාවේ ඇත්තක් නැතුවා නොවෙයි..නමුත් ඔය කියන ගායකයන් දෙදෙනාම කොපි ගීත ගායනයෙන් එහා අනන්‍යතාවන් ගොඩ නගා ගත්තා..එම නිසා තමයි ඔවුන් ගැන තවමත් රසිකයෝ කතා වෙන්නේ.. කොපි ගීත හැදෙන්න මූලිකම හේතුව හොඳ තනු රචකයින් නොමැති කම... කසුන් කල්හාර මල් මිටක් අරන් ගීතය කොපි කරා කියල බ්ලොග් කීපයකම ලියල තිබුනා මම දැක්කා.. නමුත් ඔවුන් සඳහන් කරන චිත්‍රපටියටත් එම සංගීත ඛණ්ඩය ගත්තේ බටහිර ජන සංගීතයෙන්.. එය කොපි කිරීමක් ලෙස මම නම් දකින්නේ නැහැ..එහෙම බැලුවොත් ලංකාවේ ජන සංගීතය ආශ්‍රිතව හදපු නිර්මාණ සියල්ලම කොපි වෙන්න ඕන..

    කොහොම උනත් මේ වගේ සංයමයෙන් අහන් ඉන්න පුළුවන් ගීත රැසක් අපිට දුන්න ගායකයෙක් පිලිබඳ මතකය අවදි කලාට බොහොම පිං...

    ReplyDelete
  18. අන්ශ්- තැන්කූ වේවා

    යෝගී- තැන්කූ මචන් ගොඩවැදුනට.. සාදරයෙන් පිලිගන්නවා...

    ReplyDelete
  19. හෙළයා - මචන්.. ඔය හේමල කොල්ලගේ ලින්ක් එක දිගේ පලයන්.. ඒක එල!

    එච්- අල්ලපු ගෙදර.. ඔව්.. මරේ මරු! උඹ මතුකරපු එකේ පොයින්ට් එකක් තියෙනවා.. මම පොඩි උදාහරණෙකුත් දෙන්නංකො ඒකට ටිකක් පහුවෙන්න.. බොහොම ස්තුතියි!


    ඉශාර - තැන්කූ කිව්වා.. හ්ම්ම්.. ඇත්ත කතාව.. සහතික ඇත්ත!

    ReplyDelete
  20. නියම පෝස්ට් එක . . දන්නවද කොල්ලෝ . . මූනු පොතේ මගේ යාලුවෙක් ඉන්නවා සුදේෂ් කරුණාතිලක කියලා . . උගේත් තාත්තගේ හොන්ඩ්න්හ හිතවතෙක්ලු මෙතුමා. . . මම මිල්ටන් මල්ලවාරච්චි ගැන පෝස්ට් එක ලියපු දවසේ සුදේෂ් මාත් එක්ක චැට් කරලා කියනවා මෙතුමා ගැන පෝස්ට් එකක් ලියන්න කියලා . .. දැන් මම කරන්නේ මේ පෝස්ට් එක මගේ මූනු පොතේ දාන එකයි . . ගොඩක් අය කැමති වෙයි ඒකා . . නියමයි බන් මේ පෝස්ට් එක . . .

    ReplyDelete
  21. කට්ටියටම කියන්නෙ.. ඔය පෝස්ට් එක ලියන වෙලාවෙ මගේ ඔලුව හොඳට වැඩ කලේ නෑ හොඳේ..
    මෙන්න මට කියන්න අමතක වුණ ‍ෆිල්ම් ...

    සත පනහ - අද දෙවියන් අපගේ මූණ බැලුවා
    අල්ලපු ගෙදර - මහ ගණ වනන්තරේ, සොබා අලංකාරේ මූණේ...
    සිහින හතක් - සුපුන් සඳක් නැගීලා ...කිරි බැබලෙන
    කේසර සිංහයෝ - කේසර සිංහයෝ(ජෝතිපාල සමග)
    ජීවන්ති - මගේ මීනච්චී
    ආදරයයි කරුණාවයි - මලින් මලේ (අමිතා වැදිසිංහ, නාරද දිසාසේකර සමග)
    බිනරමලී - රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ
    අදට වැඩිය හෙට හොඳයි - සඳුන් ගසේ සමන් වැලක්
    සිකුරුලියා - සිකුරුලියා
    හතරමහ නිධානය - උම්බෑ කිය කියා
    හිත මිතුරා- උසි උසි නෝනේ මගෙ මිසි නෝනේ (ජෝතිපාල සමග)
    යටගිය දවස- විනෝද වෙන්න (මල්ලිකා කහවිට සමග)


    හ්ම්ම්.. ඇතිවෙයි..

    දුකා අයියා- ස්තුතියි .. බොහොම ස්තුතියි.. සතු‍ටුයි මේවා මෙහෙම හරි කීප දෙනෙක් වත් දැනගන්නවනං..

    ReplyDelete
  22. One more great famous song is missing to mention here.
    "Sandun Gasaka Ethi Saman Lathawaka Mal Parawee Yanawa....
    Obe Namata Pidu mage hadawath mala Thawamath pibidenawa......

    ReplyDelete
  23. ප්‍රභාත්- හොඳ රසිකයෙක් වගේ.. ස්තුතියි ගොඩක්!

    ReplyDelete
  24. මගේ දෑසේ කඳුළු අමතක උනාද

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails