Wednesday, August 18, 2010

මම තරහා නෑ.. | Mama Tharaha Nea – Victor Rathnayake

 image

අස්සක තිබුණ මේ ගීතය මට මතක් වුණේ හදගීපොත ලියන ආදරණීය තිස්ස දොඩංගොඩ සහෘදයාගේ “සිරිබෝ කවි” ලිපිය කියෙව්වයින් පස්සෙ.

මම ඒ පෝස්ට් එකේ කොමෙන්ට් එකක් විදියට මේක දැම්මෙ. ඒක දැකපු දෙන්නෙක් මගේ ඊමේලයෙන් මේ ගීතය විමසා සිටියා. ඒ දෙපළටම ගීතය මම ඊමේල් කළා. එයින් කෙනෙක් ස්තුතිය පළ කරන පිළිතුරකුත් සමග මේ ගීතය බොහෝදෙනෙක් අතරට යවන්න බ්ලොග් එකේ පළ කරන්නයි කියල කිව්වා. මමත් එහෙම හිතාගෙන හිටියෙ. පහු පහු වෙනකොට මටම ඒක ආයෙ අමතක වෙයි කියල හිතුන නිසයි මේ පළ කරන්නෙ.

වික්ටර් ගෙ සිනෙමැටික් තීම් මියුසික් තියන, එහෙම නැත්නම් අර ඉස්සර හැටේ, හැත්තෑවේ, අසූවේ දශකයේ මැදක් වෙනකම් සිංහල සිනමාවෙ තිබුණ පසුබිම් සංගීතය සිහිගන්වන අපූරු සංගීත කොටස් අඩංගු වෙන ගීත කිහිපයෙන් එකක් තමයි මේ ගීතය.

ඉන් පස්සෙ සිංහල සිනමා සංගීතෙට වෙච්ච දෙයක් නෑ නෙව. අනේ මන්ද. කොමර්ශලයිසේශන් ඇට් ඉට්ස් බෙස්ට්! ඒත් මම බොහොම අවධාරණයෙන් කියන දෙයක් තියෙනව. ඒ තමයි හොඳ ක්ලැසික්ස් වලට තාමත් ලංකාවෙ හොඳ ඉල්ලුමක් තියෙනව කියන එක. ඒ අවදානම ගන්න ඉන්නෙ කීප දෙනයි. ඒ කීප දෙනාටත් අත දෙන්න ඉන්නෙ තවත් ඉතා සුළුතරයක්.

මේක ගැන අපි කලිනුත් කතා කළා මට හිතෙන්නෙ.

http://blogvampa.blogspot.com/2010/08/blog-post.html

ඒත් තාම මිනිස්සු ඒවට කැමතියි. (අනේ මන්ද, මට එහෙම හිතෙනවා..!!)

මේ වෙලාවෙ මට මතක් වෙන අනිත් ඒවගේ සංගීතය අඩංගු ගීතයක් තමයි වික්ටර්ගෙම “නැවුම් සුවඳින්” කියන ගීතය. ප්‍රේමකීර්ති මහත්තයගෙ. අහල තියෙනවද? අහල නැත්නම් අදම අහන්න. නැත්නම් මට කියන්න. මේකෙ දාන්නං හුදී ජනයාගේ පහන් සංවේගය උදෙසා!

Mama Tharaha Nea – by Victor Rathnayaka

මම තරහා නෑ....
ප්‍රේම පත්‍ර බොළඳ වචන
කුළු ගැන්වූ ආදරයක්
සි‍ටු මැදුරක විසූ ඔබට
මගේ පැලේ ඉඩ මදි නම්
කුමාරයෙකු අතගන්නට වේවි වාසනා
හිතට දුකක් ඇතිවෙනවා... ඒ වුණාට නෑ... කමක් නෑ..
මම තරහා නෑ.. මම තරහා නෑ....

අමෘතයද ඉවත හෙලයි
හිත නැතිනම් මුව තැබුමට
ඉරණම එය විසඳනු ඇත
මටත් කලක් උදා වේවි
‍රැහැන් වෙලා බැඳ ගන්නට
බැහැනෙ ආදරේ
හිතට දුකක් ඇතිවෙනවා... ඒ වුණාට නෑ... කමක් නෑ..
මම තරහා නෑ.. මම තරහා නෑ....

මම තරහා නෑ....

 

කලින් මම කිව්වනේ වික්ටර් ගැන අහමු ඉස්සරහට කියලා…..අහමුකො වික්ටර්ගෙ අහල නැති සුපර්හිට්ස් ඉදිරියට...! වික්ටර් ප්‍රේමකීර්ති සුසංයෝගයේ හිට්ස් ගැනත් අපි වෙලාවක කතාකරමු. අම්මප මට වෙලාව නෑ බොලව්.

එක පාරට මං ගැන තොරතුරක් නැතිඋනොත් ඒකෙ තේරුම ඔලුවටත් උඩින් තියෙන පරීක්ශණ පත්‍රිකා ගොනුවලට මගේ උස්ම හිරවෙලා කියන එකයි. කට්ටිය කොමෙන්ට්ස් දාල තිව්න උඩුරාවණ කතා අහල නෑ කියල. මම කියන ඒව. අහල තියෙන්න විදියක් නෑ. සමහර කතා (උදා. 9 වැනි කතාව) උඩුරාවණ සාහිත්‍යට එකතු කලේ මේ මං තුමා! ඒකයි.. !!
ඒව වෙන විදියට අහල ඇති. සමහර විට!!

නගා කෙල්ල ඉන්න පැල ගැන ඇහුව නේද.. නැත්තං මේං...

http://blogvampa.blogspot.com/2010/08/blog-post.html

ඡන්ද විමසීමත් තාම තියනවා.. ඔබේ වටිනා  ඡන්දය පහල සබැඳියෙන් ප්‍රකාශ කර යන්න..

http://blogvampa.blogspot.com/2010/08/blog-post_15.html

11 comments:

  1. උදේම අහන්න ලැබුනා මේ මියුරුම ගීය මල්ලී... හරිම අමුතුම හැඟීමක් දැනෙනවා ඒ සිංදුව ඇහුවම...
    ඊට අමතරව ගොඩක් දෙනෙකුට අහු නොවුනු දෙයකුත් ඔබ නැවත මතක් කරනවා "ඒ තමයි හොඳ ක්ලැසික්ස් වලට තාමත් ලංකාවෙ හොඳ ඉල්ලුමක් තියෙනව කියන එක. ඒ අවදානම ගන්න ඉන්නෙ කීප දෙනයි..." ඒක සහතික ඇත්ත...

    ReplyDelete
  2. අනේ මම මේක ඇහුවෙ අදමයි !! ලස්සන සින්දුව..

    ReplyDelete
  3. වික්ටර් ගෙ තවත් මම ආසම සින්දුවක්.. වැඩිය කවුරුත් අහල නැති...
    තරු අත් අකුරින්...

    ReplyDelete
  4. ඇත්තටම ලංකාවෙ බහුතරයක් දෙනා තවමත් ක්ලැසික් වලට කැමතියි!!!

    ReplyDelete
  5. මේ වගේ දේවල් අපිට ගේනවාට උඹට පිං

    ReplyDelete
  6. ඉස්සෙලම උබට පින්.

    මචන් ක්ලැසිකල් වලට ඉල්ලුමක් තියෙනවා ඒත් අවදානම ගන්නෙ නෑ.. හරියටම හරි.

    මොකද අද 99 % ක් ම නිර්මාන මුදල් පරමාර්ථයෙන් මිසක් නිර්මානයක් විදියට කරන ඒව නෙමෙයි.
    ක්ලැසිකල් වැඩක් කරත් ඒ වියදම කවර් කර ගන්නවත් වෙලඳ පොලක් එයිද ? මොකද ඒව මාර්කට් වෙන්නෙ නැහ. කරන්නෙත් නැහ. ඉල්ලුම තිබ්බට රැල්ලට අහු වෙන්නෙ නැති නිසා ඒව එහෙන්ම වැහිල යනවා.

    ReplyDelete
  7. මගේ මතකය හරි නං, මේ සින්දුව ක්ලැසික් එකක් කෙසේ වෙතත් සිත්තර හෝ සතුට පත්තරේ ගිය කතාවක නමට ගැලපෙන්න වචන එකතු කරපු එකක්.
    චිත්‍රකතාවේ නම- මම තරහා නෑ.

    ReplyDelete
  8. වැම්පා අයියා දැමමොත් දාන්නේ මගේ ප්‍රියතම සිංදුවක්‍‍‍...තැන්කූ තැන්කූ..

    ReplyDelete
  9. සියලුම ප්‍රතිචාර වලට බොහොමත්ම ස්තුතියි...!!

    ReplyDelete
  10. මේ පෝස්ට් එක මට මිස් වෙලා නෙව...

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails