Tuesday, August 3, 2010

Nawathanpole Oba Unna I නවාතැන්පොලේ ඔබ උන්නා

 

මේ සිද්ධිය මගේ ජීවිතේ මට පොඩි කාලෙ මතක තියන සිද්ධි වලින් එකක්. වැඩේ කියන්නෙ ඒක මම අදත් විඳිනවානෙ.

විසි පහට වැඩි කට්ටියටම ලාවට මතක ඇති "ඉරට හඬන මල්" කියල ටෙලි නාට්‍යයක් ගියා රූපවාහිනියෙ ද කොහෙද. අසූවෙ අග වගේ මට මතක. ලකී ඩයස්, රමණි බර්තොලමියුස් (වයස චිසිගණන් වලදි අබිරහස් ලෙස මියගියා, කමල් අද්දරආරච්චි ගෙ මොකක් හරි හුට්ට පටං එකක් තිබුන කියල තමයි කියන්නෙ, එයා රූ ‍රැජින වෙලත් තියනවලු), සනෝජා බිබිලේ...ම්ම්… අජිත් ජිනදාස චරිත නිරූපණය කළේ. චන්ද්‍රරත්න මාපිටිගම ගේ අධ්‍යක්ශනයෙන් නිලේන්ද්‍ර දේශප්‍රිය ගේ නිෂ්පාදනයක් විදියට තමයි මේක එළිදැක්වුනෙ. ඕව හොයාගත්තෙ පස්සෙ. ඒ නාට්‍ය විකාශය වෙද්දි මට අවුරුදු දෙකක් තුනක් වගේ. චුටි පුතා කාලෙ.

ඉතින් මේකයි සිද්ධිය. පොඩි සීන් එකක්.

ඒකෙ තේමාගීතය ගායනා කලේ දීපිකා ප්‍රියදර්ශණී පීරිස් මහත්මිය. රචනා කරල තියෙන්න කුලරත්න ආරියවංශ මහත්තය. මුලු නාට්‍යටම සංගීතය සපයපු වික්ටර් රත්නායක මහත්තයගෙ තමයි තනු නිර්මාණය. ඕවත් හොයාගත්තෙ පස්සෙ.

අපේ අම්ම, ඔය සින්දුවට හරිම ආසයි. කොච්චර ආසද කියනවනං ඒක රෙකෝඩ් කරල (ටීවි එකේ යන වෙලාවක් බලල) කැසට් එකේ  ගෙදර දාල තියෙනව. ඉතින් මට උදේ හවා ඕක ඇහෙනව. ඒ සින්දුවත් හරිම ලස්සනයි. මට පොඩිකාලෙ ඒක පාඩං.

පස්සෙ පස්සෙ ටෙලිය ඉවර උනා, කැසට් එකත් සවුත්තු වෙලා ගියා. අපිටත් සින්දුව අමතක වෙලා ගියා.

ඊට කාලෙකට පස්සෙ, ඒ කියන්නෙ මම කැම්පස් එද්දි (මීට අවුරුදු හතරකට විතර කලින්) එක සැරයක් බස් එක කොහේ හරි පොඩ්ඩකට සෙනග ගන්න නවත්තපු වෙලාවෙ ලොත‍රැයි කූඩුවකද කොහෙද අර බිම්මල් ඩ්‍රාම එකේ මම තාම හොයන "කල්ප සිහිනය දු‍ටුව රෑ යාමේ" කියන සින්දුව ගියේ නැතෑ. බස් එකත් ඇදල ගියා.. මම හිතාගත්ත ඒ සින්දුව හොයාගෙන අහන්න. ඒ වෙලාවෙ තමයි මට මතක් උනේ.. හත්තිලව්වෙ අර පොඩි කාලෙ මමයි අම්මයි අහපු සින්දුව!

ඒ දෙකම හොයන්න ගත්ත මම.

පොඩිකාලෙ අම්මයි මමයි ආස සින්දුව හොයාගත්ත  සෑහෙන පරිශ්‍රමයකින් අනතුරුව! අහම්බෙන් තමයි හම්බුනෙ. සෑහෙන්න හෙවුවා. කල්ප සිහිනය තාම හොයනවා..

ඊට පස්සෙ සින්දුව අම්මට ස්කයිප් කළා... ආයෙත් පොඩි කාලෙ වගේ ගෙදර ඒක ඇහෙනව ඇති. මමත් අහනව මෙහේ ඉඳන්... (ගෙදරයි මමයි - දුර වෙනස සැතැපුම් හත්දහසකට ආසන්නයි)

කතන්දරේ ඔච්චරයි...!  හිතුව ඉතින් මහන්සියෙන් හොයාගත්තු නිසා කට්ටියට බෙදල දෙන්න. බදාගන්න නෙවෙයි.. බෙදාගන්න...

අම්මට මතක විදියට කතාව මෙහෙමයි..

පොඩි පවුලක්, ළමයි ඉන්න.. සතුටින් ඉන්නවා. මේ අතරෙ ස්වාමියගෙ වෙනත් සම්බන්ධයක් පටන්ගන්නවා. නිකංම නෙවෙයි, වල් පොරකුත් නෙවෙයි. කොහොම හරි එහෙම වෙනවා. එතකොට අර පවුලෙ සාමාජිකයන්ගෙ කතාන්දරය තමයි තියෙන්නෙ. හැපි එන්ඩිං එකක් තියනවා කතාවෙ අන්තිමට.


ඒක කිවුවෙ මේ ගීතය හරියටම රස විඳින්න ඒ පසුබිමත් පොඩ්ඩක් ඕන නිසයි.

පහලින් අහන්න..

නවාතැන්පොලේ ඔබ උන්නා  - දීපිකා ප්‍රියදර්ශනී

Nawathanpole Oba Unna by Deepika Priyadarshani Peris

නවාතැන්පොලේ ඔබ උන්නා
හිම කැට විසිරෙන හැන්දෑවේ
සිතිජ ඉම බලා සුසුම් ලමින්
සුසුම් ලමින්

වරෙක හිනැහුනා වරෙක වැලපුනා
සුසුමෙක සිරවෙනු යලි දු‍ටුවා
ඈත දිනෙක විඳි සිහින සුවඳ යලි
හිස මත දැවටෙනු මට දැනුණා

සීතල සුළඟට උණුසුම වන්නට
ළසෝ දුක සිතින් තුනී කරන්නට
මියගිය සෙනෙහස යලි පුබුදන්නට
මග බලා උන්නා
මග බලා උන්නා
මග බලා උන්නා
මග බලා උන්නා

ප.ලි.
මචන් පිස්සා, ඕං සින්දුව.. හරිගියේ නැත්තං දෙතුන් සැරයක් අහල බලහං.. එතකොට හරියනවා..

26 comments:

  1. ලස්සන සිංදුව මචං. උඹට හොඳ රසඥතාවක් තියනවා

    ReplyDelete
  2. තැන් කූ මචෝ බෙදා හදා ගත්තාට....:)..

    ReplyDelete
  3. හෙළයා- මචන්.. මට දෙමව්පිය උරුමයෙන් ලැබුන කැසට් ගොඩක් නිසා තමයි ඔහොම උනේ.. අපේ තාත්තා දරුණු ජෝතිපාල රසිකයෙක්.. අම්ම නන්දා මාලිනී, අමරදේව, වගේ ක්ලැසික් .. මම ඒ දෙකම...!

    ශැඩෝ- එහෙම නේන්නං..

    හැමදාම ඇවිත් බලල යනවට ස්තුතියි

    ReplyDelete
  4. ස්තූතියි බෙදා හදා ගත්තාට, කාලෙකින් නොවැ ඇහුනෙ,, මොකක්දෝ හැඟීමක් දැනෙන සිංදුවක් නේද?

    ReplyDelete
  5. සින්දුව ලස්සනයි.බොහොම ස්තුතියි බෙදා හදා ගත්තට...

    පිසාචයෙක් වුණාට මාර සංගීත ලෝලියෙක් නොවැ!හික්ස්..

    ReplyDelete
  6. මට තියෙන්නෙ එක ප්‍රශ්නයයි මචන්... උඹ අවුරුදු දෙකේදි තුනේදි මේ සින්දුවට ආස නම් උඹ මහ වල් කොල්ලෙක් බන්... :) හිකිස්

    ReplyDelete
  7. හරී- ඕව්. අහම්බෙකින් හම්බුනේ.. ඒ ජොලියට දැන් දවස් කීපෙක ඉඳල අහනවා

    ගඩොලා- අනිවා අනිවා.. තව දෙන්නං ඉදිරියට.. මීවිතයි+ගීපොතයි

    අභීත - ඔන්න ඔන්න .. රෝන් ටෝක් දෙනවනෙ.. ඕකෙ නිකන් අර නැලවිලි ගී ටයිප් එකේ මියුසික් නෙව තියෙන්නෙ. ඇරත් දිනකට දෙතුන්පාරක් ඇහෙනකොට කොහොමද කියල හිතහංකො...

    ReplyDelete
  8. මෙහෙමයි මට මතක විදිහට තාත්තාගේ නෙමෙයි වෙන සම්බන්ධයක් ඇති වෙන්නේ(ලකී ඩයස්). අම්මා (සනෝජා බිබිලේ) වෙන කෙනෙක් (අජිත් ජිනදාස) එක්ක සම්බන්ධ කමක් ඇති කරගෙන ගෙදරින් යනවා මට මතක විදිහට. මං මේ කථාව බලද්දි ‍මොන්ටිසෝරිද කොහෙද. මට තාම මතකයි අම්මා ලියුමක් ලියලා තියලා ගිහින් තාත්තා ඇවිත් කියවනවා. ඇස් දෙකෙන් කඳුළු වැටෙනවා. ලඟ තියෙන බිත්තියකට හේත්තු වෙනවා. නහය පෙති පිම්බෙනවා හැකිලෙනවා. නිකට වෙව්ලනවා. ඔන්න ඔච්චරයි මට නාට්‍යයෙන්ම මතක. සිංදුව නම් මතකම නැහැ. අහලා බලන්නම්කෝ.

    ReplyDelete
  9. මට නං ටෙලියෙ මෙලෝ දානක් මතක නෑ. රන්දිල් මට වඩා වැඩිමල් සෙයක් පෙනී යයි... හික් හික්.. ඕකත් අම්මගෙන් ඇහුවෙ...

    ReplyDelete
  10. ඔන්න වැම් පයර් මමත් ආවා ඔයාගේ බ්ලොග් එක පැත්තේ.

    රසවින්දනය ඉහළ හොද කලාකාමියෙක් වගේ.......

    ReplyDelete
  11. ‍ඔන්න වැම්පයර් අදයි මමත් ආවා මේ පැත්තේ,

    රසවින්දනය ඉහල කාලාකාමියෙක් වගේ,

    ReplyDelete
  12. ඔන්න වැම් පයර් මමත් ආවා ඔයාගේ බ්ලොග් එක පැත්තේ.

    රසවින්දනය ඉහළ හොද කලාකාමියෙක් වගේ.......

    ReplyDelete
  13. ඔන්න වැම් පයර් මමත් ආවා ඔයාගේ බ්ලොග් එක පැත්තේ.

    රසවින්දනය ඉහළ හොද කලාකාමියෙක් වගේ.......

    ReplyDelete
  14. සිංදුවනම් ලස්සනයි සහෝ.
    ඔය නාට්‍යය නම් මම ඉපදෙන්නත් කලින් ගිය එකක් වගෙ. ඒ වුනාට අද තියෙන බහුබූත වලට වැඩියනම් සිය වාරයක් හොඳ බව හැඟෙනවා.

    ReplyDelete
  15. ලස්සන ගීතයක්.. පොඩිම කාලේ හීනි මතකයක් තියනව මේ ටෙලිය ගැන..... thanks for sharing :-)

    ReplyDelete
  16. ජීවනී- සාදරයෙන් පිලිගන්නවා, ඔව් ටිකක් මම කලාවට බරයි.. නිකන් කලාබර ආසියා වගේ!

    උත්පල- සතු‍ටුයි මල්ලි. උඹලට තමයි මේව..

    ජීවිතේ මල් - එහෙනං අපි එක සයිස් :)

    ReplyDelete
  17. නොසංදාල කමට කියනවා නෙමෙයි. මටත් ඔය නාට්ටිය නම මතකයි මතකයි වගේ. හෙන උවමනාවෙක් ක්ලික් කරේ. ඒත් තාම සිංදුව බෆර් වුනේ නෑ බං.

    ReplyDelete
  18. මේ ඔයා මේ පෝස්ට් එක දැම්මේ කට්ටියගේ වයස හොයා ගන්නද? :D කෙලින්ම ඇහුවා නම් කියනවානේ මෙයා.

    ReplyDelete
  19. නොසන් - වැඩ කරන්නෙ නැත්ද මචං? ඕන නං මීඩියාෆයර් දාල ලින්ක් දෙන්නං

    රන්දිල් - පිස්සුද අනේ. මම දන්නවනේ.. ඕන නං අහනවනෙ.. :)

    ReplyDelete
  20. මට නම් මතක නැහ කොල්ලො කතාව. රමනි බර්තොලමියුස් කිව්වෙ ? නැද්ද මචන් පින්තූරයක් එහෙම.... ඒ සීන් එක ලියපන් කො පුලුවන්නම්.

    ReplyDelete
  21. වැඩි විස්තර සඳහා..

    http://en.wikipedia.org/wiki/Ramani_Bartholomeusz

    බලහං.. පින්තූර කෑල්ලකුත් තියෙනවා..

    ReplyDelete
  22. තෑන්ක්ස් වේවා... මීටර් නැහ... අපි ඉතින් චුට්ටි ළමයි නේ. කමල් අයිය බලන් යද්දි සෑහෙන වයසයි නේ දැන්

    ReplyDelete
  23. මේ සිංදුව වගේම මම තවත් ආස එකක් තමයි පොද වැස්ස ඒකේ සිංදුව ...මාලිනි බුලත්සිංහල කියන ඒක මේ හා සමකාලීන නිර්මාණයක් ...කිරිල්ලියක් විය තටු නැත ලැබිලා... මේකේ මුල් නිර්මාණය හොයා ගන්න සෑහෙන මහන්සියක් ගත්තත් හරි ගියෙ නැහැ.. http://www.youtube.com/watch?v=d1U-NzB3NB4
    නරකම නැහැ මේ version එකත්..

    ReplyDelete
  24. බ්ලොග් එකට නොමිලේ ප්‍රචාරයක් ඕනෙ නම් මෙන්න මේක බලන්ඩ : http://freeaddsorg.blogspot.com/

    ReplyDelete
  25. ඉෂාර- සෑහෙන්න සන්තෝසයි. දැන් නෙව කලාබර වංසෙම එලියට බැහැල තියෙන්නෙ....

    ReplyDelete
  26. mathakai teliya thanku beda hada gannawata. sundara atheethya mathak karala denawata.......

    Nish

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails