Monday, August 2, 2010

උඩුරාවණ කතා වස්තුව - තුන්වැනි දිගහැරුම | Udurawana Stories – Episode 03

 

එහෙනං දූල පුතාල, අපි කලින් දවසේ ඉගන ගත්ත නේ කොහොමද උඩුරාවණ මහත්තය අර සම්මේලනයට යන්න ගුවන්ගත උනේ කොහොමද කියල. අමතක නං මෙතනින් බලල ඉන්නකො.

දැන් උඩුරාවණ මාම ප්ලේන් එකේ යනව. එතකොට මෙන්න මෙහෙම එනවුන්ස්මන්ට් එකක් දෙනව..

"තව ස්වල්ප මොහොතකින් අපි හීතෲ ගුවන්තො‍ටුපොලට ගොඩබහිනවා ඇත"

උඩුරාවණ මාමට හරි සතු‍ටුයි වැඩේට. කොහොම හරි ආවනේ දැන්. එයා අත් බෑගයත් අරගෙන දොර ලඟට ගියා කාටත් කලින්ම. එයා ඔන්න අර පඩිපෙල ලං කරන්න කලින් යානයෙන් පනින්නයි ලෑස්තීය.

දොර ඇරුණ ගමන් උඩුරාවණ මාම දොර ළඟටම ගියා.

මේක දැක්ක පුතේ.. .. කවුද...? ගුවන් සේචිකාවක්...!

එයා කෑගැහුවා..

"වේට් සර්.. වේට්!!" (wait sir… wait!!)

උඩුරාවණ මාම මොකද දන්නවද කලේ දුවේ පුතේ...

"සෙවන්ටි ටූ කිලෝග්‍රෑම්ස්" (seventy two kilograms) කියාගෙන එලියට පැන්න...

දැක්ක නේද ළමයිනේ.. හොඳින් ඇහුන්කන් දීල අහන දේට උත්තර දීල හිතල මතල වැඩ කරන්න ඔය දූල පුතාලත් අද ඉඳල හිතට ගන්න ඕන හොඳේ... උඩුරාවණ මාම වගේ..

කොහොම හරි දැන් මේක දැක්ක පහල හිටපු නිලධාරි මාම කෙනෙක්.. කොහෙද කොහෙද මේ පුතා දුවන්න හදන්නෙ.. දුවන්නෙපා පොලිස් මාම කෙනෙක් නෙවයි. දැන් වාඩිවෙලා ආයෙ මගේ කතාව අහන්නකො.

ඒ නිලධාරි මාම ඇවිත් ඇහුව උඩුරාවණ මාම ගෙන්..

"සර්.. ආ යූ හර්ට් ?" (sir, are you hurt) කියල ඇහුව..

එහෙම වෙනවද අපේ උඩුරාවණ මාමට නේද... වැඩ මාම නේ..

උඩුරාවණ මාම කිවුව..

"නෝ නෝ.. අයෑම් නොට් හර්ට්..! අයෑම් හීන්බණ්ඩාලාගේ උඩුරාවණ..!"  (No ..  no.. I’m not hurt..! I’m Heenbandalage Uduraawana ..! )

දැක්ක නේද දුවේ පුතේ.. උඩුරාවණ මාම තැනට සුදුසු නුවණ පාවිච්චි කරපු හැටි..ඔය ළමයින්ටත් මේව හොඳ පාඩං....

එහෙනං අපි තව එක කතාවක් අහල අදට නවත්තමු හොඳේ...

දැන් අර නිලධාරි මාමල... සැරයක් කිවුවනෙ.. තේරෙන්නෙ නැද්ද.. පොලීසිය නෙවයි.. වාඩි වෙලා අහගන්නව කනට ආදරේ නං.. හොඳයි.. කොතනින්ද නැවැත්තුවේ... අන්න හරි.. නිලධාරි මාමල… නිලධාරි මාමල උඩුරාවණ මාමව බලෙන්ම ඉස්පිරිතාලෙට ඇදන් ගියා..

උඩුරාවණ මාම ඉස්පිරිතාලෙ ඉන්නකොට මෙන්න කවුද ළඟින් ඉන්නෙ.. තඩි සුද්ද මාම කෙනෙක්.. එයත් ඇවිත් බේත් ගන්න...

එයා අපේ උඩුරාවණ මාමගෙන් ඇහුවලු මෙහෙම..

"හෙලෝ.. අයැම් සෆරින් ෆ්‍රොම් ඉන්ෆ්ලුවෙන්සා" (“Hello..! I’m suffering from influenza !!”)

උඩුරාවණ මාමත් ඉතින් ලංකාවෙ හිටියට සුද්දට දෙවනි වෙනවයැ. උඩරට පෙළපතක කෙනෙක් නෙව. මාම කිවුව..

"හෙලෝ.. නයිස් ‍ටු මීට් යූ.. අයැම් උඩුරාවණ ෆ්‍රොම් ශ්‍රී ලංකා.."  (“Hello…! Nice to meet you.. I’m Udurawana from Sri Lanka ..!!”)

මොකද්ද පුතේ ඉන්ෆ්ලුවෙන්සා කියන්නෙ.. ඕව් හරියට හරි.. ප්‍රතිශ්‍යා රෝගෙට.. අර පීනසේ වැඩි උනාම එන්නෙ..

දැක්ක නේද දුවේ පුතේ.. කවුරුහරි එක්ක කතා කරද්දි ආචාරශීලීව කතාකරන්න ඕනෙ. නිවැරදිව..

සුද්ද මාමට තේරුනේ නෑ පුතේ උඩුරාවණ මාමගෙ ඉංගිරිසි.. උඩුරාවණ මාම හරි හපන නෙව..

සුද්ද මාම අහනව.. මෙහෙම.. ඇයි තේරුනේ නෑ නෙ..

“අයි මීන් මයි ඉන්ෆ්ලුවෙන්සා.. කේම් ෆ්‍රොම් කැටාර්(හ්)..” (“I mean my Influenza... came from Catarrh”)

අන්න පීනස් රෝගෙට කියන හැටි ඉන්ගිරිසියෙන්...

අපේ හපන කිවුවලු...

"දෝ අයි සේ ශ්‍රී ලංකා, අයි කේම් ඕල්සෝ ෆ්‍රොම් කැන්ඩි"  (“Though I say Sri Lanka, I came also from Kandy”)

දැක්ක නේද දුවේ පුතේ.. මගේ කටත් රිදෙනව දැන්..අදට නවත්තමු.. අපි තවත් මේ වගේ උඩුරාවණ මාමගෙ ආදර්ශමත් උපදේශාත්මක කතා ටිකකින් ආයෙ හමුවෙමු...එතෙක් ඔබ සැමට ආයුබෝවන්... ආයෙත් එන්න මගේ කතා අහන්න.. ගෙදර ගිහින් හීතෲ ගුවන් තො‍ටුපල තියෙන්නෙ මොන රටේද කියල හොයාගෙන එන්න..හෝම් වර්ක්...

පුතාලට දූලට පරණ කතා ඕන නං..

http://blogvampa.blogspot.com/search/label/Udurawana

මම දූල පුතාලගේ ආදරණීය

වැම්පයර් මාමා....

ප.ලි:

හික් හික්.. කොහොමද කොල්ලනේ ඈ..අහීත මහත්තයො.. කතාවක් මිස් උනානං දාල යන්නකො.. බොහොම ස්තුතියි...මගේ මතකයත් එච්චර හොඳ නෑ...ජය වේවා..අර සින්දුවත් ඉක්මනටම දෙනවා හොඳේ..

15 comments:

  1. හික් හික්!! නයිස් වර්ක්....

    ReplyDelete
  2. අනේ වැම්පයර් සීයේ චෝයි කතා ටික‍.‍‍‍...තව නැද්ද උඩුරායවණ අංකල්ගේ කතා..... ;-)

    ReplyDelete
  3. අනේ අම්මප සීයේ......

    ReplyDelete
  4. හික් හික් හික්ස්. අඳුනනවද උඩුරාවණව

    ReplyDelete
  5. මරු කතා පෙළ, මටත් අහන්න තියෙන්නෙ උඩුරාවණ ළඟම හිතවතෙක්ද කියලා තමයි,,, ලියන්න ලියන්න, උඩුරාවණ කතා පෙළම

    ReplyDelete
  6. මරු කතා පෙළ, මටත් අහන්න තියෙන්නෙ උඩුරාවණ ළඟම හිතවතෙක්ද කියලා තමයි,,, ලියන්න ලියන්න, උඩුරාවණ කතා පෙළම

    ReplyDelete
  7. :D :D :D
    පිස්සු හැදෙන සඳ කිව්වලු

    ReplyDelete
  8. ශැඩෝ, ගඩොලා- තැන්කූ කිවුවා
    හසියා, තරිඳු - අනේ බොල, සීය .. හ්ම්!! :(
    මාරයා- මාරභවන කිවුවට හරියටම කොහෙද ඈ?
    ප්‍රියන්ත, හරී- මම නං අඳුරන්නෙ නෑ..
    හෙළයා- ඒක නේන්නං

    ස්තුති වේවා.. ඔන්න පරණ සින්දුවකුත් දාන්නයි යන්නෙ මේ අස්සෙම.. බලන්නකො තව ටිකකින්

    වැම්පයර් මල්ලි

    ReplyDelete
  9. මීට පස්සෙ මම ගැන තියෙන කතා ලියන්නෙ නෑ කියලා මම තීරනය කලා මේ එනියාගෙ කොමෙන්ටුව නිසා... :(

    ReplyDelete
  10. අභීත- මොන කොමෙන්‍ටුවද බන්?

    ReplyDelete
  11. අනේ සීයේ... උඩුරාවන කතන්දරේ කියාපන්කො.... හික් හික්... උබත් මාර සීන් තමා දාන්නේ

    ReplyDelete
  12. යකෝ මේක හරි කෙලියක්නෙ.. සීය උනේ කොහොමද මම?

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails