Wednesday, August 4, 2010

උඩුරාවණ කතා වස්තුව - සිවුවැනි දිගහැරුම |Udurawana Stories – Episode 04

හපෙ අප්පෙ, මදෑ .. කලින් සැරේ කට්ටියට දූල පුතාල කියල අන්තිමට වැම්පයර් සීය වුනානෙ. හපෙ අප්පේ.. ඔන්න ඒ ගොනා විකිණුවා! පරන සිද්දි ටික මතකයි නේ.

මේව තමයි උනේ.. මෙතනින් බලන්නකො පරන කතන්දර.

http://blogvampa.blogspot.com/search/label/Udurawana

උඩුරාවණ මහත්තය දැන් ඉතින් කොහොමිං කොහොම හරි ඉස්පිරිතාලෙනුත් ඇවිත් කොන්ෆරන්ස් එකට ආවය කියමුකෝ.ඔන්න ඉතින් කොන්ෆරන්ස් එකේ වැඩ නැගල යනවා. මේකට උඩුරාවණ මහත්තයත් පරීක්ෂණ පත්‍රිකා එහෙම නැත්නං රිසර්ච් පේපර්ස් කීපයක් ඉදිරිපත් කරල තිබුන. මට මතක පරීක්ෂණ කීපයක් මම ඔන්න කියන්නංකෝ. කීපයක් කිවුවට දෙකයි මතක!

1. නිගමනය - සඳ ඉරට වඩා වැදගත් ය!
තර්කය - සඳේ එලිය ලැබෙන්නේ කලුවර ඇති රාත්‍රී කාලයටය. එහෙත් ඉර එලිය දෙන්නෙ දහවලටයි. දහවලට මොකටද තවත් එලියක්! හොඳට එලියයි නෙ.

2. නිගමනය - ගෙම්බන්ගේ කන් ඇත්තෙ කකුල් වලයි!
තර්කය- මේකට නං උඩුරාවණ මහත්තය පරීක්ශණයකුත් කරල තිබුන. පියවර මෙහෙමයි. ඔයාලටත් කරල බලන්න පුලුවන්..
අවශ්‍ය ද්‍රව්‍ය - ගෙම්බෙක් , මේසයක්, මාකර් එකක් , කතුරක් හා මීටර් කෝදුවක්
මුලින්ම මේසෙ සලකුණක් තබාගන්න මාකර් එකෙන්.
ඊට පස්සෙ ගෙම්බ සලකුණ උඩින් තියල හයියෙන් අත්පුඩියක් ගහල බය කරන්න. පැන්න දුර කෝදුවෙන් මැන සලකුණු කරගන්න.
දැන් කතුරෙන් ගෙම්බගෙ කකුලක් කපල දාන්න.
ආයෙත් අර සලකුණ උඩින්ම ගෙම්බ තියල අත්පුඩියක් ගහන්න. පැන්න දුර කෝදුවෙන් මැනල ලකුණු කරගන්න.
දැන් පේනවනෙ වැඩේ. 
ඔහොම කකුල් හතරම කැපුවම මොන අත්පුඩිය ගැහුවත් ගෙම්බ නෝ හෙල්ලුං. ඇහෙන්නෙ නෑ නෙව! ඇහෙන්න කොහෙන්ද කන්! කකුල් එක්ක කන් කැපිල ගියානෙ.

මේ පර්යේශණ වාර්තා දෙක උඩුරාවණ මහත්තය එතුමගෙ ලේකම් තුමියට කියල කඩ්ඩෙන් ටයිප්  කරගෙන ප්‍රින්ට්ස් අරගෙන එහෙම තමයි ගියේ..

ඊළඟ පෝස්ට් එකෙන් අති බිහිසුණු කොන්ෆරන්ස් ඉදිරිපත් කිරීම් බලාපොරොත්තුවෙන් ඉන්න...

අභීත මහත්තය මොකක් හරි කොමෙන්ට්  කතාවක් කිවුවා. පැහැදිලි උනේ නෑ. මහත්තයො තරහ නැතුව blogvampaඇට්gmailඩොට්com එකට පොඩි ලියුං කඩදහියක් දාන්න...

මට මතක නෑ බොලව්. පරීක්ෂණ හතරක් හරි පහක් හරි තිබුනා..

ඒ අවු අස්සෙ ලස්සන සින්දුවක් එහෙමත් දෙන්නං ඊළඟට. කට්ටිය අහල තියෙනවද "නගා කෙල්ල ඉන්න පැලට තෑගි අරන්" අයිය ආපු සින්දුව. ඒක තමයි අද මගේ දවසේ ගීතය.

ජයවේවා....

16 comments:

  1. අප්පච්චියේ.....හැබෑටම උඩුරාවණටත් කරට කර තරඟයක් දෙන්න පුලුවන් කට්ටිය මෙහේ ඉන්න හින්ඳනෙ අපේ රට දිනෙන් දින ශීඝ්‍ර ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙන්නේ.....හැබැයි මුන් නම් කකුල් කපා කපා ඉන්නේ නෑ...කෙලින්ම බෙල්ල තමයි...

    ReplyDelete
  2. හි හී.. නියමයි.

    ReplyDelete
  3. හි හි උඩුරාවන හොඳයි බොල දැන් ඉන්න රාවනා ලට වඩා... අද පත්තරෙ බලන්න ඇතිනේ... හි හි. කාට කියඳ බොල..

    මේ උබට අර හොයපු සින්දුව හම්බුනේ නැද්ද බන් තාම.

    ReplyDelete
  4. ෂා! උඩුරාවණත් අයින්සටයින් වගේ ඩයල් එකක් නේ. :D
    එල සහෝ. බලමුකො උඩුරාවණ නියම සම්මත වෙයිද කියල.

    ReplyDelete
  5. දෙවෙනි කතාව අහලා තියෙන්නේ කැරපොත්තගේ කන් කකුල් වල ඇත කියලා.

    පට්ට සීරිස් එක. බලමු ඊලඟ එක.

    ReplyDelete
  6. හික් හික්!! අර කලින් කමෙන්ට් වල තිබුන වගේ අද කාලෙ රටේ ඉන්න සම"හරක්" ලොකු ඩයල් එක්ක බැලුවම උඩුරාවණ කියන්නෙත් මහ ලොකු පොරක් නෙවෙයි.

    ReplyDelete
  7. ශැඩෝ- අම්මප මල්ලි. ඇත්ත තමයි.
    හසී, හිතුවක්කාරී - ඔබෙ සැප මගෙ සතුටයි..
    පිස්සා - අනේ බන්.. ඕව කියනකොට ලේ රත් වෙලා ලියවෙනව කුනුහරුපත්! තාම නෑ බන්. ගොඩක් වෙලාවාට හෙවුවට හම්බෙන්නෙ නෑ. අහම්බෙන් කෙලගෙන එනව !
    උත්පල- ඒක නං ඉතින් ඊළඟට තමා බලන්න වෙන්නෙ කොල්ලො
    හෙළයා- හහා....එල එල... කැරපොත්තගෙත් එහෙනං කකුල් වල නේද තියෙන්නෙ.
    ගඩොලා- හපෝයි. සහතික ඇත්ත. මොනව කියනවැයි.

    ReplyDelete
  8. ඉතිං ඔය පරීක්ෂණ වාර්ථාව ඉදිරිපත් කලැයි?
    ඒ ක නෙමෙයි , මොකක්ද අර හොයන සිංදුව හැබෑට, ඇහැක් නම් උදව්වක් කරන්න,,
    අද දවසේ ගීතයත් මරු

    ReplyDelete
  9. අභීත - තැංකූ මචන්.. බඩු ලැබුනා..
    හරී - නැතුව නැතුව. ඔය කොන්ෆරන්ස් වල කියන ඒව මොකෙක්වත් අහන්නෙ නෑ නෙව. හික් හික්.. සින්දුව කියන්නෙ වික්ටර් රත්නායක. සංගීතයත් එතුමාමයි. සින්දුව ලිවුවෙ උපාලි ධනවලවිතාන මහත්තය.

    ReplyDelete
  10. ඇයි ළමයෝ මොනවද සිංදුවේ මුල් පද ටික?

    ReplyDelete
  11. හත්තිලව්වෙ.. ඉතින් එතකොට සින්දුව කියන්න වෙනවනේ! හෙට දාන්නං පෝස්ට් එකක් විදියටම. අම්මප දානවා!

    ReplyDelete
  12. Victor Rathnayaka,,, Hath walalla kanda kapa....

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails