Saturday, August 7, 2010

උඩුරාවණ කතාවස්තුව - පස්වැනි දිගහැරුම | Udurawana Stories – Episode 05

 

conference1

මතකයිනෙ මෙතක් කතාව..මෙන්න මෙතන ඔබලා අමතකනං බලලා යන්නකො. දැන් අර පර්යේෂණ පත්‍රිකා දෙකත් අරගෙන අපේ උඩුරාවණ මහත්තය කොන්ෆරන්ස් එකේ ඉන්නවලු.

මේ කොන්ෆරන්ස් වල ඉන්නව සෙශන් චෙයාර් කියල (session chair) කෙනෙක්. එයා තමයි ඔක්කොම වැඩේ කොන්ට්‍රෝල් කරන්නෙ. කට්ටිය හඳුන්වල දෙන්නෙ.. එක එක්කෙනාට වෙන වෙනම අවස්ථා දෙන්නෙ, ඔය වගේ වැඩ. සින්හලෙන් කිව්වොත් මූලාසනේ..

ඔන්න ඉතින් උඩුරාවණ මහත්තයත් ගිය කොන්ෆරන්ස් එකේ සෙශන් චෙයාර් හිටපු කෙනා ඉතින් උඩුරාවණ මහත්තය ගැන වනල එහෙම මෙහෙම කිවුවලු.

"Ladies and Gentlemen, bring your hands to Mr. Udurawana, he will now address you !! to you sir..."

උඩුරාවණ මහත්තයත් ඉස්සරහට ගිහින් හරි බරි ගැහිල උගුර පාදල එහෙම කිව්වලු..

"HB Uduraawana….
No.28, Kotugodella Street….
Kandy.."

එහෙම කියල අර සෙකට්‍රි ටයිප් කරල දීපු ස්පීච් එක දෙන්න ගත්තලු.. ටිකක්  කියවල උඩුරාවණ මහත්තය "පටෝ" ගෑවලු.. ඊට පස්සෙ මුකුත් වුනේ නැති ගානට කියවගෙන යනවලු.. ආයෙ ටිකකින් "පටෝ" ගෑවලු.. ආයෙත් කියවගෙන යනවලු..

කට්ටියට ෆුල් අප්සට් ලු මේ වැඩේට..

උඩුරාවණ මහත්තයගෙන් පස්සෙ සුද්දෙක් ඇහුවලු මොකක්ද අර "පටෝ" සීන්  එක කියලා.. උඩුරාවණ මහත්තයත් පස්සෙ කියන්නං කියල ශේප් උනාලු.. සෙකට්‍රිගෙන් අහල කියන්න හිතාගෙන..

පස්සෙ සෙකට්‍රිගෙන් ඇහුවම තමයි කියල තියෙන්නෙ "සර්.. ඒක පටෝ නෙවි.. PTO"

ප.ලි.
PTO = Please Turn Over (ඊළඟ පි‍ටුව බලන්න කියල අර අන්තිමට ලියන්නෙ)

මුල් කතාව දැනගෙන හිටියට අභීත මහත්තය එව්ව මේල් එකෙන් තමයි නුවර ඇඩ්‍රස් එකක් හොයාගත්තෙ.. තැන්කූ වේවා..

12 comments:

  1. මේක අහලා තිබ්බා, හැබැයි උඩුරාවණ කතාවක් හැටියට නෙමෙයි.
    නියමයි..!

    ReplyDelete
  2. ඔය වාගෙම එකෙක් දවසක් පට්ට අවුලෙන් අහස පොලොව ගැටලන්න හදනවලු..ඉතින් යාලුවෙක් ඇහුවලු මොකෝ බන් කියලා....මූ කිවල්ලු....නෑ බන් ඊයෙ රෑ මම කෑල්ලට SMS කොරකොර උන්නා....වැඩේ නැගල ගියා....හැබැයි අන්තිමට එවපු SMS එක මට දිරෙව්වෙම නෑ...මේකි එවල "අනේ පැටියො මට නම් දැන් නිදි මතයි, ටකේ කරේ" කියල ....

    ReplyDelete
  3. හිකිස් ............. ඊඒඉදා

    [ඊලඟ එක ඉක්මනට දාපන් :D ]

    ReplyDelete
  4. ඇයි අර දේශපාලන ආර්යාවක් කොලේ බලාගන සිංදුවක් කිව්වෙ..

    පාර දිගේ මල් පිපිලා...එකොලහයි
    මල් සුවදට බඹරු ඇවිත්....එකොලහයි

    ReplyDelete
  5. හික් හික්.... කතා දෙකම එළ. හේමලයා ගෙ එකයි උඩුරාවන එකයි. ඈ බන්... අර නම්බර් 28 ඇත්තටම මොකක්ද තියෙන්නේ ?

    ReplyDelete
  6. PATTO පට්ටෝ.....
    හික්ස්‍‍‍....

    ReplyDelete
  7. පටෝ එල එල
    @shadow/හේමලයා:ටකේ කරේ හික් එල එල

    ReplyDelete
  8. මේවා කියන එක හොඳද මන්දා. අපේ එකෙක්ට (සුප්පා) චීච දවසක් A/L general English පාඩමක් කියවන්න කිව්වා. ඒක පටන් ගන්නනේ Hi, Saman, how r u වගේ එකකින්. මු කිව්වා "හී, සමන්,...."
    තව දවසක් IDM එකේ මොකක්ද course එකක් ගැන අහන්න මූයි මායි තව කීප දෙනෙකුයි ගියා. දැන් ඉතින් receptionist කෙල්ලො දෙන්නා පැය බාගයක් විතර විස්තර කරලා වෙන මොනවද දැනගන්න ඕන කියලා ඇහුවා. නිකන්ම එන්නත් නෝන්ඩිනේ මොකුත් අහන්නේ නැතුව. මූ හොඳට බර කරලා "අක්කේ මේකේ සතියකට හවර්ස් කීයක් class තියනවද" කියල ඇහුවා. කෙල්ලට තේරුනේ නෑ ඒකි මොකක්ද මල්ලි කියලා ඇහුවා. මූ ආපහු ඒකම කියපි. කෙල්ලො දෙන්නට වැඩේ මීටර් වෙලා හිකි හිකි ගානවා. අපිත් ඉතින් මූට බැන බැන එලියට ආවා.
    ඇත්තටම ඇයි අපි සිංහල වැරදුනාට ඌට හිනාවෙන්නේ නැත්තේ?????

    ReplyDelete
  9. හික් හික්!! එලකිරි

    ReplyDelete
  10. හෙළයා- තවත් කොටසක් ළඟදීම..
    අන්ශ්- ඔව්.. මම ඉතින් මේ කතා වස්තුවක් හදනවා නෙව.. එකතු කරනවා මට මතක තියෙන කතා එක කතාවකට..
    ශැඩෝ- ටකේ කරේ!
    වැප්- දාදාදා (දාන්නම් දාන්නම් දාන්නම්)
    සිතිවිලිමණ්ඩිය- හහ.. මම ඒක අහල තිබුණ.. හැබැයි සින්දුව වෙනස්..

    ReplyDelete
  11. පිස්සා- අභීත මහත්තයගෙන් තමා අහන්න ඕන.
    ගඩොලා,හසියා, පුබුදුවා - තැන්කූ කිව්වා...
    කාංචන දිනුක- උඹේ කතා දෙකත් එළ.. වැදගත් ප්‍රස්නයක් තමයි අන්තිමට අහල තියෙන්නෙ, හැබෑට ඇයි ඒ..


    තැන්කියු වේවා සියල්ලන්ටම

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails