Monday, August 9, 2010

උඩුරාවණ කතාවස්තුව - හයවැනි දිගහැරුම | Udurawana Stories – Episode 06

 

 Lacoste Underwear,Cheap Lacoste Underwear For Sale,Wholesale,Discount Lacoste Underwear

පරන කතා වලට මෙතනින් යන්න. ඔය දින ගනන් තියෙන කොන්ෆරන්ස් වල ඉතින් අතර මැද තියෙනවා පොඩි බ්‍රේක්, නිකන් දවසක් විතර. ඒකෙදි තමයි කට්ටිය සෙට් වෙන්නෙ. අර බාර් එකේ කතාවත් එන්නෙ මෙතනට තමයි. ඒකෙ කොමෙන්ට් එකක් විදියට ටැබූ දාපු කතාවත් මෙතනට තමයි එන්නෙ. ඒක මම අහල තියෙන විදියට දානව ඕන්න මම. ඩ්‍රින්ක් එක විතරයි වෙනස්..

ඔන්න ලන්ච් එකක් වෙලාවෙදි උඩුරාවණත් එක්ක හිටපු සුද්දෙක් ෆැන්ටා එකක් ඕඩර් කලාලු. උඩුරාවණ ඉතින් කවදත් කොකාකෝල නේ.

ටික වෙලාවකින් සුද්ද එලියෙ සීනරි එක දිහා බලල ෆැන්ට උගුරක් බීල

Shaah… Fantastic…! ("ශාහ්හ්......ෆැන්ටෑස්ටික්" )
කිවුවලු.

කලින් කිව්ව වගේ උඩුරාවණත් සුද්දට දෙවනි නෑ නෙව. මිනිහත් කිවුවලු කොකාකෝල උගුරක් බීල...

Aaahhhh…. Cocastic …! "ආහ්හ්හ්.......කොකෑස්ටික්"
කියල...

හවසට ඉතින් ඒ ආපු කට්ටිය සෙට් වෙලා ටෙනිස් ගහනවලු. උඩුරාවණ බලන් ඉන්නවා ඉතින් මිනිහටත් ඉතින් ආසයිලු වැඩේට සෙට් වෙන්න. මෙහෙම උඩුරාවණ බලාගෙන ඉන්නවා දැකපු සුද්දෙක් කතාකලාලු මිනිහටත් එන්න කියල. මොකද මේ වෙද්දිත් උඩුරාවණගෙ පරීක්ශණ නිසා මිනිහා සෑහෙන්න ප්‍රසිද්ධ වෙලා හිටියෙ.

පොරත් බැස්සලු ෆීල්ඩ් එකට. ගහන ගහන ශොට් එක නෙට් එකේ වැදිල නතරවෙනවලු. මේක දැකපු අනිත් ප්ලේයර් කෑගැහුවලු..

“Hey men, your balls are too low!.. keep them up”

උඩුරාවණත් ඇරියෙ නෑලු..

මෙහෙම කෑගැහුවලු..

“Hey.. I cant do anything…! I’m wearing a Sri Lankan Velona underwear!, must go to a shop here and buy some good tight Crocodile mark one to keep my balls up! "

බාර් කතාවත් කියවල එන්න... ඒක සෙට් වෙන්නෙ මෙතනට ....

http://blogvampa.blogspot.com/2010/07/udurawana-in-pub.html

-------------------------

Coming up :

Udurawana in Beach…!

 

කලින් මම මිල්ටන් පෙර්රා ගැන පෝස්ට් එකක් දැම්මා මතක ඇති... මෙතනින් යන්නකො ඒකට...

http://blogvampa.blogspot.com/2010/08/ja-milton-perera.html

ඔය පෝස්ට් එක ලියන වෙලාවෙ මගේ ඔලුව හොඳට වැඩ කලේ නෑ හොඳේ..
මෙන්න මට කියන්න අමතක වුණ ‍ෆිල්ම් ... සහ ගීත

සත පනහ - අද දෙවියන් අපගේ මූණ බැලුවා
අල්ලපු ගෙදර -  මහ ගණ වනන්තරේ, සොබා අලංකාරේ මූණේ...
සිහින හතක් - සුපුන් සඳක් නැගීලා ...කිරි බැබලෙන
කේසර සිංහයෝ - කේසර සිංහයෝ(ජෝතිපාල සමග)
ජීවන්ති - මගේ මීනච්චී
ආදරයයි කරුණාවයි - මලින් මලේ (අමිතා වැදිසිංහ, නාරද දිසාසේකර සමග)
බිනරමලී - රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ
අදට වැඩිය හෙට හොඳයි - සඳුන් ගසේ සමන් වැලක්
සිකුරුලියා - සිකුරුලියා
හතරමහ නිධානය - උම්බෑ කිය කියා
හිත මිතුරා-  උසි උසි නෝනේ මගෙ මිසි නෝනේ (ජෝතිපාල සමග)
යටගිය දවස- විනෝද වෙන්න (මල්ලිකා කහවිට සමග)

හ්ම්ම්.. ඇතිවෙයි..

9 comments:

  1. උඩුරාවණයා තමයි බොලේ මිනිහා.....

    ReplyDelete
  2. හික් හික්!! වැම්පිගෙ ජීවිත කතාව හෙම නෙවෙයි නේද?

    ReplyDelete
  3. හික් හික් පට්ට කතාව සිරා වැම්පො

    ReplyDelete
  4. කමෝන් උඩුවා :D :D
    රන් අකුරෙන් ලියවන්න ඕනෙ පොරක්නේ

    ReplyDelete
  5. පට්ට...කතාවක් මචෝ..

    ReplyDelete
  6. උබ උඩුරාවන ගේ ජීවිත් කතාව ලියනව වගේ එළ එළ.. වෙලෝනා දැන් තියෙද බන් ?

    ReplyDelete
  7. ශැඩෝ- ඒක නේන්නං.
    ගඩොලා- ඔන්න ඔන්න... වැරදි ප්‍රස්න නේ අහන්නේ..
    අන්ශ්- හැමදාම ඇවිත් හිනාවෙලා යන්න...:)
    පුබුදුවා- එල එල.. තව තියෙනවා...
    හෙළයා- ම්ම්.. අර සිංහල ඉතිහාස පොතේ රන් අකුරින් ලියවුනේ පොර නෙවි නේද...
    සන්සරසිඳු- එල එල මචන්
    පිස්සා- ටිකක් විතර ඒ වගේ තමා.. වෙලෝනා දැන් නෑ.. ඒක කාටද වික්කා. ඊට පස්සෙ උන් බිස්නස් එක අතෑරියා...


    කට්ටියටම තැන්කූ වේවා...

    ReplyDelete
  8. Udurawana.com gaththama udurawana gena okkoma balaganna puluwani

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails