Thursday, August 12, 2010

උඩුරාවණ කතාවස්තුව - හත්වෙනි දිගහැරුම | Udurawana Stories – Episode 07

 beach

කට්ටියට මතකයි නේ පරණ දේවල්. අමතක නං මෙතනින් බලල එන්නකො. අපි අන්තිමට නැවැත්තුවේ උඩුරාවණ ටෙනිස් ගහපු, ඊට පස්සෙ බාර් එකට ගියපු තැනින්නේ. කමින් අප් එකට දාල තිබුනෙ උඩුරාවණ ඉන් බීච් නේ. මෙන්න ඒක.

දැන් ඔන්න කොන්ෆරන්ස් එකත් ඉවරවුණාය කියමුකො. ඊට පස්සෙ දවස් කීපයක් ආපු අයට රිලැක්ස් කරන්න, රටතොට බලාගන්න අවස්ථාව සලසලා දීල තිබුණලු සංවිධායක මහත්තුරු.

උඩුරාවණත් ඉතින් උඩරට නේ. එතකොට නිකන් මූද පොඩ්ඩක් මැජික් වෙනවනේ. (පොඩි ජෝක් එකක් හොදේ.. මකරා එහෙම මල අතට ගන්ට  කාරි නැතුවා)

මිනිහත් ගියාලු අර බාර් එකේ හම්බෙච්ච සුද්දො දෙන්නත් එක්ක බීච් එකට. ඔව් ඔව්, ජොනී වෝකරුයි ජැක් ඩැනියෙලුයි එක්ක තමයි.

කට්ටිය දැන් තැන් තැන් වල බීච් එකේ වැතිරිලා, එල්ලිලා (රූපය බලන්න) ඉන්නවලු.

ඔය සුද්දො කියන්නෙ පාරෙදි දැක්කත් හායි ගාල යන ජාතිය නේ. හපෙ අප්පේ, මෙහේ ඇවිදිනකොට ඇවිද්දට වඩා, හායි, හෙලෝ කියල අමාරුයි! ඉතින් ඔතනින් යන සුද්දෙක් උඩුරාවණ බීච් එකේ ඇලට් එකක් දාගෙන ඉන්නකොට මෙහෙම ඇහුවලු.

“Hi.. Are you Relaxing ?”

උඩුරාවණත් නිකන් අරින එකක්යැ. කිව්වලු..

“No No… I’am Udurawana”

සුද්දත් ඉතින් හිනාවෙලා ගියාලු.

ටිකකින් තව සුද්දෙක් ආවලු.. එතනින් යනගමන් අහනවලු.

“Hello…. Are you relaxing sir?”

දැන් නං උඩුරාවණට අප්සට් ලු. ඒත් කිව්වලු.

“No No… I’am Udurawana from Sri Lanka”

ටිකකින් මෙන්න එනවලු තව සුද්දෙකුයි උගේ පවුලයි (සුද්දියෙක් ද නැත්ද කියන එක පැහැදිලි නෑ... ඒක කතාවෙ තිබුනෙ නෑ..තව සුද්දෙක් වෙන්නත් පුලුවනි..)

“Hey dude.. Are you relaxing ?”

මේ සැරේ නං උඩුරාවණගෙ මල අතේ ලු.. පොර නැගිටලා කිව්වලු..

“No No .. everybody is going wrong… I’am Udurawana”

එහෙම කියල "මෙතන නං නිදහසේ ඉන්න පුලුවන් තැනක් නෙවයි, වෙන තැනක් හොයාගෙන යනවා" කියල ඔන්න බීච් එක දිගේ ඇවිදගෙන යනවලු සෙනග අඩු තැනක් බල බල. මෙහෙම යනකොට උඩුරාවණ වගේම  උඩුරාවණ ගෙ පාටම ආසියාතිකයෙක් ඉන්නවලු බීච් එකේ. මෙන්න මෙතෙන්දි තමයි උඩුරාවණට ආලෝකය පහල වුණේ.

උඩුරාවණ ඇහුවලු...

“Hey.. Are you relaxing?”

උත්තරේ හම්බුනාලු..

“Yea .. I’m relaxing..”

උඩුරාවණට හරි සතු‍ටුයි ලු. මෙහෙම කිව්වලු..

“Oh .. thanks god.. Everybody is looking for you.. go there.. go go..!!”

කියල කලින් උඩුරාවණ ඇලට් එකක් දාගෙන හිටපු පැත්තට අත දික් කළාලු.

කොහොමද උඩුවගෙ පොටෝ එක.. “හැන්ඩි මහානාම” වගේ නේ..

කලින් පෝස්ට් එකක මම ඇහුවනේ ගායකයො දෙන්නෙක් ගැන...

අනුර දිසානායක සේනානායක - මෙයා දැන් පොලොසියෙ ඩිඅයිජී කෙනෙක්.. මාගේ කිරිල්ලී සොයා යන්නෙ මා... සඳ කිඳුරු කිඳුරියන් ගැවසෙන වෙරල දිහාවේ... වගේ අසූවෙ අග හා අනූවෙ මුල ජනප්‍රිය වෙච්ච සින්දු මෙයාගෙ...

මැක්සි ජයවීර - බැරි බර කරේ තියන්.. දෙපයට වාරු ඇරන්.. අපෙ බඩ කට පුරවනවා....
මතකද දන්නෙ නෑ..!

යාහූ මීඩියා ප්ලේයර් එකෙන් ප්ලේ වෙන මගේ බ්ලොග් එකේ සින්දු ඩවුන්ලෝඩ් කරන්න ලින්ක් එක උඩ රයිට් ක්ලික් කර සේව් ඈස් කිරීමෙන් පුලුවනි...

 

---------------

Coming Up in Udurawana Series..Episode 08

How to Avoid Aids? (from Abeetha Edirisinghe - www.tikakhinawenna.blogspot.com)

Escape from Cops

16 comments:

  1. ඇති යාන්තං රිලැක්සින් ගොයියාව හම්බුනා.....:D.

    ReplyDelete
  2. මකරුන්ට මුහුද, අහස, පොළොව ඔක්කොම එකයි. ඒවා මට මැජික් නෙවෙයි. ඔන්න කාඩ් කුට්ටමේ මැජික්නම් මැජික්

    ReplyDelete
  3. හේමලයා -ඒක තමා..
    මකරයියා- ගනන්ගන්නෙපා අනේ.. නුවර නිසයි කිව්වෙ!

    ReplyDelete
  4. උඩුරාවණ තමයි දවසකටවත් මිනිහා.....

    ReplyDelete
  5. You mean Anura Senanayaka? the DIG & the Singer!

    http://www.youtube.com/watch?v=4cL1B_pfOS0&playnext=1&videos=jKg459lk0pY

    ReplyDelete
  6. සමාවෙන්න පොඩි මුද්‍රණ දෝශයක්.. ස්තුතියි නිවැරදි කිරීමට...අනුර සේනානායක තමා..

    ReplyDelete
  7. අපි නුවර එළියෙ. Not Kandy

    ReplyDelete
  8. elakiri! digatama udurawana series eka liyanna.hina wela pana yanawa...:D

    ReplyDelete
  9. අපූරු කතා පෙල. ඇත්තටම දන්නවාද කවුද මේ උඩුරාවණ කියල. මේ කතා වලට අනුව බැලුවොත් නම් සම්පූර්ණයෙන්ම වෙනස් කෙනෙක්. මෙතෙන්ට ගිහින් බලන්නකෝ.
    http://www.rootsweb.ancestry.com/~lkawgw/udurawana.html
    @වැම්පයර්
    මොනව උනත් රස වැඩිකරල ලියල තියනවා. එල සහෝ

    ReplyDelete
  10. ඔය මැක්සි ජයවීර කියන 'සේපාල ඒකනායක' සින්දුව අහල තියෙනවද? සැබෑ සිදුවීම් අලලා ගැයුනු ගීත වලින් මම ආසම කරන සින්දුවක්. මෙතනින් අහන්න.

    http://www.infolanka.com/miyuru_gee/art/maxi_jaya.html

    AJ

    ReplyDelete
  11. උඩුවා නැගල යනව නේ... හි හි

    ReplyDelete
  12. Mr. රිලැක්සින්ව දුටුවෙමි.
    සෑහෙන කතාවක් තියනවනේ...
    නියමයි

    ReplyDelete
  13. ඔහොම යමන්... වැම්පො....

    fun එකට කියවගෙන ආපු උඩුරාවණ කතා පෙළට පසුබිම් වෙච්චි පුද්ගලයා ගැන දැනගත්තෙ අද... චේජනා අක්කට පින්සිද්ධවෙන්න...

    ReplyDelete
  14. ගඩොලා.. ඔබෙ සැප මගෙ සතුටයි..
    ප්‍රියන්ත .. ඔව් එයා ගැන මේ සීරිස් එකේ අන්තිම පෝස්ට් එක වෙන් කරල තිබුනෙ. චේජනා සහෝදරී ලිව්ව නිසා ඕන නෑ නෙව..

    ReplyDelete
  15. ඒජේ- බොහොම හොඳයි.. ඔව් මම අහල තියෙනවා සහෝදරයා...ඒක එල සින්දුවක් තමයි...
    පිස්සා- එල එල.. උඹලට නෙ ලියන්නෙ...

    ReplyDelete
  16. හෙළය මචන්..කතන්දරේ තව ටිකක් දිගට අදින්න පුලුවන් ගානට කතා ඔලුවෙ තියෙනවා.. ඒත් මේ සීරිස් එක 10න් නවත්තන්න කියල බැලුවෙ...පස්සෙ බැරියැ..

    සන්සරසිඳු- ඔව් ඔව්.. ඒක සම්පූර්ණ ඇත්ත...


    සියලු දෙනාටම ස්තුතියි....!!!

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails