Friday, August 13, 2010

උඩුරාවණ කතාවස්තුව - අටවැනි දිගහැරුම | Udurawana Stories – Episode 08

 image

කොහෙද අපේ උඩුව හිටියෙ දැන්.. ම්ම්.. අහ් බීච් එකේ නෙව..පරණ කතා මෙතැනින්.. දැන් ඔය බීච් කතාවත් ඉවරවෙලා කට්ටිය රට තොට බලන්නයි දඩයමේ යන්නයි යනවලු. ඔව් ඔව් අර උඩුරාවණගෙ ‍ෆිට් දෙකත් එක්ක තමයි. ජැක් ඩැනියෙලුයි ජොනී වෝකරුයි. මෙහෙම ඇවිදගෙන රට තොට බලන්න යනකොට, පාලු පැත්තකදි පොරක් ලේ පිරිච්ච සිරින්ජරයක් අරන් තුන්දෙනා ඉස්සරහට ඇවිත් කිවුවලු ..

“This syringe contains HIV.. Give your all money or otherwise you’ll also be infected !!”

කියල..

පලවෙනි සුද්ද ඉතින් නෝ කතා නෝ සිනා.. ඔව් අර ජොනී වෝකර් තමා..
තමන්ගෙ සබ්බ සකල මනාවම දුන්න ඉතින් හොරාට!

මේක බලන් හිටපු ජැක් ඩැනියෙලුත් දුන්නා සේරම දේවල්.. ඊළඟට උඩුරාවණ මහත්තයගෙ වාරෙ..

මිනිහ ඉතින් සිංහයට වත් බය පුතෙක් නෙවයි නෙ.

මිනිහ කිව්වලු..

“Ok.. I wont give you any.. you can proceed …!” කියලා..

මේක අහපු හොරා ට මලේ මලලු.. මිනිහ ආයෙ පැන්න ගමන් ඇන්නෙ නැතෑ උඩුරාවණයට සිරින්ජරෙන්.. ඒත් එක්කම ජැක් ඩැනියෙල් කාරය බෑග් එකේ තිබ්බ තුවක්කුව අරගෙන හොරාට වෙඩි තිව්වලු..(දඩයමේ යන්නත් එක්ක නෙව ගියේ)

ඒත් ඒ වෙද්දි වෙන්න ඕන හරිය වෙලා ඉවරයි.. උඩුරාවණ මහත්තයගෙ ඇඟට HIV ලේ ඇතුල්වෙලා...

ජොනී වෝකර් මෙහෙම අහනවලු..

“ Hey.. why did you do so..? its AIDS…”

උඩුරාවණත් ඇරියේ නෑ ලු.. මිනිහා කලිසම පහත් කරලා අර කිඹුලා මාක් යටකලිසමත් පහත් කරල කිව්වලු...

“Hey.. come and see …Not to worry.. I’m wearing a condom… I wont get infected ….!!!”

කියල ඒ වෙද්දිත් දාගෙන හිටපු කොන්ඩම් එක පෙන්නුවලු..

කොහොමින් කොහොම හරි වැඩෙන් අන්තිමට උනේ ජැක් ඩැනියෙල් ගෙ අතින් මිනිහෙක් මැරුණ එක. ඒකෙන් ගැලවෙන්න තුන් දෙනාම පැනල යන්න තීරණය කළා...ඒ කියන්න පොලීසියෙන් පැනල යන්න ...

Coming Up

Escape from Cops

The Final Odyssey (අවසාන කොටස)

අද කතාවට සාදර සමාදර අනුග්‍රාහක දායකත්වය.. ටිකක් හිනාවෙන්න බ්ලොගයේ අයිතිකරු අභීත උදය බණ්ඩාර එදිරිසිංහ මහතා..කතාව පොඩ්ඩක් මොඩිෆයි කලේ මං තුමා!

පසු ලිවීම

තව කොටස් දෙකකින් මේ කතාමාලාව සමාප්ත කිරීමට බලාපොරොත්තු වෙමි. අවසන් සටහනක් ලෙස හීන් බණ්ඩා උඩුරාවණ ගැන හඳුන්වාදීමටත් මේ  කතන්දර වල පසුබිම පිළිබඳව පැවැසීමටත් බලාපොරොත්තු වුණෙමි. නමුදු චේජනාගේ පි‍ටුව (Chejana's web page) ඒ ගැන සම්පූර්ණ සටහනක් පලකරන ලදී. ඒ සම්බන්ධව මාගේ ප්‍රණාමය ඇයට පුද කරමි. පහත සබැඳියෙන් ඒ හා සබැඳිය හැක.

http://chejanas.blogspot.com/2010/08/blog-post_12.html

කොමන්ට්ස් වලිනුත් කට්ටිය විස්තර කියල ඇති, ඒවත් බලලම එන්න...

දහයෙන් ඉවරයි කියල හිතුවට ඉවර නෑ.. හැබැයි ළඟදි දාන්නේ නෑ.. ඇති වෙනවනේ... අපි අතුරු කතා අහමු පසුවට! නැත්නං මගේ මේ බොලොග්ගෙ උඩුරාවණ බොලොග්ගයක් වෙයි.. ජය වේවා..

එහෙම පොර ටෝක් දුන්නට අම්මප මේකෙ තියෙන ආදර්ශමත් කතා නෙව උඩුරාවණ කතා.. හික් හික්... ගියා ඕං.. මේ සතියෙ එක දිනකට එක බැගින් දැම්ම නෙව පෝස්ට්.. දිරි දුන් සැමට තුති...

පසුලිවීමටත් පසු ලිවීම

අද මතක් කරන පරන ගායකයා.. හෙලන් අත්තනායක.. අපේ අර මෙව්ව වෙන්න පටන්ගන්න කාලෙ අහපු සින්දු කියපු පොරවල් තමා…වයසෙ වැ‍රැද්ද..අම්මප... හික් හික්.. කියමු බලන්න සින්දුවක් දෙකක් පොරගෙ දන්නවනං..!!

16 comments:

  1. "Kawdo mata Adara........."

    ReplyDelete
  2. උඩුරාවණ "තොප්පිය" දාගෙනමද ඉඳලා වැඩි ආරක්ෂාවට?.....:D

    ReplyDelete
  3. තැන්කු තැන්කු.... ඔහොම යං මචෝ........

    ReplyDelete
  4. මේක නම් අර මොඩිෆයි වුන කතාවක් ද මන්ද මල්ලි, මම ආස කරන උඩුරාවණ කතාවල ගතිය මේකට නෑ...

    ReplyDelete
  5. හහ් හහ්... උඩුරාවණ.... පට්ට බුවා...

    ReplyDelete
  6. මෙව්ව වෙන්න කිව්වෙ ??? හික් හික්...

    ReplyDelete
  7. උඩුරාවණ තමයි දවසකටවත් මිනිහා.හික් හික්!! ඔය තොප්පිය දිගටම දාගෙන ඉන්නනං මෑන්ස් වියාග්‍රා පෙත්තක්වත් ගහල ඉන්න ඇති!!!

    ReplyDelete
  8. අප්පා පොර කිඹුලා මාක් මරු වෙලාද...? සුවීප් එකක් වත් ඈදිලද...? හෙලන් අත්තනායක... ම්හු... ඔලුවට එන්නේ නෑ නෙව...!

    ReplyDelete
  9. උඩ්ඩා දූරියන් ලෙල්ලේ ට්‍රීට්මන්ට් එකවත් කරගෙනද දන්නේ යන්නේ
    :P

    ReplyDelete
  10. එස් එල් - නිවැරදියි, බොහොම හරි.. කවුදෝ.. මට ආදරේ සින්දුව හෙලන් අත්තනායකගෙ තමා. සිහින කුමරියේ තාලෙට නටනා.. පායා රෑ නීල තාරකා..අද මගෙන් සමුඅරන්..මා තරහා නැතේ ළඳේ..මා ගයනා ගී ඔබට ඇසෙන්වද ළඳුනේ..කිව්වට විහිලුව පුංචි නගේ...වගේ ඒ කාලෙ කොල්ලො කෙල්ලො අතර ගොඩක් ජනප්‍රිය සින්දු කියපු පොරක්.. ආගිය අතක් නෑ දැන්..!!

    ReplyDelete
  11. ශැඩෝ- ඒක නේන්නං.. හික් හික්..
    හසියා-:)

    ReplyDelete
  12. අභීත- තැන්කූ කතාවට මචන්..
    චේජනා- ඕව්.. මේක මොඩිෆයි කතාවක් අක්කෙ. අදහසට එකඟයි.

    ReplyDelete
  13. කුශාන්- පට්ට කියන්නෙ.. පටේ පට්ට...
    පිස්සා- ඇයි පොල් ගනන් කරන්න පටන් ගන්න කාලෙ...

    ReplyDelete
  14. ගඩොලා- අහල බලන්නෝන වෙලාවක.. හම්බුනාම..!
    තිස්ස අයියා - අර ටෙනිස් ගහපු කතාව බලන්නකො. ඒකෙන් තමා කිඹුල මාක් උනේ..
    හෙළයා- උඹත් පොඩි "අත් බෙහෙත්" එහෙම දන්නව නේ..

    ReplyDelete
  15. @සියල්ලන්ටම - ප්‍රතිචාරවලට ස්තුතියි..!!

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails