Monday, August 16, 2010

උඩුරාවණ කතාවස්තුව - නවවැනි දිගහැරුම – Udurawana Stories – Episode 09

 


අපි කතන්දරේ නැවැත්තුවෙ අර ජැක් ඩැනියෙල්ගෙ අතින් හොරා මැරුණ තැනින් නේද?

පරණ කතා මෙතැනින් බලලා එන්නකෝ.

දැන් කට්ටිය පැනලා යනවා හරිද.. කට්ටිය කියන්නෙ උඩුරාවණයි, ජොනී වෝකරුයි, ජැක් ඩැනියෙලුයි. මේ අතරෙ පොලොසිය මිනිය හොයාගෙන  මිනීමරුවො අල්ලන්න පන්නනවලු.  මෙහෙම වෙන අතරෙ ජැක් ඩැනියෙල් දැක්කලු ගොවිපොළක්. කට්ටිය ඒක ඇතුලට ගියාලු හැංගෙන්න. සත්තු අරගෙන ආපු ගෝනි, එලවලු  ගෝනි වගයක්  තිබුනලු ඒකෙ දාල. තුන් දෙනා ගෝනි තුනකට බැහැල ඉන්නවලු දැන්. ඔය උඩ රූපෙ තියෙන්නෙ ඒ වෙලාවෙ ගත්ත පින්තුරයක්.

පස්සෙන් ආපු පොලිසියෙ මහත්තුරුත් ගොවිපොළ දැකල ඒක ඇතුලට ගියාම ගෝනි වගයක් තියනවලු.

පොලිසිය මහත්තයක් ඇවිත් පලවෙනි  ගෝනියට පයින් එකක් ගැහුවලු. ඇතුලෙ හිටපු ජැක් ඩැනියෙල් කාරය සද්දයක් දැම්මලු ..

"ක්වැක් ක්වැක් ක්වැක්"

පොලොසියෙ මහත්තැන්  හිතුවලු තාරාවෙක් තමා කියල.. ලංකාවෙ පොලිසියෙ මහත්තැන් කෙනෙක් වෙන්නැති එංගලන්තෙ වැඩකරන.. හික් හික්..

දෙවනි ගෝනියටත් පයින් එකක් ගැහුවම ඇතුලෙ හිටපු ජොනීවෝකර් සද්දයක් දැම්මලු..

"කොක් කොක් කො කො කොක්"

ඒකෙ කුකුල්ලු කියල හිතාගත්තලු...

තුන්වැනි ගෝනියේ කවුද ඉන්නෙ.. ඔව් මහා වීර උඩුරාවණ මහත්තය නෙව.

ඒකටත් පයින් එකක් ගැහුවලු....ම්හු .. නෝ සද්ද.. උඩුරාවණ මහත්තය ඇතුලෙ ඉඳගෙන කල්පනා කරනව!! දෙවනි සැරේ පයින් පාර වැදුනම තමා උඩුරාවණ මහත්තයට මොළේ පහළ උනේ.. හිතල මතල පොඩි සද්දයක් දැම්මලු මෙහෙම....

"පොටේටෝස්... පොටේටොස්.."

Coming Up

The Final Odyssey (Last Episode)

ඡන්ද විමසීමත් තාම තියනවා.. ඔබේ වටිනා  ඡන්දය පහල සබැඳියෙන් ප්‍රකාශ කර යන්න..

http://blogvampa.blogspot.com/2010/08/blog-post_15.html

13 comments:

  1. එලමතමා එලමතමා.....

    ReplyDelete
  2. උඩුරාවණ තමයි මිනිහ !!!! :D :D

    ReplyDelete
  3. මේ කතාව නියමයි.. maxaa..

    ReplyDelete
  4. වැම්පියෝ, එල කතා සෙට් එක.

    http://www.ananmanan.com එකේත් තියෙනවා උඩුරාවන සීරීස් එකක්. ගිහිල්ල බැළුවනන් ඉඩ පාඩුව තියෙන වෙලාවට . . . !

    ReplyDelete
  5. හික් හික්!! එලකිරි!!!

    ReplyDelete
  6. මේ කතාව නම් මමත් දැනගෙන හිටියෙ නෑ වැම්පා මලේ.....

    ReplyDelete
  7. එළකිරි කතාටික මචෝ...

    ReplyDelete
  8. @ කට්ටියටම ස්තුතියි.
    දුමී අයියෙ ලින්ක් එකට තැන්කූ..

    මේ කතා අහල නැත්තෙ මේව්ව උඩුරාවණ සීරිස් එකට ඇඩ් කලේ මම නිසා!!

    ReplyDelete
  9. මචන් මේක මේ ලිපියට විතරක් නෙමෙයි උඹේ සමස්ත බ්ලොග් එකටම අදාලව ලියන සටහනක්. මම කලින් උඹේ පෝස්ට් කීපයක් කියවලා තිබුනත් අද සම්පූර්ණ බ්ලොග් එකම කියෙව්වා. නොදැන හිටපු ගොඩක් දේවල් දැන ගත්තා. විශේෂයෙන්ම කියන්න තියෙන්නේ උඹේ රසඥතාවය ඉහලයි කියලා. උඹට ස්තූතියි මේ ගීත තනියම අහන්නෙ නැතුව හැමෝම එක්ක බෙදා ගැනීම සම්බන්ධයෙන්.
    උඩුරාවණ ගැන විතරක් නෙමෙයි වොලී බැස්ටියන් ගැනත් නොදැන හිටි දේවල් බොහොමයි. කපුගේ ගැන ලියපු එක ඇත්තටම වටිනවා. මේ වැඩේ දිගටම කරගෙන යමන්, උඹට ජය...!

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails