Monday, August 23, 2010

උඩුරාවණ කතාවස්තුව - අවසන් දිගහැරුම | Udurawana Stories – Final Episode

image

මෙතෙක් කතාව කට්ටියට මතකයි නේද? අමතක වෙච්ච හරි මිස් වෙච්ච හරි දෙයක් තියනවනං මෙතනින් බලල එන්නකො. උඩුරාවණ මහත්තයගෙ අන්තිම වීරක්‍රියාවෙන් වුණේ ජොනී වෝකර්ටයි ජැක් ඩැනියෙල්ටයිත් පොලිස් කූඩුවෙ කූරු ගණන් කරන්න සිද්ද වෙච්ච එක.

කට්ටියට විරුද්ධව නඩු පැවරුනා. අන්තිමට සියලුදෙනාම වෙඩි තබා මරා දැමීමට තීන්දුව ලැබුණ. සුද්ද කොහොමත් තද නීති කාරයනෙ. (අපිට විතරක් හරි නීති දානවනෙ).

ඔන්න  වෙඩිතබා මරණ දවසත් උදාවුණා කියමුකො. තුන් දෙනා දැන් තුන් අත බලාගෙන කල්පනාකරනව කොහොමද මේ මරාලෙන් බේරෙන්න කියල. එතකොට තමා අපේ ජොනීවෝකර් උන්දැට මොළේ පහල වුණේ.

කට්ටිය දන්නව ඇති මරණ දණ්ඩනය දීමට නියමිත වෙලාවෙ ඒක කරන්න බැරි වුණොත් දඬුවම අහෝසි වෙනව කියල. මේක කල්පනාවුණ වෝකර් කිව්වලු කට්ටිය වෙඩිතියන වෙලාවට ස්වාභවික ආපදාවක් කියල එහෙම නැත්නම් නැචුරල් ඩිසාස්ටර් එකක් කියල කෑ ගහල බේරෙන්න කියල. කොහොමද ටිකිරි මොළේ..

ඔන්න ඉතින් වෙඩි තියෙන දවසත් උදාවුණා. කට්ටිය ස්වාභාවික ආපදාවන් හිතාගෙන එතැනට ගියා.

මුලින්ම ජැක් ඩැනියෙල් ගෙ වාරෙ. ඇයි මිනිහ නෙව වෙඩි තිව්වෙ.

ඔන්න ඉතින් අර වෙඩි තියන භට කණ්ඩායමත් ඇවිල්ල, ඩැනියෙල් කාරය ඉස්සරහින් හිටගත්තලු.

එතන හිටපු සාජන් මහත්තය අණ දෙන්න ගත්තලු.

රෙඩි....! image

ටාගට්....!! දැන් භට කණ්ඩායම තුවක්කු මානගෙන ඉන්නවලු අවසන් නියෝගය දෙනකන්.

එතකොටම අපේ ඩැනියෙල් ගොයියා භට ඈතට අත් දික් කර කර කෑගැහුවලු.......

"ටෝනාඩෝ, ටෝනාඩෝ !!" 

භට කණ්ඩායමට පිටිපස්සෙන් පේන්නෙ නෑ නෙ මේකා ඇත්තද බොරුද කියන්නෙ කියල බලන්න. ඒක නිසා බය වෙලා විසිරිලා ගියා. වෙඩි තැබීමට නියමිත වේලාව පහුවුණා. ඩැනියෙලා ගොඩ ගියා...

දෙවනියට වෝකරයා. පොරත් ඉතින් එකක් ඔලුවෙ තියාගෙන ගියාලු. එකක් කියන්නෙ නැචුරල් ඩිසාස්ටර් එකක්.. ස්වාභාවික විපැත්තියක්...

ඔන්න ඉතින් අර වෙඩි තියන භට කණ්ඩායමත් ඇවිල්ල, වෝකර ඉස්සරහින් හිටගත්තලු.

එතන හිටපු සාජන් මහත්තය අණ දෙන්න ගත්තලු.

රෙඩි....!

ටාගට්....!! දැන් භට කණ්ඩායම තුවක්කු මානගෙන ඉන්නවලු අවසන් නියෝගය දෙනකන්.

එතකොටම වෝකර කෑ ගැහුවලු..

image “ඇවලන්ච්.. ඇවලන්ච්.. !” කියල. (ඇවලන්ච් කියන්නෙ අර හිම කඳු කඩාගෙන වැටෙන වගේ සීන් එකකට)

කලින් සිද්ධියමයි වුණේ. වෝකරයත් ගොඩ!

අන්තිමට අපේ උඩුරාවණ මහත්තය. දැන් පොරත් එකක් හිතාන ගිහින් ඉන්නවලු.

භට කණ්ඩායම හිටගත්තයින් පස්සෙ සාජන් අණ දෙන්න පටන්ගත්තලු.

රෙඩි....!

ටාගට්....!! දැන් භට කණ්ඩායම තුවක්කු මානගෙන ඉන්නවලු අවසන් නියෝගය දෙනකන්.

උඩුරාවණ මහත්තයත් දෙන්නම් ආයෙ රියල් ස්වභාවික විපත්තියක් කියල, කෑගැහුවලු.. 

 

“ෆය…ර්...!!”image

 

 

ටියුබ්ලයිට් සඳහා- ෆයර් යනු වෙඩිතැබීමට අණදෙන නියෝගයක් ලෙසත් භාවිතාවන වචනයකි!

 

පසුවදන

හුදී ජනයාගේ පහං සංවේගය උදෙසා මම විසින් පළකොට විචාරන්නට යෙදුන උඩුරාවණ කතාවස්තුව මෙතැනින් නිමියේය. අවසන් කතා යුගල උඩුරාවණ සාහිත්‍යට එක් කළේ මම් වග මෙයින් ප්‍රකාස කර සිටිම්හ. ඒ මාගේ පැන නැගි සිතිවිලි නොව ඉංගිරිසියේ ඇති සමහර හාස්‍යත්පාදක කාතායැ. මෙතුවක් මා පසුපස පැමිණ දිරිමත් කළ මාගේ බොලොග මිතුරු නඩයට මාගේ පරම පවිත්‍ර හරුදය වස්තුවෙන් බුර බුරා නැගෙන ස්තුති පූර්වක චිත්තාවලි නොපිළිගැන්වීමට තරම් වූ දුර්ගුණ මා තුල නැත්තේමැය. එසේ හෙයින් සියල්ලන්ට "තැන්කූ වේවා" යැයි පවසන්නෙමි. ඕබලාගේ නොවක් සහය මෙය  පළ කිරීමට මහඟූ පි‍ටුබලයක් වීයැ (මහගූ නෙවයි මහඟු). අතුරු කතා සමග නුදුරේදී හමුවෙමු. අසා සිටි ඔබ සැමට ස්තුතියි!!

මේ වගට...

වැම්පයරයා වන මම් වම්හ...

ජයවේවා...

29 comments:

  1. අනේ අසරණ උඩුරාවණ...

    ReplyDelete
  2. ඒ මචන්.. උගෙ ලංකාවෙ කතා ටික ලියන්නෙ නැතුවම ඉවර කලා නේද? ඒ ටික ඉතින් මම වත් ලියන්නම්. :D ලංකාවට ආපුවාම කියපන්.... අපි සෙට් වෙමු අනිවා...

    ReplyDelete
  3. මෙම කතා පුවත් ගෙන එම පිළිබද අපගේ මහත් සතුට ප්‍රකාශ කරන අතර තුර නැවතත් මෙවන් හාස්‍ය ජනක කතා මලාවක් රැගෙන එන මෙන් ඉතා යටහත්පහත්ව ඉල්ලා සිටිමි :D

    ReplyDelete
  4. අනේ ඉතින් අර ගොඩක් ටෙලි නාට්‍යය වගේ උඩුරාවණ මහත්තයාව අවසන් ගමන් යවපු එකට මම නම් කැමති නැහැ. දැන් ඉතින් අභීතගෙ කතා ටික ලියන කම් බලන් ඉන්න වෙනවා. සුභ දවසක් වැම්පයර් මලයො!!!

    ReplyDelete
  5. අපේ වැම්පිටත් ජයවේවා . . . .! හැබැයි තව ටිකක් දිගට ලියන්න තිබුනා උඩුරාවණව වෙඩි තියල මරන්න කලින් . . . . !

    දැන් කවද්ද ෆියුනරල් එක ?

    ReplyDelete
  6. එළ... උඩුරාවණ හැබෑටම මළා ද?

    ReplyDelete
  7. වැම්පි අයියගේ මඟ ඇරුනු ලිපි සේරම කියෙව්ව ඔන්න උඩුරාවනා සීරිස් එක නම් මං එක කතාවක් වත් ඔය මනුස්සය ගැන අහල තිබුන්නෑ...... අයියගෙන් තමා ඔන්න දැන ගත්තෙත්..........

    අන්න වැප් අයියා මාරයියගේ උපදෙස් පිළිපදිනව........ ඒ ඉල්ලීමට මාත් එකඟයි ඔන්න.........

    ReplyDelete
  8. අය්යො, උඩුරාවණ මැරුණද?

    ReplyDelete
  9. කෝ අනේ මම කලින් එවපු කමෙන්ට් එක,,, කමක් නෑ කමක් නෑ අර ටෙලි නට්‍යය වල වගේ වැමපයර් එහෙනම් උඩුරාවණ මැරුව නේ?

    ReplyDelete
  10. හෆොයි.....කෙළිය නේද තාප්පෙටම.......

    ReplyDelete
  11. අනේ අපොයි, අසරණයා... මටනං හිනාවත් එක්ක දුකකුත් ආවා...ආපහු මේ වගේ සීරීස් එකක් ලියපන් මචෝ!!
    !

    ReplyDelete
  12. අනිච්චා වත සංබාරා... මහගූ වැඩක් උනේ අන්තිමට, පිළිවෙලකට...!

    මේ ඒක නෙමෙයි වැම්පියෝ අර හරවලා වෙඩි තියන තුවක්කුව ඇත්ත එකක පින්තූරයක්ද බං... ඔය වගේ එකක් හදන්න ඇත්නං කියලා ඒ කාලේ මගේ ඔලුවේ තිවුනා... කැම්පස් ගියායින් ඒ වගේ වැඩ කරන්න තිවුන "මහගූ" අවස්ථාව මග හැරී ගියා...

    ReplyDelete
  13. වීරයා මළා.. ආදාහනය අනිද්දා...

    ReplyDelete
  14. හපොයි... උබ ඒ මනුස්සයව මරල දැම්ම නේ... තව කලක් ජීවත් කොරන්න එපැයි බන්... හි හි කමක් නැහ. බොහොම ස්තුතියි කිව්වා සීරිස් එකට.

    උබත් දක්ශ කොල්ලෙක් නේ හි හි

    ReplyDelete
  15. @අභීත උදය බණ්ඩාර එදිරිසිංහ

    උඹ ලියහන් මචන්. මම කෝල් එකක් දෙනවා. අනිවා හොඳ ට්‍රිප් එකක් සෙට් කරහන් හරිද?

    ReplyDelete
  16. @වැප්

    බලමු මචන්,. ඔලුවෙ කතා නං තියෙනවා.. මේ දවස් වල පට්ටම බිසි..

    ReplyDelete
  17. @හරී
    ඔබතුමියටත් සුභ දවසක්...

    ReplyDelete
  18. @දුමී

    මේ දවස් වල පට්ට බිසි මචන්.. ‍ෆියුනරල් එකටවත් යන්න බැරි වුනා නෙව.

    ReplyDelete
  19. @sameerausa

    අර ශර්ලොක් හොම්ස් මැරුන වගේ තමා...

    ReplyDelete
  20. @හා පැටික්කි (MS)

    හහා.. මාරයගෙ උපදෙස්.. හික් හික්.. කමක් නෑ පහුවෙලා හරි කියෙව්වනෙව.

    ReplyDelete
  21. @චේජනා

    මැරුණයි කියල කිව්වට මැරුණෙ නෑ..

    ReplyDelete
  22. @හරී

    ඔය උඩින් තියෙන්නෙ යස අගේට ඔයාගෙ කොමෙන්ට් එක...

    ReplyDelete
  23. @blog gadol
    හහා.. මට කතා ලියන්න එච්චර බෑ බන්.. :(

    ReplyDelete
  24. @තිස්ස දොඩන්ගොඩ

    මේක නං බොරු එකක් තිස්ස අයියා. හරවල වෙඩි තියන එක ටිකක් කරන්න අමාරුයි මට හිතෙන්නෙ. මොකද බුලට් එකේ ස්විං එක කන්ට්‍රොල් වෙන්න දිගට කෙලින් බටයක් තියෙද්දි නේ. ඉලක්කය ගන්න අමාරුවෙයි මොනවහරි මැටීරියල් එකක් හොයන් ඕක හැදුවත්...

    ReplyDelete
  25. @පිස්සා පලාමල්ල

    දක්ශ? හී හී හී.. එහෙනං අද බොන්න ඕන.. හික්හික් හික්...

    ReplyDelete
  26. සියලුදෙනාටම ස්තුතියි. නැවත හමුවෙමු. මේ දවස් වල පට්ටම බිසි... බ්ලොග් තියා ෆේස්බුක් ජීමේල් වත් එන්නෙ නෑ..

    ReplyDelete
  27. ඹය තුවක්කුවලට කියන්නෙ corner shot මේ තියෙන්නෙ http://en.wikipedia.org/wiki/CornerShot

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails