Saturday, August 21, 2010

හඳුනාගත්තොත් ඔබ මා | Who am I ?





එක සැරයක් වැඩිහිටියන්ට පමණක් වන ප්‍රස්න පත්තරයක් ඇහුවා මතකයි නේද? මෙතනින් ඒක බලන්නකො. අද ප්‍රස්නෙ නං ඒ වගේ නෙවයි. මේක බොහොම දුර්ලභ අවස්ථා වලින් එකක් ඔබතුමන් ලාට දැක බලාගැනීමට ලැබෙන. වීඩියෝ එක බලලා මම අහන ප්‍රස්න වලට උත්තර දෙන්නකො.

මුලින්ම මේව තමා ඉඟි..

චිත්‍රපටය - වසන්තයේ දවසක්
වසර -1979
ගීතය ගායනය- අමරදේව ශූරීන් හා තවත් ගායිකාවක්




මගේ ප්‍රශ්න-
1. මෙහි ගීතය ගයන දර්ශනයේ අසුන්ගෙන ගීතය ගයන නළුවා කවුද ?
2. ගීතය ගයන නිළිය කවුද? සැබෑවටම ගීතය ගයන්නේත් එතුමියමයි
3. සංගීතවේදියා කවුරුන්ද? (හොඳට අහන්න, වයලින් ටියුන් වරදින්න බෑ)

බෝනස් ප්‍රස්නය-
4. අනික් නළු නිලියන් කියන්න බලන්න, අඳුරන අය ඉන්නවනං?

හත්තිලව්වට ගහපු කලාබර ආසියා, උඩුරාවණ කතාව අමතක වෙනව තව සුන්ඩෙං...ඒකත් දාන්නං ඉක්මනටම.. පරණ ඒව නොබැලුවනං මෙතනින් යන්නකො. අන්තිම දුක හිතෙන කතාව තමා දාන්න තියෙන්නෙ.

පරණ ගායකයෙකුත් මතක් කරගෙනම යන්නං.. ඔල්බන් පෙරේරා .... මතකද?

21 comments:

  1. අනේ මල්ලියෝ මම ආසාම සින්දුවක්... වසන්තයේ දවසක් සිනමා සංගීතයේ උපරිම ස්ථානයක වැජඹෙන්නක්... සිංදු ඔක්කොම හිට්...! අනේ මන්දා සදාකාලිකද කියලත් හිතෙනවා වෙලාවකට.. මේ ඉන්නේ නම් ටි එම් ජයරත්නයි, සුනේත්‍රා සරච්චන්ද්‍රයි නේද...? කේමදාස මාස්ටර්ගේ තවත් මාස්ටර් පීස් එකක් මේකේ සින්දු... මාලිනීගේ අනෙක් නන්ගී දම්මි පොන්සේකා (දමයන්ති නෙමේ, තවත් එක්කෙනෙක් හිටියා නේ රසාදරී කියලා...දැන් කොහෙද මන්දා...) එයත් ඉන්නවා වගේ... මාලිනී උපරිමයෙන්ම සුරූපී කාලේ හදාපු චිත්‍රපටියක්... ස්තූතියි මල්ලියෝ...

    ReplyDelete
  2. හිතුවත් වගේ තිස්ස අයිය ඉතාම නිවැරදිව පිළිතුර දී තිබෙනවා.. තවත් අයට අවස්ථාව දීම සඳහා මම කොමෙන්ට් එක දැම්ම පළ කරන්නේ නෑ.. ඔබට ගොඩක් ස්තුතියි...!!

    ReplyDelete
  3. 1. මෙහි ගීතය ගයන දර්ශනයේ අසුන්ගෙන ගීතය ගයන නළුවා කවුද ? T.M.ජයරත්න
    2. ගීතය ගයන නිළිය කවුද?සුනේත්‍රා සරත්චන්ද්‍ර
    3. සංගීතවේදියා කවුරුන්ද? ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
    4.අනික් නළු නිලියන්

    මාලනී ෆොන්සේකා
    රවීන්ද්‍ර රන්දෙණිය

    ReplyDelete
  4. කට්ටිය හොඳයි ඈ.. ගඩොල් මලයත් නිවැරදි පිළිතුරු දී තියෙනවා..

    ReplyDelete
  5. ගායකයා ටී. එම්. ජයරත්න මහතා
    ගායිකාව සුනේත්‍රා සරත්චන්ද්‍ර මහත්මිය

    රත්නාවලී කැකුණවෙල මහත්මිය අඳුරන්න පුලුවනි

    මට ලකුණු කීයක් තිබේදෝ?

    ReplyDelete
  6. 01 ‍ටී. ඇම්. ජයරත්න මහතා
    02 සුනේත්‍රා සරත්චන්ද්‍ර මහත්මිය
    03 ප්‍රේමසිරි කේමදාස මාස්ටර් (ගෙසින් කාන්ට් හියර් ප්‍රොපර්ලි)

    04 රවීන්ද්‍ර රන්දෙනිය මහතා, මාලනී‍ ෆොන්සේකා මහත්මිය

    ReplyDelete
  7. හරී.. ලකුණු වගේ නෙවයි.. ඔයත් නිවැරදියි...

    ReplyDelete
  8. රන්දිල් - නිවැරදියි..බොහොම හොඳයි..

    ReplyDelete
  9. 1.) ටී.එම්. ජයරත්න මහතා (හැබැයි මෙතුමද රඟපානවා මම දැකලම නෑ.මුහුණුවර ටිකක් ඒ වගේ.)
    2.) කණගාටුයි ගායිකාව ගැනනම් දන්නේ නෑ......
    3.) කේමදාස ශුරීන්
    4.) මාලිනි ෆොන්සේකා මහත්මිය,ම්ම්ම්ම් අර රබර් වත්තේ ගහක් ලගට වෙලා හිටියේ රවීන්ද්‍ර රන්දෙණිය මහතා.

    මම ආස සිංදුවක් අපේ අමරදේව මහත්මයාගේ....ස්තූතියි බෙදා ගත්තාට.
    (පාසැලේදී යාළුවො එක්ක ඔය සිංදුව කියන්න ගිහින් මට හොද පද මාරුවක් වුනා......)

    ReplyDelete
  10. හසියා.. නිවැරදියි.. ඔව්..ඒ මහත්තය රඟපාපු එකක් තමා මේ..ඒකයි දුර්ලභ සිද්ධියක් කිව්වෙ..කියන්නකො බලන්න පද මාරුව..:)

    ReplyDelete
  11. සිංදුව කියද්දී,මැද හරියේ තියෙනවනේ "හීන් සැරේ ඔබ ආවා..." කියලා...ඕක වෙනුවට මං කිව්වේ "හීන් සැරේ පියා විදා......." කියලා.

    ReplyDelete
  12. 1.ටී.එම්. ජයරත්න
    2.සුනේත්‍රා සරත්චන්ද්‍ර
    3.ඩබ්.ඩී.අමරදේව
    4.මාලනී පොන්සේකා,කාන්ති පොන්සේකා,රවීන්ද්‍ර රන්දෙනිය

    ReplyDelete
  13. 1. ටී. එම්. ජයරත්න
    2. අපේ එදිරිවීර සරත්චන්ද්‍ර මහත්තැංගෙ දෝණියන්දැ නෙව සුනේත්‍රා සරත්චන්ද්‍ර
    3. ආයෙ මොනවද ඉතිං කේමදාස මාස්ටර් නොවැ.
    4. මාලනී අක්කයි රවින්ද්‍ර අයියයි නොවැ ප්‍රධාන චරිත. විල්සොං කරුණාරත්න උන්නැහෙත් හිටිය මගෙ හිතේ
    79 ජනාධිපති සම්මාන 7ක්ම ගත්තු චිත්තරපටියක් නොවැ. හොඳම නිළිය සංගීතය, සහය නළු, නිළි ...

    ඔල්බන් පෙරේරා 'දළු ලන ගිනි'වල රඟපෑවලුනෙව.
    අසෝක වනයේ, කොප්පර කොප්පර , ලං නොවෙන්න ඈත් වෙලා, මාල මට විහිළු කළා, මේ රෑ සැණකෙලි බිමේ, මේ විනෝද ලෝකේ, පිණි වැටෙනා, වයලින් මැන්ඩලීන්... එතකොට 'දැම්මට අඟර දඟර', 'කඳුළක් රඳවා මා නෙතේ' එහෙමත් එයාගෙ නොවැ.අප්පා තව තියෙනව මතක් වෙන්නෙ නෑ නෙ.

    ReplyDelete
  14. 1.) ටී.එම්. ජයරත්න
    2.) සුනේත්‍රා සරච්චන්ද්‍ර
    3.) ම්ම් හරිටම දන්නෙ නෑ. කේමදාස මාස්ටර් හරි අමරදේවන්ම හරි වෙන්න ඕනෙ.
    4.) රවින්ද්‍ර රන්දෙණිය, මාලිනි ෆොන්සේකා, දමයන්ති ෆොන්සේකා, අර චන්ඩියට ඉන්න කෙනාගෙ නම මතක නෑ අනේ.

    ReplyDelete
  15. 1. TM ජයරත්න


    2. චි නම මතක් වෙන්නෙ නැහ බොල... අර දූ දරුවො එකේ හිටියේ.


    3. සංගීතෙ නම් දන්නෙ නැහ බන්.


    4 . මාලිනි ෆොන්සේක ඉන්නවා....

    ReplyDelete
  16. වැම්පො... මං නම් වැඩිය සිංහල චිත්‍රපටි බලලා නෑ සහෝ..
    ඒත් පොඩි උත්සහයක් අරගෙන බලන්නම්... දන්න තරමින් හොඳේ..

    1. ටී. එම්. ජයරත්න මහත්මා
    2. සුනේත්‍රා ...... මහත්මිය (වාසගම මතක නැත. පොඩ්ඩක් හෝව්.. යුරේකා! යුරේකා !! Google දෙයියන්ට පින්සිදු වේවා..
    සුනේත්‍රා සරත්චන්ද්‍ර මහත්මිය
    3. කේමදාස මාස්ටර්

    4. රවීන්ද්‍ර රන්දෙණිය මහත්මා, මාලනී ‍ෆොන්සේකා මහත්මිය, දමයන්ති ෆොන්සේකා මහත්මිය.

    ReplyDelete
  17. ගීතය ගයන්නේ අපේ ටී.එම්. ජයරත්න මහත්තයා සහ සුනේත්‍රා සරච්චන්ද්‍ර මහත්මියයි.
    සංගීත වේදියානම් මතක නෑ. හරුන් ලන්ත්‍රා ද ...?
    මාලනී සහ රවී පමණයි හඳුනා ගත්තේ. [ ඔය ෆිල්ම් එක මම බලල හුඟක් කල්නෙ. ඒකයි.
    මේ වගෙ ගීතයක් නැවත දකින්න ලැබීමත් කොයි තරම් වටින දෙයක්ද ...?

    ReplyDelete
  18. හසියා - හප්පේ.. ඔයවගේ ඒවා කීයක් නං වෙලා ඇත්ද එහෙනං අපිට
    සෝමලාල් - ස්තුතියි
    ‍ෆ්‍රීඩම්- මට හිතෙන්නෙ උපරිම ළකුණු දෙන්න ඕන ඔයාට කියලා...ස්තුතියි
    පිස්සා මචන්. .. මියුසික් කේමදාස මාස්ටර්..ස්තුතියි

    ReplyDelete
  19. ස්වප්නා- එළ..
    සනා- ඔය තියෙන්නෙ එළටම දීලා
    කුමාරයා- කේමදාස මාස්ටර්.. ස්තුතියි

    ReplyDelete
  20. සියලුම දෙනා නිවැරදි පිළිතු‍රැ සපයා තිබෙනබව පෙනීයනවා. ඇත්තටම සතු‍ටුයි තාම මේව මතකතියෙන දහ පහලොස් දෙනෙක් හරි ඉන්න එක ගැන.. ඉස්සරහටත් අපි බලමුකො මේ වගේ රසාංග.. :)

    ජයවේවා සියල්ලන්ටම.

    ReplyDelete
  21. ෂිහ්.. මට මේ පෝස්ට් එක කලින් දැක්කෙ නෑනෙ... දැන් පිළිතුරු දීල වැඩක් වඩක් නෑනෙ....

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails