Tuesday, September 7, 2010

වස් කවි ... 16+ | Was Kavi 16+




අපේ දුමී අයියත් කලින් ඉල්ලල තිබුන නෙව ගුරුකමක් අල්ලපු ගෙදර මිනිහා විදේශගත කිරීමට! අප්පේ ඕව ගමහාමිනේ දැනගත්තොත් දුමී අයියට නවතින්න වෙන්නෙ අඟහරු ලෝකෙ තමයි!

මේ දවස් වල තියෙන ප්‍රස්නයක් නෙව මේ කුනුහරුප කොමෙන්ට් වැඩේ. ඔන්න මගෙන් පොඩි වස් කවියක්.. ගුරුකම් කරනවා කිව්වට කලේ නැහැ නෙව..



ලියන ලියන කොමෙන්ට් මොඩරෙට් වීයන්
ස්පෑම් වෙලා ප්‍රොෆයිල් බ්ලොක් වීයන්
ලොග් වෙන සැරේ ඉන්ටර නෙට් නැති වීයන්
හතර හන්දි කැඩිලා මක බෑ වීයන්

හීරෝ, සිරා, ස්පයිඩර් මෑන් යයි කියා ගනිමින්
වටේ පිටේ බ්ලොග්ග වල තිත්ත කුනුහරුප ලියමින්
ඉන්න උන්ගෙ අම්ම තාත්තා ගැන දන්නෙමි නිසැකෙන්
මුන් හැදුවට වඩා හොඳයි පිහිද දැම්මනම් සරමෙන්

මහා මන්ත්‍රාචාර්ය වැම්පිගුරා...!

19 comments:

  1. මහා මන්ත්‍රාචාර්ය වැම්පිගුරානෙනි, ඇස් වහක් කටවහක් නෑ වස් කවියනම් මරු. ඔය කුනුහබ්බ හල හල යන එකාට මේ කවිය කියලා (කමක් නැද්ද?) මමත් ගහනවා පොල් ගෙඩියක්.

    ReplyDelete
  2. යතුරු පුවරුවේ කී ටික කැඩීයන්.....
    හාඩ් එකත් ක්‍රැක් වී හෙණ වැදීයන්.....
    හරුප කොටන අත්වල හොරි හැදීයන්....
    බ්ලොග් වනසන උන් කුණුවී මැරීයන්.........

    අද සිට මෙවැනි වැඩ නොකරමි යැයි සිතලා
    හොද පැත්තකට තම ගත හා සිත යොදලා
    එනවානම් අපි යන පාරට වැටිලා....
    සැමදා ජය ලැබයි සිරාලා හීරෝලා...

    ReplyDelete
  3. @Naදී
    ඇයි එකක් .. ගහන්නකො දෙකක්...

    ReplyDelete
  4. @අභීත
    එල එල.. පෝගෑං එක නං එල හොඳේ.. අපි දැක්ක යූ ටියුබ් එකේ..

    ReplyDelete
  5. එළනේ කොල්ලෝ නියමයි...

    ReplyDelete
  6. දඩාස්... මේන්න මගෙනුත් පොල් ගෙඩියක්....

    ගුරාටත් ඔනෙයි පොල් කෑල්ලක්.? ;)

    ReplyDelete
  7. වස් කවිය නියමයි! අභීතයත් නියම වස් කවියක් දාලා තියෙන්නේ. ​මම හිතන්නෙ වැම්පයර් මේක නියම කාලෙට ආපු වස් කවියක්. නිදහසේ මෙච්චර කල් දිව්ව මගේ සයිබර් යායටත් කොමෙන්ට් මොඩරේසං දාන්න උනානේ.......

    ReplyDelete
  8. ඔන්න මමත් පොල් ගෝනියක්ම ගහන ගමන් මේ වස් කවියත් කියනවා . . .

    ඇඟිලි කොර වෙලා පණු හොරි හැදීයන්
    ඇස් ගෙඩි දෙකත් එළියට පැන වැටීයන්
    කාණු පල්ලෙ වැටිලා මිය ඇදීයන්
    බල්ලෙක් වෙලා එන භවයෙදි හැදීයන්

    ReplyDelete
  9. මරු මරු..කස්ටියටම වස් කවි කියලා හොඳට පුරුදුයි වගේ. බ

    ReplyDelete
  10. ඔන්න මමත් පොල් ගෙඩියක් ගැහුව එහෙනං...

    ReplyDelete
  11. පට්ට පට්ට... වැම්පි ගුරාගේ හොඳ හොඳ ගුරුකං ඉස්සරහට බලාගන්න පුළුවන් වෙයි නේද?
    බැරිද මටත් ගුරුකමක් කරගන්න හැරගිය අය ගෙන්වීම වගේ???

    ReplyDelete
  12. ඔන්න මගෙනුත් පහුවෙලා හරි පොල් ගෙඩි ගෙඩි 10ක්ම....අනේ අම්මපා මේ වස්කවියෙන් හරි ඔය හීරෝ නම් වු කාඩ්බෝඩ් හිකනලයා මකබෑවෙනවනම්....ඒවගේ එකෙක් මකබෑවෙන එක රටට සෙතක්...

    දඩාස්....
    10ක් දි වගේ තව 10ක් ගැහුවා....

    @ දුමී අයියා...
    අයියගේ වස් කවියත් හොදයි...හැබැයි අන්තිම පදේනම් අවුල්...මුන්ගේ (හීරෝ) එවුන් බල්ලන් වෙලා ඉපදෙන එක අර නම්ඹුකාර බල්ලන්ටත් නිගාවක්.....

    ReplyDelete
  13. mamath enawa pol gahanna....pya heerola arun mun okkotama (Okkotama kiwwe siwpa wada karana) hena hathama wadiyan kiyala math gahanawa pol

    ReplyDelete
  14. උබ ගේමට බැහල නේ... මාතර ගුරු කම් ඉතින් කලොත් කොරා... පොල් නම් නැහ බොල ලේසියකට හොයා ගන්න මෙහේ... පොල් කුඩු පැකට් එකක් හරි ගහනවා පොලවෙ හි හි...

    මුන් හැදුවට වඩා හොඳයි පිහිද දැම්මනම් සරමෙන්

    හික් හික් හික් මේවා බලලවත් හැදුනොත් මුන්

    ReplyDelete
  15. හපොයි හාපොයි..
    මේ නදී යි, කුෂානු යි, තාරක යි කරපු අපරාදේ...
    වස් කවිය කියලා නිකං හිටියනං ඉවරයිනේ.. මොකෝ වස් කවිය වැඩ කරන්නේ නැතුව යයි කියලා හිතුවද...?
    ‍අර "රත්තරං" වලටත් වඩා ගණන් ගිහිං තියෙන පොල් ටික නාස්ති කරන්නේ..
    අපරාද.. අපරාද... මේව නං මහා අපරාද...
    ('බල්ලොත් නොකන පොල්' කිව්වළු)

    ReplyDelete
  16. ඔන්න අපිත් ගැහුවා පොල් කිරි පැකට් එකක් පොලොවෙ

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails